උඹලට සූදානම් වෙන්න මම කියන්නම් අනාගතයෙ මේ රට සහ ව්‍යාපාර ගැන මගේ පුරෝකථනය. මේක හොදට ඔලුවට ගනිල්ලා.
අනාගත බිස්නස් කීපයයි හරියට දුවන ඒව වෙන්නේ.
1- ඖෂධ - මේක ලෝක මාෆියාවක්. අපිට හැප්පෙන්න බැරි. ඒ නිසා ඒකට අත ගහන්න අපිට බෑ.
2- ක්ලීන් එනර්ජි - බලශක්ති අර්බුදය තමා ඉදිරියේදී එන ලොකුම ප්රශ්නය. විශේෂයෙන් සෝලාර් එනර්ජි ගැන දැණුම එකතුකර ගනිල්ලා ඒ පැත්තට සම්බන්ධකම් තියන උන්.
2- ග්‍රීන් ෆුඩ් - මේක තමා මගේ ප්‍රයිම් ටාගර්ට් එක. මේක ට ඕන කරන මිනිස්සු දැනටත් මම එකතු කරනවා. වෙට් සර්ජන්ලා, කෘෂිකර්ම උපාධිධාරීන් ආදීන්, උන්ට සහ පවුල් වල අයට නොමිලේ ප්‍රතිකාර කරලා මම උන්ව දිනා ගනිමින් ඉන්නවා දැනටත්. දැනටත් මට උපදෙස් සහ දැණුම ගන්න සෙට් එකක් ඉන්නවා. මේක උඹල සෙට් වුනොත් මම සමහර උන්ව යවයි පොළෙන්නරුවේ-වී වගාවට, සමහර උන් ඇඹිළිපිටියේ-පළතුරු වගාවට, සමහර උන් නැගෙනහිර මුහුදේ-මාලු අල්ලන්න නව තාක්ෂණයෙන්, සමහර උන් නුවරඑළියට- ග්‍රීන් වෙජි වගාවන් වලට, සමහර උන් අවිස්සාවේල්ල වගේ පැති වලට-ලයිව් ස්ටොක් ෆාර්මින්ග් වලට. වස විස නැති එළවළු, පළතුරු, මස් මාංශ වර්ග නිෂ්පාදනය කරලා, ඒව එන්ඩ් ප්‍රඩක්ට්ස් විදියට එන ග්‍රීන් ෆුඩ් & රෙස්ටුරන්ට් චේන් එකක් තමා මගේ ප්‍රයිම් ටාගර්ට් එක. ඔව් හීනෙ විසාලයි. නමුත් සිද්ධාර්ථ ගෞතම බුදුවුණා නම්, ඊට පහලින් තියන අනිත් ඒවා ටොයිස් වැඩ කියන එක තේරුම් ගනිල්ලා.
උඹල ඕවට අවශ්‍ය දැනුමෙන් සන්නද්ධ වෙයල්ලා දැන්ම ම. මේක තමා මම දකින පැත්ත අනාගතයට.
අපිට එකතුවෙලා ගේම ගහන්න බැරි වෙන්නේ නෑ.