ටාටා බස් වල උඩින් අල්ලන්න තියෙන බාර් එක තියෙන උස වැඩි
ලේලන්ඩ් එකේ නම් හොද ගානට තියෙන්නේ
පොඩි කෙල්ලෝ එහෙම ටාටා එකේ යනකොට විසි වෙවී යන්නේ අල්ලගන්න තැනක් නැතුව
ටාටා එක ගැස්සෙනවා අඩුයි
කදු පැතිවල ඩිපෝ වලට ඉස්සර දැම්මේ ටාටා හොදට කදු අදින නිසා
දැන් නම් ඒක වෙනස් වෙලා
දැන් ලේලන්ඩ් ඒව වැඩියි ටාටා වලට වඩා කදු පැති වලත්
බස් එකක තියෙන්නෙ ඕන හොදම සද්දේ තියෙන්නේ Leyland එකේ

ඉස්සර ලේලන්ඩ් වල තිබ්බෙ සුද්ද ඩිසයින් කරපු එන්ජිමක්නෙ නේද... ටාටා වල තිබුනෙ/තියෙන්නෙ Cummins එන්ජින්. හැබැයි අලුත් ලේලන්ඩ් වල HINO turbo එන්ජිම හොඳ ඇති cummins එකට වඩා![]()



Good Post..Rep+8
You must spread some Reputation around before giving it to Mr.Tom again.
Rep added....
Indian BUMP...
Good work machan

You must spread some Reputation around before giving it to Mr.Tom again.
මට මතක නැ මම කලින් රේප් දුන්නද කියල.
කොහෙදි හරි දෙන්න ඇති
අඩේ මේකෙ ස්නෝකල් එකකුත් තියෙනවා..
බුකියෙ තිබිල ගත්තේ.. ෆොටෝස් නම් වැඩි දවසක් පේන එකක් නෑ හැබැයි..
![]()

මොක උනත් උන්ගේ ආමි එකට දීලා තියෙන AC බස් වල නම් ඒසී තියෙනවා චූ යන්න.....!!
![]()


ඉන්දියන් මල ජරාව නෙවේ මාමි..... ජපන් හයිබ්‍රිඩ්
එක....!!!
![]()

bolero maxi truck +
Tata Xenon XLT
මේ දෙකම පට්ටලු
bolero එකේ ජීප් මොඩ්ල් එකකුත් මම දැක්කා.ටාටා බස් වල උඩින් අල්ලන්න තියෙන බාර් එක තියෙන උස වැඩි
ලේලන්ඩ් එකේ නම් හොද ගානට තියෙන්නේ
පොඩි කෙල්ලෝ එහෙම ටාටා එකේ යනකොට විසි වෙවී යන්නේ අල්ලගන්න තැනක් නැතුව
ටාටා එක ගැස්සෙනවා අඩුයි
කදු පැතිවල ඩිපෝ වලට ඉස්සර දැම්මේ ටාටා හොදට කදු අදින නිසා
දැන් නම් ඒක වෙනස් වෙලා
දැන් ලේලන්ඩ් ඒව වැඩියි ටාටා වලට වඩා කදු පැති වලත්
බස් එකක තියෙන්නෙ ඕන හොදම සද්දේ තියෙන්නේ Leyland එකේ

අද කතා කරන්න යන්නේ වෙනස් මාතෘකාවක් ගැන. බෑලු බැල්මට මාතෘකාවේ වෙනස් බව ඕනි කෙනෙකුට තේරෙනවනේඉන්දියන් කාර් ගන්න එපා කියන ටොමා, මරුටි ඔමිනි වගේ ඉන්දියන් වෑන් ගන්න එපා කියන ටොමා, මෙන්න ඉන්දියන් ලොරි ගන්න හැටි ත්‍රෙඩ් එකක් දානවා.
මේ ත්‍රෙඩ් එක දාන්නේ හේතු කීපයක් මත. ලොකුම හේතුව තමයි මිනිස්සුන්ගේ අවශයතාවය. ඇත්තටම කිව්වොත් ඉන්දියන් පොඩි ලොරි අගයනවා නෙවෙයි. මේවට විකල්ප දෙන්න විදිහක් නැති නිසා විස්තර කියනවා මිසක්.
ලොකුම හේතුව තමයි මිල. ලොරියක් කියන්නේ පට්ට ගහන වාහනයක්. ඒ වගේම මුදල් උපයන වාහනයක්. ගොඩක් අය බලන්නේ පුලුවන් තරම් අඩු මිලට හොදට වැඩ ගන්න පුලුවන් ලොරියක් අරන් ඒකෙන් උපරිම වැඩ ගත්තට පස්සේ ආයි විකුන ගන්න. මේ ගන්න භාන්ඩේ පාට්ස් සුලභ වෙන්න ඕනේ, ලෙඩ අඩු වෙන්න ඕනේ, බර අදින්නත් පුලුවන් වෙන්න ඕනේ, විතරක් නෙවෙයි තෙලුත් වැඩ කරන්න ඕනේ. ඔන්න ඔය අවශ්‍යතා හැම එකක්ම සපුරන්න දෙන්න තියන්නේ ඉතිං ඉන්දියන් ලොරි බට්ටෙක් තමයි. ජපන් පොඩි ලොරි හැම අතින්ම හොදයි. හැබැයි ඔය කියපු හැම අවශ්‍යතාවයක්ම සපුර ගන්න ඒවගෙන් බැරි නිසා (අපේ ආර්තිකයේ හැටියට) පොඩි බිස්නස් එකකින් නැගිටින්න දගලන කෙනෙකුට ඒ තරම් නොගැලපෙන බවක් තියනවා.
ඒජන්සියක් අරං අලුත් වැඩකට අත ගහන්න ඉන්න කෙනෙකුට, එලවලු බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙකුට වගේම තමන්ගේ නිෂ්පාදන වෙලද පොලට ගෙනියන්න ඕනි කෙනෙකුට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි කියලා හිතනවා.
ඉන්දියන් පොඩි ලොරි ගත්තොත් වර්ග කීපයක්ම දකින්න පුලුවන්නේ. මුලින්ම පටන්ගන්නම් සුලබ ඩිමෝ බට්ටා ගෙන්
1) වාහනේ TATA ACE හෙවත් ඩිමෝ බට්ටා.
මේ පරණ එක
![]()
මේක අලුත් එක
![]()
තෙල් වැඩකිරිල්ල හොදයි, ගත්තොත් ටිකක් අඩුවට හරි විකුණ ගන්න පුලුවන්. එන්ජින් එක පොඩි උනාට අදිනවත් හොදයි. සාමාන්‍යයෙන් බර දාලා අදින්න පුලුවන්. පාට්ස් එහෙමත් ලංකාවේ ඕනි පැත්තකින් ගන්න පුලුවන්. ඒවගේ ගානත් සාධාරන මට්ටමක තියනවා කියන්න පුලුවන්. අඩු මිලට පොඩි ලොරියක් හොයනව නම් ඉතිං මේක තමයි වාහනේ. මේකේ එන්ජින් එක 702 CC, සිලින්ඩර දෙක. සිලින්ඩර දෙක නිසා තමයි ඔය මේකෙන් ත්‍රීවීල් සද්දයක් එන්නේ.
හැබැයි රජෝ සැප පහසුව නම් 0 යි. ඒ වගේම තමයි ආරක්ෂාවත්. ආරක්ෂාව අතින් ත්‍රීවිල් එකකටවඩා ටිකක් හොදයි. ඉස්සරහා ඩෑෂ්බෝඩ් එක ඇතුලෙන් ලොකු යකඩ බටයක් දාලා තියනවා ආරක්ෂාවටමේක සාමාන්‍යයෙන් ලග ලග බඩු ප්‍රවාහනයට තමයි හොද. ඒ කිව්වේ කිලෝමිටර් 50 ක් 75 ක් වගේ ඇතුලත.
2) TATA ACE ZIP හෙවත් ඩිමෝ බට්ටි
![]()
අප්පෝ මේකනම් ගන්න එපා. උපංගෙයි මරාලයක්. බඩු ටිකක් නම් ගෙනියන්න පුලුවන් තමයි. ඒත් මේක ගත්ත එකෙක් හොදයි කියන්නෙ නම් නෑ. සැප පහසුව -1, ආරක්ෂාවත් -1, මීට වඩා හොදයි ඩීසල් ත්‍රීවිල් එක.
මේකේ එන්ජින් එක 611 CC, ඩීසල් නම් වැඩ කරනවා නැති වෙන්න. නමුත් මේකට වාහනයක් කියන්න බෑ.
3) ATA SUPER ACE හෙවත් ඩිමෝ ලොක්කා
![]()
හොදයි කයන්න පුලුවන්. බට්ටා එකට වඩා වැඩි ඉඩක් ඕනි නම් මේක ගන්න පුලුවන්. 1405 CC ඩීසල් එන්ජින් එක තියන්නේ. හොදට තෙල් වැඩ කරනවා. ඒ වගේම A/C, POWER STEERING තියන එක ගත්තොත් දුර භාන්ඩ ප්‍රවාහනයට හොදයි.
4) Mahendra - Maximo Truck
![]()
මේක නම් උපංගෙයි මරණයක්. ලෙඩක් ආවම හොයන්න අමාරුයි. ඩිසල් ෆිල්ටර් එක පවා තියන්නේ ප්ලාස්ටික් කවරයක් ඇතුලේ දාලා මහ අජූත විදිහට. ඒ වගේම පාට්ස් ගනන් වැඩී. නමුත් සැප පහසුව අතින් වගේම ඇතුලත පෙනුම ඩිමෝ බට්ටා එකට වඩා හොදයි.(ඒ කිව්වේ සැපයි කියන එක නෙවෙයි) තෙල් වැඩ කිරිල්ලත් ඩිමෝ බට්ටා එක තරම් ම තියනවා.
5) Mahendra bolero
![]()
හොද වාහනයක් පිකප් එහෙම හොදයි. අනිත් ඒවට සාපේක්ෂව නම් පට්ට කියන්න පුලුවන්. ආයි පඩිපෙලක උනත් යන්න පුලුවන්. ටර්බෝ එන්ජින් එකක් තියන්නේ. ඒ නිසාම ඩීසල් හොදට වැඩ කරනවා. ආරක්ෂාව අතිනුත් අනික් ඒවට වඩා හොදයි. හැබැයි POWER STEERING නැති එක එලවනවා කියන්නේ හෙන කට්ටක්. A/C, POWER STEERING තියන එක නම් සෑහේන හොදයි. අනිත් වාහන වලට සාපේක්ෂව තහඩුව සෑහෙන්න ඝණකමයි. හැබැයි නිමාව නම් ඒතරම් හොද නෑ. ඒ කියලා ඉතිං අනිත් ඒවගේ නිමාව හොදයි කියන්න යෑ. මේකේ පාට්ස් ඩිමෝ ලොක්කට සාපේක්ෂව ගනං වැඩී.
ඔන්න ඔහොම තමයි ඉන්දියන් පොඩි ලොරි වල කතන්දරේ. සමරි එකක් ගත්තොත් සාමාන්‍ය ලග භාන්ඩ ප්‍රවාහනයට ඒ කිව්වේ ඔය ගම්වල කඩවලට බඩු ගෙනියන ඒජන්සි වලට, එලෝලු ටිකක් පොලට අදින්න වගේ ඩිමෝ බට්ටා එක හොදයි. ටිකක් දුර බඩු ගෙනියන්න වගේම ටිකක් වැඩියෙන් බඩු ගෙනියන්න නම් ඩිමෝ ලොක්කා හෝ මහේන්ද්‍රා බොලෙරෝ එක හොදයි. බොලෙරෝ එක නම් වැඩිය පාරවල් හොද නැති ගම් පලාත් වලටත් කියාපු වාහනේ.
හැබැයි මේ හැම හුචක්කුවම ඉන්දියන්. ආයි තහඩුවක් වත් ගැල්වනයිස් කරලා නෑ. යන්තං පේන්ට් ටිකක් හීරුනත් මලකඩ කාලා දිරලා යනවා. ඒ නිසා පේන්ට් හීරිලා දැක්කොත් එතන ටිකක් සුද්ද කරලා anticorrosive paint ටිකක් ඇගිල්ලකින් හරි ගාලා දාන්න.වාහනේ හොදට නඩත්තු කරන්න. වෙලාවට සර්විස් කරලා අවශ්‍ය අමතර කොටස් දාලා පාවිච්චි කරන්න. ඒ වගේම ලොරි බට්ටෝ තමන් එලවනව නම් මාර්ග නීති පිලිපදින්න.ඩ්‍රයිවර් කෙනෙකුට දුන්නත් ඒ උපදෙස දෙන්න. මොකද පාරේ අඩුවෙන්ම මාර්ග නීති රකින එක කොට්ටාසයක් තමයි ලොරි බට්ටෝ එලවන අය.
ඒ වගේම මේවා ජපන් වාහන නෙවෙයිනේ. ඒ නිසා පාවිච්චි කරපුවා ගන්නව නම් 2011 න් මෙහා වාහන ගන්න.
කාලෙකින් තමයි එලකිරියේ ත්‍රෙඩ් එකක් දැම්මේ.

ඇත්ත කියපං උඹට බඩා මාමා ලැප් එකක් දෙනවා කිව්වා නේද මේ ටික කිව්වොත්![]()

ජපන් එක බොල මාමේ..... කියපන්කෝ.....!! හොදද ඒක...??
![]()



ඇත්ත කියපං උඹට බඩා මාමා ලැප් එකක් දෙනවා කිව්වා නේද මේ ටික කිව්වොත්![]()



රත්තරං;20342207 said:දවසක් වංගුවක් ගත්තා 60ට විතර.. මම හිතුවෙම මලා තමයි කියල.. ටින් එකකට ගල් කැටයක් දාලා හොල්ලනවා වගේ
මටන බය නැතුව යන්නනම් ඔය සල්ලි වලින් ගනින් හොදවයින් කරීනා එකක්. අරන් අඩුපාඩු හදාගෙන ඉතුරු සල්ලි වලින් තෙල් ගහපන්![]()


ලොල් තමයි බන් . . උබ වැගන් ආර් එකද අවුරුදු 15ක් පරන කාරීනා එකත් එක්ක සැසදුවේ?
එහෙම ගියොත් 2000 කාරීනා, සිවික්, ලාන්සර්, ෆැමිලියා, සනී විතරයි පදින්න වෙන්නේ. .![]()


ඉන්දියන් හැම එකම මල ජරාව තමයි මචං. බස්, බයික් හැම මගුලම![]()

මොකක්ද කිව්වේ ආ.......?? 
රත්තරං;20342207 said:දවසක් වංගුවක් ගත්තා 60ට විතර.. මම හිතුවෙම මලා තමයි කියල.. ටින් එකකට ගල් කැටයක් දාලා හොල්ලනවා වගේ
මටන බය නැතුව යන්නනම් ඔය සල්ලි වලින් ගනින් හොදවයින් කරීනා එකක්. අරන් අඩුපාඩු හදාගෙන ඉතුරු සල්ලි වලින් තෙල් ගහපන්![]()

එච්චර චාටර්ද ඒක....?? මම හිතුවේ පාත නිසා හොදට බැලන්ස් ඇති කියලා.....
