බුද්ධි_මට්ටම

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    බුද්ධි මට්ටම අතින් අපි ඉන්නේ පහළ මට්ටමක - ආචාර්ය අසන්තා අත්තනායක

    ලෝකයේ අනෙක් රටවල බුද්ධි මට්ටම් හා සැලකීමේදී අප සිටින්නේ ඉතා කනගාටුදායක තත්ත්වයක යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය අද (10) ප්‍රකාශ කළාය.

    සාක්ෂාරතාව සියයට 98ක් යැයි මහ ඉහළින් කීවත් බුද්ධි මට්ටම අතින් අප පහළ මට්ටමක සිටින්නේ යැයි ද සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම යනු හාත්පසින්ම වෙනස් මිණුම් දඬු දෙකක් යැයි ද ඇය කීවාය.

    ලෝකයේ සම්මත ආකාරවලට අනුව බුද්ධි මට්ටම ගණනය කරන බවත් එහිදි අප අයත් වන්නේ 72ත් 82ත් අතර බුද්ධි මට්ටම් ස්ථරයට බවත් තවත් පහළට වැටුණහොත් අපි මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා යැයි ද ආචාර්ය අත්තනායක මහත්මිය පැවැසුවාය.

    බී.ඒ.ඩී ජයන්තර වීරසිංහ මහතා රචිත ‘ජීවිතය ජයගන්නට මා ආ ගමන් මඟ’ කෘතිය සම්බන්ධයෙන් රාජගිරිය ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පැවැති කතිකාවකදී අදහස් දක්වමින් ආචාර්ය අසන්තා අත්තනායක මහත්මිය එම කරුණු කීවාය.

    “අපිට සමාජයේ වෙන දේවල් දැක්කම ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. බුද්ධි මට්ටම ඉහළම රටවල් අතර ඉදිරියෙන්ම ඉන්නේ දකුණු කොරියාව. ඉන් අනතුරුව ජපානයත් ඊට පසු යුරෝපා රටවල් සිටිනවා. ඉන්දියාවත් අපට වඩා ඉදිරියෙන් ඉන්නවා. දකුණු කොරියාවේ බුද්ධි මට්ටම 102. ඉන්දියාවේ 84යි. අපි ඉන්දියාවටත් පස්සෙන් ඉන්නේ.

    අපි සාක්ෂරතාව වැඩි කියලා මහ ලොකුවට කියනවා. සාක්ෂරතාව කියන්නේ තමන්ගේ නම ලිවීමට හා කියවීමට ඇති හැකියාවයි. සාක්ෂරතාව සහ බුද්ධි මට්ටම කියන්නේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමවේද ගැන සතුටු වෙන්න බැහැ.

    බුද්ධි මට්ටම ගත්තාම මේවා ජාත්‍යන්තර ඒවා බටහිර දේවල් කියලා ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන්. විවේචන කරන්න පුළුවන්. එහෙත් අපි ඉන්නේ කනගාටුදායක තත්ත්වයක. මේ මිණුම් දඬු ජාත්‍යන්තරය පිළිගන්නවා.

    මේ ගැන බොහෝ දේ අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. බුද්ධි මට්ටම දර්ශකයක් තිබෙනවා. මෙය අපේ සමාජයේ අපේ රටේ හරස්කඩක්.

    අපි ඉන්නේ මන්දබුද්ධික මට්ටම් සීමාවේ. අපි තවත් පහළට ගියොත් මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා. මේවා මම කියන දේවල් නෙමෙයි. අන්තර්ජාලයෙන් හෝ පත පොතින් මේ දේවල් බලන්න පුළුවන්.

    මගේ ස්වාමිපුරුෂයා විදේශිකයෙක්. ඔහුත් මේ දේවල් සම්බන්ධයෙන් උනන්දුයි. ඔහු අපේ රට දෙස බලන්නේ වෙනස් විදියකට. විදේශිකයෙක් විදියට. රටක් දියුණු කරන්නට සමාජ ස්ථර දෙකක් පිරිස් වර්ග දෙකක් අවශ්‍ය බව ඔහු කියනවා. එහෙත් ඒ කොට්ඨාශ දෙකම අපේ රටේ නැති නිසා අපේ රට දියුණු කරන්න බැහැ කියලා ඔහු කියනවා.

    මේ කොටස් දෙකෙන් පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.

    එහෙත් අරගල කරන්න මිනිස්සු නැහැ අපේ රටේ. හිතන්න මිනිස්සු නැහැ. දැක්මක් තිබෙන බුද්ධිමතුන් නැහැ. ඉහත කියපු ස්ථර දෙක නැතිනම් කොටස් දෙකම අපේ රටේ නැහැ.

    අපේ චින්තකයෝ, දාර්ශනිකයෝ, බුද්ධිමතුන් බොහෝමයක් රට අත්හැරලා ගිහින්. අපේ රටේ දුප්පත් ජනතාවගෙන් බොහෝමයක් මැද පෙරදිග හෝ වෙනත් රටවල ශ්‍රමික සේවයට ගිහින්. අපේ රටේ දැන් ඉන්නේ මැද ජනතාව නැතිනම් සාමාන්‍ය ජනතාව. ඔවුන් සාමාන්‍යයි. ඔවුන්ට ඕනෑම සාමාන්‍යය තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන්. ඔවුන්ට ගැටලුවක් නැහැ.

    දුප්පත් ජනතාව සිටියා නම් අරගල කරනවා. සාමාන්‍ය ජනතාව අතින් එය සිදුවන්නේ අඩුවෙන්. අපේ රටේ තාර්කිකව හිතන මිනිස්සු අඩුයි. හේතු සොයාගන්නා ඒවා සාධාරණීයකරණය කරන ඒ වෙනුවෙන් පෙනී සිටින මිනිස්සු අඩුයි. අපේ ළමයි බුද්ධිමය අතින් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අපේ දරුවන්ව ඒ දේවල්වලින් මුදා ගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු බොහෝමයක් දේ තිබෙනවා.

    අපිට වරදින්න ගොඩක් හේතු තිබෙනවා. අපේ අධ්‍යාපනය විශාල අර්බුදයකට ගිහින් තියෙනවා. වෙනත් රටවල විභාග ක්‍රම වෙනස්. අධ්‍යාපන ක්‍රම වෙනස්. ඒ අතින් බලද්දි අපි ඉන්නේ ගොඩාක් පහළින්. අපි තවත් බොහෝ දේවල් කළ යුතුයි. අපි ආකල්පය අතිනුත් විශාල පිරිහීමකට ලක්වෙලා” යැයි ද ආචාර්යවරිය තවදුරටත් කීය.

    දේශපාලකයන් හැසිරෙන ආකාරයෙන් සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයෙන් මේ ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකි බවත් ඉහත කරුණු සම්බන්ධයෙන් පුදුමයට පත්විය යුතු නැති බවත් කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා මෙහිදි අදහස් දක්වමින් පැවැසීය.

    කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහතා ඇතුළු තවත් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    එරෝසන් වගේ එක එකාට කඩේ යන ගොබ්බයො හිටියම අනිත් මිනිස්සුන්ගෙ සැබෑ මතවාද යට යනවා.
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    ඇත්ත අපි හැමෝම පාට කන්නඩි දාන මෝඩ මිනිස්සු වෙලා, FB එකේ දවසට කොච්චර නම් බොරු පෝස්ට් ශෙයාර් වෙනව දකිනවද? ජාතියක් වශයෙන් අපි හෙන පව් බොලව්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇත්ත අපි හැමෝම පාට කන්නඩි දාන මෝඩ මිනිස්සු වෙලා, FB එකේ දවසට කොච්චර නම් බොරු පෝස්ට් ශෙයාර් වෙනව දකිනවද? ජාතියක් වශයෙන් අපි හෙන පව් බොලව්

    අපි හැමෝම කියන එකත් වැරදියි මචන්. අපිටත් ඕන රටේ පොසිටිව් මතවාදයක් ඉදිරියට යනවා දකින්නනේ, ඔය ගොරක FB කාරයන්ව ප්‍රතික්ෂේප කරන සමාජයක් හදන එක අපි හැමෝගෙම යුතුකම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...
    අපි ඉන්නේ මන්දබුද්ධික මට්ටම් සීමාවේ. අපි තවත් පහළට ගියොත් මන්ද බුද්ධික මට්ටමට පත්වෙනවා. මේවා මම කියන දේවල් නෙමෙයි. අන්තර්ජාලයෙන් හෝ පත පොතින් මේ දේවල් බලන්න පුළුවන්.
    ...
    මගේ ස්වාමිපුරුෂයා විදේශිකයෙක්.

    read between the lines.:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    සහතික ඇත්ත. සිංහලු කියන්නේ ඉතාම මන්ධ බුද්ධික ජාතියක්. නිකන් දෙන අධ්‍යාපනේ නිසා පාසල් ගිහින් ලියන්න කියවන්න උගත් උනාට හෙනම ගොන් වාහෙලා ඉන්නේ. දකුණු ඉන්දියන් ජාන එහෙම පිටින්ම. මේක රිජනල් ප්‍රශ්නයක්.

    2500 උන් රිදිලා දුවගෙන එයි.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    බුද්ධිමත් මිනිස්සු සංවාද කරන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ වාචාල හෙන්චයියන්ගේ ගැරහීමට සමච්චලේට ලක් වෙන්න කැමති නැති නිසා.

    හොඳම උදාහරනේ තමයි උපුල්pdn එක්ක එරෝසන් ඊයේ පෙරේද ඇරගත්ත එක. ඒ වගේ උනාම උපුල් වගේ ඉංජිනේරුවො එරෝසන් වගේ හාල් කෑලි වලින් බලු කතා අහගන්න වෙන නිසා කට වහන් වැල යන පැත්තට මැස්ස ගහන්න පුරුදු වෙනවා.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    gon ralak inn parlimentuwa baluwama on kenekta kiyanna puluwan lankawe buddi mattama. lankawe bahutarayak unn patta horu tawa minihekta kelawanna tami try eka.
    ඔවුන් උගුල් ඇටවිමට දක්ශයෝය. මෙවැනි උගුල් අටවන්නන් මා කිසිදින දැක නොමැත-රොබට් නොක්ස් (එදා හෙළ දිව )
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුද්ධිමත් මිනිස්සු සංවාද කරන්න ඉදිරිපත් වෙන්නෙ නැත්තෙ වාචාල හෙන්චයියන්ගේ ගැරහීමට සමච්චලේට ලක් වෙන්න කැමති නැති නිසා.

    හොඳම උදාහරනේ තමයි උපුල්pdn එක්ක එරෝසන් ඊයේ පෙරේද ඇරගත්ත එක. ඒ වගේ උනාම උපුල් වගේ ඉංජිනේරුවො එරෝසන් වගේ හාල් කෑලි වලින් බලු කතා අහගන්න වෙන නිසා කට වහන් වැල යන පැත්තට මැස්ස ගහන්න පුරුදු වෙනවා.

    කරන වුර්තියෙනුත් බුද්ධි මට්ටම හොයන්න බෑ සහෝ.. :lol:

    උබට මෙතන තියෙන්නේ වෙනම propaganda එකක්...

    එක කෙලින්ම කියපන් , ගොන් ආතල් නොදී...
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    gon ralak inn parlimentuwa baluwama on kenekta kiyanna puluwan lankawe buddi mattama. lankawe bahutarayak unn patta horu tawa minihekta kelawanna tami try eka.
    ඔවුන් උගුල් ඇටවිමට දක්ශයෝය. මෙවැනි උගුල් අටවන්නන් මා කිසිදින දැක නොමැත-රොබට් නොක්ස් (එදා හෙළ දිව )

    සිරාවට බන්.... පාර්ලිමේන්තුව ගැනනම් කියල වැඩක් නෑ.

    මාත් අහල තියනවා නොක්ස් එහෙම කියල තියනවා කියල.

    මමනම් හිතන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම පරිණාමය වෙන්න කලින් ඉන්ටර්නෙට් මොබයිල් ෆෝන් වගේ ටෙක්නොලොජීස් ආපු එකෙනුත් බුද්ධිමත් සංවාද යට ගියා. ඕන මෝඩයෙකුට දැන් පුළුවන් කී බෝඩ් වීරයෙක් වෙන්න. විවේචනය කිරීමේදී වෙන රටවල්වල මිනිස්සුන්ට ස්වයං පාලනයක් තියනවා.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    කරන වුර්තියෙනුත් බුද්ධි මට්ටම හොයන්න බෑ සහෝ.. :lol:

    උබට මෙතන තියෙන්නේ වෙනම propaganda එකක්...

    එක කෙලින්ම කියපන් , ගොන් ආතල් නොදී...

    මගේ ඇති ප්‍රොපගැන්ඩා එකක් නෑ බන්. උඹට එහෙම හිතෙනවනම් උඹ එහෙම හිතාගනින්.

    බුද්ධිමට්ටම කියන එක වුර්තියෙන් මනින්න බෑ කියන එක මම පිලිගන්නවා. ඒක ගොඩක් ලොකු ටොපික් එකක්නෙ..

    දැන් සාමන්‍ය ප්‍රැක්ටිකල් ලෝකෙට ඇවිල්ල බලපන්කො වුර්තීය නිපුනත්වයක් තියන කෙනෙක්ගෙන් සමාජයට ලොකු සේවයක් වෙනකොට එහෙම නිපුණතාවයක් නැති කෙනෙක්ගෙන් මොකද වෙන්නෙ කියල. හැම දේම සාපේක්ෂයි බන්. මම ගත්තෙ උදාහරණයක් විතරයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ ඇති ප්‍රොපගැන්ඩා එකක් නෑ බන්. උඹට එහෙම හිතෙනවනම් උඹ එහෙම හිතාගනින්.

    බුද්ධිමට්ටම කියන එක වුර්තියෙන් මනින්න බෑ කියන එක මම පිලිගන්නවා. ඒක ගොඩක් ලොකු ටොපික් එකක්නෙ..

    දැන් සාමන්‍ය ප්‍රැක්ටිකල් ලෝකෙට ඇවිල්ල බලපන්කො වුර්තීය නිපුනත්වයක් තියන කෙනෙක්ගෙන් සමාජයට ලොකු සේවයක් වෙනකොට එහෙම නිපුණතාවයක් නැති කෙනෙක්ගෙන් මොකද වෙන්නෙ කියල. හැම දේම සාපේක්ෂයි බන්. මම ගත්තෙ උදාහරණයක් විතරයි.

    සාමාන්‍ය සමාජේ ඉංජිනේරුවෝ බුද්ධිමත් කියන කියන්න පුළුවන් ඉස්කෝලේ නොගිය කුලී වැඩ කරන එකෙක්ට වඩා....

    එත් ඉංජිනේරුවයි වෙනත් වුර්තියක් කරන කෙනෙක්වයි සන්සන්ධනය කරොත් ඉංජිනෙරුවට අනිත් කෙනාට වඩා 'දැනුමක්' තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන විතරයි....

    මෙතන ඉරෝසන්ට මඩක් ගහන එක තමයි ඔයාගෙ අරමුණ කියල තේරෙනවා.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සාමාන්‍ය සමාජේ ඉංජිනේරුවෝ බුද්ධිමත් කියන කියන්න පුළුවන් ඉස්කෝලේ නොගිය කුලී වැඩ කරන එකෙක්ට වඩා....

    එත් ඉංජිනේරුවයි වෙනත් වුර්තියක් කරන කෙනෙක්වයි සන්සන්ධනය කරොත් ඉංජිනෙරුවට අනිත් කෙනාට වඩා 'දැනුමක්' තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන විතරයි....

    මෙතන ඉරෝසන්ට මඩක් ගහන එක තමයි ඔයාගෙ අරමුණ කියල තේරෙනවා.

    ඒ වගේම මචන් ඕනෑම වුර්තිකයෙක් තමන්ගෙන් සමාජයට දෙන්න ඕන දේ දෙනවනම් විතරයි උගේ බුද්ධියෙන් වැඩක් තියෙන්නෙ.

    මම කොච්චර කිවුවත් උඹ ඉන්නෙ මම එරෝසන්ට මඩ ගහන පරමාර්තෙන් මේක දැම්ම කියල.

    EK එකේ උගේ ස්ටේටස් වලට මඩ ගහන්න මම ඌ තරම් පොරක් නෙමේනෙ බන්. උදාහරණයක් විදිහට විතරයි උගේ අයි ඩී එක කෝට් කරේ.

    එක අතකට EK එකේ වෙන දේවල් වල විදිහට උඹ එහෙම හිතන එක ගැන මට කනගාටුවක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍ය සමාජේ ඉංජිනේරුවෝ බුද්ධිමත් කියන කියන්න පුළුවන් ඉස්කෝලේ නොගිය කුලී වැඩ කරන එකෙක්ට වඩා....

    එත් ඉංජිනේරුවයි වෙනත් වුර්තියක් කරන කෙනෙක්වයි සන්සන්ධනය කරොත් ඉංජිනෙරුවට අනිත් කෙනාට වඩා 'දැනුමක්' තියෙන්නේ ඔහුගේ ඉංජිනේරු ක්ෂේත්‍රය ගැන විතරයි....

    මෙතන ඉරෝසන්ට මඩක් ගහන එක තමයි ඔයාගෙ අරමුණ කියල තේරෙනවා.
    හෑ :shocked: කසුනා කවද ඉඳන්ද එරෝසන්ගේ රෙදි හෝදන්න ගත්තේ :baffled: