බුද්ධ පූජාව vs ක්ලාන්ත වී ඉන්නා දුගියාට ආහාර දී ඔහු සුවපත් කිරීම

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?
    දේශපාලන න්‍යාය අනුව මේ ප්‍ර‍ශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍ර‍තිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍ර‍ය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර‍ වන සේක.
    .....
    “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
    බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
    යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
    පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
    ......
    “මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
    බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍ර‍ශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍ර‍ශ්නය ය.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437

    අනිවා උබ මහමෙව්නාවේ ගොබ්බයෙක් ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,484
    1
    62,236
    113
    Mother Earth
    අනේ නිකන් පොන්න කතා කියන්න එපා යකෝ. බුදු හාමුදුරුවො කවදාවත් කිව්වෙ නෑ ඔහොම. ගෞතම බුද්ධා ඒ වගේ මෝඩ දේවල් කියල නෑ. නිගන්ඨ තට්ටයො ධර්මය විකුර්ති කරල තියෙන්නෙ. අර කන්න නැතුව මග වැටිල ඉන්න මිනිහට කෑම ටික දෙන්නැතුව මැටි පිළිමයක් ඉස්සරහ කෝඳුරුවො වහන්න කෑම තියල එනගමන් අරූ දිහා බල බල පව් පව් ගගා එන්නද කියන්නෙ ? අනේ හුකපන්.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    බුද්ධ පූජාව කියලා මැටි පිළිමයක් ඉස්සරහා ඔය කෑම ටික තියනවාට වඩා බඩගිනි මනුස්සයාට දෙන එක හොඳයි.

    ඔන්න බුදුහාමුදුරුවෝ ජීවත්ව ඉන්න කාළෙක උන්නාන්සේට පූජා කරනවා නම් ඒක හරි..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    ධර්ම විනිශ්චය
    ඥෙය්‍යසාගර පාරගත වූ මහා කාරුණික වූ අප භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දේශනය කරන ලද්දා වූ කර්මය, පුනරුත්පත්තිය, ත්‍රිලක්ෂණය, පඤ්චස්කන්ධය, ද්වාදශායතනය, ධාතු අටළොස, ඉන්ද්‍රිය දෙවිස්ස, ප්‍ර‍තීත්‍යසමුත්පාදය, චතුරාර්‍ය්‍ය සත්‍යය යනාදි ධර්ම සමූහය අතිශයින් ගැඹුරු ද සියුම් ද වන්නේ ය. උන් වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්‍මවිනය සංඛ්‍යාත පිටකත්‍ර‍ය ධර්‍මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍ර‍ශ්න ඇති වන්නේ ය. බුදුදහම කිලිටි කරනු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සඳහා උපදවන බොහෝ ප්‍ර‍ශ්න ද ඇත්තේ ය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින, තමන් දැන ඇති යම්කිසි සුළුදෙයකින් හිස ඉදිමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදි පින්කම් කරන, හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්‍ර‍ශ්න ද ඇත්තේ ය. භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍ර‍ශ්නවලට පිළිතුරු ලියා ප්‍ර‍සිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේ ය.

    බුරුමයේ විසූ ධර්‍මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍ර‍ශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් සම්පාදනය කරන ලද ධර්‍ම ග්‍ර‍න්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත් ව ඇත්තේ ය. ඒ ගණයට අයත් ධර්‍මග්‍ර‍න්ථ අපේ සාහිත්‍යයේ සුලභ නැත. අප රටේ ද එබඳු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්‍ම විනිශ්චය නමැති මේ ග්‍ර‍න්ථය සම්පාදනය කරන ලදි.

    අපේ දහම් පොත් කියවන ඇතැම් ගිහි පැවිදි පින්වතුන් විසින් අපෙන් අසන ලද්දා වූ ද, තැන් තැන්වලදී අන්‍යයන් කථාකරනු ඇසුණා වූ ද, ධර්ම ප්‍ර‍ශ්නවලින් තෝරා ගත්තා වූ ද, බොහෝ දෙන වරදවා තේරුම් ගෙන ඇති ඇතැම් කරුණු රටට පහදා දීම පිණිස, අප විසින් ම මතු කොට යොදන ලද්දා වූ ද, ප්‍ර‍ශ්න සියයකට පිළිතුරු ධර්මවිනිශ්චයේ මේ ප්‍ර‍ථම භාගයට ඇතුළු කොට ඇත්තේ ය.

    ඉදිරියටත් ලැබෙන ප්‍ර‍ශ්න එකතු කොට අවකාශ ලද හොත් මෙහි ද්විතීය භාගය සම්පාදනය කිරීමට බලාපොරොත්තු වෙමු. එයට ඇතුළත් කිරීමට සුදුසු ප්‍ර‍ශ්න අප වෙත ලියා එවුව හොත් ඒවාට පිළිතුරු මෙහි ද්විතීය භාගයට ඇතුළු කරනු ලැබේ. ඔබට යම්කිසි ප්‍ර‍ශ්නයක් ඇති නම් එය අප වෙත ලියා එවනු මැනවි.

    (මෙහි දෙවන ශතකයක් ලිවීමට නාහිමියන් සිතා සිටි නමුත් එවැන්නක් නොලියවුණු බවත්, 1997.07.04 වන දින උන්වහන්සේ අපවත් වූ බවත් සටහන් කරමු. - ගරු ලේකම්)

    චිරං තිට්ඨතු සද්ධම්මො.

    මීට, ශාසනස්ථිතිකාමි

    රේරුකානේ චන්දවිමල මහාස්ථවිර

    https://pitaka.lk/books/dharma-winishchaya/15.html
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    කාලාමයෙනි යමක් පැවසූ පමණින් එය භාර නොගනිව්: පරම්පරාවේ පැවැත එන නිසාවත්: එය එසේය යන ආරංචියෙන්වත්: ආගමික පොත්පත්වල තිබුනු පමණින්වත් තර්කය නිසා හෝ න්‍යායය නිසාවත්: මේ කාරනය කියා තිබෙන හැටි මැනැවැයි සිතාවත්: තමන් කලින් සිතූ අදහසට ගැළපුණු පමණින්වත්: මේ පුද්ගලයා සෑහෙන කෙනෙකැ, ඔහු කියන දෙය පිළිගත යුතුය සිතාවත්: මේ තැනැත්තා මාගේ ආචාර්යයන් වහන්සේය කියාවත් යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනිල මේ අයහපතැයි යම් දිනෙක තොපටම වැටහුනොත් එදින එය අතහැර දමව්: එසේම යහපතැයි තොපටම වැටහුනොත් එය පිළිපදිව්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,484
    1
    62,236
    113
    Mother Earth
    බුදුහාමුදුරුවෝ තමන්ට වඳින්න කියල දේශනා කරලා තියෙනවද?
    යෝ ධම්මං පස්සති සො මං පස්සති කියලනේ තියෙන්නෙ. මම හිතන්නෙ එහෙම කියල නෑ.
     
    • Like
    Reactions: topkollek

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය.
    පේනවා නේද රේරුකානේ හාමුදුරුවොත් ශේප් එකේ ප්‍රශ්නෙන් මාරු වෙන හැටි :lol:
    බුද්ධ පූජාව කියලා මැටි පිළිමයක් ඉස්සරහා ඔය කෑම ටික තියනවාට වඩා බඩගිනි මනුස්සයාට දෙන එක හොඳයි.

    ඔන්න බුදුහාමුදුරුවෝ ජීවත්ව ඉන්න කාළෙක උන්නාන්සේට පූජා කරනවා නම් ඒක හරි..
    මෝඩ බහුජ්ජ හතිකරේට ඕක fb එකේ තේරුම් කරවන්න ගිහින් මන් නිකම්ම මිත්යදෘෂ්ටිකයා කරලා අපායට visa ත් ගැහුවා
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඕකේ දෙපැත්තක් තියනවා. බුදු හාමුදුරුවෝ හිටියත් මුලින්ම කියන්නේ කන්න නැති මනුස්සයට කන්න දෙන්න කියලා. මොකද උන්වහන්සේ මිනිස්සුන්ට කන්න දෙන්න, දන්න දෙන්න කියලා ඕනිතරම් දේශනාවල කියලා තියනවා.

    මැටි පිළිමෙකට කන්න දෙන්නේ මොකද කියලා රැඩිකල් නිබ්බලා කියයි. ඒත් ඒ දානේ දෙන්නේ දානේ දෙන්න පුළ්වුඅන් උන්. ඒ දෙන්නේ ජීවමාන බුදුන් වහන්සේ ඉන්න්වා කියලා. උබලට දානේ දෙනන් බැරි නම් , දෙන්න බැරි උන් කට පියාගෙන හිටිය නම් ඉවරනේ. සල්ලි තියන උන් පුළුවන් විදියට දෙයි. එහෙම දානයක් දෙන්න හිතක් තියන උන්, සතෙක් දැක්කත්, මනුස්සයෙක් දැක්කත් කෑම දෙනවා. ඒත් කිසි දෙයක් නොදී, හැමදේම විවේචනය කරන උට්ටලා, තමුන්ගේ එකෙක් මළත් සතපහක් වියදම් කරන්නෙ නැ. ඒකයි ඇත්ත. හැබැයි මහමෙව්නාව වගේ නාස්ති කාර පූජවල්වලට දානේ කියන්න බෑ හොදේ. ඒවා මේකට අදාළ කර ගන්න එපා.
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    වල්පොල රාහුල හාමුදුරුවන් ගේ පොතකින්
    Screenshot_2023-05-13-16-00-39-571-edit_com.google.android.apps.docs_50.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,484
    1
    62,236
    113
    Mother Earth
    share කරාට tnx Vermox.❤️ වල්පොල හාමුදුරුවෝ ලියපු සත්‍යෝධය පොත PDF එක හම්බුනා. මේ ලින්ක් එකෙන් download කරගන්න පුළුවන්. Link

    e9d3Zb.jpg
    2clwEj.jpg

    සුපිරිම පොතක්. ඔයාලත් download කරලා බලන්න.
    ------ Post added on May 13, 2023 at 10:10 PM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    සත්‍යෝදය කියන්නෙ කිසිම තෙරුමක් නෑති පිස්සු පොතක්, දර්මය නොදන්න පිස්සන්ට හොන්ඩඉ ඔය වගෙ බහු බූත. මම ඔය පොත ගෑන කලින් Post කීපයක් පල කරල තියෙනවා. පහල එක බලන්න​

    https://elakiri.com/threads/සත්යෝදය-පොතේ-අති-ධර්මයට-පටහෑනි-කරුනු.1772886/

    http://Link

    මෙ තියෙන්නෙ තව Post එකක්. ඔකටත් මම reply කරල තියෙනව. ඔය Post දෙක කියෙව්ව නම් ඔය පොත ගෑන හොඩත තෙරෙනවා.
    https://elakiri.com/threads/මේ-පොත-කියවපු-අය.1768163/
    ------ Post added on May 14, 2023 at 6:28 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,484
    1
    62,236
    113
    Mother Earth

    සත්‍යෝදය කියන්නෙ කිසිම තෙරුමක් නෑති පිස්සු පොතක්, දර්මය නොදන්න පිස්සන්ට හොන්ඩඉ ඔය වගෙ බහු බූත. මම ඔය පොත ගෑන කලින් Post කීපයක් පල කරල තියෙනවා. පහල එක බලන්න​

    බොරු කියල මිනිස්සුන්ව රවට්ටල සල්ලි ගසා කාලා දිවියලෝක පෙන්නල වාසි ප්‍රයෝජන බලන් සැපේ ඉන්න තට්ටයොන්ට නම් මේ පොත වහ කදුරු වගේ. හෙන ගේමක් දෙනවා පොත decline කරන්න. අනේ හුකාපන් කියල තමයි කියන්න තියෙන්නෙ උබට. :) හිටපන්කො පොන්නයෝ මම මේ පොත ටයිප් සෙටින් කරල print කරල දන්න කීප දෙනකේට බෙදල දීල තමයි නිකන් ඉන්නෙ.:yes: