බිව්වා නේද වදකහ සුදිය

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,903
    1,568
    113
    #අධිමානසිකයා

    ශ්‍රී ලංකාවෙ භාගෙට භාගයක් ලෙඩ කරපු මැජික් අරිශ්ටය 💀

    වදකහ සුදිය

    ⭕ 1955 වසරෙ ජූනි මස 20 වෙනි දින ශ්‍රී ලංකාවට ඉතා විශේශ දිනයක් විය. ඒ ශ්‍රී ලංකාවට පූර්ණ සූර්‍යග්‍රහනයක් දිස් වීමට නියමිත වී තිබුන නිසා . සූර්‍යග්‍රහනයක් යනු සූර්‍යා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කිරීමෙදි චන්ද්‍රයාගෙ සෙවනැල්ල පෘථිවිය මත වැටිමයි . මෙහිදී කුඩා වේලාවකට සූර්‍යා , චන්ද්‍රයාගෙ ගමන් මාර්ගය නිසා වැසී යනවා . ඉතින් 50 දශකයෙ ලංකාවෙ ජීවත් වුන මිනිසුන්ට සූර්‍යග්‍රහන හෝ චන්ද්‍රග්‍රහන ගැන ඒ හැටි අවබෝදයක් තිබුනෙ නෑ. ඉතින් මිනිසුන් මේ කලාතුරකින් සිදුවෙන්න යන සූර්‍යග්‍රහනය නරබන්න නොඉවසිල්ලෙන් සිටියා.

    ⭕ ඒ කාල වකවානුවෙ ශ්‍රී ලංකාවෙ ප්‍රධානතම තොරතුරු දැනගැනිමෙ මාද්‍ය වුනෙ පුවත් පතයි. සෑම දෙයක්ම පාහෙ පත්තර වල පල වුන අතර මිනිසුන් පත්තර කියවන්න මහත් කැමත්තක් දැක්වුවා 50 දශකයේදි . ඒ වගෙම පත්තර වල පලවෙන සෑම දෙයක්ම විශ්වාස කිරීමටත් ඔවුන් පෙලබිලා සිටියා. ඉතින් සූරග්‍රහනය වෙන දිනය ලන් වෙන විට විවිධ දේවල් මෙ සූර්‍යග්‍රහනය ගැන පත්තර වල පල වුනා. රජයෙන් දන්වලා තිබ්බා පියවි ඇසෙන් සූර්‍යග්‍රහනය නරබන්න එපා කියලා එ වගෙම ඒ සදහා කලු කන්නාඩි පාවිච්චි කරන්න කියලා පත්තට වල සදහන් වුනා . මේ විස්තරය නිසා විශාල වශයෙන් මිනිසුන් සති පොලවල් ගානෙ සහ කඩවල් ගානෙ කලු කන්නාඩි ගන්න පොර කෑවා. ඉතින් මේ 1955 වසරෙ ජූනි 20 වෙනිදා ලංකාවෙ සියලු පාසල් වලට නිවාඩු ලබා දුන්නා ඒ පාසල් දරුවන් පියවි ඇසෙන් සූර්‍යග්‍රහනය නරබලා අනතුරක් කරගනියි කියන සැකය නිසාවෙනි.

    ⭕ මේ විදිහට සූර්‍යග්‍රහනය නරබන්න සියලු දෙනා ලක ලැහැස්ති වෙද්දි මේ උද්‍යෝගය විශාල අනතුරක් බවට හරවන්නෙ 1955 වසරෙ ජූනි 19 වෙනි දිනයි ඒ එවකට වෙද මහතෙකු විසින් ලංකාදීප පත්තරෙ පල කරපු වදකහ පානයක් නිසාවෙනි. මේ වදකහ පානය සූරග්‍රහනය වේලාවෙ පානය කරන්න කියලයි ඒ ලිපියෙ සදහන් වුනේ. එ වගෙම මේ වෙද මහතාගෙ ලිපියට අනුව සදහන් වෙලා තිබ්බා සූර්‍යග්‍රහනය සිදුවන මොහොතෙ මේ වදකහ පානය තැඹිලි වතුර සමග මිශ්‍ර කර බීමෙන් මිනිසුන්ගෙ බුද්ධිය වර්ධනය කරගන්න පුළුවන් කියලා. ඒ වගෙම වදකහ යුශ කොත්තමල්ලි සමග මිශ්‍ර කර බීමෙන් කාන්තාවන්ගෙ සුන්දර බව වැඩි වෙනව කියලත් සදහන් වෙලා තිබුනා.

    ⭕ ඉතින් කොහොම හරි පහුවෙනිදා ඒ කියන්නෙ 1955 වසරෙ ජූනි 20 වෙනිදා උදෑසන 8.11 ට පමන සූර්‍යග්‍රහනය ආරම්බ උනා එය විනාඩි හතරක් පමන පැවතිය අතර 8.15 ට පමන අවසන් උනා. ඉතින් දුකට කරුන නම් මේ කාලයෙදි බහුතරයක් දෙනා මේ කාලයෙදි ලස්සන වෙන්නයි බුද්ධිමත් වෙන්නයි කියලා හිතලා වදකහ යුශ තැබිලි යුශ සහ කොත්තමල්ලි යුශ සමග මිශ්‍ර කර පානය කරා. විනාඩි හතරකින් සූරග්‍රහනය අවසන් වුනත් වදකහ අරිශ්ටයෙ ප්‍රතිපල ලැබුනෙ ටික වේලාවක් ගිය පසුවයි. මුලදි මෙය පානය කල අයට කැස්ස, වමනය , අධික බඩ රිදුම වැනි රෝග ලක්ශන හට ගත්තා සුලුවෙලාවකින් මුලු ලංකාවෙම රෝගින් සිය දහස් ගනනක් වාර්ත වෙන්න පටන් ගත්තා . එයින් වැඩිම රෝගින් පිරිසක් වාර්තා උනෙ කොලබ දිස්ත්‍රික්කයෙන් බව පුවත් පත් වාර්තා කරා. එය වාර්තා වුනෙ

    කොලබ රෝගින් - 1200 ත්
    මහනුවරින් රෝගීන් - 500 ත්
    ගාල්ලෙන් රෝගින් - 200 ත්

    සහ සෙසු ප්‍රදේශ වලින් ද රෝගීන් වාර්තා වුනා මුලු ලංකාවෙම රෝහල් අධික ලෙස කාර්‍යබහුල වුනා වගෙම ඉඩ පහසුකම් නොමැති නිසා රෝගින්ව පෝලිම් වල හිට ගස්වා බෙහෙත් ලබා දී තිබුනා. මෙ විදිහට දවස් ගානක් ඔවුන් රෝහල් වල ප්‍රතිකාර ගත් බවට වාර්තා වුනා නමුත් ඒ කිසිම රෝගියෙක් මිය ගිය බවට සදහන් වී තිබුනෙ නෑ.

    ⭕ ඉතින් මිනිස්සුන්ට වැටහුනා වදකහ බීමෙන් ලස්සන වෙන්නවත් බුද්ධිමත් වෙන්නවත් බෑ කියලා ඉතින් තමන් කරගත්තෙ මෝඩ ක්‍රියාවක් බව ඔවුන්ට තේරුනා මෙම සිදුවීම සූර්‍යග්‍රහනයටත් වඩා ඉක්මනින් ලෝකයෙ පැතිරුනෙ ශ්‍රී ලංකාවෙ මිනිසුන් සූර්‍යග්‍රහනය අතරතුරදි මැජික් පානයක් බීමෙන් ලෙඩ වුනා කියලා...

    Follow us අධිමානසිකයා
    IMG_0328.jpeg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    දවාලේ දි රෑවුන ඒ දවසේ
    එමලි ගියා පිලිකන්නට විගසේ

    මේක කියන්න හේතුව එහෙනම් සූර්යග්‍රහනයක්. කිව්වට දැනන් හිටියෙ නෑ.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,892
    113
    126
    Hogwarts
    මෙම සිදුවීම සූර්‍යග්‍රහනයටත් වඩා ඉක්මනින් ලෝකයෙ පැතිරුනෙ ශ්‍රී ලංකාවෙ මිනිසුන් සූර්‍යග්‍රහනය අතරතුරදි මැජික් පානයක් බීමෙන් ලෙඩ වුනා කියලා... :lol:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙම සිදුවීම සූර්‍යග්‍රහනයටත් වඩා ඉක්මනින් ලෝකයෙ පැතිරුනෙ ශ්‍රී ලංකාවෙ මිනිසුන් සූර්‍යග්‍රහනය අතරතුරදි මැජික් පානයක් බීමෙන් ලෙඩ වුනා කියලා... :lol:
    උබත් බිවුවද?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,779
    18,580
    113
    අදනෙ දන්නෙ සීන් එක හරියටම

    කැම්‍රි මෝඩයො තමා නේද ඒ කාලෙ ඉදලම ඉන්නෙ.. පැනි මයිනස්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    වද කහ එක්ක බැටරි කුඩු කලවන් කරලා බීලා තියෙන්නේ