Physical Appearance බලන්න ඕනේ, මොකද ඔය Physical Appearance එකත් එක්ක තමයි Sex Appeal එක එන්නේ. ඒක නැත්තම් බැඳලා Sex Appeal එක සෙට් වෙන ගෑණු පස්සේ ගොඩක් පිරිමි දුවනවා. ඊට පස්සේ බලන්න ඕනේ දෙන්නගේ වයිබ් එක සෙට් වෙනවාද කියලා. ලවු කරන විදිය පවා අයිති වෙන්නේ ඔය වයිබ් එක යටතට. දෙන්නා වයිබ් දෙකක නම් ඒත් අමාරුයි. ඊට පස්සේ බලන්න ඕනේ Intelligence කොහොමද කියලා. ඩිග්රීම තියෙන්න ඕනේ නෑ. හොඳට Intellectual නම් අවුලක්ම නෑ. මොකද මම පෞද්ගලිකවම දන්න උන් ඉන්නවා ඩිග්රී තිබුණට අමු එළදෙන්නු. පොඩ්ඩක් වත් ලොජිකල් තින්කින් නැති. තමන්ගේ මිනිහාව තේරුම් ගන්න පුලුවන් මොළයක් වත් තියෙන්න ඕනේ අඩු තරමේ. ඊට පස්සේ ගතිගුණ. හැසිරීම. ගතිගුණ අතින් ගත්තම ගොඩක් අයට නොතේරෙන දේ තමයි Head Space එක කියන එක. ඔය Head Space එක ගොඩක් තියෙන කෙල්ලෙක් තමයි ඇත්තටම වටින්නේ. මොකද ඒක නැති එවුන් තමන්ගේ ප්රශ්නයි, අනුන්ගේ ප්රශ්නයි ඔක්කොම මිනිහාගේම ගහනවා. ඊට අමතරව පොඩ්ඩ ඇත්තම් මල අතට ගන්නවා එයාගේ කැපෑසිටි එක අඩු නිසා. හැසිරීම ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒක එයාගේ පවුල් පසුබිම, ඉස්කෝලේ, ආස්රය කරපු අය, ආස්රය කරන සමාජ මට්ටම අනුව වෙනස් වෙනවා(කස්ටිය කුල බලනවා කියන්නේ වක්රාකාරව ඕකට තමයි. ඉස්සර ඉතින් හැසිරිම් තීරණය වුනේ කුලේට අනුව). තමන්ට ගැලපෙන විදියට ඒක තියෙනවාද බලන්න. සල්ලිය බාගේ බලන්න ඕනේ ඊට පස්සේ. මොකද කෝටි ගානක් දේපල දෙනවා කිව්වත් බැඳලා හිත සතුටින් ඉන්න බැරි වුනොත් ඔය සල්ලි තිබ්බට වැඩක් නෑ. ඔය කාරණා තමයි ඉතින් මම නම් බලන්නේ මූලිකවම. තව තව ඔවාට අදාල කොටස් වෙනම තියෙනවා ඒවා ඉතින් ලොකු කේස් නෑ.
නමුත් කියන්න තියෙන්නේ කසාදයක් කියන්නේ හරියට සූදුවක් වගේ දෙයක්. 50% හරි යන්නත් පුලුවන් 50% වරදින්නත් පුලුවන්. මොකද දෙපාර්ශවයම කරන්නේ අනික් කෙනා මෙහෙම ඇති කියලා ඇසියුම් කරලා කමිට් වෙන එක. ඒක ඉතින් වෙනස් වෙන්න පුලුවන් ඉඩකඩ ගොඩක් තියෙනවා. ඒක ඉතින් ඔලුවේ තියන් තමයි බඳින්න ඕනේ.