බිස්නස්_ක්ලාස්

r runner

Member
May 12, 2015
2,396
781
0
බිස්නස්_ක්ලාස්

බිස්නස් ක්ලාස් එකේ ගුවන් ගමනක යෙදුණොත් ඔබට අත්දකින්නට ලැබෙන විශේෂ දේවල් 7ක්



කවදාහරි බිස්නස් ක්ලාස් එකේ ගුවන් ගමනක යෙදිලා තියෙනවද? දැන් මගේ ඇඟට කඩා පනින්න එපා “බිස්නස් ක්ලාස් තියා එයාර්පෝට් එක දැක්කෙත් ඉස්කෝලෙන් ආපු අධ්‍යාපන චාරිකාවෙදී විතරයි” කියලා. කොහොමත් කවදාහරි දවසක ප්ලේන් එකේ යන්න චාන්ස් එකක් ලැබෙයිනේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි නිවාඩුවකට පිටරට යන්න වුනත්, රාජකාරියකට පිටරට යන්න වුනත් ගුවන් ගමන් ටිකට් වල ගණන් බලනකොට කෙලින්ම බලන්නේ ඉකොනොමි ක්ලාස්. අඩු තරමේ බිස්නස් ක්ලාස් ටිකට් එකක් අපිට ගන්න පුලුවන් මට්ටමක තියෙනවද කියලවත් අපි බලන්නේ නෑ. හැබැයි ගණන් හිලවු දළ වශයෙන් මෙහෙමයි. අපි හිතමු ක‍ටුනායක ඉඳන් චෙන්නායි යනව කියලා. මේ දවස්වල ඉකොනොමි ක්ලාස් එකේ චෙන්නායි ගිහින් එන්න රිටර්න් ටිකට් එක වෙන්නේ රුපියල් 34,000ක් විතර. හැබැයි ඒ රිටර්න් ටිකට් එකම බිස්නස් ක්ලාස් එකේ රුපියල් 58,000ක් විතර වෙනවා.

ඇත්ත. අපි හැමෝටම බිස්නස් ක්ලාස් ටිකට් ගන්න බෑ. ගොඩක් දෙනෙක්ට නිවාඩුවකට වෙන රටකට යන්න ඉකොනොමි ක්ලාස් එකේ ටිකට් එකක් ගන්න වැයවෙන මුදලත් දරන්න අමාරුයි. හැබැයි කවදාහරි දවසක් එයි, බිස්නස් ක්ලාස් එකේ රජා වගේ වෙන රටකට ගිහින් එන එක, ඒකට මුදලක් වියදම් කරන එක අවුලක් නැහැ කියලා තේරෙන. ඉතින් ඒකට පොඩි බූස්ට් එකක් තමයි මේ. කියවලා බලන්න බිස්නස් ක්ලාස් එකේ ට්‍රැවල් කරනකොට තියෙන ආතල් මොනවද කියලා.

1. එයාපෝට් එකේදී



Business-Class-Flying-aniwa-01.jpg
Source – sfo777.com


ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් බිස්නස් ක්ලාස් එක පටන් ගන්නේ එයාපෝට් එකට ඇතුළු වීමත් එක්කම තමයි. බිස්නස් ක්ලාස් එකට කොහොමත් ප්‍රයෝරිටි හම්බුවෙනවා චෙක්-ඉන් එකේදී. බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ සිල්ක් රූට් එකේ ගිහින් කෙලින්ම සෙරෙන්ඩිබ් ලෝන්ජ් එකට යන්නයි තියෙන්නේ, නියම රාජකීය ලෙවල් එකේ!

2. කෙලින්ම සෙරෙන්ඩිබ් ලෝන්ජ් එකට



Business-Class-Flying-aniwa-02.jpg
Source – aussieflyer.net


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පළවෙනි මහලේ තියෙන සෙරෙන්ඩිබ් ලෝන්ජ් එකේ විශේෂත්වය කෙනෙක්ට තේරෙන්නේ අර පරණ මාලිගාවක පන්නෙට හදලා තියෙන ඇතුළුවීමේ දොර‍ටුව දකිනකොටම තමයි. සෙරෙන්ඩිබ් ලෝන්ජ් එක තියෙන්නේ ඒ අයගේ වටිනම කස්ටමර්ලා වෙනුවෙන්. ඒ කියන්නේ බිස්නස් ක්ලාස් කස්ටමර්ස්ලා. ඇතුළත බොහොම අලංකාර විදියට හදලා තියෙන සෙරෙන්ඩිබ් ලෝන්ජ් එකේ ට්‍රාන්සිට් ට්‍රැවලර් කෙනෙක්ට වුනත් පැය අටක් වෙනකල් ඉන්න පුලුවන්. 20කට එකපාර ඉන්න පුලුවන් ඩයිනින්ග් ඒරියා එකේ විශේෂ බුෆේ එකකුත් බිස්නස් ක්ලාස් ට්‍රැවලර්ස්ලා වෙනුවෙන් විවෘතයි. එතකොට වයින් හරි ෂැම්පේන් හරි වෙන මොනව හරි ෂොට් එකක් දාගන්නත්, වෙන බීමක් වුනත් ලබාගන්නත් කරදරයක්නෑ. ඒ විතරක් නෙවෙයි, ලංකාව ඇතුළේ සම්පූර්ණයෙන්ම ‍ෆ්‍රී කෝල්ස් ගන්නත් පුලුවන්. ඕන නම් සුපිරි මට්ටමට පිරිසිදුකමත් එක්ක එන ෂවර්ස් සහ වොෂ් රූම්ස් පහසුකම් එහෙමත් සෙරෙන්ඩිබ් ලෝන්ජ් එකේ තියෙනවා. බිස්නස් වැඩ කරගන්න ඕන නම් වයි-ෆයි විතරක් නෙවෙයි, ප්‍රින්ට් වැඩ කරගන්න පවා පහසුකම් තියෙනවා. මේ කිව්වේ ටිකක් විතරයි. කොහොමත් සෙරෙන්ඩිබ් ලෝන්ජ් එකට යන හාදයෙක්ට ආයෙ එන්න හිතෙන්නේ නැති තරම්.

3. කොහොමද බිස්නස් ක්ලාස් කෑම?



Business-Class-Flying-aniwa-03.jpg
Source – onemileatatime.boardingarea.com


අති විශිෂ්ටයි ඕයි.අඩි 37,000ක් උඩදී මේ තරම් සුපිරියට කන්න ලැබෙනවද කියලා හිතෙන්න පුලුවන්. ෆයින් ඩයිනින්ග් වලට කැමති කෙනෙක් අනිවා මේ අත්දැකීම මතක තියාගනී. ඕන නම් කලින්ම තමන්ට ඕන කෑම මෙනු එක ‍තෝරලා තියන්න පුලුවන්. එතකොට සූපවේදීන් අපි වෙනුවෙන්ම ඒවා හදලා තියයි. මේ ආහාර වේල් වලට හැබැයි වැඩිපුර දේශීය අයිටම්ස් තියෙනවා. හැබැයි සමහර අයිටම්ස් ඔබ මුල්වරට රස බලන්නේ අහසේදී වෙන්න පුලුවන්! උදාහරණ විදියට එලුමස් බිරියානි. ට්‍රැඩිෂනල් ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆස්ට් එකක්, පොල් රොටි පාරක් එහෙම ‍තෝරගන්නත් පුලුවන්. ඒවා බැරි නම් ක්ලබ් සැන්ඩ්විච් වගේ දෙයක් වුනත් ගන්න පුලුවන්. විශේෂයෙන්ම මස් කන අයට වෙනම, සී ෆුඩ් ලෝලීන්ට වෙනම වගේම වෙජිටේරියන් අයට වෙනමත් ‍තෝරගන්න ඔප්ෂන්ස් සෑහෙන්න තියෙනවා.

4. පර්සනල් කෙයාර් කිට් එකක්



Business-Class-Flying-aniwa-04.jpg
Source – navjot-singh.com


බිස්නස් ක්ලාස් එකේ යනකොට ගොඩක් වෙලාවට සංචාරකයෙක්ට ලැබෙනවා තමන්ගේ පුද්ගලික භාවිතාව සඳහා අඩුම කුඩුම තියෙන පවුච් එකක්, ලොකු පර්ස් එකක්. මේකේ තියෙනවා කොස්මැටික් අයිටම්ස් වල ඉඳන් ඩෙන්ටල් සෙට් එකක් දක්වා. එතකොට ඉයර් ප්ලග් වගේ අවශ්‍ය වෙන්න පුලුවන් දේවලුත් මේකේ තියෙනවා. ඇත්තටම ට්‍රාන්සිට් ෆ්ලයිට් එකක ඉන්න කෙනෙක්ට ගමන ඉවර කරලා එයාර්පෝට් එකෙන් එලියට එනකොටත් නැග්ගා වගේම ෆ්‍රෙෂ් පිට ඉන්න මේ පර්සනල් කෙයාර් කිට් එක බොහොම වැදගත්.

5. සුවපහසුව උපරිමයි



Business-Class-Flying-aniwa-05.jpg
Source – theartofbusinesstravel.com


සාමාන්‍යයෙන් අපි වැඩිහරියක්ම දකින්නේ ප්ලේන් එකක ඉකොනොමි ක්ලාස් එකේ සීටින්ග් ඇරේන්ජ්මන්ට්ස්නේ. ‍ෆිල්ම් එකක වුනත් වැඩිපුර පෙන්නන්නේ ඒවා. හැබැයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් එකේ බිස්නස් ක්ලාස් එකේ සීටින්ග් පහසුකම් නිර්මාණය කරලා තියෙන්නේම ප්ලේන් එකක් ඇතුලේ මගියෙක්ට දෙන්න පුලුවන් උපරිම සුවපහසුව ලබාදෙන්න තමයි. ඒ වගේම ෆුල් ලක්ෂරි ලෙවල් එකට තියෙනවා. ඉකොනොමි ක්ලාස් එකේ සීට් වලට වඩා වැඩියෙන් ඉඩපහසුකම් තියෙන බිස්නස් ක්ලාස් සීට් ඇත්තටම ‘ෆ්ලැට් බෙඩ්’ කියලා හඳුන්වන එක හරි. කොහොමත් මූඩ් එක රිලැක්ස් කරන ලයිට් සහ මේ පහසුකම් එක්ක ගමනාන්තයට යනකල් සැපේ ඉන්න බිස්නස් ක්ලාස් ‍ටුවරිස්ට් කෙනෙක්ට ඉඩ ලැබෙනවා.

6. ප්ලේන් එකෙන් බහිනකල් ආතල්



Business-Class-Flying-aniwa-06.jpg
Source – huffingtonpost.com


බිස්නස් ක්ලාස් එකේදී මගීන්ගේ එන්ටර්ටේන්මන්ට් එක ගැනත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සෑහෙන්න හිතලා තියෙනවා. උදාහරණයක් විදියට අඟල් 15.4ක සුපැහැදිලි තිරයන් එක්ක ටීවී චැනල් 50ක් අතරින් එකක් ‍තෝරගන්න පුලුවන්. ‍ෆිල්ම් එකක් බලන්න ඕන නම් ‍තෝරගන්න හොලිවුඩ් බොලිවුඩ් ක්ලැසික්ස් සහ ලේටස්ට් ‍ෆිල්ම් 129ක් විතර තියෙනවා. ඒක හරියන්නෙ නැතිනම් ඕඩියෝ බුක් ලයිබ්‍රි එකක් තියෙනවා පිස්සු හැදෙන. ඕඩියෝ බුක් වැඩෙත් කම්මැලි නම් ගහන්න ගේම්ස් තියෙනවා තොගයක්. ආයි පොඩි එකෙක් වෙන්න ඕන නෑ, ඕනම වයසකට හරියන ගේම්ස් මේ කලෙක්ෂන් එකෙන් හොයාගන්න පුලුවන්.

7. අනික් එයාර්ලයින්ස් වලත් මෙහෙමද?



Business-Class-Flying-aniwa-07.jpg
Source – continentalclub.co.uk


මෙහෙමයි. බිස්නස් ක්ලාස් කියලා වැඩි මිලකට ටිකට් එකක් ගන්න මනුස්සයෙක්ට අනිවා ඉකොනොමි ක්ලාස් එකෙන් කැපිලා වෙන්වෙන එක්ස්පීරියන්ස් එකක් දෙන්න ඕනනේ. ඉතින් අනික් එයාර්ලයින්ස් වල වුනත් මේ විදියේ විශේෂ සැලකීම්, සැප පහසුකම් අනිවා බිස්නස් ක්ලාස් එකට ලැබෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් එමිරේට්ස් එයාර්ලයින් එකේ බිස්නස් ක්ලාස් ටිකට් එකක් බුක් කළොත්, ප්ලේන් එකේම තියෙනවා ලක්ෂරි ලෝන්ජ් එකක්. එතකොට ලක්ෂරි සීටින්ග්, ලක්ෂරි එන්ටර්ටේන්මන්ට්… බලනකොට බිස්නස් ක්ලාස් එකේ ඔක්කොම ලක්ෂරි තමයි!

හරි. මේ ඔක්කොම සැප පහසුකම් දුන්නය කියමුකෝ. ඒත් වෙන රටකට යනකොට ඉකොනොමි ක්ලාස් නැතුව බිස්නස් ක්ලාස් ‍තෝරගන්න එකේ තේරුමක් තියෙනවද? සල්ලි නාස්තියක් නෙවෙයිද? ඇත්තටම ඒ ප්‍රශ්නෙට අපිට උත්තර දෙන්න බෑ. ඒක තම තමන්ගේ කැමැත්ත. හැබැයි ඉතින් අඩුගාණේ ජීවිතේට එක වතාවක්වත් බිස්නස් ක්ලාස් එකේ ‍ටුවර් එකක් ගිහින් එන්න “සල්ලි නාස්ති” කළාට කමක් නෑ කියලයි අපි පුද්ගලිකව හිතන්නේ. නැත්තං මොකටද දොරේ ජීවත් වෙලා!
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මටත් බොස් බේබි ෆිල්ම් එකේ පොඩි උන් දෙන්න බිස්නස් ක්ලාස් එකේ යනවා දැකලා පට්ට ආසවක් ඇතිවුනා :sorry::sorry:
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ත්‍රේඩ් එකට අදාල නිසා විතරක් කියන්නම්. ඉස්සෙල්ලාම ගියේ 90 ගනන්වල වැඩ කරපු මහත්තයා එක්ක ගිය ගමනෙදි. ඒ උන්දා වියදම් කලා. දැන් නම් අතින් වියදම් කරන් යන්නේ. ශ්‍රි ලන්කන්, එමිරේට්ස්, සින්ගපුරු, කොන්ටාස්, එයාර් බැල්ටික්, බ්‍රිටිශ්, එයාර් කැනඩා, ලුෆ්තන්සා, එරොෆ්ලොට් මේවල බිස්නස් ගිහින් තියනවා. ෆස්ට් ක්ලාස් නම් ගිහින් නැ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සිංගා වත් සංචාරයක් දාන්න ආස හිතුනා. English ටිකක් අව්ල් නිසා තමයි යන්න අදිමදි කරගෙන ඉන්නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ත්‍රේඩ් එකට අදාල නිසා විතරක් කියන්නම්. ඉස්සෙල්ලාම ගියේ 90 ගනන්වල වැඩ කරපු මහත්තයා එක්ක ගිය ගමනෙදි. ඒ උන්දා වියදම් කලා. දැන් නම් අතින් වියදම් කරන් යන්නේ. ශ්‍රි ලන්කන්, එමිරේට්ස්, සින්ගපුරු, කොන්ටාස්, එයාර් බැල්ටික්, බ්‍රිටිශ්, එයාර් කැනඩා, ලුෆ්තන්සා, එරොෆ්ලොට් මේවල බිස්නස් ගිහින් තියනවා. ෆස්ට් ක්ලාස් නම් ගිහින් නැ.

    economy ekath ekka gaththama kochchara wenasak tiyenawada bn price ehema
     

    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    ත්‍රේඩ් එකට අදාල නිසා විතරක් කියන්නම්. ඉස්සෙල්ලාම ගියේ 90 ගනන්වල වැඩ කරපු මහත්තයා එක්ක ගිය ගමනෙදි. ඒ උන්දා වියදම් කලා. දැන් නම් අතින් වියදම් කරන් යන්නේ. ශ්‍රි ලන්කන්, එමිරේට්ස්, සින්ගපුරු, කොන්ටාස්, එයාර් බැල්ටික්, බ්‍රිටිශ්, එයාර් කැනඩා, ලුෆ්තන්සා, එරොෆ්ලොට් මේවල බිස්නස් ගිහින් තියනවා. ෆස්ට් ක්ලාස් නම් ගිහින් නැ.


    pada show . boru kiyanna epa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රේඩ් එකට අදාල නිසා විතරක් කියන්නම්. ඉස්සෙල්ලාම ගියේ 90 ගනන්වල වැඩ කරපු මහත්තයා එක්ක ගිය ගමනෙදි. ඒ උන්දා වියදම් කලා. දැන් නම් අතින් වියදම් කරන් යන්නේ. ශ්‍රි ලන්කන්, එමිරේට්ස්, සින්ගපුරු, කොන්ටාස්, එයාර් බැල්ටික්, බ්‍රිටිශ්, එයාර් කැනඩා, ලුෆ්තන්සා, එරොෆ්ලොට් මේවල බිස්නස් ගිහින් තියනවා. ෆස්ට් ක්ලාස් නම් ගිහින් නැ.

    Ubalage mahaththayalath ekkada yannw:rofl:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    katunayakin adiya thiya nathi mata mona business class da? :(
    kawada hari yanna set unoth meken thread ekak daala ahanna wenne kohomada oi airport eke nondi nowi wada tika kara ganne kiyala///:baffled:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    40 පැන්න මට මොන ශොද පුතා.. දන්න දෙයක්, අත්දකීමක් කියලා දෙනවා මිසක්..

    mokadda hondama airline eka?
    oya USA wage ewayi ape wage iti kiris kaali naalu neda air hostess lata ?
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙහෙමයි මචන්. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි.

    ඔය පහසුකම් ප්ලේන් එකෙන් ප්ලේන් එකටත්, එයා ලයින් එකෙන් එයා ලයින් එකටත් වෙනස් වෙනවා. පර්සනල් කෙයා කිට් ෆ්ලයි ඩුබායි වගේ බජට් එයා ලයින් වල තියෙන බිස්නස් ක්ලාස් වල ලැබෙන්නේ නැහැ. ටච් ස්ක්‍රීන් එකත් ප්ලේන් එක අනුව තමයි. බෝයි 787 සහ එයා බස් 380 වල තියෙන තිරයට වඩා පොඩි නැත්නම් පරණ ප්ලේන් වල ටච් ස්ක්‍රීන් එක අඩුයි. බිස්නස් ක්ලාස් වලින් එමිරේට්ස්, ඉටිහාඩ්, කැතේ ෆැසිපික් තමා හොදම.

    හොද ලිපියක්. රෙප් දුන්නා.
    :yes::yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    Emirates eke deparak gihin thiyenawa. kama epa wenakan denawa. balena allala kawanne nathi tika witharai wage welawakata. bonne na kiwama unta henama upset wage. aharila innawa nam monawa hari genath denawa. e arunama ithin seating thama. sapata ala wela nindak daganna puluwan. completely diga arinna bari unath almost flat wenna diga araganna puluwan. ithin adaka yanawa wage thama. film collection eke nam wenask dakke na. econo eke ewama thama thibune. screen eka lokui and tab ekak thiyenawa control karanna. wena nam ithin amuthu deyak plane eke na.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ත්‍රේඩ් එකට අදාල නිසා විතරක් කියන්නම්. ඉස්සෙල්ලාම ගියේ 90 ගනන්වල වැඩ කරපු මහත්තයා එක්ක ගිය ගමනෙදි. ඒ උන්දා වියදම් කලා. දැන් නම් අතින් වියදම් කරන් යන්නේ. ශ්‍රි ලන්කන්, එමිරේට්ස්, සින්ගපුරු, කොන්ටාස්, එයාර් බැල්ටික්, බ්‍රිටිශ්, එයාර් කැනඩා, ලුෆ්තන්සා, එරොෆ්ලොට් මේවල බිස්නස් ගිහින් තියනවා. ෆස්ට් ක්ලාස් නම් ගිහින් නැ.

    Business And 1st class kiyanne 2kda?.....:confused:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mokadda hondama airline eka?
    oya USA wage ewayi ape wage iti kiris kaali naalu neda air hostess lata ?
    ඔක්කොම එක එක පැත්තෙන් විශේශයි මචන්.. ශ්‍රී ලන්කන් එකේ කැබින් සීට් කන්ෆිගරේශන් හොදයි අලුත් ෆ්ලයිට්වල. ප්‍රයිවසි තියනවා. එමිරේට්ස් එකේ ලොන්ජ් එකේ කැම බීම හොදයි. උන්ගේ සමහර එයාර්පොට් වල ශොෆර් ඩ්‍රිවන් කාර් එකක් හම්බවෙනවා. මට් සින්ගපුරු, ඩුබායි ඔස්ට්‍රේලියා මේ තුනේදිම බිස්නස් ටිකට් ගත්තම එමිරේට්ස් එකෙන් වාහනයක් එවලා තියනවා හොටලේට යන්නත්, එයාර්පොට් එකට එන්නත්. කොන්ටාස් එකේයි එමිරේට්ස් එකෙයි දෙකෙම ඔන්බොඩ් එන්ටටේන්ට්මන්ට් හොදයි.. සින්ගපුරු එකේ කැම හොදයි.. බ්‍රිටිශ් එයාර් කැනඩා වගේ නම් සාමාන්ය හොදයි. එල කැලි මට සෙට් උනේ ලුෆ්තන්සා එකේයි ඒරොෆ්ලොට් එකෙයි. එරොෆ්ලොට් එකේ කැලිවලට ගහන්න කැලි නැ.. ගොඩක් එයාර්ලයින්වල බිස්නස් පැසෙන්ජර්ලාට එක එයර් හොස්ටස් එකෙන් අසයින්. (කුපාඩි වැඩවලට නෙමෙයි ).
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Business And 1st class kiyanne 2kda?.....:confused:
    ඔව්. සාමන්යෙන් කොච් (එකොනොමි වගේ ඩබල් බිස්නස්, බිස්නස් වගේ ඩබල් ෆස්ට්ක්ලාස්. සමහර් එවා ෆස්ට් සුවීට් තියන එවා තවත් වැඩි.. සින්ගපුරු එයාර්ලයින් එකේ චැන්ගි ඉදන් JFK ෆස්ට් ක්ලාස් සුවීට් එකක් ලක්ශ 20ක් විතර )
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දුර ෆ්ලයි කරනවානම් බිස්නන් ක්ලාස් යනවා. ඒත් අතේ සල්ලි තියනවනම් විතරයි. ඔෆිස් එකෙන් ඉකොනොමි වලට සල්ලි දුන්නම මම අතින් ගානක් දාල ඔෆර් එකක් තිබ්බොත් අප්ග්‍රේඩ් කර ගන්නවා. ශ්‍රී ලන්කන් එකේ බිස්නස් ක්ලාස් කීවට අනෙක් එයාර් ලයින් එක්ක බලපුවම එච්චර ගත යුත්තක් නැහැ.

    එක සැරයක් ඩුබායි ඉඳලා චිකාගෝ ගියා First Class . ඩුබායි එයාපෝර්ට් එකේදී
    එමිරේට්ස් බිස්නස් ක්ලාස් අයට raffle draw එකක් තිබ්බ. ඒකෙන් එකක් මම වින් කළා. එතකොට බිස්නස් ක්ලාස් එක ෆර්ස්ට් ක්ලාස් එකට අප්ග්‍රේඩ් කරා. ෆර්ස්ට් ක්ලාස් නම් දෙයියන්ට වගේ සලකන්නේ.
     
    Last edited: