කුමන පිරිසක් බලයට ආවද රට දියුණුව කරා ගෙන නොයන බවට මේ වනවිට සාක්ෂි සහිතව ඔප්පු වෙමින් තිබෙන බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබෙන්නේ දැනට පාලනය හෙබවූ සහ හොබවමින් සිටින අතිබහුතරයක් දේශපාලනඥයනට එල්ල වී තිබෙන විවිධාකාර අක්‍රමිකතා සහ දූෂණ චෝදනා හේතුවෙනි. මෙම චෝදනා අධිකරණයෙන් ඔප්පු වී නොමැති බවට කෙනෙකුට තර්ක කළ හැකි වුවද එම දේශපාලනඥයන්ගේ ඉතිහාසය, වර්තමානය සහ හැසිරීම පිළිබඳ අවධානය යොමුකරන විට අධිකරණයෙන් ඔප්පු නොවන ද ඔවුන් දූෂණ වංචාවල නිරත වූ බවට වටහා ගත හැක. මෙවැනි පිරිසක් සමඟින් රට සංවර්ධනය කළ නොහැකි බව පෙනී යයි. මෙම තත්ත්වයේ වඩාත් හානිදායක තත්ත්වය වන්නේ මෙරට සිටින උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාමයි. මේ වනවිටත් විශාල පිරිසක් රට හැර ගොස් ඇති අතර එම බුද්ධිගලනය මේ වනවිටත් වැඩි වැඩියෙන් සිදුවෙමින් පවතී. උගතුන් බුද්ධිමතුන් පමණක් නොව වර්තමාන තරුණ තරුණියෝද මෙරට තුළ යහපත් සාමකාමී උසස් ජීවන තත්ත්වයන් ලගා කර ගත නොහැකි බව වටහාගෙන ඇති නිසා විදෙස් රටවලට යමින් සිටින අතර තවත් විශාල පිරිසක් විවිධාකාර ක්‍රමවලින් විදෙස්ගත වීමට උත්සාහ දරමින් සිටින බව පෙනී යයි. මේ සම්බන්ධයෙන් හොඳම සාක්ෂියක් අද මව්බිම පුවත්පතේ පළ කර තිබිණි.




අර උඩ කිව්ව දක්ශයොන්ගෙ පුපවල් ඉබල වෙන දක්ශයො කොටසකුත් ඉන්නව. එහෙම දක්ශයෙක් වෙන්න කැමැත්තක් නෑ. සීයල/ තාත්තල හම්බකරල දීපුව වියදම් කරන ගමන් ටෝල්ක්ස් දෙන්න දක්ශයොත් ඉන්නව ඉතින්. එයාලගෙන් නම් කොහොමත් වැඩක් නෑ.
තව 0.00001% ක් වගේ ඉන්නව විශේෂ හැකියාවන්ගෙන් දක්ශයො උන අයත්. 