මිහිඳු හාමුදුරුවො ලංකාවට ඇවිල්ල 'කජ්ජනීය සුත්‍ර දේශණාව' කියන වැදගත් බුද්ධ දේශණාවත් ලංකාවෙ උන්දලට කියල දීල තියනව. ඒ දේශණාවෙදි බුදුහාමුදුරුවෝ, "රූපය විසින් උඹව කාල දැම්මා!! වේදනාව විසින් උඹව කාල දැම්මා!! සංඥා විසින් උඹව කාල දැම්මා!! සංස්ඛාර විසින් උඹව කාල දැම්මා!! විඥාණ විසින් උඹව කාල දැම්මා!!" කිය කියා, "උඹ ඔය 'රූප - වේදනා - සංඥා - සංස්ඛාර - විඥාණ' කියන ටික.. නැත්නම් 'පංච උපාදානස්කන්ධය'.. උඹගෙයි කියල බදාගත්ත නිසා... උඹ සංසාර පැවැත්මෙන් උඹට උරුමවෙච්ච උඹට අදාළ නැති අතීත මතකයන් උඹගෙයි කියල මුළාවෙච්ච නිසා... උඹට සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න බැරිවුණා!! උඹට මහා දුක් කන්දරාවක් විඳින්න උනා!!" කියලා, මේ මහා භයානක සංසාර කතන්දරේට බලපෑව හේතුව පැහැදිළිව දේශණා කරල තියනවා!!! !!! !!! ඒකෙදිත් උන්වහන්සේ ඒ කියල තියෙන්නෙ, "ඉක්මනට ඒ මුළාවෙච්ච මුළාවෙන් මිදියන්!! ඉක්මනට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙයන්!! ඒ දේවල් කිය කිය.. කර කර.. ඒ දේවල් වලට මුහුණදිදී.. උඹම සංසාරෙ ආවයි කියල උඹ රැවටිලා ඉන්න රැවටිල්ලෙන් මිදියන්!! උඹ සංසාරෙ ආව - යන එකෙක් නෙවෙයි බව තේරුම් ගනින්!! උඹ සංකතයක්.. උඹ තාවකාලිකව හැදිච්ච සත්වයෙක්.. බව තේරුම්ගනින්!!" කියන එකමයි!!! !!! !!!
මතකනේ, කලිසම අඳින්න කලින් ජංගිය / ජොකා ඇඳල ඉන්න ඕනෙ බව?? නැත්නම් උඹල මොන මගුලක් කර කර හිටියත්.. මොනවා හිතාගෙන හිටියත්.. 'බොග දාල flush කළා වගේ'ම ගහගෙන යනවයි කියන බව?? මොකද, උඹ සංසාරෙ ආව එකෙක් නෙවෙයි කියල දැනගන්න එක.. සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන එක.. සෝවාන් / සෝතාපන්න වෙන එක.. තමයි, උඹට සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න තියන පළවෙනි පියවර!!! !!! !!!
ඒත් අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, ඒ බුදුහාමුදුරුවෝ කියාපු ඇත්ත කතාව එහෙම්පිටින්ම වෙනස් කරලා... කණපිට ගහලා... "පංච උපාදානස්කන්ධය උඹගෙම තමයි!! ඒ තියන දේවල් සේරම කිය කිය.. කර කර.. සංසාරෙ ආවේ උඹම තමයි!! උඹ ඒක කීයටවත් අතහරින්න එපා!! උඹ ඒකත් බදාගෙන, 'මට නිවන් යන්න ඕනේ.. මට සංසාර දුකින් නිදහස් වෙන්න ඕනේ..' ගගා හයියෙන් සද්දෙ දදා, දිගටම සංසාරෙ පලයන්!! සදහටම පලයන්!!" කියලා, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබිච්ච එක චතුරාර්ය සත්‍ය වන්දනා කිරිල්ලක් කරලා 'අලුත් දහමක්' හැදුවා!!! !!! !!! ඉතින් දැන් පෝය දවස් කියන්නෙ, ගොං බෞද්ධයෝ අම්බානට ගොංකම් කරන.. ගොං සංඝයෝ අම්බානට බොරු දෙස දෙසා සසර වසනා තුරු සතර අපායේ ලගින්න කටයුතු සම්පාදනය කරගන්න.. හරිම 'අසිරිමත් දවස්' බවට පත්වෙලා!!! !!! !!! සන්තෝසෙ බෑ!!! !!! !!!
ඊළඟ post එකත් සැහෙන දුරට ඉවරයි. ඒත් ඇත්ත තිත්තයි බව දන්නවා නේ?? වැඩේ ඉස්සරහට යන්න යන්න ගොං සංඝයන්ගෙ / ගොං බෞද්ධයන්ගෙ බෙලි මිරිකනවා වගේ හන්දා, ඒක finalise කරල අද / පොසොන් එකට දාන්න හිතුනෙ නෑ. තව ටික දවසකින් බලමු.