නෑ මචන් මම කියන්නෙත් උඹ කියන දේ නෙවෙයි , මම කියන්නෙ චැනල් 4 එකෙන් උතුරට යනකොට ලෝකෙම බලන් ඉදිද්දී , චැනල් 4 එවුන්ව මගදී හරවලා කොළඹට එවන්න තරම් කොන්ද පන තිබුන ආණ්ඩුව , පොද්දල පිටුපස්සේ හිටපු බලයට බයවෙලා අත්අඩංගුවට ගත්තේ නෑ කියලද ?
මම නම් හිතන්නේ පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා හෝ වෙනත් රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.
එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .
අනෙක් තමයි පෝද්දලල මාධ්‍යයට මුවහ වෙලා කරපු කැත ව්‍යාපාරයක් වත් , රට පාවා දීමක්වත් , කොහේ හෝ රටකින් ලැබෙන ඩොලරයට කෑදරව තමන්ගේ පෑන තීරණාත්මක අවස්ථාවක රටට එරෙහිව පාවිච්චි කිරීමක් වත් මට නම් හොයාගන්න බැරිඋනා මචන් , උඹ දන්නා ඔය කියන ජාතියේ පෝද්දල ජයන්ත විසින් ලියන ලද ලිපියක් දාපන්කෝ ඇත්තටම අපිටත් දැනගන්න මචෝ
මම දන්නේ ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් බව හා මාධ්‍ය නිදහස හා ප්රජාතන්ත්රවාදය ගැන සාකච්චාවකදී ගොටාගෙන් ප්‍රසිද්දියේ ගේම ඉල්ලලා , ගෝටා මුට ෂොට් එක දුන්න කියල තමයි.