මරුටි, ඇල්ටෝ වගේ කාර් තමයි පාරේ වැඩිපුර තියෙන්නේ. සාමාන්‍ය කොලිටියේ ඒවා වගේම කොල්ලයි / බල්ලයි හැම එකාම ලෙලි යනකන් පැදපුවත් තියනවා සෑහෙන්න. ඇත්තම කිව්වොත් සුපිරි ඇල්ටෝ එකක්, සුපිරි මරුටියක් කියල එකක් නෑ. ඒත් ඉතින් අතේ තියන ගානට, එක එකාගේ වාසනාවට හා කරුමෙට ගොඩක් එවුන්ට ගන්න වෙන්නේ මේවා තමයි. ගන්නත් ලොකු අමාරුවක් නෑ. පොඩි පොඩි සරල ක්‍රම ටිකකින් එකක් ගන්න පුළුවන්. අඩුම තරමේ ලදරමක් හරි ගන්න පුළුවන් ටිකක් පස්සෙන් ගිහින්.
ඒත් BMW, Audi නිතර දෙවේලේ පාරේ ඇත්තෙ නෑ, ගොඩක් වෙලාවට ෂපාන් එකේ පාක් කරලා තියෙන්නේ. හැම එකාටම පදින්න හම්බ වෙන්නෙත් නෑ. මරුටි / ඇල්ටෝ ගන්න ක්‍රම වලට මේවා ගන්නත් බෑ. පදින්නත් බෑ. FB එකෙන් මරුටියක් / ඇල්ටෝ එකක් ගන්න පුළුවන් උනාට BMW, Audi ගන්න නම් හිතන්න වත් එපා. ඒක අමාරු වැඩක් නෙමෙයි. වෙන්නේ නැති වැඩක්.