බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    කාමේසුමිච්ඡාචාරා හෙවත්
    වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම



    අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌Cඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.


    මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්Cධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''


    ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
    1. මාතු රක්‌තා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    2. පිතූ රක්‌තා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    3. මාතා පිතූ රක්‌තා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    4. භාතු රක්‌තා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    5. භගිනි රක්‌තා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    6. C¹ති රක්‌තා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
    7. ගොත්තරක්‌තා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
    8. ධම්ම රක්‌තා - ධර්මය රකින්නී.
    9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
    10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.


    දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
    1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
    2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
    3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
    4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
    5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
    6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
    7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
    8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
    9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
    10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.


    ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
    කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්


    1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
    2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
    3. සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ
    4. සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති


    කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුqරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.


    ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.


    කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
    ''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
    විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
    සංවත්තනිකො හොති''

    මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.
    ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
    කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්

    අසු කොට ගත නොතබති ආදර ය
    වද කොට මැරුවත් නැත එ විචාර ය
    ලගු කොට නොසිතමි පව් පරදාර ය
    නිරයට ඇදගෙන යන එම පා රය

    මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,
    ''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.
    සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.
    "තෘප්තිර්නාස්‌තිJධනෛරග්නෙර්
    නාම්භසා ලවණාම්භසඃ
    නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
    තස්‌මාත් කාමාන තෘප්තයේ"

    ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.


    අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි "කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ
    "ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ "ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.
    එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අෙන්‍යාන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රොaණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රොaණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගපෛdහෙයන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.


    මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ "කාමෙසුමිච්ඡාචාරා" යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු " යන බහුවචන රූපය නිසා මෙය "කාමයන්හි" යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.
    ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය "කාමෙසු" වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ"
    කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
    එහි තේරුම - කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද ෙච්තනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.


    "සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්ෙච්ච ඛො පන පරස්‌ස දාරෙසු
    චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ
    අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.


    යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.
    එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?
    ********
    රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ
    හෑගොඩ විපස්‌සී හිමි

    http://www.elakiri.com/forum/showthread.php?t=1675037
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    රාගය

    බුදුරජාණන් වහන්සේ වැඩ සිටීන කාලයේ එක් රහතන්වහන්සේ නමක් සිංහනාදයක් කරනවා මම බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බොහෝම වීර්යයෙන් භාවනා කලා ,
    එදා රාත්රි යේ මම වැඩසිටියේ අමු සොහොනක ,මගේ ඉදිරියේ තිබුණේ සවස අමුසොහොනට ගෙනත් දාපු තරුණියකගේ මළසිරුරක් ,
    මම එම තරුණියගේ මළසිරුර අරමුණුකොට භාවනා කලා . තුච්ච සිත, අවිචාරවත් සිත ,අස්වාභාවික සිත ,එම තරුණියගේ මළසිරුර තුලිනුත් ,මගේ සිතේ රාගය ඇවිස්සුවා. රාගයෙන් මගේ සිත ඔද්දල් උනා.
    මට තව දුරටත් එතන රැදෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ මම එතැනින් ඉවතට වැඩියා.කාමයේ තුච්චභාවය ,කාමයේ අස්වභාවිකභාවය අරමුණුකොට භාවනා කලා, මම කාමය දමනය කලා මම කාමය මුලිනුපුටා දැම්ම කියලා ,එම රහතන්වහන්සේ උතුම් ධර්මාවබෝධයෙන් පසුව සිංහනාදයක් කරනවා .

    පිංවත් ඔබ තුල රාග සිතක් ඇති වෙන සැම මොහොතකම ,එම රාග සිතට අරමුණු වෙන ස්ත්රිු හෝ පුරුෂ රුපය ,ඉදිමී ,විකුර්තිවිගිය ,කුණුවි ඕජාව ගලන,පණුවන් ගැවසිගත් මළකුණක්සේ දකින්න.
    ඒ කුණුවෙන මළසිරුර තුලින් අට්ඨික සංඥාව මතුකොටගන්න ඒ කියන්නේ ඇටසැකිල්ලක් කොට දකින්න. රාග සිත හමුවේ ඉහත කමටහන නැවත නැවත සිහිකරන්න.
    පුහුණුව දිගින් දිගටම කරගෙන යන්න .රාග සිතක් සකස්වෙන මොහොතේම ඊට අරමුණු වෙන රුපය ,පණුවන් නලියන ඉදිමි කුණුවියන රුපයක් හැටියට දකින්න.
    ඉහත කමටහනටත් ,රාග සිත දමනය නොවේනම් ,රාගයේ ඇති අස්වභාවික භාවය,කිලිටිභාවය, අපවිත්ර භාවය නිරතුරුව නුවනින් දකින්න පුහුණුවෙන්න. එවිට රාග සිත දමනය වේවි.

    රාගය අන්ධය, ශිලාචාරකම,කිර්තිය, තනතුර, වැදගත්කම, අන්ධරාගය නොහදුනයි.
    දෑස් පෙනෙන පිංවත් ඔබ,අන්ධයා දෙන කනවැල අල්ලාගන්නේ නැතිව, අන්ධයාට අට්ඨික සංඥාව නැමති කණවැලම ඇල්ලීමට දක්ෂවෙන්න.

    මෙය සටහන් තබන භික්ෂුව, රාගය හොදින් අවබෝධකොට ගත්තෙකි. රාගය යනු පස්සය තෘෂ්ණාවෙන් තෙත්කිරීම නිසා හටගන්නා රස්තියාදුකාර සිතුවිල්ලක්‌ පමණක්මය.
    පස්සය අනිත්යන වශයෙන් දකින මොහොතේ ,තෘෂ්ණාවටත්,රාගයටත් ,පැවත්මක් නැතිවී යනු ඇත.

    රාගය බියගුළුය , එහෙත් වේගවත්ය,සගවාගෙනම , සැඟවී සිටිමින්ම ක්රිනයාත්මකවීමට මානබලන්නෙකි.
    සැගවෙන රාග සිත විවෘත කොට ගන්න. එවිට එහි වැදගැම්මකට ඇති කිසිවක් හමු නොවනු ඇත.

    රාගය ඔබ සුන්දර මවා පාන්නෙකි. ඔබ මනසෙහි ඉදිකොටදුන් සිහින මාලිගාවල කොතෙක් අපි ජීවත්වෙන්න ඇතිද.
    දෙතිස් කුණුපයන්ගෙන් යුත් රපයත්,කොතෙක් රිද්ම ලාලිත්යප, මෝස්‌තර රටා , දමා මනසට අහර කොට දෙන්නට ඇතිද.
    අකුසලයේ රාත්රීතන් කොතෙක්නම් අපේ අතීත සංස්කාර ගොන්නට එකතු කොට දෙන්නට ඇතිද.
    යම් දවසක යමෙක් රාගය අවබෝධ කොට ගන්නේනම් ඔහු රාගය අවබෝධකොට ගන්නේ, රාගයේ තුච්ච භාවයේ අද්දැකීම් තුලින්මය.

    දවස ගෙවී ගිහින්
    රැහැයියන්ගේ හඬින් රාත්රි ය පිබිදෙනවා
    සිව්පාවුන්, ලේ මස් සුවඳ ඉව කරමින්
    කැලේ ගොදුරු සොයනවා
    රාත්රිොය ප්රාවේශමෙන්
    සමාධියක් නොවැඩුණු සිතකට
    රාගය පහසු ගොදුරක් වෙනවා

    ආහාර සොයාගෙන අයාලයේ යන සිත
    වේවැලක් අරගෙන නවත්වන්නට බැහැ
    නිවුණු ධර්මයක් ළඟ ඔබත් නැවතුනොතින්
    සිතත් ඔබ ළඟ නවතීවි

    මාළිගාවක නැති සැපය රැඳුන මේ පොඩි කුටිය
    නිවුණු සිතුවිල්ලක උරුමය මෝදු කොට දෙන ධර්මයක්මය

    කාත් කවුරුවත් නැති ජීවිතය, අනුන්ගේ සිව්පසයෙන් යැපෙන ජීවිතය
    කාගෙවත් සෙනෙහසක් නොපතන ජීවිතය
    භික්ෂුත්වයයි, ලෝකයේ උතුම්ම ජීවිතය"

    අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි


    http://www.elakiri.com/forum/showthread.php?t=1689372
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අටමහා නරකය

    අපි නිරය ගැන ඇත්තටම හරි විදිහට දැනගත්තේ අප සරණ ගිය ඒ භාග්යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් . පුංචි කාලේ අපාය අපාය කියලා අහල තිබ්බ්ට කවුද හිතුවේ මේව ඇත්ත කියලා.. ඇත්තටම මට නම් මේ අපාය ගැන දශමෙකවත් බයක් තිබ්බේ නැහැ පොඩි කාලේ. ඒත් මේ විස්තර අහන්න ලැබුනම තේරුම් ගියා මේ යන සංසාරෙනම් එච්චර යන්න සුදුසු එක්ක නෙවෙයි කියලා. බුදුරජාණන් වහන්සේ පවා අසුරු සනක් ගසන තරම් කාලයක්වත් මේ භවය වර්ණනා කළේ නැහැනේ.

    ඒ සම්බුදුරජුන්ට මේ ලොව.. පරලොව... දෙව්ලොව.. බඹලොව.. ආදී කිසිම තැනක තියා මේ දස දහසක් වූ ලෝක ධාතුවේ හෝ මේ මුලු මහත් විශ්වයේ හෝ කිසිදු රහසක් නැහැ. උන්වහන්සේ මේ සියල්ල අවබෝධ කළා. ඒ නිසයි උන්වහන්සේට "ලෝකවිදූ" කියලා කියන්නේ.

    උන්වහන්සේ තමා විසින්ම අවබෝධ කර ගත් ඒ තොරතුරු ශ්රාවකයන්ට දේශනා කළා. ඒ දේශනාවන් තමයි අද අපිට අසන්නට ලැබෙන්නේ. ඇත්තටම මේක දුර්ලභ කාරණයක් නේද?

    "භික්ඛවේ, අප්පමාදේන සම්පාදේථ, දුල්ලභො බුද්ධුප්පාදො ලෝකස්මිං, දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ, දුල්ලභා ඛණසම්පත්ති, දුල්ලභා පබ්බජ්ජා, දුල්ලභං සද්ධම්මසවණං"

    පින්වත් මිතුරනේ.. මෙය බුදුරජාණන් වහන්සේ දිනපතාම භික්ෂුන් වහන්සේලාට කළ අනුශාසනයක්.

    "පින්වත් මහණෙනි, අප්රමාදයෙන් යුක්ත වන්න. ලෝකයේ බුද්ධොත්පාදය දුර්ලභයි. මිනිසත් බව ලැබීම දුර්ලභයි. ක්ෂණ සම්පත්තිය දුර්ලභයි. පැවිදි බව දුර්ලභයි. සද්ධර්ම ශ්රවණය දුර්ලභයි."

    මේ දුර්ලභ කාරණා අපට ලැබී තිබෙනවා නේද? අපට ඒ සිරිසදහම් අසන්නට ලඅබුන නිසා තමයි මේ නිරය ,තිරිසන්,ප්රේත,අසුර ඒ වගේම දෙව්ලොව ගැන පවා තොරතුරු අපි දන්නේ.. ඉතින් ඒ අප සරණගිය ගෞතම නම් වූ භාග්යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් විශ්මිත අවබෝධයන් යුතුව දේශණා කළ , නිරයන් පිළිබද විස්තරයක් මේ ලිපියෙන් මම කියන්නයි සූදානම්.

    පින්වත් මිතුරනේ..

    තම තමන් කළා වූ කර්මවලට අනුව උපදින භව තුනක් ගැන භාග්යවතුන් වහන්සේ වදාළා. ඒ තමයි,

    කාම භවය
    රූප භවය
    අරූප භවය.

    මෙහි කාම භවයට,

    සතර අපාය
    මිනිස් ලොව
    දිව්යලෝක හය , ඇතුළත් වෙනවා.

    සතර අපාය කියන්නේ,

    නිරය
    තිරිසන්ප්රේත
    අසුර ලොක වලට යි.

    මේවා කරුණු විදිහට ලියන්නේ ඔයාලට පහසුවෙන් තේරුම් ගැනීම පිණිසයි.

    නිරය

    බුදුරජාණන් වහන්සේ මේ නිරයන් ගණනාවක් ගැන විස්තර දේශණා කර තිබෙනවා. මේ නිර අතුරින්,
    සඤ්ජීව නිරය, කාල සූත්ර නිරය, සංඝාත නිරය, රෞරව නිරය, මහා රෞරව නිරය, තාප නිරය, ප්රතාප නිරය, අවිචී මහා නිරය ලෙස මහා නිරයන් තිබෙනවා. මේ නිරයන හතරැස් හැඩයෙන් යුක්ත යි. මේ මහා නිරයක එක් පසෙකින් කුඩා නිරයන් හතර බැගින් මහා නිරයක් වටේට කුඩා නිර 16ක් තිබෙනවා.

    සඤ්ජීව නිරය - යමපල්ලන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවෙහි පෙරලා කෑලි කෑලි වලට කපද්දී ත් ඒ සත්වයන් කර්මය අවසන් වනතුරු නැවත නැවත ජීවත් වන නිසා මේ නිරය සඤජීව නමින් හැදින්වෙනවා. අධික ක්රෝධයෙන් හා මාන්නයෙන් අනිත් අය සමග කොළාහළ කළ, දුලභයන් පෙළූ රජවරු හා නිලධාරීන්, දිළින්දන් පෙළූ පොහොසතුන් හා මැරයන්, සතුන් මරන්නන් මේ සඤ්ජීව නිරයේ උපදිනවා.

    කාල සූත්ර නිරය - මෙහි උපන් සත්වයන් ගිනියම් වූ පොළවේ පෙරළා දැලි නූල් ගසා සසින්නා වූ ස්ථානය කාල සූත්ර නිරයයි. දෙමාපියන්ට හා මිතුරන්ට, ගුණවත් පැවිදි උතුමන්ට අපරාධ කළ අය මේ නිරයේ ඉපදී දුක් විදිනවා.

    සංඝාත නිරය - මේ නිරයේ උපන් සත්වයන් යොදුන් නවයක් වූ ඝන පොළවේ එරී නිෂ්චලව සිටිනවා. මෙහි අහස ගුගුරන්නාක් මෙන් මහ හඩ නංවමින් පොළවේ එරී සිටින සතුන් අඹරමින් එහාට මෙහාට විශාල පර්වතයන් පෙරලී යනවා. මේ පර්වතයන්ට යටවෙන සත්වයන් සුනු විසුනුවී යනවා. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩ ගත් අයත් සතුන් මැරූ අයත් මේ නිරයේ ඉපිද දුක් විදිනවා.

    රෞරව නිරය - මේ නිරයේ, සත්වයන්ගේ සිරුරු වලට ඇතුලු වෙලා පිච්චෙන දුමක් තිබෙනවා. ශරීරය ඇතුළත් පිටත් දැවෙන නිසා මර හඩ දෙන සත්වයන්ගේ හඩ නිරතුරුවම මේ නිරයේ ඇසෙන නිසා රෞරව නිරය කියා කියනවා.

    මහා රෞරව නිරය - අතිශයින්ම දරණු ගිනිජාලාවලින් හා දුමෙන් පැසෙන සත්වයන්ගෙන් නැගෙන මහා ශබ්දය නිරතුරුව ඇසෙන නිසාත්, නිරසතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාත් මේ නිරයට මහා රෞරව කියා කියනවා. තුණුරුවන්ට අයති, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගත් අයත් විනාශ කළ අයත් මේ නිරයේ උපදිනවා.

    තාප නිරය - මෙහි යමපල්ලන් විසින් ගිනියම් වූ පොළවේ ගිනියම් වූ යකඩ උල් වල ගසා ඇති නිර සතුන් ගින්නෙන් දැවෙමින් බොහෝ දුක් විදිනවා. සතුන් පණ පිටින් මැරූ අය, අනුන්ගේ ගෙවල් ගිනිතැබූ අය මෙහි උපදිනවා.

    ප්රතාප නිරය - මෙහිද තාප නිරයේ වගේම උපත් නිර සතුන් බොහෝ කාලයක් ගින්නේ පැසෙමින් දුක් විදිනවා. මරණින් මතු ඉපදීමක් නැත යන මිත්යාදෟෂ්ටිය අරගෙන පව් කළ අය එහි උපදිනවා.

    අවිචි මහා නිරය - මේ නිරයේ එක් බිත්තියකින් නැගෙන ගින්න අනිත් බිත්තිය දක්වා ගමන් කරනවා. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ කෙළවර දක්වා ගමන් කරනවා. උඩින් නැගෙන ගිනි ජාලය පොළව දක්වා ගමන් කරනවා. මෙහි උපදින සත්වයෝ හැම පැත්තකින්ම එන ගිනි දැලි වලින් වට වී පිච්චෙනවා. මේ නිරයේ හිඩෙසක් නැති තරමටම සත්වයන්ද සිටිනවා.ගිනිදැල් වලින්, දුක්වලින් හා සත්වයන්ගෙන්ද අඩුවක් නැති නිසා මේ නිරයට අවිචි මහා නිරය කියා කියනවා. ආනත්තරීය කර්ම කළ, බෝසතුන් නැසූ, ගුණවතුන් නැසූ, චෛත්යයන් කැඩූ, පිළිම විනාශකළ, බෝධි රුක්ෂයන් විනාශකළ, බුද්ධශාසනයට අයත් වස්තූන් පැහැර ගත්, මිත්ර ද්රෝහීන් , භාර්යාවන්ට අපරාධ කළ සහ බොරු කීව අය, මත්පැන් පානය කළ අය සහ මිත්යාදෟෂ්ඨිකයින් එහි උපදිනවා.

    කුඩා නිරයන් - ගූථ නිරය, කුක්කුල නිරය, අසිපත් වන නිරය, සම්බලීවන නිරය කියා කුඩා නිරයන් වර්ග හතරක් තිබෙනවා. ගූථ නිරය කියන්නේ, කැකෑරුණු අසුචියෙන් පිරුණු මෙහි වැටෙන නිරසතුන්ගේ ශරීරයේ ඇටමිදුළු දක්වාම විදගෙන යන , උණ ගස්,පොළ ගස්,තල් ගස් පමණ මහත පණුවන් ගැවසීගත් තැනක්. කුක්කුල නිරය කියන්නේ, යටින් ගිනි අගුරු ඇති අළු වලින් පිරුණු තැනක්. අසිපත් වන නිරය කියන්නේ, කඩු වගේ දෙපැත්ත කැපෙන කොළ ඇති ගස් සහ දැලි පිහිය වගේ කොළ ඇති තණ ඇති නිරයයි. සිම්බලීවන නිරය කියන්නේ, ඉතාම තියුණු කටු සහිත ගස් ඇති නිරයයි. තවත් මෙවැනි බොහෝ නිර තිබෙන බව බුදරජාණන් වහන්සේ සම්බුදු නුවණින් දැන වදාළා.

    ලෝකාන්තරික නිරය - ලෝකාන්තරික නිරය කියන්නේ අතිශයින්ම සීතල නිරයකි. මේ නිරය හැම කාලයේම අදුරේ තිබෙනවා. මේ නිරය පතුලේ අතිශයින්ම සීතය ජලය තිබෙනවා. මෙහි ඇති නිර සතුන් වවුලන් මෙන් පර්වතවල එල්ලී ගෙන එහෙ මෙහෙ යනවා. තවත් සත්වයෙක් සිටින බව දැනෙනවිට කෑමක් කියා සිතා අල්ලගන්න උත්සහ කරනවිට ඒ සත්වයන් දෙදෙනාම පර්වතයෙන් ලිස්සා දියට වැටෙනවා. මෙහි වැටෙන සතුන් උණු තෙල් භාජනයකට දැම්ම පිටි බැදෙනවා වගේ ඔවුන්ගේ ශරීර පුපුර පුපුරා ශීතලෙන් බැදෙනවා.

    මේ ලෝකනාතරික නිරය පවා එකම එක අවස්ථාවක ආලෝකමත් වෙනවා. ඒ තමයි සම්බුදු රජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහල වන විට.

    එසේ මේ තුන් ලොවම කම්පා කරවමින් වැඩම කළ බුදුරජාණන් වහන්සේනමකගේ බුද්ධශාසනයක යි අප මේ ඉන්නේ. ඒ ගෞතම බුද්ධශාසනය යි.

    මේ ගෞතම බුද්ධරාජ්යය තුළ, මෙකළ මනු ලොව උපන් පින්වත් මිනිසුනේ , ඔබට නැවත සතර අපායට නොවැටෙන්නටත්, සතර අපා දුකින් මිදෙන්නටත්, ගෞතම සසුනේ පිහිට ලබන්නටත් උතුම් වු තිසරණයේ අනන්ත වූ ආශිර්වාදය ලැබේවා..!

    තෙරුවන් සරණයි !

    http://www.elakiri.com/forum/showthread.php?t=1684322
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    තණ්හා රතී රගා යනු කවුරුන්ද?

    තණ්හා, රතී, රගා යනු කවුරුන්ද? ඔවුන් සැබැවින්ම අප තථාගතයන් වහන්සේ අබිමුවට පැමිණියා ද?

    නො එසේනම් ඒවා හුදු කතාන්දරද? මෙවන් බලවේගවල පැවැත්ම කුමක්ද?

    මේවා බුදුරජාණන් වහන්සේගේ මනස විග්‍රහයේ දී යෙදෙන සංකල්ප පමණද? වැනි දහම් ගැටළු ගණනාවක් පිළිබඳ කතිකාවක් සඳහා මෙවර ද අපි අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමග පිළිසඳරකට එක්වෙමු.


    ගෞරවනීය ස්වාමීන් වහන්ස, තණ්හා, රතී, රගා යනුවෙන් හැඳින්වෙන්නේ කවුරුන් ද? එය සංකල්පයක් ද නැතිනම් යථාර්ථයක් ද?
    අනිවාර්‍යයෙන්ම යථාර්ථයක්. ඔවුන් බුදුරදුන් හමුවට පැමිණියා. මොවුන් තථාගතයන් වහන්සේ අභියස සිට සිය අඟපසඟ විහිදා දක්වමින් යම් රංගනයක යෙදුණා.

    මේ මාර දුහිතෘන් කල්පනා කළ ආකාරය ඉතා සවිස්තරාත්මක ලෙස සූත්‍ර දේශනාවල සඳහන්ව තිබෙනවා. මේ අය මුලින්ම ඉදිරිපත් කල රංගනයට බුදුරදුන්ගේ අවධානයක් නොමැති බව දුටු මොවුන් තිදෙනා ඒ ගැන සාකච්ඡා කරනවා. ඔවුන්ගෙන් අයෙක් කියනවා
    "ඇතැම් පුරුෂයින් කැමැතියි වැඩිමහලු ස්ත්‍රීන්ට. ඒ නිසා අපි තරමක් වැඩිමහලු රූප මවා ගනිමු කියා".

    ඒ අනූව ඔවුන් එවැනි රූප ආරූඪ කරගෙන රඟ දක්වනවා. එයිනුත් ප්‍රතිඵල නෑ. මෙවිට තව අයෙක් අදහසක් ඉදිරිපත් කරනවා.

    "ඇතැම් පුරුෂයින් කැමැති දරුවන් වැදූ ස්ත්‍රීන්ටයි. එම නිසා අපි එවැනි අය මෙන් පෙනී සිටිමු."

    එයත් ප්‍රතිඵල රහිතයි. අවසානයේ ඔවුන් මහලු ස්ත්‍රීන් මෙන් පෙනී සිටිනවා. මේ ආකාරයට මේ මාර දුහිතෘන් පුරුෂ සිත් සතන් විග්‍රහ කරන ආකාරය පවා සඳහන්ව තිබෙනවා.

    එහෙත් තථාගතයන් වහන්සේගෙන් කිසිඳු ප්‍රතිචාරයක් ලබා ගැනීමට මොවුන්ට නොහැකි වෙනවා. ඔවුන් මෙයින් අධික විඩාවට පත් වෙනවා. මෙවිට මොවුන් යළි මාරයා වෙත යනවා. එසේ ගොසින් තම දුක කියනවා.

    එවිට මාරයා මෙසේ කියා තිබෙනවා.

    "මෝඩ කෙල්ලනේ නුඹලා උත්සාහ කළේ කළුගල් අතින් කඩන්නයි. එය කෙසේවත් කළ හැක්කක් නොවේ. මටත් සිදු වුණේ වෙඬරු පිඬක් යැයි සිතා කළුගලකට කෙටූ කපුටකුට සිදු වූ දේ වැන්නක්මයි."
    බලන්න මෙවැනි උපමා දක්වමින් තමයි බුද්ධ බල පරාක්‍රමය ගැන මාරයා කතා කර තිබෙන්නේ. ඒ වාගේම තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මාරයා අමතා ප්‍රකාශ කර තිබෙනවා

    "මාරය, මා තොපගේ බලය මඬින්නේ තෙත මැටි පිඬක් මඬිනා ආකාරයටයි. මා ඒ තෙත මැටි පිඬ ගලින් තලා දමනවා." මෙය සඳහන් වන්නේ පධාන සූත්‍රයේයි. මේ කිසිවක් සංකල්ප නම් නොවේ. මේවා යථාර්ථ බව ඉතා පැහැදිලියි.


    අප තථාගතයන් වහන්සේම තණ්හා රතී රගා පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කළ අවස්ථා තිබෙනවා ද?
    ඔව්. එවැනි අවස්ථාවක් ඉදිරිපත් කළ හැකියි. අප දන්නවා මාගන්ධියා නමැති අතිෂය රූමත් තරුණිය බුදුරදුන් පතා පැමිනි ආකාරය. අන්න ඒ අවස්ථාවේ දී උන්වහන්සේ ප්‍රකාශ කළා
    "තණ්හා රතී රගා මා අබියසට ආවා. ඒත් ඒ මොහොතේදීවත් මාසිත් තුළ කිසිඳු හැඟීමක් ඉපදුණේ නැහැ."
    මේවා සංකල්ප කියා සිතන්නේම මාරයා වසඟ වූ ජනතාවයි. මාරයා ලෝකය ග්‍රහණය කරගෙන සුගති ගමන වළක්වා, නිවනින් මගහරවා ඔවුන් පරතෙර නොපෙනෙන සතර අපාය සහිත සසරගමනට ඇද දමා තිබෙන බව පමණක් පැහැදිලියි.



    මාර පරාජය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර ද එයින් පසුව ද?
    එය සිදුවන්නේ සම්බුද්ධත්වයට පෙර. මාර පරාජය කිරීමෙන් පසුවයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ.

    මේ ලෝකයට මාරයා යනුවෙන් අයෙක් පත්වන්නේ කෙලෙස ද? ඔහු කවුද?
    මාරයා තනතුරක්. ඒ තනතුරට යමෙක් පත් වෙනවා. සම්මා සම්බුද්ධත්වය යනු ගුණවත් බවක්. බුදුවරුන් කලින් කල පහල වෙනවා. මාර ස්වභාවය මෙයින් බොහෝ වෙනස් වූ දෙයක්.



    යම් තනතුරක් හොබවන පුද්ගලයෙකුගේ අභාවය නිසා අදාල තනතුර අහෝසි වී නොයන බව අපි දන්නවා. ඔහුගේ අභාවය සමගම වෙනත් අයකු ඒ සඳහා පත් වූ විට ඒ නව පුද්ගලයා හරහා ඒ බලතල ක්‍රියාත්මක වෙනවා.

    මෙය දිගින් දිගටම පවතින්නක්. ඒ තනතුර සතු බලතල ඒ අදාළ පුද්ගලයා සතු එකක් නොවේ. ඒ තනතුර සතු දෙයක්. මාරයාත් මෙ වැනිම තනතුරක්.

    කකුසඳ බුදුන් දවස මාරයාව සිට ඇත්තේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වමත් සව් වශයෙන් වැඩ සිටි මුගලන් මහරහතන් වහන්සේයි. ඒ මාරයාගේ නම දුසී.

    මජ්ඣිම නිකායේ මාර තජ්ජනීය සූත්‍රයේ මේ ගැන තොරතුරු ඇතුළත්ව තිබෙනවා. වරක් මුගලන් මහරහතන් වහන්සේ ගේ කුසට මාරයා රිංගුවා. මෑ ඇට වළඳූ කලක පරිද්දෙන් මාගේ කුසේ විශාල බරක් දැනෙනවා.

    මීට හේතුව කුමක්ද කියා සිතා උන්වහන්සේ එවිට කුස වෙත තම සිත යොමු කරනවා. එවිට මාරයා කුසෙන් නික්මී අවුත් උළුවස්ස අසල සිටගන්නවා. මාරයා සිතනවා තමන් උන්වහන්සේ ගේ කුසට රිංගූ බවත්, එයින් නික්මුණු මවත් උන්වහන්සේ නොදන්නවා යැයි කියා.

    මේ වෙලාවේ දී මුගලන් මහරහතන් වහන්සේ මාරයා අමතා කතා කරනවා.

    "මාරයා මට තොප සිටගෙන සිටිනා හැටි පේනවා. හිතන්නට එපා මට නොපෙනෙනවා කියා. නුඹ මගේ කුසට රිංගූ බවත් මා දන්නවා. ඒත් තථාගත ශ්‍රාවකයන් වහන්සේලාට හිරිහැර කරන්න එපා. මාත් කලක් එවැනි වැරදි කළා. මාත් දුසී මාරයාව සිටියා."



    එයින් අදහස් වන්නේ වරක් මාරයා ලෙස කටයුතු කරන්නකුට පවා පසුව අරහත්භාවයට පත්විය හැකි බවද?
    අනිවාර්යයෙන්ම. මේ සසර ගමනේ දී සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ පුදුමාකාරයි. එයයි සත්‍යය.



    මාරයා ඕපපාතිකව පහල වන අයෙක් ද?
    ඔව් ඕපපාතිකයි. හැබැයි මව් කෙනෙකු සිටිනවා. දුසී නැමැති මාරයාගේ සහෝදරිය වන කාලි ගේ පුත්‍රයායි පසුව මාරයා බවට පත් වුණේ.



    ඕපපාතික චරිත වලට මව්වරුන් සිටිනවා ද?
    ඔව්. හරියට දෙවිවරුන්ට වගේ. සක්දෙවිඳු ළඟ මිනිස් ලොව පින්දහම් පිරූ අයෙකුට උපත ලද හැකිනේ.

    එවිට ඔහු සක් දෙවිඳුගේ පුත්‍ර තනතුරයි ලබන්නේ. සක් දෙවිඳු ඔහුගේ පියා බඳු වෙනවා යන්න මෙහි අදහසයි. ඒත් මේ අය පහල වන්නේ ඕපපාතිකවයි.



    දුසී නමැති මාරයාගේ ක්‍රියාකාරීත්වය කෙබඳු වී ද?
    ඔහුත් ගෞතම බුද්ධ ශාසනයට වින කරන මාරයා වගේමයි ක්‍රියා කොට තිබෙන්නේ. කකුසඳ බුදුන් දවස ඔහු ගමක වැසියන්ට ආවේශ වී ඔවුන් ළමා භික්ෂූන්ට නින්දා අපහාස කරවනවා.

    මෙය දිගින් දිගටම සිදු වන විට කකුසඳ බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.
    "මහණෙනි ඉතා විශාල නින්දා රැල්ලක් අප වෙත එනවා. මෙය සිදු වන්නේ මාරාවේශයකින්. එම නිසා ඔබ සියලු දෙනා මෛත්‍රිය ප්‍රගුණ කරන්න."

    මෙවිට සියලු භික්ෂූන් මෛත්‍රිය වඩන්නට වුණා. මාරයා කල්පනා කළේ මේ නින්දා රැල්ලෙන් භික්ෂු සංඝයා අතර කැලඹීමක් ඇති කරවන්නයි.

    ඒත් ඒ විදියට ඔහුගේ අදහස මුදුන්පත් කර ගැනීමට නොහැකි බව ඔහුට ක්‍රමයෙන් වැටහුණා. මීළඟට මාරයා කළේ කුමක්ද?

    ඔහු සත්කාර සම්මාන රැල්ලක් මැව්වා. ලාභ සත්කාර ඇති කළා. මිනිසුන් පුදුම තරමට දානමාන පූජා කරන්න පටන් ගත්තා. මෙවිට කකුසඳ බුදුන් සිය ශ්‍රාවකයන් මෙසේ අමතා තිබෙනවා.

    "මහණෙනි දැන් සත්කාර සම්මාන රැල්ලක් එනවා. මෙය සිදුවන්නේත් මාරාවේශයකින්. ඒ නිසා එයටත් නොඇලී අනිත්‍යම සිහිකරන්න."

    ඒ ආකාරයටත් මාරයාට නොහැකි වුණා මේ භික්ෂු පිරිස තම වසඟයට ගැනීමට.

    මීළඟට මාරයා දරුවෙකුට ආවේශ වුණා. රහතන් වහන්සේ නමකට ඒ දරුවා ගල් ගැසුවා. උන්වහන්සේ එයින්ම පිරිනිවන් පෑවා. මෙවිට කකුසඳ බුදුරජාණන් වහන්සේ මාරය අමතා තිබෙනවා.

    "මාරය නුඹ මෙවර නම් පමණ ඉක්මවා ගියා නොවේද?"
    ඒ සැණින්ම දුසී මාරයා මාර තනතුරින් පිරිහුනා. ඒ සමගම ඔහු උපන්නේ නිරයේ. එයිනුත් පසුවයි යළි මිනිස් ලොවට පැමිණියේ.



    මෙසේ වරකදී අකුසලයට ලොල් වූ පුද්ගලයෙකුම තවත් වරෙකදී කුසලට ලොල් වීමේ පුදුමාකාර තත්ත්ව පවතින්නේ ඇයි?
    එය සසරේ ස්වභාවයමය. අපට අදහාගත නොහැකි අයුරින් අප එවැනි තත්ත්ව වලට පත් වෙනවා.

    මෙයින් අප අවබෝධ කරගත යුතු එකම කාරණයයි. එනම් මේ සසරේ පවතින ගොරතර ස්වභාවයමයි.


    අයෙකුට මාර බලවේගය මගහැර යා නොහැකිද? එසේ කළ හැකි නම් ඒ කෙසේද?
    සිහියෙන් සිටීමෙන්ම පමණයි එය කළ හැක්කේ. ඒත් සාමාන්‍ය මනුෂ්‍යයාට අමාරුම දේත් ඒකයි.

    තමා තුළ කුසල් හෝ අකුසල් සිත් උපදින බව එසැණින් වටහා ගැනීමේ හැකියාව ඇත්තේ කීයෙන් කී දෙනාටද කියා බලන්න. එවන් හැකියාවක් නැති සියලු දෙනා මාරයාගේ ගොදුරු පමණයි. මෙවැන්නකුට ඕනෑම දෙයක් කිරීමට මාරයාට හැකියාව තිබෙනවා.



    ඒ වගේම මේ සියල්ලෙන් අදහස් වන්නේ මාරයා සමග ඍජුවම කතාබස් කිරීමේ හැකියාව තිබී ඇත්තේ බුදුවරුන්ට පමණක් නොවේ යන්න නේද?
    ඔව්. එම හැකියාව ශ්‍රාවක සංඝයාටත් තිබුණා. මේ නිසා තමයි මුගලන් මහරහතන් වහන්සේ තමාම මාර තනතුර හෙබවූ කාලයේදී ගම්වාසීන්ට ආවේශ වූ බවත් ඒ අනූව භික්ෂූන්ට අපහාස ගෙන දුන් පිරිස සියලු දෙනා පසුව නිරයට පැමිණුනු බවත් වත්මන් මාරයා අමතා ප්‍රකාශ කර තිබෙන්නේ.



    මාරාවේශයේ දී මිනිසා අසරණ වුවත් එයින් ඉපදෙන කර්ම ඒ ඒ සත්ත්වයාම විසඳගත යුතුද?
    පැහැදිලිවම. සිහියෙන් නොසිටීමේ වරද කාගේද? ඒ අය සිහියෙන් නොසිටින නිසාමයි මාරයා බලපෑම් එල්ල කරන්නේ. මෙවිට චේතනා පහල කරන්නේ ඒ ඒ අදාළ පුද්ගලයන් බැවින් ඒ ඒ අයට ඊට අදාළ කර්ම රැස් වෙනවාමයි.


    මාර තනතුර හොබවන්නා සැම විටම පුරුෂයෙක් ද? නැත්නම් ස්ත්‍රියකටත් ඒ තනතුර හෙබවිය හැකි ද?
    "මහණෙනි මෙලොව සිදුවන දේ අතර බුදු කෙනෙකු බවට පත්වීම අනිවාර්යයෙන්ම පුරුෂයෙකුට ම සිදු කළ හැක්කකි. මාරයා වන්නේ ද පුරුෂයෙක්ම ය".

    "මෙලොව ස්ත්‍රියක් ධ්‍යාන වඩයි ද, ශීලයේ යෙදේ ද ඊට අනුහස් ලෙස බඹලොව උපත ලබන විට ඒ ස්ත්‍රිය පුරුෂයකු වේ".

    ශක්‍ර දෙවිඳුන් අනිවාර්යයෙන්ම පුරුෂයෙක්මයි. බ්‍රහ්මයාත් එවැන්නෙක් බව අපට දේශනාවෙන් පෙනෙනවා.



    ඒ අනූව ස්ත්‍රී පුරුෂ භාවය යනු නිරන්තරයෙන් වෙනස් වන්නක්?
    ඔව්. සසරේ ස්වභාවය අනූව එය වෙනස් වෙමින් යනවා. ඒත් සුවිශේෂී අවස්ථාවලදී හැර. උදාහරණයක් හැටියට යශෝධරාවන් ගතහොත් ඈ හැම ජීවිතයකදීම ස්ත්‍රියක්වම සිටියා.


    මාරයාට විවිද නම් යෙදෙනවාද?
    ඔව්. අප තථාගතයන් වහන්සේ විවිධ නම්වලින් මාරයා හඳුන්වා තිබෙනවා. පමත්තබන්ධු (ප්‍රමාද වන්නාගේ ඤාතියා) පාපින (පවිටු පුද්ගලයා) කන්න (අකුසල පක්ෂය භාජනය කරන්නා) ආදිය එවැනි නාම කිහිපයක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1680733
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    කාමය වරදවා හැසිරීම

    කාමය වරදවා හැසිරීම සංසාරයේ අනන්ත දුක්‌ ගෙන දෙන පාපකර්මයකි.
    කාන්තාවකට, දියණියකට විවධත්වයෙන් යුත් රූමත්, සාමාන්‍ය, අවලස්‌සන ශරීර ස්‌වභාවයන් ලැබෙන්නේ පෙර සංසාරයේ කරන ලද කුසල් සහ අකුසල් කර්මයන් නිසාය.
    පෙර සංසාරයේ කරන ලද කුසල් නිසා තමනට ලැබෙන පංච කළ්‍යාණියෙන් යුත් රුපශ්‍රීය, අඟපසඟ විචාරයකින් තොරව පරිහරණය කිරීම මහත්ම අකුසලයකි.
    විශේෂයෙන් මාධ්‍ය ලෝකයෙන් කල එළි බසින මෙන්ම ලෝකයාගේ වැඩි අවධානයක්‌ දිනාගැනීම පිණිස විචාරයකින් තොර ඇඳුමින් පැළඳුමින් සැරසී දිනපතා රැකියා සඳහා යන කාන්තාවන් ද මේ ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය.

    තමන්ට පෙනුමැති, හැඩැති, පැහැපත් ශරීර ස්‌වභාවයන් ලැබී ඇත්තේ ඒවා ලෝකයාට පෙන්වීමට නොවේ. ඒවා ඔබට ලැබී ඇත්තේ ඔබ විසින්ම සංසාරයේ කරන ලද මහා පිංකම් හේතුවෙන්ය.
    සංසාරයේ අනන්ත වෙහෙස මහන්සිවී පිංකම් කර ඔබ ලබාගත්, ඔබට ලැබුණු ඔය රූපය, ඔබේ විනාශය සඳහා උපයෝගී කර නොගන්න.
    ඔබේ පිනට ලැබුණු ශරීර අවයවයන් නුවමනා ආකාරයට ප්‍රදර්ශනය නොකරන්න.
    මේ කය දෙතිස්‌ කුණපයක්‌ බව සිතීමට ඔබලාට තවම අවබෝධයක්‌ නොමැතිනම්. අවම වශයෙන් මගේ ශරීරය නිරාවරණය විය යුත්තේ මගේ නිත්‍යානුකූල ස්‌වාමිපුරුෂයාට පමණක්‌ය යන අධිශ්ඨානයටවත් එන්න උත්සහ ගන්න.
    ඔබ අනුන් ඉදිරියේ කැපී පෙනීමට ඇති තන්හාව, මමත්වය නිසාම අනවශ්‍ය ලෙස, නොගැලපෙන ලෙස ශරීරයේ නිරාවරණය වන, ශරීරයට කිටි කිටියේ සිරවන ඇඳුම් පැළඳුම් භාවිතයේදී අනුන් රාගයෙන් මත්කරන, මත්වන නිසා ඔබ තුළද, අනුන් තුළද කෙළෙස්‌ ෙච්තනාවන් පහළවීම ස්‌වභාවිකය.

    මෙලෙස තම අඟ පසඟ වැරදි ආකාරයට පරිහරණය කළ ස්‌ත්‍රියක්‌ මරණින් මතු ප්‍රේත ලෝකයේ ඉපිද විඳින දුක මෙහි සටහන් කරමි.
    ඇය පෙර ආත්මයේ ඔබ වැනිම සුරූපී කාන්තාවක්‌ විය යුතුය. විශේෂයෙන්ම පිරිපුන් පියයුරු යුවලක්‌ තිබෙන්නට ඇත.
    ඇය එම අඟපසඟ වැරදි ආකාරයෙන්, ලෝකයාගේ කාමය ඇවිස්‌සෙන ලෙස, අනුනට පෙන්වීම, කාමය වරදවා හැසිරීම නිසා මෙම ප්‍රේතියට ප්‍රේත ලෝකය ලැබී ඇතැයි භික්‍ෂුව විශ්වාස කරයි.

    ඇය අඩි 6ක්‌ පමණ උසැති සමාන්‍ය මහත කළුම කළු ප්‍රේතියකි. හරියට කළු ජාතික කාන්තාවක්‌ සේය.
    ඇයගේ ලැම ප්‍රදේශය ලැල්ලක්‌ සේ තිබිණි. ඒ කියන්නේ පියයුරු නොමැත.
    ඔබට උදාහරණයක්‌ දෙන්නම්. මහරගම පිළිකා රෝහලේ පියයුරු පිළිකා නිසා පියයුරු දෙකම ඉවත් කළ රෝගී පිංවත් කාන්තාවක්‌ ඔබ දැක ඇතිනම් එම ප්‍රේතිය ද මෙම ස්‌වභාවයෙන් යුක්‌තය.
    මෙම ප්‍රේතිය දකින්නට අප්‍රසන්න නමුත් ප්‍රේත ලෝකයේ කාමය යදිමින් ජීවත් වේ. එහෙත් ඇයගේ කාමගින්න නිවීමට කිසිවෙක්‌ ඇය වෙත නොඑයි. මෙය කර්ම විපාකයක්‌ය.
    කර්මය නම් මනුෂ්‍ය ආත්මයේදී තමන්ට ලැබුණ රූපය වැරදි ආකාරයෙන් පරිහරණය කිරීම සහ අනුනගේ සිත් දූෂණය කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. එය එසේ නොවීමටද හැකිය.
    මනුෂ්‍ය ලෝකයේදී පෙර පින්කම් නිසා ලැබුණු ලස්‌සන ශරීරය ප්‍රදර්ශනය කිරීමෙන් වර්තමානයේ ඇය ප්‍රදර්ශනය කිරීමට කිසිත් නොමැතිව විරූපීව පියයුරු නොමැති ශරීරයකින් යුක්‌තව දුක්‌ විඳින්නීය.

    සංසාරයේ ඔබ කළ පිංකම් නිසා ඔබට ලැබුණු ඔය සුරූපී ශරීරය 'ප්‍රවේශමෙන් පරිහරණය කරන්න' ලැඡ්ජාව භිය දෙක ඇතිව....

    එසේ නොවුන හොත් මේ වයසට යන, ලෙඩ වෙන, මැරෙන කුණු කය නිසා ඔබ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින අදක්‍ෂයෙක්‌ වේවී.
    විරූපී වීම නිසාම ඇයගේ කාම ගින්න නිවාගැනීමට කිසිවෙක්‌ නොපැමිණෙන නිසා ඇය ඉන්නේ වෛරයෙන්ය.
    නිරතුරුවම ඇය තුළ ඇවිලෙන්නේ කාමයයි, රාගයයි. මේ අකුසල් ධර්ම හේතුවෙන් ඇය තව තවත් අකුසල්ම රැස්‌කර ගන්නීය.
    මේ හේතුවෙන් ඇය ප්‍රේත ලෝකයෙන් නිරයේ ගිනිදළු මතට යම් දවසක වැටී අපා දුක්‌ විඳිනු ඇත.

    http://www.elakiri.com/forum/showthread.php?t=1689387
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    අද ලෝකෙ ගල් යුගෙන් මේ තත්වෙට දියුණු වෙලා තියෙන්නෙ නිර් ආගමිකයො හින්ද. ලෝකෙ දියුණු කරපු හැම කෙනාව නිර් ආගමිකයො. උඹල තාම ගෝත්‍රික මතවාද පස්සෙ යනව. බුදු පිළිම විතරක් ඉතුරු වෙන්නෙ මිනිස්සු පිළිමෙ ප්‍රමිතියට හදනව අනිත් ඒව බාල විදිහට. මන් උඩ දීල තියන ලින්ක් එක බලපන් උඹලට ඇප නැතිවෙන්න රිදෙන්න දීල තියනව.

    අපිත් නිර් ආගමික තමයි, හැබැයි ආගමක් ඇදහීම ගෝත්‍රික කමක් හැටියට මම දකින්නේ නැ. බෞද්ද කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක්. ඩවුන්ලෝඩ් පිස්සු හටන මේ දෙයියෙක් අල්ලගෙන ආතල් දෙනවා. :oo:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    උබල දෙන්න අහල තියෙනවද මයිත්රි භාවනාවේ අනිසංශ?
    අවි ආයුධ වලින් අනතුරු නොවීම
    දෙවියන් ආරක්ෂා කිරීම
    ප්රියවිම
    .....

    මේක බුදුහාමුදුරුවෝ කියල තියෙන දෙයක්. එතකොට මේවත් බොරුද?
    මේකයි. ශ්‍රද්ධාව නැති එකාට පොවන්ද බෑ. හැබැයි උබල අනුන්ගේ ශ්‍රද්ධාවට භාධා කරලා කරගන්නේ ලොකු පවක්.

    දෙවියන් ආරක්ෂා කරන්නේ වැඩක් ඇති මිනිස්සු විතරයි

    බුදු පිළිම විනාශ වෙනවා කවද හරි. මම කියන්නේ අද හෙට නෙමේ. එව්වා දෙවියෝ ආරක්ෂා කරනවා. ඒක හින්ද තව කාලයක් තියෙනවා. දැන් උබ උබලගේ පන්සලේ පිළිම ආරක්ෂා කරනවා නම්, එකට වෙනම නියම ධර්මයක් ඕනද?

    දැන් ඔය කියන විදියට බුදුපිළිම මෛත්‍රී භාවනාව කරනවද? මෛත්‍රී භාවනාවේ ආනිසංස වෙනත්පු ද්ගලයෙකුට හෝ වස්තුවකට ආරෝපණය කරන්න පුළුවන් කියල බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ මචන්. ඒ කොහොම උනත් බුදුපිළිම දෙවිවරු විසින් ආරක්ෂා කරනවා කියන එක ඔය බේරුන බුදුපිළිම වලින් ඔප්පු වෙන්නේ නැහැ. ඉන්ටෙර්නෙට්වි එකේ දාල තියෙන විනාශ නොවුන බුදුමැදුරු , බුදු පිළිම වගේම ඉන්ටෙර්නෙට් එකේ දාල නැති විනාශ වුන පුජ්‍ය වස්තුනුත් අප්‍රමාණව තියෙනවා.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සිරාවටම මචන් .උඹ කියන්න ඕන දේ මේ ලින් ගෙම්බන්ට නියමෙට කියල තියනව. නිර් ආගමිකයෙක් වීම ගැන මට ආඩම්බරයි.
    https://web.facebook.com/1377469929...92919191/1354792731214605/?type=3&pnref=story

    මටත් ආඩම්බරයි ඔය වගේ මී හරක් බුදුදහම වැළද නොගන්න එක ගැන.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් ඔය කියන විදියට බුදුපිළිම මෛත්‍රී භාවනාව කරනවද? මෛත්‍රී භාවනාවේ ආනිසංස වෙනත්පු ද්ගලයෙකුට හෝ වස්තුවකට ආරෝපණය කරන්න පුළුවන් කියල බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ මචන්. ඒ කොහොම උනත් බුදුපිළිම දෙවිවරු විසින් ආරක්ෂා කරනවා කියන එක ඔය බේරුන බුදුපිළිම වලින් ඔප්පු වෙන්නේ නැහැ. ඉන්ටෙර්නෙට්වි එකේ දාල තියෙන විනාශ නොවුන බුදුමැදුරු , බුදු පිළිම වගේම ඉන්ටෙර්නෙට් එකේ දාල නැති විනාශ වුන පුජ්‍ය වස්තුනුත් අප්‍රමාණව තියෙනවා.

    මම කිව්වේ බුදුපිලම, වගේ ශ්‍රද්ධාව ඇති වෙන දේවල් සහ මයිත්‍රීය වඩන මාර්ගපල ලාභී අය දෙවි වරු රකිනවා.
    ඒක ත්රිපිටකයේම තියෙනවා.
    මයිත්රියේ අනිශංශ ගැන අහල නැද්ද.
    මම කිවේ ස්වභාවික විපත් වලින් විනාශ වෙච්ච පොදු වැදුම් පිදුම් කරපු එව්වා තියෙන්නේ ටිකයි. මිනිස්සු විනාශ කරපුව ඇරෙන්ඩ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මටත් ආඩම්බරයි ඔය වගේ මී හරක් බුදුදහම වැළද නොගන්න එක ගැන.


    මම මේ කිවේ බුදු දහම නෙමේ. බුදු දහම කියන්නේ වෙනම එකක්. උබල වගේ දේව වාදී නෑ.
    මම කිවේ ඒක ආරක්ෂා කරන දෙවි වරු ඉන්නවා කියල.
    ඒකාලේ බන අහල සෝවාන් වෙච්ච දෙවි වරු ස්භාවික විපත් වලින් ආරක්ෂා කරනවා බුද්ධාගම.

    උබත් නිර් අගමිකද?
    ඒ කියන්නේ කාල බීල ඔහේ ඉදල මැරිලා යනවා.
    ඉතින් පල. අපිට මොකෝ
     
    Nov 27, 2009
    2,139
    107
    0
    කවුද එතකොට දෙයිය? නමක් එහෙම දන්නවද?

    හරිනම් සංස්ථ සිමෙන්ති කොම්පැනියටයි, සංස්ථ වානේ කොම්පැනියටයි තමයි මල් තියල වදින්න ඕනේ කොන්න්ක්‍රිට් එක හයියට තිබ්බට :sorry:

    gono anithwa hadala thiyenne simenthi walin nemeda :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපිත් නිර් ආගමික තමයි, හැබැයි ආගමක් ඇදහීම ගෝත්‍රික කමක් හැටියට මම දකින්නේ නැ. බෞද්ද කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක්. ඩවුන්ලෝඩ් පිස්සු හටන මේ දෙයියෙක් අල්ලගෙන ආතල් දෙනවා. :oo:

    මම බුද්ධාගම දේව වදයක් කරේ නෑ. මම කිවේ ඉස්ස බුදුහාමුදුරු වන්ගෙන් බන අහපු දෙවි වරු සෝවාන් වෙච්ච දෙවි වරු ස්භාවික විපත් වලින් බුද්ධාගම ආරක්ෂා කරනවා කියල.
    බුද්ධාගම කියන්නේ වෙනම එකක්. ඒක දේව වදයක් නෙමේ.
    හැබැයි දෙවි වරු කියල ජීවින් ඉන්නවා කියල පිලි ගන්නවා.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    දැන් ඔය කියන විදියට බුදුපිළිම මෛත්‍රී භාවනාව කරනවද? මෛත්‍රී භාවනාවේ ආනිසංස වෙනත්පු ද්ගලයෙකුට හෝ වස්තුවකට ආරෝපණය කරන්න පුළුවන් කියල බුදුදහමේ සදහන් වෙන්නේ නැහැ මචන්. ඒ කොහොම උනත් බුදුපිළිම දෙවිවරු විසින් ආරක්ෂා කරනවා කියන එක ඔය බේරුන බුදුපිළිම වලින් ඔප්පු වෙන්නේ නැහැ. ඉන්ටෙර්නෙට්වි එකේ දාල තියෙන විනාශ නොවුන බුදුමැදුරු , බුදු පිළිම වගේම ඉන්ටෙර්නෙට් එකේ දාල නැති විනාශ වුන පුජ්‍ය වස්තුනුත් අප්‍රමාණව තියෙනවා.

    budupilima maitri bawanakaranna one ne, buddanubhaawaya kiyala deyak ahala nadda. buduradun kala apramana pinkamwala wipaaka me.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    බුද්දාගම ආරක්ෂා කරන්නේ ශක්‍ර දෙවියන්.ශක්‍ර දෙවියන් ලෙස හැඳින්වෙන්නේ ඔරියන්තුමා වන මමයි:)
    :lol::lol: adoo orion uba ayeth awada.. uben athal ekak nathuwa api hitiye... ko ube ara grahaloken anawa kiwwa kattiya??
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කවුද එතකොට දෙයිය? නමක් එහෙම දන්නවද?

    හරිනම් සංස්ථ සිමෙන්ති කොම්පැනියටයි, සංස්ථ වානේ කොම්පැනියටයි තමයි මල් තියල වදින්න ඕනේ කොන්න්ක්‍රිට් එක හයියට තිබ්බට :sorry:
    gon katha kiyanan epa buruwo.. concrete walin nwey me podi budu pilima hadala tiyenne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බුද්දාගම ආරක්ෂා කරන්නේ ශක්‍ර දෙවියන්.ශක්‍ර දෙවියන් ලෙස හැඳින්වෙන්නේ ඔරියන්තුමා වන මමයි:)
    ඉතිං ශක්‍රයා එළකිරි ආවම කොහොමද බුද්ධාගම ආරක්ෂා වෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: hemalsilva

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    මම මේ කිවේ බුදු දහම නෙමේ. බුදු දහම කියන්නේ වෙනම එකක්. උබල වගේ දේව වාදී නෑ.
    මම කිවේ ඒක ආරක්ෂා කරන දෙවි වරු ඉන්නවා කියල.
    ඒකාලේ බන අහල සෝවාන් වෙච්ච දෙවි වරු ස්භාවික විපත් වලින් ආරක්ෂා කරනවා බුද්ධාගම.

    උබත් නිර් අගමිකද?
    ඒ කියන්නේ කාල බීල ඔහේ ඉදල මැරිලා යනවා.
    ඉතින් පල. අපිට මොකෝ

    මේ ක මම උබට නෙවෙයි දැම්මේ, අර නිරාගමිකයට...:rofl:


    මම කිව්වේ බුදුපිලම, වගේ ශ්‍රද්ධාව ඇති වෙන දේවල් සහ මයිත්‍රීය වඩන මාර්ගපල ලාභී අය දෙවි වරු රකිනවා.
    ඒක ත්රිපිටකයේම තියෙනවා.
    මයිත්රියේ අනිශංශ ගැන අහල නැද්ද.
    මම කිවේ ස්වභාවික විපත් වලින් විනාශ වෙච්ච පොදු වැදුම් පිදුම් කරපු එව්වා තියෙන්නේ ටිකයි. මිනිස්සු විනාශ කරපුව ඇරෙන්ඩ.

    නැහැ මම එහෙම තැනක් දැකල නැහැ, එම කරුණ ත්‍රිපිටකයේ අඩංගු වන තැන සදහන් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. [අරහං ගුණය නිසා ආමිස පුජා ලැබීමට සුදුසු වෙනවා කියන එක නම් අහල තියෙනවා ]

    මම අහල තියෙන්නේ බුදුන්ගේ තෙමගුල සිදුවූ ස්ථාන , පළමු ධර්ම සංඝායනාව සිදුවූ ස්ථානය සහ බුදුන්ගේ සර්වඥය ධාතුන් ඇතුලත් කර ගොඩනගන ලද පුජනිය වස්තුන් , බෞධයන්ට ශ්‍රද්ධාව උපදවා ගැනීමට ඉවහල් වෙනවා කියන එක.
    පසුගිය සුනාමි අවස්ථාවේදී කොච්චර බුදුපිළිම විනාශ වුනාද ? ස්වභාවික විපත් වලින් සියලුම පොදු බුදු පිළිම සහ අනෙකුත් බොදු පුජනිය වස්තුන් බේරුනා කියලද කියන්නේ ? ඕක මචන් හිතලුවක් විතරනේ.



    budupilima maitri bawanakaranna one ne, buddanubhaawaya kiyala deyak ahala nadda. buduradun kala apramana pinkamwala wipaaka me.

    සමස්තයක් වශයෙන් ගත්තම අදටත් බුදුදහම සහ ඊට සම්බහ්න්ද සියලුම දේ සිද්ධ වෙන්නේ බුද්ධානුභාවයෙන් තමයි. අප්‍රමාණ මෛත්‍රී ගුණය නිසා පිළිම ආදිය ඇතිවෙනවා/ ආරක්ෂා වෙනවා කියල සදහන් වෙනවද?
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මිනිස්සුන්ගේ ජීවිත, දේපළ විනාශ වෙල උන් හිටි තැන් නැති කරලා පිළිම විතරක් ආරක්ශා කරන දෙවිවරුන්ගෙන් ඇති පලෙ මොකක්ද . .
     
    • Like
    Reactions: LazyLizard