බිස්නස් රෝල

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචන් ලා, බිස්නස් කරන ගොඩක් උන් ගෙන් ඇහුවම “කොහොමද මචන් මෙහෙම කරන්නේ “ කියල. ගොඩක් උන් කියන්නේ “රෝල” තමා කියලා.
    අපේ ඉන්නවනම් කවුරුහරි ඔයවගේ රෝල ගහන, දීපල්ලකෝ හොඳ අයිඩියා පාරක් . 3 million tiyenawa athe.
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    rola kiynne bn ganna salli tika anith pattata ayeth danawa wadetama,,loan gewanna arawata mewata,,loku profit ekk na,,but wade adagena yanawa kiyana eka tamai rola kiynneh,,
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,311
    49,666
    113
    සේදවත්ත
    හම්බෙන එක විශ්වාසය මත වියදම් කිරීම පැටන් එක දන්න නිසා . රිස්ක් එක මැනේජ් කරනවා. ආදායමෙන් ලාවට ජීවත් වෙනවා. බිස්නස් වල මුල් කාලේ මේ වගේ කැපිටල් හදාගෙන රෝලක් ගහන්න ඕනේ නොවෙනකම් . ස්ටේබල් බිස්නස් කාරයෝ ගොඩක් බැංකු අයිරා වලින් තමා රෝල ගහන්නේ එකට හොද රැපෝ එකක් ජංගම ගිනුම් වල තියෙන්න ඕනේ මැනේජර් උනත් උබේ බිස්නස් යන විදිය ගැන පැහැදුනාම .

    මිලියන් 30 බස්සන් නැතුව උබට ආස එකක් හෙමීට පොඩියට පටන් ගන්න රිසච් ලෙවල් එකෙන් හරි යනකොට කාරක ප්‍රාග්ධනය පොම්ප කරලා කස්ටම බේස් එක වැඩි කරගන්න එතකොට රෝල කියන එක ඔයාම ඉගෙන ගනී නොදැනීම
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන් බිස්නස් එකක් කරන්න සල්ලි අවශ්‍යයි තමයි. හැබැයි බිස්නස් එකක් සාර්ථක කරගන්න අපි සල්ලිවලටත් වඩා ආයෝජනය කරන්න ඕන දැනුම, හැකියාව සහ අත්දැකීම්.

    ඒක නිසා උබ ලග ලක්ෂ 30ක් තියෙන එක බිස්නස් එකක් පටන්ගන්න ඕන කරන ආරම්භක සුදුසුකමක් කර ගනින්. ලක්ෂ තිහෙන් උබ මොනාහරි බයින් ඇන්ඩ් සෙලින් කරනවා නම් අද වුනත් උබට පටන් ගන්න පුලුවන්. ඒත් භාන්ඩයක් නිෂ්පාදනය කරන හෝ සේවාවක් සපයන ආයතනයක් පටන් ගන්න උබට අදහසක් තියෙනවා ඉස්සෙල්ලා ඒ සම්බන්දව ඉගෙනගෙන ඉදපන්.

    මම ෆේස්බුක් එකෙත් දැකලා තියෙනවා ගොඩක් උන් අහනවා "මට ලක්ෂ පහකින් පටන් ගන්න බිස්නස් එකක් කියන්න", "මට ලක්ෂ දහයකින් පටන් ගන්න බිස්නස් එකක් කියන්න", "මට රුපියල් පනස්දාකින් පටන් ගන්න බිස්නස් එකක් කියන්න" කිය කිය අහනවා.

    කට්ටිය මෙහෙම අහන්නෙ එක එක බිස්නස් පටන් ගන්න යන වියදම වෙනස් නිසා වෙන්න ඇති. ඒත් එහෙම පටන්ගන්න බිස්නස්වලට යන්න පුලුවන් ගමන සමස්ථයක් වශයෙන් සීමාසහිතයි.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රෝල කියන්නේ මෙහෙමයි බන්. . බිස්නස් එකට ලක්ශ 20ක් ඕනනම් අතේ තියෙන්නේ ලක්ශ 10 නම් අතේ 10 දාලා තව ලක්ශ 10ක බඩු ක්‍රෙඩිට් වලට අරන් බිස්නස් එක කරනවා. .
    ඔතනදි මාසෙකට අනිවා බිස්නස් කරලා බැලන්ස් කරන්න ඕනා ගාන. . ඔහොම කරද්දි කොතන හරි හිරවුනොත් තව නය ගන්න වෙනවා ඒවත් බැලන්ස් කරන්න ඕනා. .

    නැත්තන් මාසික ලෝන් 50000 කියලා හිතපන්කො. . ජීවන වියදම මාසෙට 40000යි. . බිස්නස් එකේ ලාබේ මාසෙකට ලක්ශයයි. . මාසෙක ලාබේ ලක්ශයක් කියලා ස්තීරවමත් නෑ අඩු වැඩි වෙන්න පුලුවන්. . ඕකත් හරියට බැලන්ස් කරන්න එකටත් රෝල ගහනවා කියනවා. .

    කෙටියෙන්ම කිව්වොත් කල හැකි මට්ටමට වඩා යමක් කරීමට තමයි රෝල ගහනවා කියන්නේ. .