බුද්ධ චරිතය ඇත්ත චරිතයක් ද ?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බුදුන් වහන්ස‍ේ එ‍ෙතිහාසිකව ජීවත්උන පුද්ගලය‍ෙක් .. එයට අවශ්‍ය සාධක ඕන තරම් තිය‍ෙනවා . බ‍ෝධිසත්වයන් පස්මහ බැලුම් බලන්න‍ේ ඔය උඹ කියන කාරනා නිසා . උසස් කුලයක , ප‍ොහ‍ොසත් තැනක , යම් ප්‍රමානයකට හ‍ෝ ශීලය පුරන විචාරවශීලී මිනිසුන් සිටින ස්ථානයක් හා කාලයක් ( වැරදිලාවත් ඇමසන් කැල‍ේ ග‍්‍රාේත්‍රයක ඉපදුනානම් බුදු බනක් තිය‍ෙයිද ?) බලන්න‍ේ ව‍ෙනත් ගැටලු ඇති න‍ොවන්න .. අද වග‍ේ කාලයක උපන්නානම් සමහරවිට බුද්ධ ද‍ේශනාව‍ේ කිසිදු ප්‍රය‍ෝජනයක් නැතිව‍ෙයි . ම‍ොකද හැම ද‍ෙයක්ම විද්‍යාව‍ෙන් ඔප්පුවිය යුතුයි කියන පිරිසක් සිටින නිසා ... භ‍ෞතික රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා කරුණු ඔප්පුකරලා ප‍ෙන්වනවා වග‍ේ බුදු දහම ඔප්පුකරන්න බෑ. කියලා වත් න‍ොදන්න පුද්ගලයන් බහුතරයක් අතර බුදුවරු පහල උන‍ොත් ල‍ෝකයට වැඩකුත් නෑ . ඉන්න එවුන් අපාගතව‍ෙන එක විතරයි ව‍ෙන්න‍ේ...

    තුන්ව‍ෙනි ධර්ම සංඝායනාවට අශ‍ෝක රජුරුව‍ෝ බන කිව්වා කියලද අහලා තිය‍ෙන්න‍ේ .. අශ‍ෝක රජතුමා ක‍ෙරුව‍ේ ආරක්ෂාව හා ප්‍රත්‍ය පහසුකම් සැපයීම .... සියල්ලම කිරලා මැනලා නිවැරදි දහම සංඝායනා ක‍ෙරුව‍ේ රහතුන් වහන්ස‍ේලා ... රහතුන් වහන්ස‍ේලා බ‍ොරු කීමක් හ‍ෝ වැරදි අදහස් පැතිරවීමක් සිදු න‍ොකරයි ... එස‍ේ කිරීම‍ෙන් තමන්ට ලබාගතයුතු ද‍ෙයක් න‍ොමැති නිසා .. ඒනිසා තුන්වන ධර්ම සංඝායනවාට ජ‍ෛන මත ඇතුල්උන‍ේ නෑ. . හැබැයි පස්ස‍ෙකාල‍ේදී ආදි සංකරාචාර්ය නිසා බුදු දහම භාරතය‍ෙන් අතුගෑව‍ෙන තැනටම වැටුනා .... ඉන් පස්ස‍ේ නිර්මාංශිකවීම වග‍ේ කරුණු බුදුදහමට ඇතුලුව‍ෙන්න ඇති ...

    මහාවීර නම් ජෛන ආගමේ නිර්මාතෘ වරයාය. හෙතෙම තීර්ථංකර වරයෙකු ලෙස ජෛනයන් විසින් සළකනු ලබයි. සිද්ධාර්ථ කුමාරයා මෙන්ම මහාවීර වර්ධමානද රජ පවුලක උපත ලද කුමාරයෙකි. නමුත් ප්‍රබල ශ්‍රමණ සම්ප්‍රදාය වූ බුදුදහම හමුවේ මහාවීරගේ පරම අවිහිංසාවාදී තීර්ථක දර්ශනය බැස ගියේය. මහාවීරගේ ශ්‍රාවකයන් දහස් ගණනින් අවබෝධයෙන් බුදු සව්වන් වූහ. දස දහස් ගණනින් ප්‍රත්‍ය ලාභය හා රාජ්‍යානුග්‍රහය පතා බෞද්ධ ශ්‍රාවකයන් ලෙස පෙනී සිටියහ. මෙනිසා ඇතැම් විනය නීතිද පැණවීමට බුදු රජාණන් වහන්සේට සිදුවිය.

    මහාවීර නිගන්ඨ නාථ පුත්‍ර ජීවමාන කාලයේදීම තථාගතයෝද ජීවමාන වූහ. හින්දු ඉතිහාස ග්‍රන්ථ අනුව මහාවීර බුදුන්ට වඩා වසර කීපයක් වැඩුමහල්ය. ඔහු වයස 30 දී අභිනිෂ්ක්‍රමණය කළේය. බෞද්ධ ග්‍රන්ථ අනුව බුදුන් මහාවීරට වඩා වැඩුමහල් අතර බුදුන් වයස 29 දී අභිනිශ්ක්‍රමණය කළේය. නමුත් මේ දෙදෙනාම එකම කාල සීමාවකදී මධ්‍යම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය කළ බවට බෞද්ධ , හින්දු හා ජෛන මූල ග්‍රන්ථ සියල්ල එකග වේ. ඒ බුදුන් බුද්ධත්වයට පත් වූයේ වයස 35 දීය. මේ ආසන්න කාලයකදීම මහාවීට තීර්ථංකරත්වයට පත් වූ බව ප්‍රකාශ කරන්නට ඇති බව සිතිය හැක. එහෙත් මේ දෙදෙනාගෙන් කවරෙක් පළමුව නිෂ්ටාවට පත් වීදැයි විනිශ්චය කිරීමට කරුණු නැත. ඒ කාලය බොහෝ විඔට මාස ගණනක් හෝ වසර ගණනක් විය හැක.මේ සිද්ධිය රසල් වොලස් ඩාවින් සිද්ධියට සමාන වන්නේ එනිසායි.රසල්; වොලස් හා ඩාවින් සමකාලයේදී පරිණාමවාදය සොයාගත් අතර බුදුන් හා ජෛන මහාවීර සමකාලයේදී සොයාගත්තේ එකිනෙකට සපුරා වෙනස් එහෙත් ශ්‍රමණ සම්ප්‍රදායන් දෙකකි.

    මහාවීර හා බුදුන් සමකාලීනය. නමුත් සත්‍ය ලෙසම ඔහු හොරකම් කළේවත් . බුදුන් හොරකම් කළේවත් නැත. ඒ දර්ශන දෙක සම්පූර්ණයෙන් වෙනස්ය. මහාවීරගේ අග්‍ර දායක වූ උපාලි සිටුවරයා බුදුන් හා වාදයට පැමිණ පැරදී බෞද්ධයෙක් වී බුදුන්ට නොයෙක් ආරාම , උයන් පූජා කළ අතර ඒවා අදටත් උපාලිගේ නමින්ම ඇත. මහාවීරගේ ඤාතීන් වූ ලිච්ඡවීන් තුන් බිය නැති වූ කළ බෞද්ධයන් වූ අතර . ඔවුන් ගේ රාජ ධානියේ බෞද්ද විහාරස්ථාන සියගනනින් සෑදූහ. මේ දුකට මහාවීර ලය පැළී මිය ගියේයමහාවීරගේ ශ්‍රාවකයන් රොතු පිටින් බුදුදහමට එන්නට පටන් ගත්තේ අශෝක අධිරාජයාගේ සමයේදීය. මෙනිසා තුන්වන ධර්ම සංගායනාවක් අවශ්‍ය විය.

    වර්ධමාන මහාවීරගේ දර්ශනය ප්‍රායෝගික නොවූවකි. එය සර්වබලධාරි දෙවියන් මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන දර්ශනයක් වුවද පරම මිථ්යාදෘෂ්ටියක් වේ. ඔවුන්ගේ මෝක්ෂය නම් කේවල ධ්‍යානයයි. කේවල ධ්‍යානය නම් බුද්දහමේ දැක්වෙන ප්‍රථම ධ්‍යානය වේ. බුදු දහමේ මෝක්ෂය හා සසදන කළ ප්‍රථම ධ්‍යානය කුහුඹුවෙකි. එය ඉක්මවා තව බොහෝ දුරක් නිර්වාණය පිණිස ඇත. මහාවීර මරණයට පෙර ලබා සිටි ප්‍රථමධ්‍යානයෙන්ද පිරිහුණි. සියලු පැනින් වැළැකීම , නිරුවත්ව හිදීම , මග යන විට මොණර පිල් කළඹකින් පිස දමමින් යාම හා උග්‍ර තපෝ ව්‍රත රැකීම මහාවීරගේ ජෛන දර්ශනයේ ප්‍රතිපත්තීන් වේ. මේ සියල්ල බුදු දහමේ ප්‍රතික්ෂේපිතය. එනිසා ජෛන ආගම හා බුදු දහම සම්පූර්ණයෙන්ම වෙනස් වූ දර්ශනයන් දෙකකි.ජෛන ආගම භාරතයේ ජනප්‍රිය නොවිණි. නමුත් බුදු දහම . බුදුන් ධරමාන කාලයේදි , අශෝක අධිරාජයාගේ කාලයේදි , හර්ෂවර්ධන රජුගේ සමය , ගෝපාල හා ධර්මපාල යන පාල අධිරාජයන් දවස , ඉන්දියාවේ රාජ්‍යාගම විය. ඉන්දියාවෙන් බුදු දහම අතු ගෑම සදහා සියවස් ගණනක කුමණ්ත්‍රණයක් දියත් කිරීමට බ්‍රාහ්මණයන්ට සිදු විය. බැරිම තැන බුදුන් ලොව මවා පාලනය කරන ධර්මාරක්ෂක පරමේෂ්වරයන්ගේ නවවන අවතාරය කොට අද දක්වාත් ඇදහීමට භාජනය කරති. ජෛන ආගම බ්‍රාහ්මණයන්ට කිසිදු අවහිරයක් නොවූ අතර . එය අතු ගෑමට අවශ්‍යතාවයක් හින්දූන්ට නොවීය.

    ජෛන ආගමේ කල්ප සූත්‍රය ලියැවුනේ ක්‍රි.ව 1400දී පමණය.එනම් මහාවීරගේ මරණයෙන් වසර 1000කට පමණ පසුය.ඊට පෙර කිසි තැනක ජෛන මහාවීරගෙ ජීවිතය පිළිබඳව ලිඛිත සාක්ෂි හමු නොවේ.

    බුදුන්වහන්සේගේ ධර්මය ලියැවී වසර හයසීකට පමණ පසුව කල්ප සූත්‍රය ලියැවී ඇත.තවද බුදුදහම තුල ජෛන නිගන්ඨ තීර්තකයින් විසින් ඔවුන්ගේ ආගමට බුදුදහම නිසා පහර වැදුණු හෙයින් බුදුදහම අනුකරණය කරන ලදී.හින්දු ආගමට විශ්ණු ගේ අවතාරයක් ලෙස බුදුන් වහන්සේ ඇතුලත් වූයේද එහි ප්‍රථිපලයක් ලෙස වේ.

    සරලවම කිවහොත් ජෛන ආගම බුදුදහමේ දේවල් බොහෝ උකහාගෙන තිබෙන බව සැබෑය.මන්ද යත් අතීත ජෛන ආගමේ තිබුණේ අවිහිංසාවාදි ප්‍රතිපත්තිය පමණි.කර්මය පුනර්භවය නිවන ආදී සංකල්ප පළමුව ජෛන ආගම තුල හමුවන්නෙ කල්ප සූත්‍රයෙනි.එයද ක්‍රි.ව 1400දි ලියැවුන ලද්දකි.
    https://en.wikipedia.org/wiki/Kalpa_Sūtra

    බුද්ධ පරිණිර්වානයෙන් වසර 1000කට පමණ පසු ලියැවූ කල්ප සූත්‍රය ජෛන මහාවීරගෙ දේශනයක් නොවේ.එය හුදෙක් ජෛන භක්තිකයන්ගේ ලියැවිල්ලකි.බුදුන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ විසින්ම අරියපරියසේන සූත්‍රය බෝධිරාජ සූත්‍ර ආදී සූත්‍ර වලින් දේශනා කොට ඇත.

    මෙහි සදහන් බහුතරයක් කරුණු සමග මම එකග වෙනවා. නමුත් ඇතැම් කරුණු ඔබ පවසා ඇති පරිදිම සිදු වූ බව නිශ්චිතවම පැවසිය නොහැකියි. මෙය කියවන කෙනෙක් ඒ කරුණුම සත්‍ය යැයි සිතා මුළා වීම වැළක්වීම උදෙසා මේ කරුණු ටික කියන්නම්.

    පළමු කරුණ නම් මහාවීර ජෛන ආගමේ නිර්මාතෘ නොවීමයි. මහාවීර විසින් ජෛන ආගම තත්කාලීන සමාජය තුළ ප්‍රචලිත කරනු ලැබීය. ජෛන ආගමේ දී ජෛන දහම දේශනා කළ ජෛන ශාස්තෘවරු 23 දෙනෙක් පිළිබද කියැවේ.24 වෙනියා ලෙස මහාවීර‍ හදුන්වනු ලබයි. මෙය බුද්ධාගමේ අටවිසි බුදුවරුන්ගේ සංකල්පයට සමානය. නමුත් බුදු දහමේ දි බුදුවරු පහළ වන කාල පරාසය කල්ප ගණනින් වෙන් කර ඇත. එනම් අතිදීර්ඝය. එහෙත් ජෛන දහමෙහි දි ශාස්තෘවරු පහළ වීමට එතරම් දීර්ඝ කාලයක් ගත වී නොමැත. මහාවීර (නිගණ්ඨ නාථ) පහළ වන්නේ ඔහුට පෙර සිටි "පාර්ශ්වනාථ" නම් ජෛන ශාස්තෘවරයාගේ අභාවයෙන් වසර 250ක් ඉක්ම ගිය පසුවය.

    එසේ නම් නිගණ්ඨ නාථට පෙර සිටම ජෛන ආගම පැවතියේ ද? ඔව් පැවති බවට සාධක පවති. මොනවද ඒ සාධක? එහිලා පැරනිතම සාධකය ඍග් වේදයෙන් හමුවේ. එනම් ජෛන ආගමේ සූවිසි තීර්ථංකරයන්ගෙන් ආදිතමයා වන ඍෂභදේව පිළිබදව ඍග්වේදයේ සදහන් වීමයි(10 වන මණ්ඩලයේ 12 වන් සූක්තයේ 166 වන ඍච් එක) එසේම තවත් වැදගත් සාධකයක් වන්නේ විෂ්ණු පුරාණය තුළ ද ඔහු පිළිබද සදහන් වීමයි. ඊටත් එහා අතීතයට ගිය කල්හි මොහෙන්ජෝදාරෝ සහ හරප්පා කැනීම් වලදි හමු වූ නිරුවත් මානව රූප වලට අයිතිවාසිකම් කියන්නට හැකි එකම භාරතීය ආගම ජෛන ආගම වීමද සුළුවෙන් තැකිය හැකි නොවේ.

    දෙවන කරුණ නම් මහාවීර අවබෝධ කර ගත්තා යැයි පැවසෙන "කේවල් ධ්‍යානය" වනාහී ප්‍රථම ධ්‍යානය යැයි හැදින් වීමයි. සම්පූර්ණයෙන්ම සාවධ්‍ය මතයක් යයි සිතමි. මන්ද යත්, ජෛන ආගම තුළ කේවළ ධ්‍යානය/ ඥානය යනු සත්‍යය, දණ්ඩනය, ආත්ම දමනයේ හා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ උපරිම තලයට ලගාවීම ලෙස හදුන්වා තිබීමයි. ප්‍රථම ධ්‍යානය ලබා ගනීමට දැඩි වෘත අනුගමනය කළ යුතු නොවන බව පැහැදිලිය. එකල ප්‍රථම ධ්‍යානය ලැබූ ඍෂිවරු විශාල වශයෙන් විසූ බව බෞද්ධ කෘති තුළින් වුව පැහැදිළි වේ. උද්දකරාම පුත්තාදීහූ වූ කලී නේවසංඤ්ඤානාඤ්ඤායතනය වැනි අරූපාවචර ධ්‍යාන පවා උපදවාගෙන සිටි ඇදුරෝය. කේවල ඥානය වූ ජෛන ආගමට ආවේනික වූවකි. බෞද්ධයන්ට බුද්ධත්වය යම්සේ ද ජෛනයන්ට කේවල ඥානය එබදුය.

    තෙවැනි කරුණ නම් ජෛන ආගම තුල අවිහිංසාවාදය පමණක් අතීතයේ පැවති බව පැවසීම හා පසු කාලීනව කර්මය හා ආත්මය පිළිබද සංකල්ප පහළ වූ බව පැවසීමයි. මේ පිළිබද් පවසීමට ගියහොත් මෙය දීර්ඝ වෙන බැවින් කරුණු කිහිපයක් පමණක් කියමි. ජෛන තවුසන් කෙළෙස් තවන කතා කොතෙකුත් බෞද්ධ ග්‍රන්ථ තුළ හමුවේ. කෙලෙස් (ක‍ර්මයෝ) තැවීම ලෙස ඔවුන් අනුගමනය කලේ අත්තකිලමතානු යෝගයයි. කර්මයක් විශ්වාස නොකලේ නම් ශරීරයට අධික දුක් දෙමින් පෙර කළ කර්ම තැවීමට ඔවුහු උත්සහ කළේ ඇයි? ආත්මයක් පිළිබද ඔවුන් විශ්වාස නොකළේ නම් විමුක්තිය ලගා කර ගන්නේ කුමක් සදහාද?

    සතර වෙනි කරුණ නම් ජෛන පිටක ග්‍රන්ථයෝ ඔබ සිතන තරම් පශ්චාත් කාලීන නැත. චන්ද්‍රගුප්ත රජ දවස ජෛන ධර්ම සංගායනාවක් පැවතියහ. එහිදී ජෛන ධර්මය ග්‍රන්ථ 14කට අඩංගු කළහ. චන්ද්‍ර ගුප්ත වූ කලී අශෝක රජුගේ සීයා ය. අශෝක රජ දවස පැවැත් වූ 3 වන ධර්ම සංගායනාවෙන් ත්‍රිපිටකය සම්පූරණ විය. (ඊට පෙර භාණක පරපුර පැවතියහ. බෞද්ධයෝ පමණක් නොව සෑම ආගමක්ම පාහේ මුව පරම්පරාවෙන් ස්වකීය ලබ්ධිය රැගෙන ආහ.) එසේනම් ත්‍රිපිටකය අංග සම්පූරණ වීමට පෙර ජෛන ආගමේ ද එක් සංගායනාවක් තබා ග්‍රන්ථ සම්පාදනයක් කර තිබේ.

    මේ ආදි වශයෙන් කිව යුතු දෑ බොහෝ වුව මෙතකින් නිමා කරමි. නිර්වස්ත්‍ර වූ නිගණ්ඨයන්ගේ හෙළුව වැසීමට මට ඇවැසි නැති මුත්, යථාර්ථය පිළිගත යුතුව ඇත. බුදු දහම හා ජෛන ආගමෙහි හර පද්ධතිය එකිනෙකට වෙනස්ය. නමුත් ඒ දර්ශනවාද දෙකෙහි වූ ඇතැම් කරුණු එකිනෙකට මුසුවී ඇත.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    සමකාලීන භාරතීය දර්ශන වල එකම කරුණු repeat වෙන එකෙන් මටනන් හිතෙන්නෙ මේ ආගම් වලට තියෙන validity එක වැඩිවෙනව කියල. හැමෝම එකම දේ කියන්නෙ කරන්නෙ මොකක් හරි ඇති. ඔක්කොම වැඩ දාලා කැලෑවල භාවනා කරන හාමුදුරුවරු, සෘෂිවරු ඉන්නවනෙ.
     
    • Love
    Reactions: BruceWayne92

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    පෝස්ට් එකට තරමක් අනදාළ දෙයක්: මමනම් කියන්නෙ බුද්ධගෙ දර්ශනය විතරක් නෙමේ පුරාණ ඉන්දියාවෙ දර්ශණ සෙට් එකම අධ්‍යයනය නොවීම බුද්ධාගම ඉගෙනගන්න අය අතින් වෙන ලොකු අඩුපාඩුවක්. වේදික ධර්ම, උපනිෂද්, ජෛන මහාවීර, බුද්ධ, නාගර්ජුන, මීමම්සා වගේ අය වටා හැදුන විවිධාකාර ගුරුකුළ වලින් දැනුම සකස් වුනේ කොහොමද, ඒ කාරණා ඔවුන් එකිනෙකා අතින්ම අභ්යෝගයට සහ පසුව විකසනයට/සංශෝදනයට ලක් වුනේ කොහොමද කියන සම්පූර්ණ චිත්‍රය තේරුම් ගත්තයින් පස්සෙ ජනප්‍රිය (සිංහල) බුද්ධාගමේ තියෙන කර්මය, සංසාර සංකල්ප විතරක්නෙමේ සමහර සූත්‍ර කාරණා පවා අපිට බුද්ධාගමට ලියාගන්න අධිකාරයක් නැති බව පේන්න ගන්නව (එහෙම නෑ කියල හිතෙන්නෙ පසුබිම් දාර්ශනික සාකච්ඡා ගැන නොදැනුම නිසා). උදාහරණයක් විදිහට බුද්ධගෙ සංකල්ප වලට මහාවීර විසින් සිද්ධාර්ථ ඉපදෙද්දිම හදල තිබුන ජන විඥ්ඥාණය බලපෑමක් කරනව වගේම බුද්ධගෙ පරිණිර්වානයෙන් යම් කාලෙකට පස්සෙ නාගර්ජුන, බද්‍රායන, සූත්‍රමීමම්සා වගේ ගුරුකුළ සෙට් එකක් බුද්ධ කිව්ව දේවල් ලිහාගන්න අවුරුදු ගාණක කාලයක් පුරාවට විහිදෙන සාකච්ජාවක් යනව, ඒ අයගෙම දාර්ශනික අදහස් ගොඩනැංවීමට අමතරව. ඒ කෑල්ල සම්පූර්ණයෙන්ම මිස් වෙනව (සිංහල) බුද්ධාගම විතරක් ෆෝකස් කරන් හිටියොත්. නාලන්දාවෙ ඇතිඋන ඔය ගුරුකුළ බණ කිය කිය හිටියෙ නෑ...ඒ අය ශාස්ත්‍රීය කියැවීමක යෙදිල හිටියෙ. අනුගමනය කරන්න කලින් මේ දර්ශන වලින් මොන ලබ්බක් ගැනද කියන්නෙ කියන එක නිරවුල් කරගන්න එපැයි නේහ්.
    .
    .
    උඹේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවනම්; බුද්ධ කරේ මහාවීර කිව්ව දේවල්ම රීපැකේජ් කරපු එක කියන්න තරම් බොළඳ වෙන්නෙ නෑ මම. ඒ දෙකේ පැහැදිලි න්‍යායික වෙනස්කම් තියෙනව වගේම බුද්ධ අතින් ජෛන දර්ශනයට විරුද්ධව යන යම් යම් කොටස් එකතු වෙලා තියෙනව. ඒත් හුදී ජනයා අදහන ජනප්‍රිය බුද්ධාගම කියන එකේ අඩංගු වෙන ගොඩක් දේවල් ජෛන සංස්කෘතිය නිසාම බුද්ධට (හෝ බුද්ධ භාෂිතය පසුව ලේඛනගත වීමේදි) එකතු උන ඒව. ඒවත් බුද්ධදර්මයෙහි ලා සළකන එකේ ලොකු අවුලක් නෑ, කතෝලික ධර්මය ඇතුලෙ හෙලනික දර්ශනයෙ යම් යම් බලපෑම් තිබුනයි කියල ඒකට කතෝලික නොකිය ඉන්නෙ නෑනෙ. ඒත් බුද්ධ ගෙ දාර්ශනික දායකත්වය තියෙන්නෙ ඒ ජනප්‍රිය කෑල්ලෙන් එලියෙ. මම මේ කියන්න හදන්නෙ මිනිස්සුන්ගෙ කට වහරෙ තියෙන "කර්මය", "සංසාරය", "පුනර්උප්පත්ති" වගේ බුද්ධාගම කිව්ව ගමන් ඔලුවට එන පොප් කාරණා වල ඇත්තම ප්‍රභවය වෙන්නෙ මහාවීර (ඒව පොප් උන පළියට වැරදි කියල නෙමේ කිව්වෙ). ඕක ඉතින් අනාදිමත් කාලෙක ඉඳල ලංකාවෙ බුද්ධාගම රැකුනෙ බණ කියන සංස්කෘතියක විනා බණ සාකච්ඡා කරන සසංස්කෘතියක නොවීමෙ ප්‍රතිඵලයක් මං හිතන්නෙ.
    ජෛන ආගම හින්දු ආගම දෙකම මූලික වෙලා තියෙන්නේ ඊළග ආත්මේ ගැන මේ ආත්මේ පින් කරොත් ඊළග ආත්මේ නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් බුදු දහම එකට විරුද්ධයි බුදු හාමුදුරුවෝ දේශනා කරේ මේ ආත්මේ ම නිවන් දකින ක්‍රමයක් . බුදු දහමේ අතීතය අනාගතය ගැන කතා කරන්නේ නෑ වර්තමානයේ අපි ජීවත් වන මොහොත ගැන පමණයි. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව ශුන්‍ය තාවය තමයි බුදු දහමේ මූලික හරය.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කව්ද යකූ ත්රේඩ් එක මැද්දට "සමන්ත බඩ්ඩව" ඇදපු එකා😂😂😂
    උබ ඔය සමන්ත බඩ්ඩ කිය කිය අපහාස කරට
    ඒ මනුස්සයා විතර්යි බුදු දහම දර්ශනයක් විදියට හරියට දේශනා කරන්නේ. මිනිහගේ යටි අරමුණු ගැන නම් දන්නේ නෑ.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උබ ඔය කියන එක හැම ආගමකම තියෙනවා බන්...උන් ලියපුවාට උන් එහෙම තමයි කියාගන්නේ..අපහාසයක් කරනව නෙමෙයි..පොත ලියලා කියනව මන් මේක ලිව්වේ අහවල් අහවල් දේ ලබාගෙනයි...අහවල් බලයෙන්...උබල මේවා නිර්වචනය කරන්න එපා...මේකම බලපන් කියල...උබ ඔය කියන සර්ටිෆයිඩ් තත්වය පරික්ශා කරලද..නෑනෙ..

    ඔය කියන කාරනෙන් අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ නෑ මොක්ද ඒවත් එහෙමයි බන්...දැන් කතොලික ආගම ග්ත්තම ඒවයෙ පොත් පත් ලියල තියෙන්නේ දේවානුභාවයෙන් ලු..එහෙම නැත්තම් ඒවයෙ නිර්වචන දෙන්නේ ඒවයෙ එක්ස්පර්ට්ස්ලා ලු ..හැමොටම ඒව බැරිලු...ඔහොම තමයි හැම එකෙම වෙන්නේ...මාර්ග ඵල ලැබුවා කියනව වගේ තමයි කතෝලික අය කියන්නේ පාප්තුමාට නොවරදිනසුලු බව කියල එකක් තියෙනවා කියලා...ඒව එයාලම කියාගන්න දේවල්...

    මචන් දේවානුභාවය කියන්නේ එක දෙයක් බුදු දහමේ රහතන් වහන්සේ නමක් කියන්නේ තව කෙනෙක්. ඒක තමයි මම කිව්වේ බුදු දහමේ ඵලය තියෙන්නේ අනික් ආගම් වල වගේ මරනින් පස්සේ නෙවෙයි. දේවාරූඪ මොනවත් නෙවෙයි තමන් අවබෝධ කරගත්තට පස්සේ වෙන දෙයක්, එහෙම නැතුව අතරමැදියෙක් නැහැ. ජීවත් වෙලා ඉද්දිම ප්‍රායෝගිකව කරල බලන්න තියෙන දෙයක් ගැන තර්ක කර කර ඉන්න ඕනි නෑ. ඵලය තියෙන්නේ මරනින් පස්සේ නෙවෙයි. ජීවත් වෙලා ඉන්න කාලෙම කරගන්න ඕනි. ත්‍රිපිටකය හරියට එක මාතෘකාවක් උදා අපේ හිත ගැන තියෙන චැප්ටර් එකක් හරියට කියෙව්වොත් ඕක තෙරෙනවා.

    ග්‍රන්ථාරූඪ කරේ තනි කැමැත්තට නෙවෙයි. තව ඒ වගේම 1000 විතර හිමිවරු එකතු වෙලා. ලොකු කතාවක් තියෙනවා. එහෙම හරියටම දන්නේ නැතුව හැම එකම සම කරන්න බැහැ මචන්. එහෙම සම කරනවනන් කරුනු කාරනා හරියට දැනගන්න ඕනි. ඔය කතාව කියන්න පුලුවන් මහාවංසයට. මොකද ඒක කාලෙන් කාලෙට එක එක හිමිවරු ඇඩ් කරපුව තියෙන්නේ. ත්‍රිපිටකය කියන්නේ ඔක්කොම එකතු වෙලා එකම තීරනෙකින් එක පාර ග්‍රන්ථාරූඪ කරපු එකක්.
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    ගොඩක් රැඩිකල් සිංහලු ඔය හේතු නිසා තමයි බුදු දහම විවේචනය කරන්නෙ. බුදු හාමුදුරුවොන්ගෙ ජාතකේ හොයනවට වඩා උන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තා නම් ඔහොම හිතෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ දැන් ඉන්න රැඩිකල් නිරාගමික ඩයල් බුදු දහම ගැන දන්නෙ බුදුන් වහන්සේ යමා මහ පෙලහර පෑම, අදහාගත නොහැකි දේවල් කිරීම (නාලාගිරි දමනය) ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සෙ කියනවා මේක නම් තනිකරම බොරු මැජික් ආගමක්‍ කියලා. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්‍ය සත්‍ය, සතර සතිපට්ටානය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක් කවදාවත් ඔය වගේ හිතන්නෙ නෑ

    Really TRUE
     
    • Like
    Reactions: S_M_S and erozan

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජෛන ආගම හින්දු ආගම දෙකම මූලික වෙලා තියෙන්නේ ඊළග ආත්මේ ගැන මේ ආත්මේ පින් කරොත් ඊළග ආත්මේ නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් බුදු දහම එකට විරුද්ධයි බුදු හාමුදුරුවෝ දේශනා කරේ මේ ආත්මේ ම නිවන් දකින ක්‍රමයක් . බුදු දහමේ අතීතය අනාගතය ගැන කතා කරන්නේ නෑ වර්තමානයේ අපි ජීවත් වන මොහොත ගැන පමණයි. ඒ වගේම මධ්‍යම ප්‍රතිපදාව ශුන්‍ය තාවය තමයි බුදු දහමේ මූලික හරය.
    ඔයැයි මහායානිකද?
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා. බුද්ධ දර්ශනයෙන් මමනං ලොකු සහනයක් අරන් තියනවා. වාද කර කර ඉන්නේ නැතුව ප්‍රයෝජනේ ගන්න බලන්න.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Simple. Buduhamuduruwo kiyala kenek hitiyada nathda kiyana eka apita dan hoyanna bahane. Api e kale jeewath une nane. Una kiyana dewal wiswasa karannath bahane dakala nathi nisa. Eth buduhamuduruwo deshana karapu dharmaya aththada boruda kiyala therum ganna oka adaala wenne nahane. Ekata ona oluwakui therum ganime shakthiyai. Ithin buduhamuduruwo hitiya nathda kiyana hoyanna bari de gana wada nowi apita dan unath aththada boruda kiyala therum ganna puluwan unwahanse deshana karapu dharmaya gana hithuwoth narakada? Samaharawita kiyai ithin meka buduhamuduruwoma deshana karada danne nane kiyala. Kawru deshana karath kena nemeneh wadagath kiyala thiyena de witharai. ;) aththada boruda kiyala api therum ganna ona
     
    • Like
    Reactions: psenarath

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    ගොඩක් රැඩිකල් සිංහලු ඔය හේතු නිසා තමයි බුදු දහම විවේචනය කරන්නෙ. බුදු හාමුදුරුවොන්ගෙ ජාතකේ හොයනවට වඩා උන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තා නම් ඔහොම හිතෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ දැන් ඉන්න රැඩිකල් නිරාගමික ඩයල් බුදු දහම ගැන දන්නෙ බුදුන් වහන්සේ යමා මහ පෙලහර පෑම, අදහාගත නොහැකි දේවල් කිරීම (නාලාගිරි දමනය) ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සෙ කියනවා මේක නම් තනිකරම බොරු මැජික් ආගමක්‍ කියලා. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්‍ය සත්‍ය, සතර සතිපට්ටානය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක් කවදාවත් ඔය වගේ හිතන්නෙ නෑ
    eththata,ma hari machan, meke inna manasika leddu.. eka eka post danawa, ape inna moda gon sinhalayoo ewata comment dala pawu karagannawa... dharmaya awaboda karannath pinak thiyenna oni.. ekatawath pinak nethi ewun thama oya anan manan hoyanne... poor Sinhalese....
     
    • Like
    Reactions: psenarath

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ගොඩක් රැඩිකල් සිංහලු ඔය හේතු නිසා තමයි බුදු දහම විවේචනය කරන්නෙ. බුදු හාමුදුරුවොන්ගෙ ජාතකේ හොයනවට වඩා උන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගත්තා නම් ඔහොම හිතෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ දැන් ඉන්න රැඩිකල් නිරාගමික ඩයල් බුදු දහම ගැන දන්නෙ බුදුන් වහන්සේ යමා මහ පෙලහර පෑම, අදහාගත නොහැකි දේවල් කිරීම (නාලාගිරි දමනය) ඔන්න ඔය වගේ දේවල්. ඊට පස්සෙ කියනවා මේක නම් තනිකරම බොරු මැජික් ආගමක්‍ කියලා. විශ්වාස කරන නොකරන එක තමන්ගෙ වැඩක්. ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්‍ය සත්‍ය, සතර සතිපට්ටානය, පටිච්ච සමුප්පාදය, අභිධර්මය වගේ දේවල් ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක් කවදාවත් ඔය වගේ හිතන්නෙ නෑ

    බුද්දාගම මැජික් වගේ ආගමක් කියන උන්ට දෙය්යෙක් දවස් හතෙන් ලෝකේ මැව්ව. දවස් හතෙන් ලෝකේ මවපු දෙය්යට පෘථිවියට පණිවිඩයක් එවාගන්න බැරුව එකට ලොකු සෙල්ලමක් දාල පණිවිඩ කරුවෙක් හදල එවන්න උනා වගේ දේවල් පට්ට ලොජිකල් සහ සයන්ටිෆික් සංකල්ප.

    නූතන ලෝකයේ වැද්දෝ කියන්නෙ මුන්ට තමයි.