පේරාදෙණියට සෙට් වෙන්න පිං කරල තියෙන්න ඕන බං......

ඒ ක්ලයිමට් එක, ඒ ලස්සන වෙන කොහෙද තියෙන්නේ?
අපේ ෆැකල්ටි එකේ හිටපු පින්වත් ඇදුරුතුමන්ලත් ආයෙ නෑ සුපිරි ඉස්කාගාර.
සෙනසුරාදා ෆැකල්ටි හොස්පිට්ල් වැඩ වරුවයි. ඉවර වෙලා අපේ මහාචාර්ය අනුරාධ වෙත්තසිංහ ඇදුරුතුමා එහෙම බැරි වෙලාවත් හම්බ වුනොත් අහන්නේ එකම ප්රශ්නයයි.
“ මචං උඹ ගෙදර යනව ද?“ සර් අතිශය හිතවත් ශිෂ්‍යයන්ට කතා කරන්නේ මචං කියලා.
“ නෑ සර්“ මම ගෙදර නොගිහින් ඉන්න කප් ගහපු එකෙක්. (හේතුව දන්නෝ දනිති)
“එහෙනං වරෙංකෝ හවස ගෙවල් පැත්තේ“
අනේ ඉතිං නුවර අනිවත්තෙ තියන සර් ගෙ ගෙදරට හවස් අතේ ගියා ම හොදට සප්පායං වෙලා, කාලා එහෙම එන්නේ.
සමහර දවස්වල මායි සර්රුයි ඩීන් ගේ ඔෆිස් එකෙට එහා පැත්තේ කාමරේ ඉදන් සිගරට් ගහනවා. දුං එකයි කාමරෙන්!

අනිත් එක්කෙනා මංජුල ආටිගල සර්. සීනියර් මැක්සිලෝ-ෆේශියල් සර්ජන්. කරටි ඇඹරෙන් සර්ජරි එකකට සෙට් වුනොත් සර් එක්ක, අනිවා චේන්ජින් රූම් එකේදි අහන්නේ හවසට වැඩ තියනව ද කියල. ඒ කියන්නේ හවසට ගෙදර වර කියන එක. ඒකට නං අනිවා යනවා. මොකද සර් දෙකක් දාල තමා අර කරපු සර්ජරි එකේ සර්ජිකල් ඉන්ඩිකේෂන්, පෝස්ට් ඔපරේටිව් මැනේජ්මන්ට්, එන්න තියන කම්ප්ලිකේෂන් අරව මේව ඔක්කොම විෂයානුබද්ධ දේවල් කියන්න ගන්නේ. දෙකක් දාල ඉන්න වෙලාවට කියන දේ බඩේ බත් වගේ මතක හිටිනවා.
පේරා හිටපු අවුරු5කුත් මාස 2 හරියට ජීවිතේ සොදුරු හීනයක් වගේ මචංලා.....

මතක් වෙද්දිත් ඇස් වලට කදුළු එනවා.
දැන් මේ එළියට ඇවිත් අපි මොන ඇන්නෑවක් ද කරන්නේ කියල හිතෙනවා අම්මපා!