බුද්ධ පූජාව vs ක්ලාන්ත වී ඉන්නා දුගියාට ආහාර දී ඔහු සුවපත් කිරීම

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    වල්පොල රාහුල හාමුදුරුවන් ගේ පොතකින්
    View attachment 204942
    කහවනු පූජා වගේ විකාර, විනාසකාරී වැඩ කරන මහමෙව්නා නිකාය, රහත් වෙලා කියලා විකාර කියවන සමන්ත බඩ්ඩ වගේ ශාසන පාලුවෝ කරන විනාශය වලක්වා ගන්න වල්පොල රාහුල, මඩිහේ පඥ්ඤාසීහ, රේරුකානේ චන්දවිමල, ගංගොඩවිල සෝම වගේ යතිවරයන් වහන්සේලා දැනුයි ඉන්න තිබුනේ
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912

    ඒ කාලෙත් හිටියා බන්, ඔය බෝධී වන්දනා කියලා, සින්දු කියන්න පටන් ගත්තේ ඒ කාලේ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සත්‍යෝදය කියන්නෙ කිසිම තෙරුමක් නෑති පිස්සු පොතක්, දර්මය නොදන්න පිස්සන්ට හොන්ඩඉ ඔය වගෙ බහු බූත. මම ඔය පොත ගෑන කලින් Post කීපයක් පල කරල තියෙනවා. පහල එක බලන්න
    අඩෝ උබ අපි හිතපු තරම් ධාර්මික dial එකක්‌ නෙවෙයිනෙ බන් :rolleyes:
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,949
    4,360
    113
    ඕකේ දෙපැත්තක් තියෙනවා බං..

    1. මට දානයක් දෙන්න හිතුනොත් මම දෙන්නේ කන්න නැති අසරණ කෙනෙක්ට. පිළිමයකට නෙවේ...

    2. හැබැයි ගොඩක් වෙලාවට බුද්ධ පූජාවට ගරහන්නේ අසරණ මනුස්සයෙක්ට සත පනහක් වත් වියදම් නොකර උන්.
    කෙනෙක් පූජාවක් කරල සතුටක් ලබනවා නම්, කාටවත් හානියක් නැත්තම්, සල්ලිත් උගේ නම් කාටවත් තියෙන පුකේ අමාරුව මොකක්ද..? ඕවා විවිචනය කරන නිබ්බලා ශොට් එකක් දාගෙන ගන්නෙත් ආතල් එකක්, මනුස්සයෙක් පූජාවක් එහෙම කරල ගන්නෙත් වෙන විදියක ආතල් එකක්. එහෙනම් කියන්න පුළුවන් උබල ඔයා ගංජා ගහන, බොන සල්ලි වලින් අසරණ මනුස්සයෙක්ට උදවූවක් කරපංකෝ කියල.
     
    • Like
    Reactions: neo7x

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    @greenthunder මේක ගැන කොහොමද සූත්‍ර වල තියෙන්නෙ

    සූත්‍ර වල සඳහන් ඒවා බුදුන් ජීවමානව සිටිද්දීම ආනන්ද බෝධියට වන්දනා කරන්න ඉඩසලසා දීම සහ මහාපරිනිබ්බානසූත්‍රයෙදි ස්ථාන සතර සඳහන් කිරීම තමා මතක් වෙන්නේ. ඊට අමතරව ත්‍රිපිටකය පුරාම උන්වහන්සේත් අගයන්නේ සීලය සමාධිය ප්‍රඥාව සැපිරෙන ප්‍රතිපත්ති පූජාව තමා, ආමිසය නෙමෙයි.

    නමුත් අපි ඔතනදි "ආ වන්දනාව වැඩක් නැහැ" හෝ "වන්දනාව නැතුවම බෑ" වගේ මතවලට නොගිහින් ඕක ගැන ටිකක් කල්පනා කරලා බලන්න අවශ්‍යයි පැහැදිලි අවබෝධයකට එන්න.

    වැඳීම කියන්නෙ ගෞරවය, විශ්වාසය, පිලිගැනීම ප්‍රකාශ කරන ක්‍රමයක්. නිවැරදිව බුද්ධ වන්දනාව කරන කාලය තුල හිත පවතින්නේ කුසල සිතුවිලි වල. වන්දනාව නිතර කරන්න කරන්න ශ්‍රද්ධාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා, කුසල සිතුවිලි වල වැඩි කාලයක් හිත තබාගෙන ඉන්න පුරුදුවෙන්න අඩියක් තිබ්බා වෙනවා. එහෙම ශ්‍රද්ධාව වැඩිවීම තුල වන්දනාවෙන් එහාට ගිහින් දානයට යොමුවීමට, එතනිනුත් එහාට ගිහින් නිත්‍ය සීලයක් රකින්නත්, තවත් ඉදිරියට යාමක් විදිහට සමථ විපස්සනා භාවනාවන්ට යොමු වෙන්නත් මාර්ගය සකස් වෙනවා (පිලිවෙලින් දාන සීල භාවනා සකස් වෙනව) . මම හිතන්නේ බෞද්ධ සංස්කෘතිය තුල වන්දනාව කියන එක පවත්වාගෙන එන්නෙ ඔන්න ඔය පඩිපෙල සාමාන්‍ය මිනිස්සුන්ට සකස් කරලා දෙන්න ඕනෙ නිසා. බොහෝ වැඩ ඇති ගිහියන්ට වන්දනාවත් එපා කීවොත් ඒ අය කොතනින් පටන් ගන්නද ?

    Edited
    Clarification
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920

    මාත් මුලින් හිතුවෙ මොන බොරු වැඩක්ද මේ වදින එක කියල. ඒත් ඒකෙන් තමා කාගෙත් මුල පටන් ගන්නෙ කියල පස්සෙ තමා තේරුනෙ.
     
    • Like
    Reactions: greenthunder

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සූත්‍ර වල සඳහන් ඒවා බුදුන් ජීවමානව සිටිද්දීම ආනන්ද බෝධියට වන්දනා කරන්න ඉඩසලසා දීම සහ මහාපරිනිබ්බානසූත්‍රයෙදි ස්ථාන සතර සඳහන් කිරීම තමා මතක් වෙන්නේ. ඊට අමතරව ත්‍රිපිටකය පුරාම උන්වහන්සේත් අගයන්නේ සීලය සමාධිය ප්‍රඥාව සැපිරෙන ප්‍රතිපත්ති පූජාව තමා, ආමිසය නෙමෙයි.

    නමුත් අපි ඔතනදි "ආ වන්දනාව වැඩක් නැහැ" හෝ "වන්දනාව නැතුවම බෑ" වගේ මතවලට නොගිහින් ඕක ගැන ටිකක් කල්පනා කරලා බලන්න අවශ්‍යයි පැහැදිලි අවබෝධයකට එන්න.

    වැඳීම කියන්නෙ ගෞරවය, විශ්වාසය, පිලිගැනීම ප්‍රකාශ කරන ක්‍රමයක්. නිවැරදිව බුද්ධ වන්දනාව කරන කාලය තුල හිත පවතින්නේ කුසල සිතුවිලි වල. වන්දනාව නිතර කරන්න කරන්න ශ්‍රද්ධාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙනවා, කුසල සිතුවිලි වල වැඩි කාලයක් හිත තබාගෙන ඉන්න පුරුදුවෙන්න අඩියක් තිබ්බා වෙනවා. එහෙම ශ්‍රද්ධාව වැඩිවීම තුල වන්දනාවෙන් එහාට ගිහින් දානයට යොමුවීමට, එතනිනුත් එහාට ගිහින් නිත්‍ය සීලයක් රකින්නත්, තවත් ඉදිරියට යාමක් විදිහට සමථ විපස්සනා භාවනාවන්ට යොමු වෙන්නත් මාර්ගය සකස් වෙනවා (පිලිවෙලින් දාන සීල භාවනා සකස් වෙනව) . මම හිතන්නේ බෞද්ධ සංස්කෘතිය තුල වන්දනාව කියන එක පවත්වාගෙන එන්නෙ ඔන්න ඔය පඩිපෙල සාමාන්‍ය මිනිස්සුන්ට සකස් කරලා දෙන්න ඕනෙ නිසා. බොහෝ වැඩ ඇති ගිහියන්ට වන්දනාවත් එපා කීවොත් ඒ අය කොතනින් පටන් ගන්නද ?

    Edited
    Clarification
    මම බලාපොරොත්තු වෙන්නෙ කළු/සුදු වගේ උත්තරයක්. අළු පාට එකක් නෙවෙයි.

    හැබැයි මේ ප්‍රතිචාරය කියෙව්වම මට මම කල්පනා කර කර හිටපු වෙන ප්‍රශ්නෙකට උත්තරයක් ලැබුන.

    මගේ ප්‍රශ්නයට ලැබෙන උත්තරේ සැඟවිලා තියෙනවා බුදු දහම/ දර්ශනය කියන එක බුද්ධාගම බවට පත්වුන හැටි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    මම බලාපොරොත්තු වෙන්නෙ කළු/සුදු වගේ උත්තරයක්. අළු පාට එකක් නෙවෙයි.

    හැබැයි මේ ප්‍රතිචාරය කියෙව්වම මට මම කල්පනා කර කර හිටපු වෙන ප්‍රශ්නෙකට උත්තරයක් ලැබුන.

    මගේ ප්‍රශ්නයට ලැබෙන උත්තරේ සැඟවිලා තියෙනවා බුදු දහම/ දර්ශනය කියන එක බුද්ධාගම බවට පත්වුන හැටි.
    සින්හල බුද්ධාගම, තායිලන් බුද්ධාගම, ජපන් බුද්ධාගම වගේ වර්ශන් කියන්නෙ ඒ ඒ රටවල සන්ස්සකෘතිය එක්ක එකතු කරල ඔර්ජිනල් බුද්ධාගම පරිස්සන් කරල තියෙන හැටිත් ඔහොම්ම තමා.
    ආව ගමන් අපෝ මන්තර වැඩක් නෑ ඔව්වගෙන් වෙන දෙයක් නෑ නොකිය කෙලින්ම පිරිත් වලට මන්තර එකතු කරල ආ මේක අරගෙන යන්න ඕනි තැනකට කිව්වම පැවැත්ම තහවුරුයි.
    බෝධින්වහන්සෙලා ගෙනත් දීල ගස් වලට වදින්න මේ ගහ ටිකක් අනික් ගස් වලට වඩා විශේෂයි කිව්වම බෝධි වන්දනාව බෝධිපුජා ආව.

    දැන් බුද්ධාගම බටහිර රටවලට ගිහින් ඒවගෙ ප්ලාන්ට් වෙන්නෙත් ඒ විදියටම තමා. අපේ පන්සල් එහෙට හරි යන්නෙ නෑ. ඒ රටට හරියන විදියට ඒක සෙට් කරන්නෙ.

    ක්‍රිස්තියානි මුස්ලිම් අය නන් ඔහොම කරනවද දන්නෙ නෑ හැබැයි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    බොරු කියල මිනිස්සුන්ව රවට්ටල සල්ලි ගසා කාලා දිවියලෝක පෙන්නල වාසි ප්‍රයෝජන බලන් සැපේ ඉන්න තට්ටයොන්ට නම් මේ පොත වහ කදුරු වගේ. හෙන ගේමක් දෙනවා පොත decline කරන්න. අනේ හුකාපන් කියල තමයි කියන්න තියෙන්නෙ උබට. :) හිටපන්කො පොන්නයෝ මම මේ පොත ටයිප් සෙටින් කරල print කරල දන්න කීප දෙනකේට බෙදල දීල තමයි නිකන් ඉන්නෙ.:yes:
    පෝය දවසට පන්සල්වල බෙදුවා නම් හරි
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    පෝය දවසට පන්සල්වල බෙදුවා නම් හරි
    ඔය පොතේ එක තැනක තිබ්බා මෙහෙම, උදාහරණයක් විදියට ගන්න, දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නාගෙන් එක් කෙනෙක්ට විතරයී නිවන් යන්න පුලුවන්. එතකොට දෙන්නාගෙන් එක්කෙනෙක් අනිකාට අවස්තාව දෙනවා නිවන් යන්න. කවුද ඉස්සෙල්ලා ම නිවන් යන්නේ ?

    නිවන් යන්නත් නිවනට තශ්ණාවක් නොතිබෙන්න ඔනී. තේරුනාද මන්දා ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    ඔය පොතේ එක තැනක තිබ්බා මෙහෙම, උදාහරණයක් විදියට ගන්න, දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නාගෙන් එක් කෙනෙක්ට විතරයී නිවන් යන්න පුලුවන්. එතකොට දෙන්නාගෙන් එක්කෙනෙක් අනිකාට අවස්තාව දෙනවා නිවන් යන්න. කවුද ඉස්සෙල්ලා ම නිවන් යන්නේ ?

    නිවන් යන්නත් නිවනට තශ්ණාවක් නොතිබෙන්න ඔනී. තේරුනාද මන්දා ?
    ඒ කියන්නෙ බන් මැදුම් පිළිවෙත් නේ. සිරා බන්. පින් බලාපොරොත්තුවෙන් දාන මාන කරනව නම් ඒකත් තණ්හාවක් තමයි. උදාහරණයක් කියන්නම්. අපේ පන්සලේ ඉස්සරම මොකක් හරි පින් කමකට දායකත්වය දීපු කෙනෙක්ගෙ නම ලවුඩ්ස්පීකර් එකෙන් එනවුන්ස් කරල කිව්වෙ නෑ කියල හාමුදුරුවන්ට දොස් කිව්වා. ඔන්න මිනිස්සුන්ගෙ තණ්හාව.

    පෝය දවසට පන්සල්වල බෙදුවා නම් හරි
    අම්මෝහ් ඕක බෙදල දායක සභාව අපේ ගෙදර එයි රෙදි උස්සන්. මිනිස්සු ඇත්ත දකින්න කැමති නෑ. බොරුවෙන්ම රැවටිලා ඉන්නයි කැමති.
    ------ Post added on May 14, 2023 at 8:02 PM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    බොරු කියල මිනිස්සුන්ව රවට්ටල සල්ලි ගසා කාලා දිවියලෝක පෙන්නල වාසි ප්‍රයෝජන බලන් සැපේ ඉන්න තට්ටයොන්ට නම් මේ පොත වහ කදුරු වගේ. හෙන ගේමක් දෙනවා පොත decline කරන්න. අනේ හුකාපන් කියල තමයි කියන්න තියෙන්නෙ උබට. :) හිටපන්කො පොන්නයෝ මම මේ පොත ටයිප් සෙටින් කරල print කරල දන්න කීප දෙනකේට බෙදල දීල තමයි නිකන් ඉන්නෙ.:yes:
    මෙහෙමයි, සරලව කියනව නම් බුද්ද පූජව කරන්නේ බුදුන්ගේ ගුනයන් සදහා. බුදු ගුන සිහි කරන එකත් පිනක්. එතකොට ලොභ, දෙවේශ, මොහ සිතිවිලි නෙමෙ අපේ සිතේ පහල වෙන්නේ. කුසල් සිතිවිලි පහල වෙන්නේ . එක ලොකු පිනක්. එකවත් දන්නේ නෑති කෙනෙක් තමයි ඔය පොත ලියල තියෙන්නේ.
    .............................

    බුද්ද පූජව වෑදක් නෑත්නම් මයිත්‍රී භාවනාව කොහොමත් වෑඩ්ක් නෑහනෙ. මොකද මයිත්‍රී භවනාව කරඩ්දි අපි කියනව මම සුවපත් වේව , අනික් සියලුම සතුන් සුවපත් වේවා කියල. අපි එහෙම කිව්වම සුවපව වෙනවද? එහෙනම් ඔය කියන විඩිහට මයිත්‍රී භවනාවත් වෑඩක් නෑහ නේද?
    ....
    මොන මගුලටද එහෙනම් මයිත්‍රී භවනාවක් කරන්නේ? එක කරන්නේ එතකොට අපෙ සිත්‍රෙ තියෙන දෙවෙශය/ වයිරය නෑති වෙන්න. මයිත්‍රිය කියන්නෙ කුසලයක්. වයිරය කියන්නේ අකුසලයක්. බුද්ද පූජව කියන්නෙ පටන් ගෑනීමක්. එකෙන් නිවන් දකිය්න්න බෑහ. මොඩයන් ට මෙව තෙරෙන්නේ නෑහ. නිවන් දකින්න භවනා කරන්න ඔනි, එත් එකට ආරන්භයක් ගන්න , බුදුන් කෙරෙහි ශර්ද්දවක් ඈති කර ගන්න, තමයි බුද්ද් පූජව, මයිත්‍රී , දන් දෙන එක, සිල් රකින එක තියෙන්නේ. භවනා කරල තමයි නිවන් දකින්න ඔනි. ඔය සරල දෙ තෙරෙන්නෙ නෑති කෙනෙක් තමයි ඔය පොත ලියල තියෙන්නේ.

    බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස, පළමුව දක්වනු ලැබේ.
    සතර අපායට පත් නොවීම
    නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
    සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
    නිහතමානී ගති පැවතුම් ඇතිවීම
    ලෝකයාට ප්‍රියමනාප වීම
    බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
    දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
    අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
    තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
    භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
    පාපයට ලැජ්ජ භය වීම
    අධි කුසලයට සිත නැඹුරු වීම
    අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
    ගුණ, නුවණින් පිරිපුන් වීම
    පිටසක්වල නූපදීම
    අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
    උන්මන්තක නොවීම
    මිසිදිටු නොගැන්වීම
    මරණයට නොබියව මුහුණදීම
    මුහුණෙ වර්ණය පැහැපත්වීම
    වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
    බුදුබව පවා පැතීමට සිත නැමීම
    තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
    යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
    එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
    තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
    ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
    සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
    සම්මා දිට්ඨියෙහි පිහිටීම
    යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
    ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
    ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
    මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
    සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
    නපුරු සිහින නොපෙනීම
    භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම
    == බුදුගුණ භාවනාව වඩන හැටි ==
    බුද්ධානුස්සති භාවනාව අප කාටත් පහසු භාවනාවකි. මෙහිදී සිදු වන්නේ බුදු ගුණ මෙනෙහි කිරීම ය. ඒවා නව අරහාදි බුදු ගුණ වශයෙන් හැඳින්වෙයි. මෙම බුදු ගුණ නවය එක විට ගෙන භාවනා කරනු නොලැබේ. අරහං ගුණයට අයත් වාක්‍යය හොඳින් ප්‍රගුණ කරගත් පසු එයට ම සම්බන්ධ කරගෙන සම්මා සම්බුද්ධ ගුණයට අයත් වාක්‍යය ද ප්‍රගුණ කළ යුතු ය. එසේ එකිනෙක යා කරගනිමින් බුදු ගුණ නවය ම ප්‍රගුණ කරගැනීමෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි ය. මනසිකාර භාවනාවට යොමු විය යුත්තේ බුදු ගුණ පද නවය ම නිවැරදි ව නිරවුල් ව පැහැදිලි ව මෙනෙහි කිරීමට හුරු වූ කල්හි ම විය යුතු ය.
    පළමු කොට බුද්ධාලම්බන ප්‍රීතිය හිතට කාවද්දාගැනීමේ පහසුව සඳහා කුඩා ප්‍රමාණයේ හෝ බුදු රුවක් ඉදිරියෙන් තබාගැනීම යෝග්‍ය වේ. බුදු පිළිම වහන්සේට මල් පහන් සුවඳ දුම් පුදා තම භාවනා අසුනෙහි පහසු ඉරියව්වකින් වාඩි වී ‘බුද්ධාදි උතුමන් අනුගමනය කරන මම කුමන මාර බලයකින් වුව ද නොසැලෙමි’ යන දැඩි අදිටනින් යුතු ව භාවනාවට සූදානම් විය යුතු ය.
    අනතුරු ව ත්‍රිවිධ රත්නයට මාගේ ජීවිතය පූජා කරමි. ආචාර්ය-උපාධ්‍යායන්ට මාගේ ජීවිතය පූජා කරමි. මේ උතුම් පිළිවෙතින් ඒකාන්තයෙන් ම ජරා මරණාදි දුක්වලින් මිදෙමි’ යනුවෙන් ප්‍රාර්ථනා කළ යුතු ය. එසේ ම ස්වල්ප වේලාවක් තමන් ඇතුළු සියලු සත්ත්වයන්ට ම මෙත් වැඩිය යුතු ය. භාවනා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම මෙම පූර්ව කෘත්‍යයන් කිරීමට අමතක නොකළ යුතු ය.
    පළමුකොට ඔබ ඉදිරියේ තැන්පත් කරගත් බුදුරුව දෙස හොඳින් බලන්න. දෙනෙත් වසාගෙන සිටින විටත් ඔබ ඉදිරියෙහි බුදුරුව වැඩ සිටින බව පෙනෙනතෙක් ඇස ඇර බලමින් ඇස වසා බලමින් බුදු ගුණ මෙනෙහි කරන්න.
    ඔබ දෑස වසාගත් පසු ඔබ ඉදිරියෙහි ප්‍රදර්ශනය වන බුදු රජාණන් වහන්සේගේ රූපය දෙස බලමින් ‘ඉතිපිසෝ භගවා අරහං’ ආදි බුදු ගුණ ගාථාව බුදු බැතිය හා ප්‍රසාදය ඇති කරගනිමින් සිහින් හඬින් සජ්ඣායනා කරන්න. වාඩි වී සිටින ඉරියව්ව අපහසු වේ නම් සක්මන් ඉරියව්වෙන් භාවනා කරන්න. එසේ ම මෙම අභ්‍යාසය කරන කාලය ද අනුක්‍රමයෙන් වැඩි කරගන්න. මෙසේ උත්සාහයෙන් භාවනා කරන විට ඔබ තුළ යම් වෙනසක් දකින්නට ලැබෙනු ඇත. එනම් බුදු ගුණ නවය ඔබට හොඳින් ප්‍රගුණ වනු ඇත. බුදු ගුණ කෙරෙහි ඔබේ ගත සිත වඩාත් භක්තිමත් වනු ඇත. ඔබ තුළ දරදඬු ඕලාරික ගති ගුණ ඇත් නම් ඒවා යටපත් වී, සිත කය මැනවින් තැන්පත් වනු ඇත. බුදු ගුණ කෙරෙහි ම ඔබේ සිහිය පිහිටනු ඇත.
    එතැන් සිට පදවිභජන වශයෙන් බුදුගුණ භාවනාව ආරම්භ කළ යුතු ය. එය සිදු කරන්නේ මේ ආකාරයට ය:
    ඒ බුදු රජාණන් වහන්සේ අරහත් වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුදු වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සුගත වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ ලෝකවිදූ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ සත්තා දේවමනුස්සානං වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ බුද්ධ වන සේක. ඒ බුදු රජාණන් වහන්සේ භගවා වන සේක.
    මෙසේ මනා සිහියෙන් යුතු ව ඉරියව් පවත්වමින් භාවනා කරන්න. උත්සාහයෙන් භාවනා කරන විට ඔබේ සිත තුළ තවදුරටත් පරිවර්තනයක්-වෙනසක් දක්නට ලැබෙනු ඇත. ඔබේ සිත ලෝභ ද්වේෂ වැනි පාප සිතිවිලිවලින් බැහැර වනු ඇත.
    තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය බුද්ධ ගෞරවය ප්‍රීතිය කුශලච්ඡන්දය වීර්යය කයෙහි සිතෙහි සැහැල්ලු බව යන කරුණු ඔබ තුළින් දැකිය හැකි වනු ඇත.
    මෙම ආනිසංස ලැබූ පසු තවදුරටත් බුද්ධානුස්සති භාවනාව කරගෙන යෑමට අදහස් කරන ඔබ පදාර්ථවිභජන අභ්‍යාසය ආරම්භ කළ යුතු වෙයි. එනම් ඒ ඒ ගුණයට අයත් බුදු ගුණ විස්තරාත්මක වශයෙන් මෙනෙහි කිරීම යි. මෙම භාවනා අභ්‍යාසය වැඩි කාලයක් කළ යුතු වෙයි:
    “ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් දුරු කළ හෙයින් අරහත් වන සේක. ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විශිෂ්ට ඤාණයෙන් යුතු ධර්මයක් දක්නා ලද හෙයින් සම්මා සම්බුද්ධ වන සේක. ත්‍රිවිද්‍යාවෙන් සමන්විත බැවින් විජ්ජාචරණ සම්පන්න වන සේක.
    සුන්දර වචන ඇති හෙයින් සුගත වන සේක. චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් බැවින් ලෝකවිදූ වන සේක. දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් පුරිසදම්මසාරථි වන සේක. දෙව් මිනිසුන්ට අනුශාසනා කළ බැවින් සත්ථා දේවමනුස්සානං වන සේක. සියල්ල අවබෝධ කරගත් බැවින් බුද්ධ වන සේක. පුණ්‍යවන්ත බැවින් භගවා වන සේක.
    බුද්ධානුස්සති භාවනාව වැඩීම නිසා ඔබට මේ ආත්මයේදී ම පහත දැක්වෙන ආනිශංස ලබා ගත හැකි වෙයි. එනම්, ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත් වීම, භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත් වීම, භාවනා ප්‍රීතිය බහුල වීම, මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම බුදු රජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇති වීම, බුදු රජාණන් වහන්සේ අරමුණු කරගෙන ම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම, ධ්‍යානයට පූර්වභාග ප්‍රීතිය ඇති වීම, ධ්‍යානයට පූර්වභාග සැපය ඇති වීම, අංගසම්පූර්ණ උපචාරධ්‍යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.
    මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකි ය. සිහි නුවණින් දිරිමත් ව භාවනා කරන විට ක්‍රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියට ම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදු රජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේ ම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන් ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත් වෙයි.
    එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්‍රමාද ව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.
    ------ Post added on May 15, 2023 at 2:17 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මිනිහෙක්ට කන්න දුන්නොත් එ මිනිහගේ මෙ ජීවිතේ එක වෙලක් විතරයි, එත් මෙ සංසාර දුකෙන් එතර වෙන්න මාර්ගය හද ගත්තොත් එක ඊට වඩා දෙයක්. එකට ආරන්භයක් තමයි බුද්ද පූජව, දානය ,මයිත්‍රී වගේ භවනා වගේ දෙවල් වලින් අර ගන්නේ
    අනේ නිකන් පොන්න කතා කියන්න එපා යකෝ. බුදු හාමුදුරුවො කවදාවත් කිව්වෙ නෑ ඔහොම. ගෞතම බුද්ධා ඒ වගේ මෝඩ දේවල් කියල නෑ. නිගන්ඨ තට්ටයො ධර්මය විකුර්ති කරල තියෙන්නෙ. අර කන්න නැතුව මග වැටිල ඉන්න මිනිහට කෑම ටික දෙන්නැතුව මැටි පිළිමයක් ඉස්සරහ කෝඳුරුවො වහන්න කෑම තියල එනගමන් අරූ දිහා බල බල පව් පව් ගගා එන්නද කියන්නෙ ? අනේ හුකපන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,382
    2,249
    113
    කෙනෙකුට ඇති වෙන පින කුසලය බාහිර ක්‍රියාකාර කම තුලින් වෙන කෙනෙකුට බලන්න පුලුවන් දෙයක් නෙවේ..

    කෝටි පතියෙක් ඉන්න පුලුවන් එයාගෙ සල්ලි වලින් අසරනයන්ට ඉස්පිරිතායලක් හදල දුන්න...තව කෝටි පතියෙක් ඉන්න පුලුවන් හිගන්නෙකුට කැමක් අරන් දුන්න... බැලූ බැල්මට පේන්නෙ ඉසිපිරිතාලය හදලා දුන්න පින අති මහත් කියල...හැබයි, ඒ හදල දුන්න කෙනගේ හිතේ අසරනයන් ගැනෙ හිතෙ කිසිම කරුනාවක්, නැතිනම් දැන් දීමෙ කිසිම හැගීමක් නැති වෙන්න පුලුවන්...ටැක්ස් වලින් බේරෙන්න උවමනාව නිසා කරා වෙන්න පුලුවන්...අර හිගන්නට දුන්න කැම එක ඊට වාඩා උතුම් වෙන්න ප්ලුවන් ඒ දුන්න කෙනා ඒ අසරනයට පිහිටක් වෙන අදහසනිම දුන්න නම්.

    ඒ වගේම තමයි, කෙනෙක්කුගෙ සිතේ හොද චයිටසික අති වෙන්න පුලුවන්, බුද්ද පූජාවක් කරල..අනේ මම මෙහෙම උතුමකුට නේද මේ මම කරන්නෙ.... මගෙන් යම් කිසි දෙයක් අනිවාරයෙන්ම පුජා කරන්න ඕනෙ.. ඔයවගෙ හොද සිතිවිලි.. තව් කෙනෙකුට කලන්තය අති වුන කෙනාට ආහර දීල වැඩියෙන් සතුටු වෙන්න පුලුවන්.. බුද්ද පූජාවකට වැඩිය..

    කෙනෙකුට අයිස් ක්‍රීම් එකක් රස වැඩී, තව කෙනෙකුට යෝගට් එක රස වැඩී..දැන් කාට හරි කෙනෙකුට ඔප්පු කරන්න පුලුවන්ද අයිස් ක්‍රීම එක තමයි රස වැඩී, නැතිනම් යෝගට එක තමයි කියල...අන්න ඒවගේ පින කුසලය කියන ඒවත්, පවුද්ගලිකයි තම තමන්ගේ සිත් අනුව...එකෙනෙකුට පිනක් වෙන දෙයක් කෙනෙකුට නොවෙන්න පුලුවන්...
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    බුද්ධ පූජාවක් පිළියෙල කරගෙන විහාරයකට යන සැදැහැවතකුට ආහාරයක් නො ලැබ ක්ලාන්ත වී ඉන්නා දුගියකු මුණ ගැසුනහොත් ගෙන යන ආහාර දුගියාට දී ඔහු සුවපත් කිරීම ය, ඔහු ගැන නො සලකා ඒ ආහාර විහාරයට ගෙන ගොස් පූජා කිරීම ය යන මේ දෙකින් වඩා හොඳ කුමක් ද?
    දේශපාලන න්‍යාය අනුව මේ ප්‍ර‍ශ්නය විසඳත හොත් ඒ ආහාරය සාගින්නෙන් පෙළෙන දුගියාට දීම හොඳ බව කිය යුතුය. බුදුනට පූජාවක් කරන පින්වතා එය කරන්නට බලාපොරොත්තු වන්නේ තමා ගේ අනාගත සැපය සඳහා පින් කර ගැනීමට ය. දානමය කුශලය මහත්ඵල වන්නේ ප්‍ර‍තිග්‍රාහකයා ගේ අසරණකම අනුව නොව ගුණවත්කම අනුව ය. බුදුනට වැඩි ගුණවතෙක් ලොව නැත්තේ ය. තථාගතයන් වහන්සේ ගුණවතුන්ගෙන් අග්‍ර‍ය හ. වැඳුම් පිදුම් කළ යුත්තන් අතරින් තථාගතයන් වහන්සේ ම අග්‍ර‍ වන සේක.
    .....
    “නයිමස්මිං ලොකෙ පරස්මිං වා පන
    බුද්ධෙන සෙට්ඨො සදිසොව විජ්ජති
    යමාහුනෙය්‍යානං අග්ගතං ගතො
    පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිනං”
    ......
    “මේ ලෝකයේ හෝ අන් ලෝකයක බුදුන් වහන්සේට ශ්‍රේෂ්ඨයෙක් හෝ සමාන වන්නෙක් හෝ නැත. පින් කැමති වන්නා වූ මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින් පිදීමට සුදුස්සන් අතුරෙන් ඒ තථාගතයන් වහන්සේ අගතැන්පත් වූ සේක” යනු එහි තේරුම ය. දුගියාට දීමෙන් වන කුශලයට වඩා සිය දහස් ගුණයෙන් මහත්ඵලය වන පිනක් බුද්ධ පූජාව කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම කිරීමෙන් ලැබෙන්නේ ය. බුද්ධ පූජාව ගෙන යන සැදැහැවතාට ලැබෙන අනාගත ඵලය අනුව කියනවා නම් බුද්ධ පූජාව කිරීම යහපත් බව කිය යුතු ය. බුද්ධ පූජාව නො කොට ඒ ආහාරය දුගියාට දෙන්නට කීම කෙනකුට අලාභයක් කොට තවත් කෙනකුට උපකාරයක් කිරීම ය.
    බොහෝ සෙයින් මෙබඳු ප්‍ර‍ශ්න නඟන්නේ බුද්ධ පූජාවක් නො කරන දුගියන්ට උපකාරයකුත් නො කරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ආත්මාර්ථකාමීහු ය. බුද්ධ පූජා කරන සැදැහැවත්හු බොහෝ සෙයින් දුගීන්ට ද උපකාර කරන්නෝ ය. නිරාහාරව ඉන්න දුගියන් සම්බන්ධයෙන් නැගිය යුත්තේ මේ බුද්ධ පූජා ප්‍ර‍ශ්නය නොව “තමාගෙන් යමක් දී අසරණයකුට පිහිටවීම ය, තමා ගේ දේ පරෙස්සම් කර ගැනීම ය යන මේ දෙකින් වඩා යහපත් කුමක්ද” යන ප්‍ර‍ශ්නය ය.
     
    • Like
    Reactions: asliyanage