බුදුදහම යනු දැනුම් පද්ධතියක් නොවේ..

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඹය කවුරැ කවුරැත් දලා තියෙනවා ඒක ඒක වැරදි ප්‍රශ්න ....
    ඒ අය බුද්ධ ධර්මය දැනුමක් නැතිව කියන කථ අනික බුදු ධර්මයේ ගුණ ගැන දැනුමක් නැති නිසා
    "පච්චත්තං වෙදි තබ්බෝ විඤඤෝහි" තම තම නැණ පමණින් අවබෝධ කරගත හැක.

    ප්‍රශ්නයක් තියෙනවාද ඒ ගැන නුවණින් විමසන්න එවිට පිළිතුර ලැබේ. ඒවිට ඒ ගැන ඔබට මනා අවබොධයක් ලැබේ.
    තවකෙකු කියා දෙනවාට වඩා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    අනිවා මචන්... බෞද්ධයෝ කියල පෙන්නගෙන ඉන්න මිනිස්සුන් තමයි බෞද්ධාගමට ලොකුම හානියක් කරන්නේ? ඒ මිනිස්සු හදනවා තමන්ගේ පාණ්ඩිත්‍ය පෙන්නන්න, විද්‍යාවෙන් බුදුදහම ඔප්පු කරන්න... ඒ මිනිස්සුන්ට අනුකම්පා කරනවා ඇරෙන්න, වෙන දෙයක් නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :P නිකමට ඉතින් ඇහුවේ , තේරුම් කරලා දෙන්න පුලුවන්ද කියල, කේන්ති ගන්න ඕනි නැහැනේ. කෝ ඉතින් මචන් , පොල් ගසක් සිංහල බෞද්ධ කෙනෙක් දකින විදියෙයි , සුද්දෙක් දකින විදියෙයි වෙනස පෙන්නුවෙ නැහැනේ. හරියට පොඉන්ට් එකට උත්තරේ දුන්න නම් ඉවරයි නේ, ෂෝර්ට් & සිම්පල්.

    කතා කරන්නේ නම් නිවනේ හැඩ රුව ගැන, ප්‍රශ්න ඇහුවහම නම් නලින්ද ගොය්ය වගේ කේන්ති යනවනේ.
    :rofl::rofl:

    Originally Posted by Sataninhell
    2. පොල්ගස කොහේ තිබුනත් විඥානයක් තියෙනවද? අනේ තවත් ජීවියෙක් කියල හිතුනද? පෙර ආත්මෙක මව පිය කියල සිතුනද?

    :D:D:D:D:D:D:D:D:D:D

    Originally Posted by Sataninhell
    3. පොල්ගස කොහේ තිබුනත් සංස්කෘතියට අනුව එය තල් ගසක් හෝ , වෙන ගසක් ලෙස දකින්නේ නැහැනේ.

    පොල් ගසක් සිංහල බෞද්ධ කෙනෙක් දකින විදියෙයි , සුද්දෙක් දකින විදියෙයි වෙනස පෙන්නුවෙ නැහැනේ.

    පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන බැවින් ඒ සංසිද්ධිය මනසෙන් ස්වායත්ත යැයි අපි සිතමු. එහෙත් ඒ එසේ නො වේ. මනස නොමැතිව අපට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. මනසක් නොමැති කැමරාවකට පොල් ගෙඩි වැටෙනු නො පෙනෙයි. ඇස් තිබූ පමණින් අපට යමක් නොපෙනෙයි. එහි දී චක්ඛු විඤ්ඤාණය ද අවශ්‍ය වෙයි.

    බබාට තව කොහොමද තේරුම් කරන්න ඕනේ? :D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් ආයිත් මෝඩ විදිහට කියන්න එපා, කෝ ඔප්පු කරන්න කිව්වා...ඔප්පු කලේ නෑ...කියල.. මේ ලිපිය කියවපු වෙන කවුරුත් ඔය වගේ මන්ද බුද්ධික ප්‍රශ්න අහලත් නෑ... ඔයා නලින් ද සිල්වා එක්ක පෞද්ගලික තරහක් තියෙනවා නම් මට ඒකෙ ගැටළුවක් නෑ.. තමන් හරි කියල පෙන්නන්න ප්‍රසිද්ධියේ මෝඩ තර්ක ගෙනත් මේ ලිපියේ හරවත් බව විනාස නොකර ඉන්න...
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    :rofl::rofl: ඔයාම කිවුව ඒවා තමයි ඔයා quote කරලා තියෙන මගේ reply එකේ මම කලින් දැම්මේ.

    අයි මචන් උබට මම අහන දෙය තේරෙන්නේ නැතිද? . මුල්ම කතාවේ තියෙන්නේ , පොල් ගස , සිනහල බෞද්ධයෙක් සහ , සුද්දෙක් දකින විදිය වෙනස් කියලනේ.. :rolleyes: දැන් සුද්ද ගෙයි සින්හලයගෙයි පොදු මනස සම්භන්ද කරන්න එපා, මොකද එය හැම සතෙක්ටම පොදු දෙයක් නේ.. දැන් මම අහන ප්‍රශ්නේ තමයි , නලින්ද සිල්වා කිවුව සුද්දෙක් සහ සිංහල බුද්ධය පොල් ගස වෙනස් වෙනස් විදියට දකින්නේ කෙසේද? ...

    පොඉන්ට් එකක් දෙකක් දෙන්නකෝ, නිකන් සන්සන්ධනය කරලා බලන්න. ඔච්චර වටේ යන්න ඕනිද ඕකට?

    ie: සුද්ද සුදුයි, සිංහල බෞධයා කලුයි, :P:P:P:P ..

    වටේ යන්න එපා මචන් , සරලව පිළිතුරක් දෙන්නකෝ නේද? එහෙම වෙනසක් පෙනන්න බැරිනම් ඉතින් බොරුවට පොල් ටෝල්ක්ස් දාල තේරුමක් නැහැ නේද ? ,

    :rofl::rofl: මම නොතේරුන නිසා මචන් ඇහුවේ , අනේ ඉතින් ප්‍රශ්න අහල ලිපියේ හරවත් බවට හානියක් සිදු වුනා නම් මට හරිම දුකයි.. :D :rofl::rofl:,... ඊටත් වැඩිය දුකයි ලිපියේ තියෙන දෙයක් පැහැදිලි කරන්න කිවුවම වටේ යන එක ගැන. ... ..:dull::dull:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සම්මා දිට්ටිය කියන දේ ඔයාගෙන් ගොඩක් ඈත යාළුවා... මොහොතකට හරි බෞද්ධයෙක් නම් බුදුන්වහන්සේ දේශනා කරපු දර්ශනය ගැන සැක පහල කරගැනීම ම ඔයාව බෞද්ධයෙක් විදිහට (උප්පැන්නෙට හරි) හදුන්වන එකටම නින්දාවක්....
    බටහිර විද්‍යාව, බුදුදහමට වඩා ශ්‍රේෂ්ඨයි කියල විශ්වාස කරන ඔයා වගේ කෙනෙක්, මේ ලිපිය කියවල තේරුම් නොගැනීම ගැන ගැටළුවක් නෑ...

    අනිත් කාරණේ, "නලින් ද සිල්වා විද්‍යාවට පට්ටපල් බොරුවක් කියල බනින කොට එයා "බටහිර" විද්‍යාව වෙනුවට බුද්ධාගම පිලිගන්න කියල කෙලින් කියන්නෙ නැහැ." කියල කියනකොටම තේරෙන්නේ, ඔයා ඔහු ලියල තියෙන ලිපි වලින් 1% ක් වත් කියවල නෑ කියන එක..:no:

    "කිසිම ආගමකින් කියවෙන දේවල් විද්‍යාවත් එක්ක පෑහෙන්නෙ නැහැ."
    sorry for you...:no:

    හැම ආගමකම කියන්නේ ඒ ආගම ගැන සැක කරන එක පවු කියල. ඒ ගැන වෙනම කතා කරන්න ඕනෙ දෙයක්.

    අපි මෙතන කතාව පටන් ගත්තෙ ආගම් ගැන නෙවෙයි. නලින් ද ගෙ ඊනියා බොරු ප්‍රවාද ගැන. කරුණාකරල කෙලින් කියන්න නලින් ගෙ ඇත්තෙන් මිනිස්සුන්ට වෙච්ච සෙත මොකක්ද කියල.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    හැම ආගමකම කියන්නේ ඒ ආගම ගැන සැක කරන එක පවු කියල. ඒ ගැන වෙනම කතා කරන්න ඕනෙ දෙයක්.

    අපි මෙතන කතාව පටන් ගත්තෙ ආගම් ගැන නෙවෙයි. නලින් ද ගෙ ඊනියා බොරු ප්‍රවාද ගැන. කරුණාකරල කෙලින් කියන්න නලින් ගෙ ඇත්තෙන් මිනිස්සුන්ට වෙච්ච සෙත මොකක්ද කියල.

    නලින් ගේ ඇත්ත කියන්නේ මුළුමනින්ම බුදු දහම... මොකද මේ පොල් ගස වත් වෙන කියල තියෙන දෙයක් වත් ඔහුගේ ප්‍රවාදයක් නෙමෙයි...
    එතකොට ඔයා අහන්නේ බුදු දැහැමෙන් මිනිස්සුන්ට වෙච්ච සෙත මොකක්ද කියලනේ?
    again, sorry for you....
    :no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :rofl::rofl: ඔයාම කිවුව ඒවා තමයි ඔයා quote කරලා තියෙන මගේ reply එකේ මම කලින් දැම්මේ.

    අයි මචන් උබට මම අහන දෙය තේරෙන්නේ නැතිද? . මුල්ම කතාවේ තියෙන්නේ , පොල් ගස , සිනහල බෞද්ධයෙක් සහ , සුද්දෙක් දකින විදිය වෙනස් කියලනේ.. :rolleyes: දැන් සුද්ද ගෙයි සින්හලයගෙයි පොදු මනස සම්භන්ද කරන්න එපා, මොකද එය හැම සතෙක්ටම පොදු දෙයක් නේ.. දැන් මම අහන ප්‍රශ්නේ තමයි , නලින්ද සිල්වා කිවුව සුද්දෙක් සහ සිංහල බුද්ධය පොල් ගස වෙනස් වෙනස් විදියට දකින්නේ කෙසේද? ...

    පොඉන්ට් එකක් දෙකක් දෙන්නකෝ, නිකන් සන්සන්ධනය කරලා බලන්න. ඔච්චර වටේ යන්න ඕනිද ඕකට?

    ie: සුද්ද සුදුයි, සිංහල බෞධයා කලුයි, :P:P:P:P ..

    වටේ යන්න එපා මචන් , සරලව පිළිතුරක් දෙන්නකෝ නේද? එහෙම වෙනසක් පෙනන්න බැරිනම් ඉතින් බොරුවට පොල් ටෝල්ක්ස් දාල තේරුමක් නැහැ නේද ? ,

    මට දැනුයි තේරුම් ගියේ මේක තේරුම් ගන්න මෙච්චර දගලන්නේ ඇයි කියල... මනස කියන දේ පොදුයි කියල හිතනවා නම්, එතනින එහාට මේ ලිපියේ අර්ථය තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ නෑ... ඔයා කියනවා සතෙක්ට උනත්, සිංහලයෙක්ට උනත් සුද්දේකට උනත් තියෙන්නේ පොදු මනසක් කියල... එහෙනම් ඒ තුන් දෙනාම පොල් නෙමෙයි, ඕනෑම දෙයක් දකින විදිහ සර්ව සමානයි... ඔයා කියන දේ හරියට හරි... ඒ කියන්නේ ඔය කාට උනත් යමක් දැක්කම එන්නේ සර්ව සමාන සිතුවිලි...මොකද මනස් සමානයි නේ..
    කවද හරි මනස සමාන නෑ කියල හිතුන දවසක ආයිත් මේ ලිපිය කියවලා බලන්න...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නලින් ගේ ඇත්ත කියන්නේ මුළුමනින්ම බුදු දහම... මොකද මේ පොල් ගස වත් වෙන කියල තියෙන දෙයක් වත් ඔහුගේ ප්‍රවාදයක් නෙමෙයි...
    එතකොට ඔයා අහන්නේ බුදු දැහැමෙන් මිනිස්සුන්ට වෙච්ච සෙත මොකක්ද කියලනේ?
    again, sorry for you....
    :no::no:

    අපිට බුදු දහම දෙසන්න නලින්ද සිල්ව ඕනෙ නැහැනෙ. එයා කියන්නෙ විද්‍යාව බොරු කියන එක. කිසිම හාමුදුරුවො කෙනෙක් ඔහොම කියනවද? :rolleyes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මට දැනුයි තේරුම් ගියේ මේක තේරුම් ගන්න මෙච්චර දගලන්නේ ඇයි කියල... මනස කියන දේ පොදුයි කියල හිතනවා නම්, එතනින එහාට මේ ලිපියේ අර්ථය තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ නෑ... ඔයා කියනවා සතෙක්ට උනත්, සිංහලයෙක්ට උනත් සුද්දේකට උනත් තියෙන්නේ පොදු මනසක් කියල... එහෙනම් ඒ තුන් දෙනාම පොල් නෙමෙයි, ඕනෑම දෙයක් දකින විදිහ සර්ව සමානයි... ඔයා කියන දේ හරියට හරි... ඒ කියන්නේ ඔය කාට උනත් යමක් දැක්කම එන්නේ සර්ව සමාන සිතුවිලි...මොකද මනස් සමානයි නේ..
    කවද හරි මනස සමාන නෑ කියල හිතුන දවසක ආයිත් මේ ලිපිය කියවලා බලන්න...
    :lol::lol: මනස සර්වසම කියල මම කියල තියෙනවාද? පොදුයි කියන එකයිසර්වසමයි කියන එකයි දෙකක්. සිංහල තේරුම් ගන්නත් බැරුවද මචන් සිංහලෙන් බන දේශනා කරන්නේ?:P:P (බස් මගියෙකුට ටිකට් පත පොදු දෙයක් , එම ටිකට් පත් සර්වසම ද? හි හි හි නලින්ද followers ලගේ කෙස් පැලෙන තර්ක..:lol:) .. බොරු තර්ක දන්නා එපා මචන්.. එකම සරල ප්‍රශ්නයය් ඇහුවේ, සුද්දෙක් සහ සිංහල බෞද්ධයෙක් පොල් ගස දකින ආකාරයේ වෙනස මොකක් ද කියලා... තවම වටේ යනවා මිසක් , කෙලින් උත්තරයක් දෙන්න බැරි උනානේ. ...
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මට මේක බලන්න අද පොඩි වෙලාවක් ලැබුන නිසා මතු කරපු ප්‍රශ්ණ වලට කෙටියෙන් පිළිතුරක් දෙන්න කැමතියි. මේ කරුණු ටික කියවල බලන්න...

    1. බටහිර විද්‍යාවේ දැනුම "භෞතික විද්‍යාව" "රසායන විද්‍යාව" "ජීව විද්‍යාව" ආදී වශයෙන් විශයයන් වලට වර්ගීකරණය කර ඇත.

    2. මේ අයුරින්ම "බටහිර විද්‍යාවේ දර්ශණය" (
    Philosophy of science) කියා විශයයක් ඇත. උදාහරණයක් ලෙස අපට පොඩි කාලයේ "පරීක්ෂණ නිරීක්ෂණ නිගමන" ගැන ඉගැන්වේ. මෙම දැනුම "භෞතික විද්‍යාව" "රසායන විද්‍යාව" හෝ "ජීව විද්‍යාව" ට අයත් නොවේ. එය "බටහිර විද්‍යාවේ දර්ශණය" නැමැති විශයයට අයත් වේ.

    3. නලින් මහතා නිතරම කතා කරන්නේ, ලියන්නේ, විවේචනය කරන්නේ "බටහිර විද්‍යාවේ දර්ශණය" නැමැති විශයයි. පළමුව එය තේරුම් ගැනීම අවශ්‍ය වේ.

    4. "බටහිර විද්‍යාවේ දර්ශණය" නැමැති විශය සම්බන්ධයෙන් දැනුම නිර්මාණය කරන අය "බටහිර විද්‍යාවේ දාර්ශනිකයන්"
    (philosophers of science) ලෙස හැඳින්වේ. උදා - කාල් ප්‍රොපර්, පෝල් ෆෙරාබන්ඩ්

    5. එම දාර්ශනිකයන් සියලු දෙනා එකහෙලාම කියන එක කරුණක් ඇත. එනම් "බටහිර විද්‍යාව වෙනත් දැනුම් පද්ධ්‍රති වලින් වෙනස් වේ" යන්නයි. (වෙනත් දැනුම් පද්ධ්‍රති = සිංහල වෙදකම, නිල වෙදකම, චීන සාම්ප්‍රදායික වෙදකම, කටු චිකිත්සාව, නැකැත් බැලීම ආදිය )

    6. බටහිර විද්‍යාව වෙනත් දැනුම් වලින් වෙනස් වීමට හේතු ලෙස ඔවුන් කියන කරුණු වල වෙනස්කම් ඇත. උදා - කාල් ප්‍රොපර් විසින් අසත්‍යකරණය (Falsifiability ) යන සංකල්පය සංවර්ධනය කළ අතර ඔහු කියන්නේ බටහිර විද්‍යාව වෙනත් දැනුම් වලින් වෙනස් වීමට හේතුව අසත්‍යකරණය බවයි. පෝල් ෆෙරාබන්ඩ් මෙය පිළි නොගන්නා අතර එයට විරුද්ධව පොතක්ම ලියා ඇත.

    7. නලින් මහතාද බටහිර විද්‍යාව වෙනත් දැනුම් වලින් වෙනස් වන බව පිළිගනී. බොහෝ කලක් ඔහු විවිධ කරුණු මේ සම්බන්ධයෙන් කියා ඇති අතර "පට්ටපල් බොරුව" යන සංකල්පය මෑතකදී ඉදිරිපත් කළ එකකි. මෙහිදී ඔහු "සියලු දැනුම මුසා වේ" යන්න බුදු දහමින් කෙළින්ම ලබා ගන්නා අතර බටහිර විද්‍යාව "සාමාන්‍ය මුසා" ඉකමවා යන්නක් ලෙස ගෙන "පට්ටපල් බොරු" යන (ඔහු සාදාගත්) වචනය භාවිතා කරයි. මෙයට හේතුව කලින් පැහැදිළි කර ඇත.

    දැන් අපි අදාළ ප්‍රශ්ණ වලට පිවිසෙමු--

    1. දැනුමට 'මුසාවක්' කියල කියන එකෙන් වැඩක් තියනවද? එතකොට දැනුම එපාද?

    මිනිස්සු දැනුම නිර්මාණය කරන්නේ යම් ප්‍රයෝජන වෙනුවෙනි. උදා- ජීවක වෙද මහතාගේ දැනුම බුදු දහමට සාපේක්ෂව 'මුසාවකි'. නමුත් එතුමා එම දැනුම යොදාගෙන ජීවිත දහස් ගණනින් ගලවා ගත් අතර බුදුන් වහන්සේටද ප්‍රතිකාර කළේය. දැනුම නිර්මාණය කිරීම අවශ්‍ය දෙයකි.

    2. නලින්ගේ "ඇත්තෙන්" ලෝකයට ඇති ප්‍රයෝජනය කුමක්ද?

    නලින් මහතා "මුසා/බොරු" වචනය භාවිතා කරන්නේ බුදු දහමට සාපේක්ෂව නිසා මෙහි නලින්ගේ "ඇත්ත" නම් බුදු දහමේ සත්‍යය ම වේ. එනම් අවිද්‍යාව දුරු වීමෙන් (නිවන් දැකීමෙන් පසු ) දකින සත්‍යයයි. එයින් ඇති ප්‍රයෝජනය ගැන ඇසීම "චතුරාර්ය සත්‍යයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි" ඇසීමට සමානය. චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් නිවන් දකින බව අප (බෞද්ධයන්) පිළිගන්නේ හුදෙක් ශ්‍රද්ධාවෙනි. ඒ පිළිබඳ වාද කිරීම මෙම සාකච්ඡාවට අදාළ නොවන දෙයකි.

    3. නලින් බටහිර විද්‍යාව වෙන්කර එයට "පට්ටපල් බොරුවක්" යයි කියයි. මින් ඇති ප්‍රයොජනය කුමක්ද?

    මං හිතන්නේ මේක තමයි මෙතනට අදාළ වන ප්‍රශ්ණය.
    නලින් මහතා නිතරම කියන්නේ බටහිර විද්‍යාව අපේ සිංහල බෞද්ධ සංකෘතියට අවසෝෂණය කළයුතු බවයි. ඒ අතරම 'සිංහල බෞද්ධ දැනුමක්' ගොඩනැගිය යුතු බවද ඔහු කියයි. මේ කරුණු දෙක ඉටු කරගැනීමට ඉහත මතවාදය දායක වනු ඇත.

    උදා - 1. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්ප යොදා ගැනීම වෙනුවට සංයුක්ත සංකල්ප යොදා ගැනීමට උත්සහ කිරීම.

    2. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීමට ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංකල්ප යොදා ගත්තත් ඒවා 'ඔප්පු කිරීමට' නැවත ඉන්ද්‍රිය ගෝචර ලෝකයට යාම වෙනුවට ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත සංසිද්ධි සඳහා පමණක් ඒවා යොදා ගැනීම වැනි පියවර මගින් අලුත් දැනුමක් නිර්මාණය කිරීම.

    ඊළඟට වැදගත් දේ තමයි බටහිර විද්‍යාව පතුරාගෙන සිටින ආධිපත්‍යය පාලනය කිරීම. බටහිර විද්‍යාව පතුරාගෙන සිටින ආධිපත්‍යයට ප්‍රධාන හේතුවක් වන්නේ බටහිර විද්‍යාවේ දර්ශණය මඟින් පතුරවා ඇති වැරදි ආකල්පයන්ය.
    උදා 1 - තාමත් බොහෝ දෙනා අසත්‍යකරණය
    (Falsifiability) හිස් මුදුනින් පිළිගනිති. අසත්‍යකරණය සත්‍යයක් නම් ගුරුත්වාකර්ෂණය ප්‍රතික්ශේප විය යුත්තේ අවුරුදු සිය ගණනකට පෙරය. නමුත් අවු. තුන්සිය ගණනක් එය ඉගැන්වෙන අතර එකම පුද්ගලයා ගුරුත්වාකර්ෂණයද අවකාශ-කාලයේ වක්‍රතාවයද එකම ආයතනයේ එකම ගුරුවරයාගෙන් ඉගෙන ගනී. ඉන්පසු දෙකම භාවිතා කරයි. අසත්‍යකරණය බල්ලාට ගිය බව පිළිගැනීමට තවත් උදාහරණ ඕනෑ නැත.

    උදා 2 - කලකට පෙර සමලිංගිකත්වය මානසික රෝගයක් බවට දැනුමක් තිබිණි. ඉන්පසු හදිසියේම එය "අසත්‍යකරණය" විය. මෙය කරන ලද්දේ දේශපාලන බලපෑම්, බිය වැද්දවීම, උද්ඝෝෂණ, තර්ජනාත්මක ලිපි ආදිය යොදා ගනිමිනි. අසත්‍යකරණය යනු මෙයද? තගරියෙන් ප්‍රවාද අසත්‍යකරණය වන්නේ නම් විද්‍යාවක් මොකටදැයි අසන්නට සිදුවේ. මේවා දැන දැනත් වෛද්‍ය ප්‍රීඨයේ අපේ ගුරුවරු අපට කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ඊනියා සාක්ෂි මත පදනම් වන ( Evidence-based) වෛද්‍ය විද්‍යාවක් බවත් අනෙක් වෙදකම් සාක්ෂි මත පදනම් නොවන (Non Evidence-based) 'වෙදකම්' බවත්ය (මේ ගොන් තර්කය අනුව සමලිංගිකත්වය මානසික රෝගයක් බවට කලින් සාක්ෂි තිබී ඇති අතර හදිසියේම ඒවා වාශ්ප වී ඇත!)

    3. බටහිර විද්‍යාව පතුරාගෙන සිටින ආධිපත්‍යය පාලනය කිරීමෙන් බටහිර විද්‍යාවට වැඩක් තියනවද?

    ඔව්. බොහෝ දෙනා බටහිර විද්‍යාවේ පරම සත්‍යයක් නැතැයි සිතා සිටිති (මෙයද බටහිර විද්‍යාවේ දර්ශණය මඟින් කියන තවත් එක බේගලයකි ). බටහිර විද්‍යාව ගොඩනගා ඇත්තේ ඇරිස්ටෝටලියානු ද්විකෝටික තර්කන ක්‍රමය පරම සත්‍යයක් ලෙස ගැනීමෙනි. මෙලොව කිසිම බටහිර විද්වතෙකු කිසි දිනක ද්විකෝටික තර්කන ක්‍රමය සැකයට හෝ ප්‍රශ්ණ කිරීමට භාජනය කර නැත. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ද්විත්ව සිදුරු පරීක්ෂණය (double-slit experiment) වැනි සංසිද්ධි කිසි දිනක ද්විකෝටික තර්කන ක්‍රමයෙන් පැහැදිළි කල නොහැක. නමුත් කිසිම බටහිර විද්වතෙකු අඩුම ගානේ "අපි වෙන තර්කන ක්‍රමයක් නිකමට හරි පාවිච්චි කරමුද?" කියා වත් අසා නැත. ත්‍රකෝටික තර්කනයක් හෝ චතුෂ්කෝටික තර්කනයක් ගැන හිතන්නේ වත් නැත. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවු ගණනාවක් ක්වොන්ටම් භෞතික විද්‍යාව එකතැන පල්වේ.

    4. හොඳයි ඕවා ඔක්කොම දාර්ශනික කරුණු නේද? සාමාන්‍ය මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?

    අපි හමදෙනාටම බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හොඳටම දැනෙන උදාහරණයක් ලෙස බටහිර බෙහෙත් ගනිමු. බටහිර බෙහෙතක් නිර්මාණය වන්නේ කෙසේද?
    උදාහරණයක් ලෙස මෙහෙම ගන්න..
    කොතල හිඹුටු වලින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවේ. දැන් මෙය භාවිතා කර 'පෙත්තක්' හදනවා යයි සිතන්න...

    1. අපි හිතමු කොතල හිඹුටු වල අපට වැදගත්
    ක්‍රියාකාරී සංඝටක 30ක් තියනවා, ඉන් 10කින් සීනි අඩු වෙනවා, 10කින් සීනි වැඩි වෙනවා, ඉතුරු දහයෙන් අතුරු ආබාධ පාලනය වෙනවා. මේ තිහේම synergistic effect එක නිසා සමස්ථයක් ලෙස රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩුවෙනවා කියල හිතන්න...

    2. දැන් බටහිර විද්‍යාවට මේ තිහම සලකන්න බෑ (අධික වියදම සහ පරීක්ෂණ ක්‍රමයක් නැති වීම නිසා) ඒ නිසා පළමුව ඔවුන් synergistic effect එක ප්‍රතික්ෂේප කරනවා නැතහොත් අමතක කරනවා.
    3. කොතල හිඹුටු වල සමස්ත ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරී සංඝටක 2-3 කට ඌනනය කරනවා.
    4. ඉන් හොඳම එක තෝර ගන්නවා.
    5. ඒක පේටන්ට් කරනවා.
    6. ඊට පස්සේ සුපුරුදු විදිහට Pre-clinical trials, clinical trials නාඩගම නටල "විකුණගන්න පුළුවන් පෙත්තක්" හදනවා.
    7. බැරි වෙලාවත් ඔප්පු උනොත් ආර්ථික වශයෙන් ඵලදායී විදිහට පෙත්තක් හදන්න බෑ කියල - වැඩේ අල්ලල දාල අලුතෙන් පටන් ගන්නවා.
    8. බැරි වෙලාවත් Pre-clinical trials වලදී වැඩේ වාත උනොත්
    අල්ලල දාල අලුතෙන් පටන් ගන්නවා.
    9. අන්තිමට ලැබෙන ඒ පෙත්තේ අනිවාර්යයෙන් තියන දේ තමයි "අතුරු ආබාධ". හේතුව synergistic effect නොසලකා හැරීම (ඒක හැමෝම දන්නවා නමුත් පිළිගන්නේ නෑ.)
    10 ඊට පස්සේ පෙත්ත කොතල හිඹුටු වලට වැඩිය උසස් කියල අපිට උගන්නනවා. ඒ ඇයි කියල අහපුවහම "කොතල හිඹුටු dose එක කොහොමද හරියටම කියන්නේ?" වගේ ප්‍රශ්ණ අහනවා.

    දැන් පොඩ්ඩක් හිතල බලන්න අපි හැමදෙනාගෙන ජීවිත බටහිර විද්‍යාවෙන් පාලනය කරන්නේ මේ විදිහට නේද කියල? උන් හරි කියල කියන ක්‍රමවේදය අපි කැමති උනත් අකමැති උනත් පිළිගන්න ඕන. උන්ගේ ක්‍රමය කවදාවත් උන් වෙනස් කරන්නේ නෑ.

    ඔන්න ඕක තමයි බටහිර විද්‍යාව කියන්නේ. මේ ක්‍රියාදාමයට අභියෝග කරන්න නම් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කරන මිනිස්සු ඕන.

    නලින් මහතා කියන දේවල් අන්ධ භක්තියෙන් ඇදහීමක් කිසිවිටකත් අවශ්‍ය නැත. නමුත් ඔහු කියන දේවලට අවධානයෙන් සවන් දීම මඟින් සමහර විට අනාගතයේ අලුත් ආකාරයේ දැනුමක් නිර්මාණය කිරීමේ හැකියාව සහිත මිනිසුන් බිහි කිරීමට හේතු වනු ඇත. ඉන් යහපතක් විනා අයහපතක් සිදු නොවේ..:)
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0

    නලින් මහතා කියන දේවල් අන්ධ භක්තියෙන් ඇදහීමක් කිසිවිටකත් අවශ්‍ය නැත. නමුත් ඔහු කියන දේවලට අවධානයෙන් සවන් දීම මඟින් සමහර විට අනාගතයේ අලුත් ආකාරයේ දැනුමක් නිර්මාණය කිරීමේ හැකියාව සහිත මිනිසුන් බිහි කිරීමට හේතු වනු ඇත. ඉන් යහපතක් විනා අයහපතක් සිදු නොවේ..:)
    :lol::lol::lol: පට්ට කතාව..

    දැනුම් වර්ග දෙකයි
    1. විද්‍යාව මුලික - බුදුදහම පමණි
    2. අවිද්‍යාව මුලික - බුදුදහම හැර අනෙකුත් සියලුම දැනුම් (බටහිර දැනුමද ඇතුළු)

    දැන් ඔතන නලින් මහතාගේ කතා අසාගෙන ගොඩනගන අමුතු ආකාරයේ දැනුම කුමක්ද? හි හි හි

    * විද්‍යාව මුලික දැනුමක් වෙන්න බැහැනේ. මොකද විද්‍යාව මුලික දැනුමෙහි ලබාගන්න පුළුවන් උපරිම දෙය තමයි බුදුදහම. එතකොට නලින්ද ගොය්ය බුදුදහම reinvent කරන්න යනවද ... (උදා:- ලෙඩක් නිට්ටාවට සුව කරන බෙහෙතක් තියෙද්දී මොකද ටික කාලෙකට පමණක් සුව වෙන බෙහෙත් ගන්නේ. )

    * අවිද්‍යාව මුලික නම් ඉතින් කියන්න දෙයක් නැහැනේ , නලින්ද ගොය්ය මොන පොල් ටෝල්ක් දැම්මත් අන්තිමේ තේරුමක් නැති දෙයකටනේ ආවඩන්නේ..

    ------

    මම අර අහපු පොල් ගසේ කතාවට උත්තරයක් නැහැ, කෙලින් උත්තර දෙනන් බැරි කෙනෙක් හැංගිලා රේප් කපල නම් තිබුන :lol::lol:
     
    ඔබ කියන කතාවේ වරදක් නැහැ. මම අදහස් කෙලේ අවිද්‍යාව මුල් කරගත් දැනුමක් තමයි. විද්‍යාව පහල උනා නම් (නිවන් දැක්ක නම්) දැනුම නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් නෑ.:)

    අවිද්‍යාව මුල් කරගත් දැනුම නිර්මාණය කරන්නේ අපේ එදිනෙදා අවශ්‍යතාවයන් සඳහා. විද්‍යාව මුල් කරගත් දැනුමක් ලබා ගැනීම යනු නිවන් දැකීමයි. ඒක තමයි බෞද්ධයාගේ මූලික ප්‍රාර්ථනය. නමුත් නිවන් දැකීම පහසු දෙයක් නොවේ. ද්විහේතුක පුද්ගලයෙකුට හෝ අහේතුක පුද්ගලයෙකුට නිවන් දැකිය නොහැකියි. අනික බුදු දහම විනාශයට පත් වෙච්ච් කාලෙක ඉපදුනොත් නිවන් දකින්න බෑ. මේ ලෝකේ ජීවත් වෙන්න නම් අවිද්‍යාව මුල් කරගත් දැනුමත් අවශ්‍ය වෙනවා. එවැනි දැනුමක් නිර්මාණය කිරීම වැඩකට නැති දෙයක් කියල කියන්නේ ඇයි?

    පොල් ගහේ කතන්දරය නම් මම කළින් කතා කරපු දෙයක් නෙවෙයි. නලින් මහතා නිර්මාණය කළ "නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය" හරහා තමයි ඔය කතන්දරය කියන්නේ. ඔහු කියන්නේ - "දැනුම නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයන් විසිනි. නිරීක්‍ෂකයන් යනු මිනිසුන් පමණක්‌ නො වේ. සියලු ප්‍රාණීහු නිරීක්‍ෂකයෝ වෙති. එසේ නිර්මාණය කෙරෙන දැනුම නිරීක්‍ෂකයා ගේ මනසට, ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්‌කෘතියට සාපේක්‍ෂ ය."

    මේක පොල් ගහකට ගත්තොත් පොල්ගස නිරීක්ෂණය කරල ඒ ගැන දැනුමක් හදනවා. ඉන්ද්‍රිය පද්ධතියේ දෝෂයක් තිබෙන කෙනෙක් හා එසේ නැති කෙනෙක් පොල් ගහ දකින විදිහ වෙනස්. උදා - Agnosias, Achromatopsia වගේ ආබාධ තියන කෙනෙක් සහ නැති කෙනෙක් එකම (සංයුක්ත) පොල් ගස දකින්නේ වෙනස් විදිහට. ඊළඟට මනස ගත්තොත් මානසික ආබාධ තියන කෙනා පොල් ගස දකින විදිහයි එහෙම නැති කෙනා දකින විදිහයි වෙනස්. මන්ද මානසික කෙනා
    කෙනා පොල් ගස දකින විදිහයි එහෙම නැති කෙනා දකින විදිහයි වෙනස්. ඊළඟට සංස්‌කෘතිය ගත්තොත් පොල්ගස ගැන හදාගන්න දැනුමේ ගැඹුරු මට්ටමේ වෙනස්කම් ඇති (උදා - අපිට 'කප් රුක' ලෙස පේනවා නමුත් පොල්ගසක් පින්තූරයකින් පමණක් බලල තියන කෙනාට නිකම්ම ගහක්).
     
    අන්න හොදයි , දැන් ඔබතුම කියනවනේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක් තමයි නලින්ද මහතා ගේ සංකල්ප ඔස්සේ ලබන්නේ. දැන් බලන්නකෝ මුල්ම ලිපියේ අන්තිමට තියෙන්නේ මොකක්ද ?

    සියල්ලෝ ම හැකි ඉක්මණින් දැනුමෙන් මිදෙත්වා!
    මේ කතා කරන්නේ අවිද්‍යාව අතහැරීමක් ගැන.

    මේ කතාව පරස්පර විරෝදී දෙයක් නේ. නලින්ද සිල්වාගේ සංකල්ප ඔස්සේ ලබගණන් පුළුවන් වෙන්නේ අවිද්‍යාව මුල්කරගත් දැනුමක්. එතුමාම කියනව දැනුමෙන් මිදෙත්වා කියලත්.

    පැහැදිලිනේ , නලින්ද සිල්වා මහතා පවසන්නේ විලම්බීත කතා.(සමහරකට නම් ගැඹුරු අර්ථයක් තියෙන කතාවක් )