බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රණසිංහ ප්‍රේමදාස යුගයේ රාත්‍රියත් දහවලත් නිලධාරීන් කාට කාටත් බොහෝම දිගය. කොයි වේලේ කාට ප්‍රේමදාස මැතිතුමා කතා කරාවි දැයි දන්නේ නැත. එතුමා ඇමතුමක් ගන්නේ කාටවත් සුබ පතන්නට, තමන්ගේ ජොලිය හෝ විවේකය බෙදා ගන්නට නොවේ.


    පොදු මහජනයාගේ වැඩක්ම වෙනුවෙනි.


    කෝ අහවල් පාර හැදුවද? මම කිවුව තැන ලයිට් ටික දැන් වැඩද?


    වශයෙන් නිලධාරීන්ගෙන් අසයි. ඒ අහන්නේ කෙළින්ම ලොක්කාගෙනි. ඔහු ඒවාට කෙළින් උත්තරයක් දෙන්නට කටයුතු කළ යුතුය.


    සර් මම අහල කියන්නද? වැනි උත්තරයක් ආවොත් ප්‍රේමදාස මැතිතුමාගෙන් බැනුම් වැස්සකි.


    මේ පිළිබඳව ප්‍රේමදාස මහතා ළඟින් සිටි කීප දෙනෙක් අපූරුවට විස්තර දනී. දීර්ඝ කලක් සුචරිත කාර්යාලයේ වැඩ කළ, ප්‍රේමදාස මහතා ළඟ සිටිද්දි එතුමාට එන ලියුම් සියල්ල කැඩූ, විවිධ නිලධාරීන්ට දෙන දුරකතන ඇමතුම් එතුමාට සම්බන්ධ කළ සුචරිතේ අබේරත්න මහතා අදත් ඔබ හමුවෙයි.


    මහත්තයෝ ප්‍රේමදාස මහත්තයා කියන්නේ හරි පිළිවෙළට වැඩ කරපු රාජ්‍ය නායකයෙක්. එතුමාට එන හැම ලියුමක්ම කියවනවා. දවසේ වැඩ ඉවර වෙලා එදා දවසේ ආපු සියලුම ලියුම් ටික අපි කඩ කඩා දෙන්න ඕනෑ. සමහරදාට රෑ එකත් පහුවෙලා. ඒත් මමයි, තව මොහිදින් කියලා කෙනෙක් හිටියා. අපි දෙන්නා ඇහැරිලා ඉඳන් ලියුම් කඩ කඩා දෙන්න ඕනෑ. එතුමාට ලියුම් 100 ක් ද දුන්නෙ. ඒ සේරම බලනවා. ඒවාට කළ යුතු විසඳුමක් දෙනවා.


    ඔය එක එක ආයතනවලින් එතුමාට එවන ලියුම් තියනවනෙ. ඒ ලිපි එවලා තියෙන්නේ අදාළ ආයතනයේ ප්‍රධානීන් විසින්. ප්‍රේමදාස මහත්තයා අකුරක් නෑර ඒ ලිපි බලනවා. ඒ ලියුමක අකුරක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් වැරදි නම් මහ රාත්‍රිය කියල නෑ.


    අබේ.... ගන්න අහවල් කෙනාට කියනවා. ඉතින් ටෙලිෆෝන් එකට ඒ අය සම්බන්ධ කරන්න ඕනෑ. බලනවා. මට එවපු අසවල් ලියුම. ඒක කියෙවුවද? ඒකෙ අකුරු කීයක් වරද්දලද තමුන් මේවා බැලුවද? ඒ ලියුම් හදල මට එවන්න ඕනෑ.


    වශයෙන් දෝෂාරෝපණ රැසක් එල්ල වෙයි. එසේ දොසක් අහන කවුරුවත් ආයෙත් ලියුමක් ලියන්නේ කිසිම වරදක් නොවෙන විදිහටය. හත් අට වතාවක් හෝ කියවා තැනකට හරියට ලියුමක් යැවීමට ප්‍රේමදාස මහතා නිලධාරින්ට පුහුණු කළේය.

    අද නිලධාරීන් නොව ඇමතිවරුන් පවා නිකුත් කරන ඇතැම් ලිපි වල භාෂා, ව්‍යාකරණ අක්ෂර දෝෂ කෙළවරක් නැත. ඒවා දකින විට අපට හිතෙන්නේ අදත් ප්‍රේමදාස ජනාධිපතිතුමා හිටියානම්.... කියා පමණි. එසේ වූවා නම් වැඩ කරන්නත් ලියුම් ලියන්නත් දෙකම එතුමා උගන්වනවා නියතය. දවසක් රෑ මොකක් හෝ වැඩකට ටවර් හෝල් එකේ ලොක්කට කෝල් එකක් ගන්න කියල මට කිවුවා. එතුමාගේ ඇමතුම ගියේ ගෙදරට......... ප්‍රේමදාස මහත්තයා ඇහුවා අසවලා කෝ කියලා.


    සර් එයා ඩිනර් එකකට ගිහින්. ඒකට ටිකක් ප්‍රේමදාස මහත්තයාට කේන්ති ගියා. බලනවා, මේ මිනිස්සුන්ට වැඩ නැතුවද? ගෙදර උයන දෙයක් කාල ඉන්න බැරුවද පාටි ගිහින් ජහ ජරාව කාල වේලාවත් කාලා එනවා. වැඩකට සම්බන්ධ කර ගන්න බෑ. වශයෙන් තවත් නිලධාරීන් පිරිසක් සමග පසුවදා ප්‍රේමදාස මහත්තයා චෝදනා කළේය.


    අබේරත්න මහතා මතකයට නඟයි.


    ප්‍රේමදාස මහත්තයා මන්ත්‍රී වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් පාන්දර 4.00 වෙද්දි නැගිටිනවා. රෑ එක පහුවෙලා නිදා ගත්තත් 4.00 ට ඇහැරිලා. එතුමා 4.00 අවදිවෙන නිසා අපි 3.30 වත් නැගිටලා ලෑස්ති වෙලා ඉන්න ඕනෑ. නැගිටලා දවසෙ පත්තර ටික බලනවා. ඒකෙ පාරක් කැඩිල තියනවද? කුණු ගොඩක්ද වතුර පයිප්ප වැඩ කරන්නේ නැද්ද, මහජනයාට බලපාන ප්‍රශ්නයක් නම් ඒ පුවත් සේරම ඒ වෙලාවෙම ෆොටෝ කොපි ගහලා අසවලාට අසවලාට දැන්ම යවන්න කියනවා. ඒ වැඬේට වෙනම මෝටර් බයිසිකල් රයිඩර්ස්ලා දෙන්නෙක් හිටියා. ඒ අය පාන්දරම ෆොටෝ කොපි අරන් නිලධාරීන්ගේ ගෙවල් වලට ගිහින් දෙන්න ඕනෑ.


    මෙවැනි දේවල් අද දේශපාලනය තුළ තියේද? අද තියනවා නම් රට කොතැනද? වැනි ප්‍රශ්න ගොඩක් මේ ලියන අපටද මතුවේ. කොහොම වුණත් ඒ යුගය හා ක්‍රමවේද ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසු අපේ රාජ්‍ය නායකයන්ගෙන් අතුරුදහන් වී ඇත්ද?


    කසළ ගොඩට උත්තර නැති කළ එය කසළ කන්දක් වීම නැවතිය නොහැක. පිච්චුණ ලයිට් එක ගණන් නොගත් විට ලයිට් වැලක් පිච්චී යාම නැවතිය නොහැක. පාලකයන් ඇස නොහරින කළ රට අභ්‍යන්තරයේ සිදුවෙන්නේ මේ දේය. පාලකයන් නොසොයන විට නිලධාරීන් බුදියා ගැනීමද වැළකිය නොහැක. නිලධාරින්ගේ නොදැනුවත් කමද වැළකිය නොහැක.


    මහත්තයෝ සුචරිතයේ ප්‍රේමදාස මහත්තයා වන්දනා මාන කරන වෙනම බුදු මැදුරක්ද තිබුණා. ඒ බුදු මැදුරේ නායක ස්වමීන් වහන්සේලා විසින් එතුමාට ලබා දීපු සර්වඥ ධාතූන් වහන්සේලා පවා වැඩ සිටියා.


    ප්‍රේමදාස මහත්තයා බුදුමැදුරේ පහන් දල්වන්න හදද්දී දවසක් මට කතා කළා.


    අබේ.... මීට පස්සේ පාන පත්තු කරන්න හදද්දි මෙන්න මේ විදිහට ගිනිකූරු තුනක් පෙට්ටියෙන් එළියට ඇඳලා තියනවා. එහෙම කියන්නේ මොකද දන්නවද?


    දැන් බලනවා මට ගිනිකූරක් ගන්න පෙට්ටිය අරින්නත් වේලාවක් යනවා. බලනවා තත්පර කීයක් යනවද? නිකරුණේ වේලාව යන්න ඕනැ නෑනෙ. කූරු තුනක් ගන්න වුණොත් තුන් වතාවක් පෙට්ටිය අරින්න ඕනෑ. ඒ නිසා මේ විදිහට කරනවා.


    එතුමා දීපු උපදේශනය හා ආදර්ශය තුළ කොයිතරම් කාල කළමනාකරණයක් ප්‍රේමදාස ජනාධිපතිතුමා සතුවීද යන්න සහසුද්දයෙන් තේරුම් ගැනීමට හැකිය. ගිනිකූරක් ගන්නට වැයවන තත්පරයද දුප්පත් මිනිස්සු වෙනුවෙන් දෙන්නට තරම් එතුමා ගුණවන්ත වූහ.
    දවසක් ඉස්කෝලෙ ළමයින්ට පාසල් නිල ඇඳුම් දෙන්න සාකච්ඡාවක් සුචරිතේ කැඳවල තිබුණා. ඒකට රජයේ නිලධාරීන් ව්‍යාපාරිකයන් ගොඩක් සහභාගි වුණා.


    කෝ බලන්න මොනවද සාම්පල්. ප්‍රේමදාස මහත්තයා විසින්ම ගෙනා සාම්පල් වෙන වෙනම පරීක්ෂා කළා.


    කෝ මේ සේරම ලෝකල් බඩුනෙ. එහෙම නෙමෙයි. හොඳ රෙදි දෙන්න ඕනෑ. අර මම අඳින නිල් ඉර තියන සුදු රෙද්ද නැද්ද? එතුමා ඇහුවා.


    නිලධාරීන් කිවුවා. ඒ රෙදි වර්ගය තියනවා. ගාණ වැඩියි කියලා. එතකොට ප්‍රේමදාස මහත්තයා අහනවා ඒකට කමක් නෑ මම සල්ලි වෙන් කරන්නම්. ළමයින්ට ඇඳුම් මහන්න බාල රෙදි දෙන්න එපා. හොඳ රෙදි දෙන්න කටයුතු කරන්න කියලා මහත්තයො මෑත යුගයෙත් මෙහෙම දේවල් වෙනවද?


    අබේරත්න මගෙන් ඇසූ ප්‍රශ්නය ඇත්තකි. දැන් දුප්පතා දුප්පතාගේ දරුවා හොම්බෙන් ගියත් ටෙන්ඩරේ කොන්ත්‍රාත්තුවේ ලාභය වැඩි නම් ඒ ගැන කිසිම නිලධාරියකුට, පාලකයකුට වගක් නැත. රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් ශ්‍රේෂ්ඨ වන්නේ තමන්ගේ ගොඩින් දුප්පතාගේ ගොඩට යමක් දාන්නට තුන් හිතෙන්ම හීන මැවූව නිසාය.


    තව දෙයක් මහත්තයො... ප්‍රේමදාස මහත්තයාට දුප්පත් ළමයි වෙනුවෙන් කරන්න තිබුණු තව හීනයක් තමයි. සපත්තු ලබා දීම. එතුමා සපත්තු සාම්පල් එහෙමත් පරික්ෂා කරල තිබුණ වෙලාවකයි හදිස්සියේම ඝාතනයට ලක්වුණේ.

    ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයින්ට දහවල් කාලයේදී බනිස් ගෙඩියක් ලබාදීමේ වැඩපිළිවෙළ නැවත ආරම්භ කළා. මෙය ඊට පෙර තිබිලා පසුව නැවතී ගිය වැඩසටහනක්. ප්‍රේමදාස මහත්තයා පාසල් ළමයි වෙනුවෙන් හැමවිටම බැලුවෙ හොඳම දේ ලබා දෙන්න. නිල ඇඳුම් බැලුවත් සපත්තු බැලුවත් එහෙමයි.


    දවසක් උදේ 6.20 ට විතර එතුමා මට කතා කළා.


    අබේ... දුව ඉස්කෝලෙ ගියාද? ඉස්කෝලෙ යන්න ඇඳගෙන ඉන්නවා නම් පොඞ්ඩක් එක්ක එන්න කිවුවා.


    එතකොට අපි නැවතිලා හිටියේ සුචරිතය කිට්ටුව. මම දුවව පාසල් ඇඳුමින් සුචරිතේට එක්ක ආවා. ඊට පස්සේ දුව කෑම මේසයෙන් වාඩි වෙන්න කියලා මේසෙ උඩ බ්‍රවුන් පේපර් උරයක දාලා තිබුණු බනිස් ගෙඩි දෙකක් ප්‍රේමදාස මහත්තය අතට ගත්තා.
    එකක් දුව අතට දීලා මේක කන්න කිව්වා.


    දුව ඒක කන්න ගත්තෙ ගෙඩියම කටට ළං කරලා.


    නෑ. නෑ. ඔහොම කන්න එපා. බනිස් ගෙඩිය අතින් කෑල්ල කෑල්ල පුංචියට කඩල කන්න. එතකොට බනිස් ගෙඩියෙ ගුල්ලෙක් හරි කළුපාට මොනවා හරි තියනවා නම් පේනවා කියලා දුවට ඉගැන්නුවා.


    එදා ප්‍රේමදාස මහත්තයා සුචරිතයට ගෙනැත් තිබුණෙ කොළඹ පාසල් වලට බනිස් බෙදන බේකරියක බනිස් ගෙඩි දෙකක්. ඒ බනිස් වල යම් විදිහකට කළුපාට පුංචි දෙයක් හෝ තිබුණා නම් මොනවා වෙයිද?


    ළමයාට කන්න දෙන බනිස් ගෙඩිය ගැන දෙමවුපියන්ට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට වඩා ප්‍රේමදාස මහත්තයා හොයලා බැලුවා කියලා මම හිතනවා. ළමයාට දෙන බනිස් ගෙඩිය රසද, කියලත් ඇහුවා. මීට පෙර ගුල්ලො කළුපාට පැල්ලම් තියනවා දැක්කද ඇහුවා.


    එහෙම තමන් දෙන දේ ගැන හොයන, නැවත නැවත සොයා බලන අය දුර්ලභයි. ආරම්භය ගැන විතරක් නෙවෙයි. ආරම්භ කළ දේ පවත්වාගෙන යන හැටි, ප්‍රමිතිය මේ හැමදේම අස්සක් මුල්ලක් නෑරම හොයපු නිසා ප්‍රේමදාස මහත්තයාගේ වැඩ සාර්ථකයි. වැරදුනේ නෑ. අඩුපාඩු කියන්න බෑ. නිලධාරින් නිදි නෑ. නිලධාරින් ජොලි දැම්මේ නෑ. නිලධාරීන් ගසා කෑවේ නෑ. නායකයා ඉන්න ඕනෑ එහෙමයි.


    ප්‍රේමදාස මහත්තයාට අවශ්‍ය වුණා ඇඟළුම් හල් 200 ක් හදලා ඉවර කරලා ඊට පස්සේ විවිධ පළාත්වල ඉස්පිරිතාල 200 ක් හදන්න. එතුමාට ඇඟළුම්හල් 160 ක් පමණ වගේ ප්‍රමාණයයි හදන්න හැකි වුණේ. ඒත් අදටත් මේ රටේ රැකියා වියුක්තිය වහලා දාල තියනවා. ප්‍රේමදාස මහත්තයා ඉස්පිරිතාල 200 හැදුවානම් අද මේ රට කොහිද? ඒක ඉන්පසු ආපු කිසිම පාලකයෙක්ට කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයාට ඕනෑ වුණේ ලෙඞ්ඩු ප්‍රධාන රෝහල් දෙක තුනට ගේන එක වෙනුවට තව රෝහල් 200 ක් රට පුරා ප්‍රධාන අංග සම්පූර්ණ රෝහල් කරන්න. එහෙම කළා නම් එක ලෙඩෙක් හරි මැරෙන එක නතර වෙනවා. මේවා විප්ලව මහත්තයො?


    ඒ විප්ලව යුගය ප්‍රේමදාස මහතාගෙන් අවසන්ද? ඒ පරිවර්තනය අතට ගන්නේ කවුද? මේ කියවන අය නැවත විමසනු ඒකාන්තය.

    :( :( :(

    "මා දුටු ප්‍රේමදාස“ පොත මට හොයලා දෙන්න පුලුවන් කාටද?​
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෑත දේශපාලන ඉතිහාසයේ ඔහු තරම් කතා බහට ලක් වූ තවත් දේශපාලනඥයෙක් නොවූ තරම්ය.

    ඔහු තරම් ගැරහුමට, අවමානයට, විවේචනයට ලක් වූ තවත් කෙනෙක් නැතිවා සේය.

    ඒ වගේම පොඩි මිනිසුන් අතර ඔහු තරම් ප්‍රශංසාවට ලක් වූ කෙනෙක් නැති තරම් ය.

    ඔහුට එරෙහිව එල්ල වූ ගල් ඔහු මල්කර ගත්තේය. මේ මිනිසා විවේචනය ඉදිරියේ මහා මේරුවක්සේ නොසැලී සිටියේය.

    ඔහු යමක් කීවොත් එය ඒ සැටියෙන්ම කළ යුතුය. එහි හරි වැරැද්ද කෙනෙකු විසින් විභාග නොකළ යුතුය.

    සුහද වූ විට ඔහු පූස් පැටවකු මෙන් ලෙන්ගතුය. කිපුන විට නයෙකු මෙනි.

    වැඩ කරන්නට උපන් මේ මිනිසා අතින් සිදු වූ ඇතැම් අඩු ලුහුඬුකම් ඔහුගේ පෞද්ගලික මෙන්ම දේශපාලන දිවියටද අණවින කළේය.

    සිටිය හැකි පහළම තැන සිට පාලන ක්ෂේත්‍රයේ ඉහළම තැනට ගිය මොහු හිටපු ජනපති ආර්. ප්‍රේමදාසය.

    වරක් කතා කළ, නැවත හමු වූ කෙනෙකු ඔහුට කිසිදාක අමතක නොවේ. විශේෂයෙන්ම පත්තරකාරයන් ගැන ඔහුගේ මතකය අතිමහත්ය.

    ඔහු ඇසුරු කළ කෙනෙකු ඔහුට අමතක වූවොත් එය ලෝකයේ තවත් පුදුමයක් වනු ඇත.

    77-78 ගමනාගමන සේවය මහත් පිරිහීමකට ලක්ව තිබූ අවධියකි.

    පුවත්පත් ලංගම සේවයේ දුර්වලකම්වලට පහර පිට පහර දුන්නේය.

    මේ දිනවල පළවූ “රිවිරැස” පුවත්පත ලංගම ලොක්කන් නිර්දය විවේචනයට ලක් කෙළේය.

    එවකට දවසේ වැඩ කළ එච්. ඩබ්ලිව්. අබේපාල රාජකාරි අවසන්කර පිටකොටුව හරහා යන විට බස් නැතිව මිනිසුන් පෝලිම්වල තෙරපෙන අයුරු දුටුවේය. ලංගම කූඩුවල සිටි නිලධාරීන්, වගේ වගක් නැතිව සිටිනු දුටු අබේපාල තමාගේ කැමරාව ගෙන පිංතූර කීපයක් ගත්තේය.

    ලංගමටත්, ලංගම භාර ඇමතිවරයාටත් සම්බන්ධ ගෝල බාලයෝ මෙය දුටහ.

    “පත්තරකාරයෙක් වගේ” කියූ ඇම්බැට්ටයෝ අබේපාලව අල්ලාගෙන තරමක් සැලකූ®හ.

    එයින් නොනැවතුන ඔවුන් අබේපාලවත්, ඔහුගේ කැමරාවත් ළඟම ඇති පොලිස් පෝස්ට් එකට භාර දුන්නේය.

    අබේපාලව මුදා හළ පොලිසිය ඔහුගේ කැමරාව ඇර එහි තිබූ සේයාපටය ගත්තේය.

    එවකට “දවස” කතුවරයාව සිටියේ එස්. එල්. ගුණසේකර මහතාය.

    වහාම කාර්යාලයට පැමිණි අබේපාල, ගුණසේකර මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    ගුණසේකර මහතාට මල පැන්නේය.

    “යකෝ මේක ආණ්ඩුවේ පත්තරයක් නොවේ. පත්තර තියෙන්නේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න” කියූ ගුණසේකර අබේපාල සමගම පොලිස් පෝස්ට් එකට ගොස් පොලිස් නිලධාරියාට නීතිය උගැන්වූයේය.

    “ගන්නව මෙහාට කැමරාවේ තිබිච්ච රෝල” කියූ ගුණසේකර සේයාපටය කාර්යාලයට ගෙනවිත් පසුදින පත්තරයේ පොල්ගෙඩි අකුරෙන් මේ සිද්ධිය පළ කළේය.

    මේ වන විට ප්‍රේමදාස මහතා පත්තරකාරයන් ගැන හොඳ අධ්‍යයනයක් කර තිබිණි.

    පසුදින පත්තරය බලා ප්‍රේමදාස කලබලයට පත් විය. “මේක ලෙඩක්” යැයි කිවූ පේ‍්‍රමදාස “දවස” කන්තෝරුවට දුරකථනයෙන් ඇමතීය.

    ඇමතුම ගත්තේ ගුණපාල රණසිංහයි.

    ‘’අබේපාල මහත්තයට කතා කරන්න පුළුවන්ද “ ප්‍රේමදාස ඇසීය.

    කතා කරන්නේ කවුදැයි ගුණාපල කට හඬින් හැඳින නොගත්තේය. ගුණපාල විහිළුවකට මෙන්” මේ කතා කරන්නේ අබේපාල තමයි” යනුවෙන් කීය.

    “ඔය අබේපාල නෙමේ...ගුණපාල නේද “ ප්‍රේමදාස ගත්කටටම ඇසුවේය.

    තමා ඇසුරු කළ අය පිළිබඳව ප්‍රේමදාස මහතාට ඇත්තේ ඔය වගේ පුදුම ඉවකි.

    දැන් සිටින සමහර දේශපාලනඥයන් නම කීවත් නොදන්නා බව හඟවයි.

    පේ‍්‍රමදාස කියන්නේ එවැන්නෙක් නොවේ.

    ප්‍රේමදාසගේ වචනවලින්ම කීවොත් ඔහු තෙම්පරාදු වූ රාජ්‍ය නායකයෙකි. වැඩ කිරීම වගේම සට කපට කම්වලදීත් ඔහු ඉන්නේ නොම්මර එකේය.

    ප්‍රේමදාස හරියට ම කාල සටහනකට අනුව වැඩ කළ දේශපාලඥයෙකි.

    ඔහුගේ ජීවිතයේ හැම තත්ත්පරයක්ම දින පොත හා සබැඳේ.

    ඔහු යමෙකුට හමුවෙන්නට වෙලාවක් වෙන් කළේ නම් හරියටම තත්පරයට ඔහු හමුවෙයි. නමුත් වේලාවක් නොබලා ඔහුව හමුවන්නට බැරිය.

    පේ‍්‍රමදාස “සුචරිත”යේ ඉන්නා දවසක ඔහු හොඳින් දන්නා හඳුනන නායක හාමුදුරුනමක් ප්‍රේමදාස හමුවීමට පැමිණියහ.

    “මට අගමැතිතුමා හම්බවෙන්න ඕන” නායක හාමුදුරුවන් සුචරිතයේ පහළ සිටි ආරක්ෂකයකුට දැන්වූහ.

    “ඔබ වහන්සේ ඇපොයිමන්ට් එකක් ගත්තද ? කෝ ලියුම ?” හාමුදුරුවන්ගේ ඉල්ලීම ඇසූ ආරක්ෂකයා පිළිවිසීය.

    “මොන ලියුම්ද ? අසුවල් නායක හාමුදුරුවෝ කියලා අගමැතිතුමාට කියනවා” නායක හාමුදුරුවෝ හයියෙන් කුඩ මිට පොළවේ ඇන තරමක් උස් හඬින් ආරක්ෂකයාට කීහ.

    ඔහු තරප්පු පෙළ දිගේ උඩට ගියේ ය. මේ වගක් අගමැතිතුමාට කියන්නට ඔහු නොගියේය. මේවා කියන්නට ගොස් හොඳට ලුණු ඇඹුල් ඇතිව අසාගන්නට සිදුවන බව ඔහු නොදන්නවා නොවේ.

    ගිය එකා නාවේය.

    බොහෝ වේලා බලා සිටි නායක හාමුදුරුවෝ “මං ඇවිල්ල ඉන්නවා කියලා අගමැතිතුමාට කියනවා’’ කියා දකින දකින එකාට කීහ.

    මේ කාලේ නිතරම පාහේ සුචරිතයේ සිටින ටී. එම්. සංඝදාසටත් කීහ.

    නායක හාමුදුරුවන්ගේ පණිවිඩ රැගෙන කිසිවෙක් අගමැති වෙත නොගියහ.

    දැන් පැය දෙක තුනක් ගත වෙලා හමාරය. නායක හාමුදුරුවොත් යන පාටක් නැත. කුඩ මිට ඇන ඇන හාමුදුරුවෝ සුචරිතය මිදුලේ සක්මන් කරති.

    ප්‍රේමදාස ගේ කාල සටහන අනුව දැන් ඔහු සුචරිතයේ උඩුමහලින් බැසිය යුතුය. වෙනත් රාජකාරියකට පේ‍්‍රමදාස පිටත්වන වේලාව හරිය.

    කාර් එක දොරකොඩට ගෙනාවේය.

    තරප්පු පෙළ බැස එන ප්‍රේමදාස ඉදිරියට නායක හාමුදුරුවෝ ගමන් කළහ.

    “අනේ ! අපේ නායක හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ තකහනියේ මොකෝ ?” නායක හාමුදුරුවෝ දුටු සැනින් පේ‍්‍රමදාස එසේ කියමින් දොහොත් නඟා වැඳ නමස්කාර කරමින් ඉදිරියට ආවේය.

    “මම බොහොම සුනංගු වුණා. පණිවිඩ කීපයක්ම කිව්ව“ නායක හාමුදුරුවෝ පැමිණිල්ල ඉදිරිපත් කළහ.

    “ඇයි මට නොකිව්වේ ?” කියමින් ප්‍රේමදාස කේන්තියෙන් මෙන් වට පිට බැලීය. වේලාව ලබාගත නොහැකි කිසිවෙක් එවන්න එපා යැයි නියෝග කර ඇති ප්‍රේමදාස හාමුදුරුවන් ඉදිරියේ කියූ දෙයින් ආරක්ෂකයන් පමණක් නොව සංඝදාස ද උඩ ගියේය.

    නායක හාමුදුරුවන් ප්‍රේමදාසට ලිපියක් දුන්නේය.

    “අපේ හාමුදුරුවන්ට නොකරන දෙයක් තියෙනවද මං” ප්‍රේමදාස සංඝදාසව ළඟට කැඳවූයේය.

    “සංඝදාස ඇන්. එච්. ඩී. එකට එක ලියුමක් ගහනවා. අනික ගුණතිලකට ගහනවා. ප්‍රසන්න ගුණවර්ධනටත් ලියුමක් ගහනවා. දැන්මම ලියුම් හතරක් ගහල ගේනව අස්සන් කරන්න” කියූ ප්‍රේමදාස ඒවා සකස් කිරීමෙන් පසුව අස්සන් කළේය.

    “දැන් වාහනයක් ගෙන්නල හාමුදුරුවන්ව පිටත් කරන්න ඕන ඒ ඒ තැන්වලට. හෙට හවස 4.00 වෙනකොට හාමුදුරුවන්ගේ වැඩේ කෙරෙන්න ඕන” කියූ ඔහු හාමුදුරුවන් වෙත හැරී,

    “දැන් වඩින්න, හෙට සවස 4.00 ට පෙර වැඩේ නොකෙරුණොත් මට කතා කරන්න” යැයි කීය.

    හාමුදුරුවෝ පසුදා දහවල් 2.30 වන විට කතා කර වැඩේ හරි ගිය බව කීහ.

    ප්‍රේමදාසට පසුදින බෝධි පූජාවක්ද තියන බව කියූ නායක හාමුදුරුවෝ “අගමැතිතුමා ඔබතුමාගේ කටුකන බල්ලො තමයි සැර’’ යැයි කීහ.

    ප්‍රේමදාසගේ හැටි එහෙමය. ලකුණු ගන්න අවස්ථාව ආ විට ඔහු ඕනම කෙනෙක් යටකර ගෙන විත් උපරිම ලකුණු ටික ගන්නේය.

    හැම දෙයක් කෙරේම පේ‍්‍රමදාස තුළ පෙර සූදානමක් තිබිණි.

    වෛද්‍ය විශේෂඥයන්ගේ සමුළුවට ගිය විට ඔහු මොළේ ස්නායු ගැන දේශනයක් කරන්නේය. ඉංජිනේරු සංවිධානයට ගිය විට ඔහු පාලම් ගැන කතා කරන්නේය. ග්‍රහලෝකාගාරය වෙත ගිය විට ඔහු අභ්‍යාවකාශය ගැන කියයි.

    ප්‍රේමදාසගේ හැටි එසේය.

    ඔහු අගමැතිවරයාව සිටි අවධියේදී ගම්උදා වැඩසටහනක් සඳහා පස්සර ප්‍රදේශයේ සංචාරය කළේය.

    එම සංචාරයට සහභාගී වූ මාධ්‍යවේදීන් අතර මා ද “දවස” නියෝජනය කළේය. ඔහ පස්සර උදාගම් සංකල්පය ගැන කළින් දින සවස පැයක දේශනයක් කළේය. විස්තර ප්‍රචාරය කළේ හඩ්සන් සමරසිංහ විසිනි.

    පත්තරකාරයෝ සියලුම දෙනාම හැන්දෑවේ ඔහු කළ කතාව සටහන් කරගෙන ඔවුන්ට නවාතැන් සැපයූ ලුණුගල පිහිටි නිකේතනයට ගියහ.

    ප්‍රේමදාස කියන්නේ පත්තරකාරයන්ට හොඳ හැටි සැලකූ මිනිසෙකි.

    අපි හොඳීන් භෝජනයෙන් සන්තර්පනය වී හොඳ හැටි නිදා ගත්තෙමු. පසුදා උදේ 7.00 ට තවත් වැඩ සටහනකි.

    පසුදා උදේ හය වූයේ නැත.

    පේ‍්‍රමදාසගේ ආරක්ෂකයෙක් හැම කාමරයකම දොරට තට්ටු කරන්න පටන් ගත්තේය.

    “උදේට අගමැතිතුමා එක්ක බ්‍රෙක්ෆස්ට් එක ගන්න ලුණුගල වතු සුපිරින්ටෙන්ඩන්ට්ගෙ ගෙදරට එන්න කීවා.”

    මහ කඳු වළල්ලක් නැග අපි සියල්ලෝම එහි ළඟා වූවෙමු. වතු සුපිරින්ටෙන්ඩන්ට් එවක ඩේලි මිරර් පත්‍රයේ මහා පුවත්පත් කලාවේදියෙකුගේ පුතෙකි.

    අපි උදේ ආහාර මේසයට වාඩිවීමු. ප්‍රේමදාස අගමැතිවරයා මේස කොනේ ඇති පුටුවේ වාඩි වී සිටියේය.

    හැඳි ගෑරුප්පු රන්වන් පාටය.

    එය හයවන ජෝර්ජ් රජ්ජුරුවන්ගේ භෝජන සංග්‍රහය මෙන් විය.

    තිබූ කෑම වර්ග මට මතක නැත්තේ මා ගැමියෙක් නිසාය.

    ඒවායේ ඉංගී‍්‍රසි නම් මා දන්නේ නැත.

    නුපුරුදු මම අනිත් අය කරන අනුසාය බලමින් කෑම බෙදා ගත්තෙමි.

    “ඔබතුමා” ප්‍රේමදාස මහතා හැම පත්තරකරුවෙක් ගැනම කරුණු අසයි.

    මා සිටියේ මැදය.

    “ඔහේ ?”

    “මම දවස...ඉහළගම”.

    “බොහොම හොඳයි...බොහොම හොඳයි”.

    “ඊයේ සවස මම කතා කළා.”

    “ඔව් සර්” අපේ පත්තර මිතුªරෙක් කීය.

    “මම ග්‍රාමරාජ්‍ය සංකල්පයක් ගැන කතා කළා. ඒක ඉන්ට්‍රෝ එකට හොඳයි නේද ?”

    අපි උඩ බිම බැලුවෙමු.

    මේ මිනිසා පත්තරයට කතාවක් ලියන විට ඉන්ට්‍රෝ එක ගැනත් දනියි.

    “හොඳයි සර්”

    “එහෙනම් ඒක ඉහළට ගන්න” පේ‍්‍රමදාසගේ ග්‍රාමරාජ්‍ය සංකල්පය රටපුරා පතල වූයේ එසේය.

    මා මෙය ලියන්නට උත්සාහ කළේ ඔහුගේ ප්‍රායෝගික දැනුම ගැන කීමටය.

    ප්‍රේමදාසගේ නුගුණ බොහෝ කියන්නට පුළුවන. එසේම ගුණද බොහෝය.

    තව එක් කතාවකින් මම මේ පුදුම මිනිසාගේ චරිතය ලිවීම නවතමි.

    පේ‍්‍රමදාසගේ උදාගම් වැඩසටහනක් පුත්තලමේ විය.

    පත්තරකාරයෝ බුරුත්තම එහි ගියහ.

    රාත්‍රියේ සියලු වැඩ අවසන් කර අපි මුහුද අයිනේ පිහිටි හලාවත තානායම වෙත නැවතීම සඳහා පැමිණියෙමු.

    අගමැතිගේ ප්‍රවෘත්ති නිලධාරි ඇන්තනී ප්‍රනාන්දු විසින් පැවැත් වූ විනෝද සමයෙන් පසුව අපි නින්දට ගියෙමු.

    වෙලාව මට මතක නැත. මා නිදා සිටි කාමරයේ දොරට මහ හයියෙන් ගසන හඬ ඇසී පිබිදුනෙමි.

    “ඉහළෙ දොර අරින්න” ඇන්තනීගේ කට හඬින් මා අවදි විය.

    “ඇයි”

    “අගමැතිතුªමා කතා කරනවා” (එදින අගමැති ද නැවතී සිටීයේ එම තානායමේය)

    ඇන්තනි මාව කැඳවාගෙන අගමැතිගේ කාමරයට ගියේය. පේ‍්‍රමදාස මහතා පුටුවේ වාඩි වී සිටියේය. මා දුටු ගමන් නැගී සිටි අගමැතිවරයා

    “ඕව ඔහොම තමයි” කීවේය.

    මම අන්දමන්ද වීමි.

    “ජීවිතය කියන්නේ ඔහොම තමයි. අම්ම අසනීපයෙන්ද හිටියේ.”

    එසේ කියන විට මම සියල්ල අවබෝධ කර ගතිමි.

    මගේ ආදරණීය මව මා නැති අල්ලපනල්ලේ මියගොස් ඇත.

    මා නැති නිසා ගෙදරින් “දවස” කාර්යාලයට පණිවිඩය දී තිබේ.

    කාර්යාලය මහ රෑ මාව සොයා හලාවත තානායමට දුරකථන පණිවිඩය දී ඇති අතර එය ලැබී ඇත්තේ අගමැති වෙතය.

    “කලබල වෙන්න එපා... වාහනයක් ලෑස්තිකරලා තියනවා ගෙදර යන්න. ඔය ඇන්තනිත් එක්ක කතා කරල යන්න. අඩුපාඩුවක් තිබුණොත් මට කියන්න”

    මා වාහනයට නගින විට ඇත්නනි මට ලියුම් කවරයක් දුන්නේය. එය අගමැතිවරයා පෞද්ගලිකව දුන් මුදලකි.

    එදා හැටියට එය ලොකු මුදලකි.

    අද පාලකයෝ එසේ කරත්ද ? ප්‍රේමදාස යනු එවැනි චරිතයකි. ඔහුගේ දේශපාලනය අපට ආගන්තුකය. එහෙත් මිනිසත්කම වටනේය.

    1970 මහා පරාජයෙන් පසුව එජාපයට පාර්ලිමේන්තුව කාන්තාරයක් විය.

    එවක රජයේ සිටි මන්ත්‍රීවරියක් ප්‍රේමදාසට දිගට හරහට ගැසුවේය.

    “ඔබතුමාගේ අම්මා “රා” විකුණපු ගෑණියක් ලැවරිය තැම්බුවා” යැයි කීවාය.

    17 දෙනෙක් සිටි එජාපයේ ප්‍රේමදාස නැගිට්ටාය.

    “මන්ත්‍රීතුමිය මගේ අම්මා රා වික්කද ලැවරිය තැම්බුවද කියල මම හරියට දන්නේ නෑ. ඒවා සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් මගේ අම්මා ශරීරය නොවිකුණපු එක නම් ස්ථිරයැ”යි කීවේය.

    අර මන්ත්‍රීවරිය කිසි කතාවක් නැතිව හිඳ ගත්තාය.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරා.....
    උඹ හොද ප්‍රේමදාසවාදියෙක් කියල මම දන්නවා. ඒ නිසා ප්‍රේමදාස කරපු හොද වැඩ ගැන කියන එක ගැන මගේ පුදුමයක් නෑ.
    නමුත්.....
    ප්‍රේමදාස කියන්නේ මේ රට වලපල්ලට ඇදල දාපු රාජ්‍ය නායකයෙක් කියන එකත්, ඔහු ගේ රාජ්‍ය කාලය අන්ත දූෂිත සහ අන්ත මර්දනකාරී එකක් බවත් අමතක කරන්න එපා.
    උඹට එතුම ගේ හොද මතකයි වගේ ම මටත් එතුම ගේ හොද මතකයි. නමුත් ඊට වැඩියි ඒ කාලේ තිබුණු රාජ්‍ය මර්දනය සහ භීෂණය!
     
    • Like
    Reactions: Ashan052

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    1970 මහා පරාජයෙන් පසුව එජාපයට පාර්ලිමේන්තුව කාන්තාරයක් විය.

    එවක රජයේ සිටි මන්ත්‍රීවරියක් ප්‍රේමදාසට දිගට හරහට ගැසුවේය.

    “ඔබතුමාගේ අම්මා “රා” විකුණපු ගෑණියක් ලැවරිය තැම්බුවා” යැයි කීවාය.

    17 දෙනෙක් සිටි එජාපයේ ප්‍රේමදාස නැගිට්ටාය.

    “මන්ත්‍රීතුමිය මගේ අම්මා රා වික්කද ලැවරිය තැම්බුවද කියල මම හරියට දන්නේ නෑ. ඒවා සමහර විට ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් මගේ අම්මා ශරීරය නොවිකුණපු එක නම් ස්ථිරයැ”යි කීවේය.

    අර මන්ත්‍රීවරිය කිසි කතාවක් නැතිව හිඳ ගත්තාය.

    ජිවිතේ එකපාරයි කතා කරන්න ලැබිල තියෙන්නෙ. එතුමා 1991 අවුරුද්දෙ අපේ ඉස්කෝලෙට ආවා. මට පංතියෙ පලවෙනිය වෙච්චි නිසා එතුමා අතින් සහතිකයක් හම්බ උනා. ඒක දෙන ගමන් එතුමා මගෙන් ඇහුවා"පුතා ලොකූනාම කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ? " කියල.මට වචනත් පැටලුනාද කොහෙද. මම කිව්ව දිස්තර කෙනෙක් වෙන්න කියල. හැබැයි ඒ අදහස පස්සෙ වෙනස් උනා. එතුමා සම්බන්දයෙන් තව රස කතා ගොඩක් දන්නව. පස්සෙ කොටන්නම්.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පෙරා.....
    උඹ හොද ප්‍රේමදාසවාදියෙක් කියල මම දන්නවා. ඒ නිසා ප්‍රේමදාස කරපු හොද වැඩ ගැන කියන එක ගැන මගේ පුදුමයක් නෑ.
    නමුත්.....
    ප්‍රේමදාස කියන්නේ මේ රට වලපල්ලට ඇදල දාපු රාජ්‍ය නායකයෙක් කියන එකත්, ඔහු ගේ රාජ්‍ය කාලය අන්ත දූෂිත සහ අන්ත මර්දනකාරී එකක් බවත් අමතක කරන්න එපා.
    උඹට එතුම ගේ හොද මතකයි වගේ ම මටත් එතුම ගේ හොද මතකයි. නමුත් ඊට වැඩියි ඒ කාලේ තිබුණු රාජ්‍ය මර්දනය සහ භීෂණය!

    :baffled:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    haffa ada bada lanthayat adara bedala awa. mala karadare samahara genunta dunna aduma aran yanne nethuwa avith wena size illanawa. mun hithanne api redi kadayak dala wage kiyalada.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පෙරා.....
    උඹ හොද ප්‍රේමදාසවාදියෙක් කියල මම දන්නවා. ඒ නිසා ප්‍රේමදාස කරපු හොද වැඩ ගැන කියන එක ගැන මගේ පුදුමයක් නෑ.
    නමුත්.....
    ප්‍රේමදාස කියන්නේ මේ රට වලපල්ලට ඇදල දාපු රාජ්‍ය නායකයෙක් කියන එකත්, ඔහු ගේ රාජ්‍ය කාලය අන්ත දූෂිත සහ අන්ත මර්දනකාරී එකක් බවත් අමතක කරන්න එපා.
    උඹට එතුම ගේ හොද මතකයි වගේ ම මටත් එතුම ගේ හොද මතකයි. නමුත් ඊට වැඩියි ඒ කාලේ තිබුණු රාජ්‍ය මර්දනය සහ භීෂණය!
    හැබැයි ඒ කාලේ පොඩි මිනිස්සුන්ට වැඩක් කෙරුණා
    මිනිස්සු වෙනුවෙන් හිතල තීරණ ගත්තා
    නිලධාරීන්ට පිස්සු කෙලින්න ඉඩ දුන්නද නැහැ
    අඩු පාඩු තිබ්බා වෙන්න පුළුවන් හැබැයි
    අදටත් ප්‍රේමදාස කිව්වම ගමට වැඩක් කරපු හාදයා කියලා කියනවා මිනිස්සු
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හැබැයි ඒ කාලේ පොඩි මිනිස්සුන්ට වැඩක් කෙරුණා
    මිනිස්සු වෙනුවෙන් හිතල තීරණ ගත්තා
    නිලධාරීන්ට පිස්සු කෙලින්න ඉඩ දුන්නද නැහැ
    අඩු පාඩු තිබ්බා වෙන්න පුළුවන් හැබැයි
    අදටත් ප්‍රේමදාස කිව්වම ගමට වැඩක් කරපු හාදයා කියලා කියනවා මිනිස්සු
    Ape thaththath kiwwa ban achchith kiwwa. Habai ee dennama nidahas paksheta vote karapu aya.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    haffa ada bada lanthayat adara bedala awa. mala karadare samahara genunta dunna aduma aran yanne nethuwa avith wena size illanawa. mun hithanne api redi kadayak dala wage kiyalada.

    :angry::angry: මේ උඹ වැරදිලාවත් අපේ ගැන කිව්වේ නෑ නේ..... නැත්නම් හෙට මෙහේ එයි එක්ස්චේන්ජ් කරගන්න.....!! :yes::rofl::P
     
    • Like
    Reactions: Ashan052

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ape thaththath kiwwa ban achchith kiwwa. Habai ee dennama nidahas paksheta vote karapu aya.
    nidahas pakshe hoda minissu innawa machan
    hebei e minissunwa peththakata wisi karala wena un thamai nidahas pakshe allagena hitiye
    nidahas pakshe minissunta e gena dukak hithena eka upset ekak newei
    mahinda mahaththayatath yudden passe me rata aththatama wenas karala diyunu karanna awasthawa thibba e unata 70% une wena wena dewal ne samahara welawata wigadam ne kale anith ewun pissu keliddi eya balan hitiya misak ewa neweththuwe ne ne hariyata weda karanam thamath rate nayakaya thamai kawuruth eka piligannawa machan:yes:
    :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා.....
    උඹ හොද ප්‍රේමදාසවාදියෙක් කියල මම දන්නවා. ඒ නිසා ප්‍රේමදාස කරපු හොද වැඩ ගැන කියන එක ගැන මගේ පුදුමයක් නෑ.
    නමුත්.....
    ප්‍රේමදාස කියන්නේ මේ රට වලපල්ලට ඇදල දාපු රාජ්‍ය නායකයෙක් කියන එකත්, ඔහු ගේ රාජ්‍ය කාලය අන්ත දූෂිත සහ අන්ත මර්දනකාරී එකක් බවත් අමතක කරන්න එපා.
    උඹට එතුම ගේ හොද මතකයි වගේ ම මටත් එතුම ගේ හොද මතකයි. නමුත් ඊට වැඩියි ඒ කාලේ තිබුණු රාජ්‍ය මර්දනය සහ භීෂණය!

    :)
    අහලා තියෙනවා අයියේ.. අපි කථා කරමු.. අයියන්ඩිට හොඳ අත්දැකීම් සහ මතකයක් ඇති..
    මට අර පොත හොයා ගන්න විදියක් තියෙනවද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජිවිතේ එකපාරයි කතා කරන්න ලැබිල තියෙන්නෙ. එතුමා 1991 අවුරුද්දෙ අපේ ඉස්කෝලෙට ආවා. මට පංතියෙ පලවෙනිය වෙච්චි නිසා එතුමා අතින් සහතිකයක් හම්බ උනා. ඒක දෙන ගමන් එතුමා මගෙන් ඇහුවා"පුතා ලොකූනාම කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නෙ? " කියල.මට වචනත් පැටලුනාද කොහෙද. මම කිව්ව දිස්තර කෙනෙක් වෙන්න කියල. හැබැයි ඒ අදහස පස්සෙ වෙනස් උනා. එතුමා සම්බන්දයෙන් තව රස කතා ගොඩක් දන්නව. පස්සෙ කොටන්නම්.

    මෝරයියේ... කොටාපංකෝ අයියේ ඉතින්.... ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි ඒ කාලේ පොඩි මිනිස්සුන්ට වැඩක් කෙරුණා
    මිනිස්සු වෙනුවෙන් හිතල තීරණ ගත්තා
    නිලධාරීන්ට පිස්සු කෙලින්න ඉඩ දුන්නද නැහැ
    අඩු පාඩු තිබ්බා වෙන්න පුළුවන් හැබැයි
    අදටත් ප්‍රේමදාස කිව්වම ගමට වැඩක් කරපු හාදයා කියලා කියනවා මිනිස්සු

    :yes: