බිහිසුණු_සතෙක් ඉන්න වනාන්තරයක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බිහිසුණු_සතෙක් ඉන්න වනාන්තරයක්

    බිහිසුණු සතෙක් ඉන්න වනාන්තරයක්

    ජුලියන් බේලිස් ඇමෙරිකන් ජීව විද්‍යාඥයෙකි. ගවේෂකයෙකි. ඔහුට පැවැරී ඇති රාජකාරිය අපූරු එකකි. සිතියම් ගත නොකළ භූමි ප‍්‍රදේශ හඳුනා ගැනීම සහඑම ප‍්‍රදේශවල ජීවත් වන විද්‍යාවට ආගන්තුක ජීවීන් ගැන තොරතුරු සෙවීම ඔහුගේ රාජකාරියයි. තාක්ෂණයේ දියුණුව, සමඟ බේලිස්ට ඔහුගේ කටයුතු කරගෙන යෑමට පහසුවක් වී ඇත. බේලිස් චන්ද්‍රිකා තාක්ෂණයේ පිහිට යොදා ගනී. ඔහු චන්ද්‍රිකා ඡායාරූප සහ දසුන් භාවිතයට ගනී.

    VLfivis.jpg

    දිනක්, ගිණිකොනදිග අපි‍්‍රකාවට ඉහළින් උඩු ගුවනේ සිට ගත් චන්ද්‍රිකා රූප සහ දසුන් පරීක්ෂා කරද්දී, බේලිස් පුදුමයට පත් විය. ඔහුට දකින්න ලැබුණේ ඝන වනාන්තරයකි. වැඩි දුර සොයා බලද්දී, මෙම වනාන්තරය කිසිම සිතියමක සටහන් කර නැතැයි බේලිස්ට වැටහිණි. ‘අපි කලින් දැන සිටියේ නැහැ මෙතැන වනාන්තරයක් තිබෙන බව. චන්ද්‍රිකා දසුන්වලින් තමයි ඒක දැක්කේ. එය හරිම විශාලයි.’ යැයි බේලිස් කියයි. හඳුනා නොගත් නව සත්ව විශේෂ සොයමින් ගවේෂණයේ යෙදන බේලිස්ට මෙය නිධානයක් පහළ වූවා වැනිය. කිසිම ජීව විද්‍යාඥයකු හෝ විද්‍යාඥයකු හෝ අපි‍්‍රකාවේ මොසැම්බික් රාජ්‍යයයේ පිහිටි මෙම වනාන්තරයට පය තබා නොතිබුණි.

    Z0GwIzl.jpg

    එය සැබැවින්ම ලොවෙන් හුදෙකලාවී සැඟවුණු වනාන්තරයකි. මේ වනාන්තරයේ කුමන ආකාරයේ ජීවීන් සිටීදැයි බේලිස් කල්පනා කරන්න විය. ඔහු ගවේෂණ චාරිකාවක් සැලැසුම් කළේය. එය ඉතා අනතුරුදායක එකකි. මේ වනාන්තරය අවට ප‍්‍රදේශවල ගවේෂණයේ යෙදුණු පිරිස් ඔවුන්ගේ අත්දැකීම් ඇසුරින් අපූරු කතාන්දර කියති. ඒ, බිහිසුණු ඉපැරැුණි මෘගයන් ගැනය. වනාන්තරය මලාවි රාජ්‍යයට මායිම්ව පිහිටා ඇත. මලාවි ගෝත‍්‍රික ගැමියන් පවසා ඇත්තේ වනාන්තරයෙන් පැමිණෙන බිහිසුණු සත්වයෙක් තමන් බියට පත් කර ඇති බවය.

    sYOg47D.jpg
    ]​

    මලාවි ගෝති‍්‍රකයන් විස්තර කරන විදියට මේ දැවැන්ත සත්වයා රතු පැහැති කුරුල්ලෙකි. කුරුල්ලකු යැයි කීවත් මේ සත්වයාට පිහිටු නැත. දිග හොට තියුණු දත්වලින් පිරී පවතී. පියාපත් නිර්මාණය වී ඇත්තේ සමින්ය. වවුලකුගේ වැනි පියාපත්ය. ඉංගී‍්‍රසි ජාතික ගවේෂක ෆ්රූන්ක් වෙලින් පවසන්නේ, ගෝති‍්‍රකයන් විස්තර කරන සත්වයා තමාට හඳුනා ගැනීමට හැකිවුණු බවය. ඔහු ප‍්‍රාග් ඓතිහාසික යුගයේ වාසය කළ පියාඹන උරග විශේෂයක් වන ටෙරාඩැක්ටිල් සතුන්ගේ රූප ගම්වැසියන්ට පෙන්වා ඇත. ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, ගුවනේ රජ කළේ ටෙරාඩැක්ටිල් සත්වයන්ය. රූප සටහන් දකිද්දී, ගම්වැසියන් පවසා ඇත්තේ ඔවුන්ගේ ගමට පැමිණ ඔවුන් බියවද්දන්නේ එවැනි සත්වයකු බවය.

    L1i7vK3.jpg

    ගෝති‍්‍රක ගම්වැසියන් මේ බිහිසුණු සත්වයා හඳුන්වා දී ඇත්තේ කොංගාමාටෝ යන නමිනි. කොංගාමාටෝ දකින්න ලැබුණැයි පැවැසෙන අවස්ථා බොහොමයකි. අවසන් වරට 1997 වසරේදී පවා කොංගාමාටෝ දකින්න ලැබුණු බවට වාර්තා පළ විය. ඒත් ප‍්‍රබල සාක්ෂි කිසිවක් ලැබී නැත. වසර මිලියන ගණනක් තිස්සේ ප‍්‍රාග් ඓතිහාසික සත්වයකු මේ සැඟවුණු වනාන්තරයේ ඉතිරි වී සිටිනවා විය හැකිය.

    බේලිස්, තවත් විද්‍යාඥයන් කණ්ඩායමක් ද පිරිවරා ගනිමින් මොසැම්බික් බලා ගොස්, තවත් සැතපුම් 700 ක් උතුරු දෙසට ද ගමන් කළේය. මෙම වැසි වනාන්තරයට පිවිසීමට ඇත්තේ කන්දක් අසලිනි. කාන්දත් වනාන්තරයත් ගෝති‍්‍රක වැසියන් විසින් නම් කරනු ලැබ ඇත්තේ ‘මාබු’ යන නමිනි.

    5reICZK.jpg

    වනාන්තරයට යෑම එය අනතුරුදායක මෙන්ම අවදානම් ගමනකි. හදිසියේ කරදරයක් හෝ ආපදාවක් වුවහොත් උදවුවට කවුරුවත් නැත. එය ලොවෙන් හුදෙකලා වූ පළාතකි. ගවේෂකයන් සෙමින් සෙමින් වනාන්තරය ඇතුළට යද්දී, අනපේක්ෂිත අයුරින් මහ වැසි ඇද හැලෙන්න විය. ‘අපි ඇතුළු වුණේ වැසි වනාන්තරයකට. වැසි වනාන්තර, ‘වැසි වනාන්තර’ යන නමින් හැඳින්වෙන්නේ විශේෂ හේතුවක් ඇතිවයි. දිනපතා වැසි ඇද හැලෙනවා’ යැයි කණ්ඩායමට එක් වුණු ජීව විද්‍යාඥ ජෝනාස් ස්ටෙන්ස්ටෝම් කියයි.

    ලොවෙන් වෙන් වී හුදෙකලා වුණු මේ මහ වනාන්තරයේ පරිණාමයට ලක් වුණු අපූරු මෙන්ම විස්මිත ජීවීන් රැසකි. ඇතැමුන් පිටසක්වළ ජීවීන් වැනිය. මෙතෙක් හඳුනාගෙන නොතිබුණු හංගොල්ලන්, පණුවන්, ගොළුබෙල්ලන්, මකුළුවන් රැුසක් සොයා ගැනීමටත් ඔවුන් ගැන සටහන් තබා ගැනීමටත් බේලිස් ප‍්‍රමුඛ පිරිස සමත් වූහ. ‘මීට පෙර සොයා නොගත් වනාන්තරයකට මුලින්ම පය තබමින්, නව ජීව විශේෂ සොයා ගැනීම කියන්නේ ඇත්තටම අපූරු අත්දැකීමක්’ යැයි බේලිස් සිය අත්දැකීම් විස්තර කරයි. තමන්ට මින් පෙර දකින්න නොලැබුණු, හඳුනා ගැනීමට අපහසු විදියේ ජීවීන් ද බේලිස්ට දකින්න ලැබුණි. දිවා කාලයේ සැරිසරන සලඹයකු ඒ අතරින් කැපී පෙනෙයි. ගවේෂණ කණ්ඩායම තවමත් වනාන්තරයේ ගැඹුරු අඳුරු හදවතට ගොස් නැත. ඔවුන් සෙමින් සෙමින් තව තවත් ඇතුළට යන්න විය.

    JPSjgNt.jpg

    ගවේෂණ කටයුතු සිදු කෙරුණේ චන්ද්‍රිකා ඡායාරූප යොදා ගනිමින් අවට සිතියම් ගත කරමිනි. ඝන යටි රෝපණයට සැතපුම් කිහිපයක් දුරින් හොඳින් එළිපෙහෙළි කළ බිමක් ඇති බව චන්ද්‍රිකා දසුන් හරහා දකින්න ලැබුණි. එතැනට පැමිණ කඳවුරු බැඳගත් පිරිස කුඩා ඩ්‍රෝන යානා යොදා ගනිමින් වනාන්තරය ගවේෂණය කිරීම ආරම්භ කළහ. ඩ්‍රෝන යානය පටිගත කළ දසුන් අනුව, සැඟවුණු මෙම වනාන්තර කෙතරම් විශාලදැයි දකින්න ලැබුණි. දකුණු අපි‍්‍රකාවේ පිහිටි විශාලතම වැසි වනාන්තරය මෙය විය. නිර්භීත පුද්ගලයන් පවා මාබු වනාන්තරයේ ගැඹුරට ගොස් නැති බවත්, ඔවුන් එසේ යෑමට බියක් දක්වන බවත්, ගවේෂණ කණ්ඩායමට එක් වී සිටි කළු ජාතික පෝටරයෝ පැවැසූහ.

    88q3V3u.jpg

    වනාන්තරයට ගියේ දඩයක්කරුවන් සහ යකැදුරන් පමණි. ඔවුන් ද වනාන්තරය මැදට ගොස් නැත. ගම්වැසියන්ගේ විශ්වාසය නම් නපුරු ආත්ම වනාන්තරයේ සැරිසරන බවය. මිනිසුන් මරා ආහාරයට ගන්නා අමුතු මෘගයන් වනාන්තරයේ ජිවත් වෙනවා යැයි ද ගෝති‍්‍රකයෝ විශ්වාස කරති. ඒවා හුදෙක් ජන කතා විය නොහැකි යැයි බේලිස් කියයි. 2002 වසරේදී අපි‍්‍රකාවේ පුවත්පත් මේ පළාතේ සිදුවුණු ම්ලේච්ඡ ඝාතන වාර්තා කළේය. මිනීමස් කෑමට පි‍්‍රය කරන මෘගයකු මලාවි ගම්වැසියන්ට පහර දෙමින් ඔවුන් කීතු කීතු කරනවා යැයි පුවත් පළ විය. පස් හැවිරිදි කුඩා දරුවකු ද ඇතුළුව පුද්ගලයන් හය දෙනෙකු මේ විදියට මරා දමා තිබුණි. බිය නිසා අසල්වැසි ගම්මානවල වැසියෝ 4,000 ක් ගම්බිම් අතහැර පලා ගියහ. ඒ බිහිසුණු මෘගයා අල්ලා ගැනීමට නොහැකි විය.

    ShuJqOw.jpg

    ගවේෂණ කණ්ඩායම පියවරෙන් පියවර වනාන්තරය ඇතුළට යද්දී ගමන අසීරු විය. විස කෘමීන්, සර්පයන්, මකුළුන් දසත දකින්න ලැබුණි. වේගයෙන් ඇදී යා හැකි නව විසඝෝර සර්පයකු බේලිස් විසින් සොයා ගනු ලැබුණි. මේ සර්පයාගේ සිරුරේ රටා මීට පෙර බේලිස් දැක තිබුණේ නැත. බේලිස්ට එය තවත් අලූත් සොයා ගැනීමකි. විද්‍යාවට මෙතෙක් හමු නොවුණු විදියේ දැවැන්ත සතකු ගැන තවමත් බේලිස් ඇතුළු කණ්ඩායමට හෝඩුවාවක් නොලැබුණි. දැවැන්තයකු වනාන්තරයේ සැඟවී සිටිනවා නම් ඌ සොයා ගැනීම කළ යුතුය. බේලිස් සන්වේදක මගින් කි‍්‍රයාත්මක වන කැමරා කිහිපයක් තැනින් තැන ගස්වල රැඳවීය. මොකෙක් හෝ ඒ අසලින් ගමන් කළොත්, ඒ සතා ඡායාරූපයට නැගීම සිදුවෙයි.

    WBXCCeB.jpg

    දීර්ඝ මෙන්ම වෙහෙසකර ගවේෂණයකින් පසු කණ්ඩායම ආපසු යෑමට සැරැසුණේය. කොංගාමාටෝ ගැන හෝ වෙනත් බිහිසුණු මෘගයකු ගැන හෝ හෝඩුවාවක් නොලැබුණත් විද්‍යාවට ආගන්තුක, මෙතෙක් සොයා නොගත් විදියේ අලූත් සත්ව සහ ශාක විශේෂ රැුසක් බේලිස් ඇතුළු ගවේෂණ කණ්ඩායම ලොවට අනාවරණය කර දී තිබුණි. ගූගල් අර්ත් චන්ද්‍රිකා ඡායාරූප ඇසුරින් කළ විශාලතම සොයා ගැනීම එය යැයි බේලිස් පැහැදිලි කරයි. මෙම වැසි වනාන්තරයෙන් සොයා ගත් නව ජීවීන් ගණන 20 කි.

    Zuk2ClI.jpg

    බේලිස් පවසන්නේ එය හුදෙක් ආරම්භයක් පමණක් කියාය. බිහිසුණු මෘගයා සෙවීම අවසන් නැත. වනාන්තරයේ ගස් අතරේ රැඳවූ කැමරාවල දසුන් ලබා ගැනීමට තමන් ආපසු මාලි බලා පැමිණෙන බව බේලිස් පවසා ඇත.

    වොට් ඔන් අර්ත් ඇසුරිනි


    image_d3f29a633a.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මම ඒ සතා දැන් හම්බ වෙයි දැන් හම්බ වෙයි කියලා හිතාගෙන පහළට පහළට කියෝගෙන ආවේ..:sorry:
    කොහෙද සමනල්ලුයි සලඹයොයි විතරයිනේ තාම හොයාගෙන තියෙන්නේ..:dull:

    You must spread some Reputation around before giving it to Deleted again.​
     
    • Like
    Reactions: dinu09

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    අඩේ මම ඒ සතා දැන් හම්බ වෙයි දැන් හම්බ වෙයි කියලා හිතාගෙන පහළට පහළට කියෝගෙන ආවේ..:sorry:
    කොහෙද සමනල්ලුයි සලඹයොයි විතරයිනේ තාම හොයාගෙන තියෙන්නේ..:dull:


    maath ehemi bn.. season 2 eka enkan inaa wewi wage.. :P