බුද්ධියට ඉඩක් ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රන්ජන් රාමනායකගෙන් වැදගත් කතාවක්....

    මාර්ටින් ලූතර් කිං කියලා තියෙනවා මේ ලෝකෙ වැඩියෙන්ම විනාශ කරන්නේ දූෂකයෝ, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ නෙවෙයි නිහඬව ඉන්න හොද මිනිස්සු කියලා. ඒ නිසා මං ජනාධිපති වුණොත් නිහඬව ඉන්න හොඳ මිනිහෙක් නම් වෙන්නෙ නෑ. හොරකම නැති වුණාම, යහපාලනය ඇති වුණාම මිනිස්සු නම්බුව ගැන හිතන්න පටන් ගන්නවා. නම්බුව ගැන හිතන සමාජයක් ඇති වෙන්න ඕන. අද දේශපාලනයේ ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නෙ මේ දේශපාලනඥයන්ගේ ලැජ්ජා නහර නැතිකම. ලැජ්ජා නැති මිනිහාට ඕනම හොරකමක් කරන්න පුළුවන්. ඕනම වංචාවක් කරන්න පුළුවන්. මං ජනාධිපති වුණොත් මුලින්ම නීතියට, ආගමට, නම්බුවට බය මිනිහෙක් හදනවා.
    ඇමෙරිකන් ජනාධිපති වගේ
    වෙනවා
    ______
    ඊළඟට තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ධුරයට මානසික රෝගියෙක් පත් වුණත් ඉවත් කරන්න බෑ. අපේ රටේ තියෙන විධායක බලය අන්තිම දරුණුයි. විධායකය අධිකරණයටවත් වගකියන්න ඕන නෑ. මොකද අගවිනිසුරු පත්කරන්නෙත් ජනාධිපතිවරයා. ජනාධිපති උසාවියට ගේන්න බෑ. අඩුම තරමේ ජනාධිපතිවරයාගේ ආර්යාවවත් ගේන්න බෑ. ආර්යාවට හදිසියේ දික්කසාද වෙන්න ඕන වුණොත්, එතැනදී රටේ දෙවැනි පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් කඩලා තියෙනවා. මං ආවොත් ඒ සිද්ධාන්ත සේරම වෙනස් කරනවා. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ ලක්‍ෂණ ලංකාවට ගේනවා.
    කකුළුවෙක් වෙන්නෙ නෑ
    ___________
    අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ මං හිතන්නේ දූෂණය. දූෂණය පටන්ගන්නෙම ජනාධිපති ධුරයෙන්. අපේ රටේ භයානක ත්‍රස්තවාදය ඉවරයි. නමුත් රටේ හැමදේම පටන් ගන්න මුල් පුරුක වෙලා තියෙන්නේ දූෂණය, වංචාව, හොරකම. මේක නැති කරනවා නම් කරන්න තියෙන එකම දේ තමයි ජනාධිපතිවරයා පරමාදර්ශ චරිතයක් විය යුතුයි. ඔහුට බෑ කකුළුවා වගේ ඇදේට ගිහින් අනෙක් අයට කෙළින් යන්න කියන්න. ඒක බුද්ධ ධර්මයේත් තියෙනවානේ. රජු අධාර්මික වුණාම ඇමැති මණ්ඩලය අධාර්මික වෙනවා. ඇමැති මණ්ඩලය අධාර්මික වුණාම නිලමෙලා අධාර්මික වෙනවා. නිලමෙලා අධාර්මික වුණාම රටවැසියා අධාර්මික වෙනවා. ඒක තමයි අද රටට වෙලා තියෙන්නෙ.
    ටෝනි ඇබර්ට්ගෙන් පාඩම් ගන්නවා
    __________
    ඕස්ට්‍රේලියාවේ ටෝනි ඇබර්ට්ගෙන් අපිට හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. ඒ නීතිය අපි මෙහේට ගේන්න ඕන. ටෝනි ඇබර්ට්ට අපේ ජනාධිපතිවරයා දුන්නා ප්‍රකෝටි ගාණක් වටිනා තෑග්ගක්. ඔහුට ඕස්ට්‍රේලියා නීතිය අනුව ඕස්ට්‍රේලියා අගමැති හැටියට ඩොලර් 750කට වඩා තෑග්ගක් භාරගන්න බෑ. ඩොලර් 750කට වැඩි තෑග්ගක් නම් ඔහු ඒක රාජ්‍ය භාණ්ඩාගාරයට දෙන්න ඕන. ඒ කියන්නේ පගා ගහන්න තහනම්. අද අපේ රට කොච්චර දූෂණය වෙලාද කිව්වොත් කවදාවත් අහලා නැති විදියට විනිසුරුවරු පගා ගහනවා. පොලිසිය කොන්ත්‍රාත් අරන් මිනී මරනවා. කවදාවත් අහලා නැති විදියට අද අධිකරණයට ඇමැතිලා ගිහින් තර්ජනය කරනවා. අද ආණ්ඩුව දීල තියෙනවා පූර්වාදර්ශයක් ඕනම දෙයක් කරලා දෑත් ශක්තිමත් කරන්න ගියා නම් ඔහු නි‍ෙදාස් කොට නිදහස් පුද්ගලයෙක් වෙනවා කියලා. ඒක මේ ජනාධිපති ධුරයේ තියෙන ඉතාම නරක තත්ත්වයක්. ඒක ජේ.ආර්.ගේ කාලෙත් වුණා. ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවත් ආවා. විජය කුමාරතුංග මහත්තයා සිරගත කළා. සොත්ති උපාලි වගේ මැරයෙක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට ආවා.
    ජනාධිපතිවරුන්ට කසාද බැඳීම
    තහනම්
    _________
    අද බලන්න කොනක ඉඳන් සියලු දෙනා හොරකම් කරනවා. මං ජනාධිපති වුණොත් ජනාධිපතිවරු අනිවාර්යයෙන්ම කසාද බඳින්න ඕන කියන එක නවත්තනවා. මොකද කසාද බැඳපු ගමන් ලොකු පවුල් සමාගමක් ඇතිවෙනවනේ. ජනාධිපතිවරයෙක් කසාද බඳින්න බෑ. අබ්දුල් කලාම් කසාද බැඳලා නෑ. ඩඩ්ලි සේනානායක මහත්තයා කසාද බැඳලා නෑ. ජනාධිපතිවරයෙක්ට පුතෙක් හිටියොත් ෆුල් ටයිම් එයා වැඩ කරන්නේ එයාගේ පුතා වෙනුවෙන්. රට වෙනුවෙන් වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා.
    නක්‍ෂත්‍රකරුවන්ටත් නීති දානවා
    ___________
    ඊළඟට ලංකාව විනාශ කරන්නේ රජයේ ඉන්න නක්‍ෂත්‍රකාරයොයි, ජේ‍යාතිර්වේදියොයි. ඒ අයට දීලා තියෙනවා ඩිප්ලොමැටික් පාස්පෝර්ට් සහ ජනපති උපදේශකකම්. ඒ අය තමයි මුළු ලංකාවේම ඉන්න දේශපාලනඥයන්ව නොමඟ යවන්නෙ. මේ අය ඕනම බොරුවක් අනාවැකියක් කියලා හොඳට බබ්බු වගේ ඉන්නවා. මං ආවොත් ඒ අය නීතිය ඉදිරියට ගේන්න ක්‍රමයක් හදනවා.
    අවමංගල සහ කසාදවලටත්
    ඇමැතිවරයෙක්
    ______
    ජනාධිපතිවරයා හැටියට මම උදේ ඉඳන් හවස් වෙනකල් උපන්දිනවලට කතා කරන්නෙ නෑ. උපන්දින උත්සවවලට, වෙඩින්වලට, අවමඟුල් හැම එකටම සහභාගි වෙන්නෙත් නෑ. ඒකට මම වෙනම කැබිනට් එකේ අවමංගල සහ කසාද කියලා ඇමැති කෙනෙක් පත් කරනවා. දැන් ඉන්න ඇමැතිවරු, මන්ත්‍රිවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු කරන්නේ දවසකට මළගෙවල් පහළොවකට විතර යනවා. කොටහළු මඟුල් පහකට විතර යනවා. ජනාධිපතිවරයකුගේ කාලය හරියට වටිනවා. ඒ නිසා මං වෙනුවෙන් අවමංගල ඇමැතිවරයා තමයි මල් වඩමක් එක්ක එතැනට සහභාගි වෙන්නෙ.
    ඩලස්ගේ තියරියත් ගේනවා
    _____
    ඊළඟට ඩලස් අලහප්පෙරුම කියපු නීතිය ගේනවා. මහජන මුදලින් හදන පාරවල්, ගොඩනැඟිලි, අධිවේගී මාර්ග එකකටවත් මගේ මූණ දැමීම තහනම්. මේ ළඟදී මගේ යාළුවෙක් චීනෙ ගියා. අධිවේගී මාර්ග හැමදාම හදනවලු. හදලා ඉවර වුණාට පස්සෙ වාහනවලට ඒ වෙලේම යන්න දෙනවා. දවස ගාණේ ඕපන් කරන්නෙ නෑ. ඒක විහිළු ක්‍රමයක්. ඇමෙරිකාවේ මීට ලොකු උමං මාර්ග හදනවා. විවෘත කරන්නේ ජනතාව.
    රත්තරන් රාජ්‍ය භාණ්ඩාගාරයට
    __________
    එල්.ටී.ටී.ඊ. එක කියන්නේ අග්නිදිග ආසියාවේ පෝසත්ම ත්‍රස්ත සංවිධානයක්. ජනරාල්ම කිව්වා එක පාරක් කිලෝ දෙසීයක රත්තරන් ලැබුණා කියලා. අද වෙනකල් ඒ මුදලට වුණු දෙයක් නෑ. මම ඒ මුදල් සේරම රාජ්‍ය භාණ්ඩාගාරයට ලබාගෙන ඒක ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවනවා.
    මේක පිම්පි රටක් කරන්න
    ඉඩදෙන්නෙ නෑ
    _____
    අපේ රටේ අම්මලා අක්කලා නංගිලා ලිංගික සේවාවන් වෙනුවෙන් මැද පෙරදිගට විකිණීම නතර කරලා පුහුණු ශ්‍රමිකයන්ව පිටරට යවනවා. නමට විතරක් ආසියාවේ ආශ්චර්යය කියන්නේ නැතිව සැබවින්ම ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනවා. ඒ වගේම මං කරන හැමදේටම මං වගකියනවා, උසාවි යනවා.
    ලී ක්වාන් යූ කළා වගේ කරනවා
    අද අපේ පැත්තෙන් ආණ්ඩුවට ගිහින් ඉන්න බොහෝ දෙනකුට නීති ප්‍රශ්න තියෙනවා. අපි බලයට පත්වුණ ගමන්ම ඒ දූෂිතයෝ ටික අනිවාර්යයෙන්ම මේ පැත්තට පනිනවා. මං ජනාධිපති වුණොත් එහෙම එන්න බෑ. අපේ පැත්තට එන්න ඕන නම් නීතිය ඉදිරියට ගිහින් නඩුවක් අහලා නි‍ෙදාස්කොට නිදහස් වෙලා එන්න පුළුවන්. නැත්නම් බෑ. ලී ක්වාන් යූගේ රටේ එහෙම තියෙනවා.
    විමල්ට ගෙවල් බෙදන්න බෑ
    ______
    ඒ වගේම කලාකරුවන් මං වෙනුවෙන් මහරජාණෝ කියලා සින්දු කියන්න ඕන නෑ. මාව ශාක්‍ය වංසික බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කරන්න ඕනත් නෑ. මම මේ මීගමුවේ කොච්චිකඩේ ඉපදුණු සාමාන්‍ය මිනිහෙක්. අනෙක් අතට ජනතාව අතර අද ලොකු වැරැදි මතයක් තියෙනවා විමල් කලාකරුවන්ට ගෙවල් දෙනවා කියලා. ‘විමල් කොස්තාට ගෙයක් දෙයි’, විමල් චිත්‍රා වාකිෂ්ඨට ගෙයක් දෙයි කියලා’. මේ ගෙවල් විමල් කළුතර ඔහුගේ ගමේ අම්මාගේ අප්පගේ බූදලෙන් දෙන ගෙවල් නෙවෙයි. මහජනතාවගේ මුදල්වලින් දෙන ගෙවල්. මං ආවොත් එහෙම විමල්ට ගෙවල් දෙන්න බෑ. නිවාස සංවර්ධන අධිකාරියට ගෙවල් දෙන්න පුළුවන්.
    හර්ෂ නැත්නම් එරාන් එයි
    _____-
    මගේ අගමැති විදියට මං කැමැතියි නම් කරන්න හර්ෂ ද සිල්වා වගේ කෙනෙක්. මොකද ඔහුට හොඳ ඥානයක් තියෙනවා. ආචාර්යවරයෙක්. ඔහු නැත්නම් එරාන් වික්‍රමරත්න වගේ කෙනෙක් හොඳයි.
    අනුර නැත්නම් හඳුන්නෙත්ති ඕන
    _______
    මේ දූෂිත සමාජයේ හොරු ඉන්නවාමයි. හොරු අල්ලලා දෙන්න නම් අනුර කුමාර හරි හඳුන්නෙත්ති හරි විපක්‍ෂ නායකකමට එනවා නම් හොඳයි.
    සුභාෂිණී ගුණරත්න

    ගත්තේ මාද්‍යවේදියා ගෙන් ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    නියම කතා ටිකක්.. රන්ජන්ගේ කතා කොහොමත් හොදයි.. :yes: