මේකට මොකුත් ලියනවද නොලියනවද කියල කල්පනා කරලා ඔන්න ඔහේ කියල දානව කියල හිතුන. කොහොමත් පොතේ අන්තර්ගතය නොදැන පොත ගැන කතාකරන්න යන්නෙ නැහැ. ඒ වගෙම සාහිත්‍ය මාසෙ උනු උනුවට ගෝනි ගනං විකුණගන්න ගහපු බට පඳුරක් වගේ හරයක් නැති දෙයක් කියල දැනට හැඟෙන නිසාත් ගන්න යන්නෙත් නැහැ.
මේකෙ ලස්සනම දේ තමා කට්ටිය දෙපිලකට බෙදිල දැං. රැඩිකල් vs බෞද්ධ.
බෞද්ධ අයට බෞද්ධයෙක් හැටියට කියන්න තියෙන්නෙ මේකට බැනගෙන ගිහින් පෝස්ට් දදා මේවට රලු ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඒ අය යම් අපහාසයක් කරන්න හිතුවනම් ඒ අයවලුන් ඒක අරගන යයි. ඒකට ඔබත් කරගහන්න හදන්න එපා.
රැඩිකල් අය ගැන කියන්න තියෙන්නෙ ඔය අය බහුතරයක් පශ්චාත් නූතනවාදෙන් ඔලුව පුරෝගත්ත ආඳො සෙට් එකක්. ඕකට බුදුන්ගෙ කාලෙ කිව්වෙ "අමරාවික්ඛේපවාදය". එහෙං මෙහෙං රිංගන්න හරිම දක්ෂයි හැබැයි හරයක් නැහැ. තර්ක කරන්න පුළුවන් මට උනත් ඔය අයිඩියොලොජිය ඇඩොප්ට් කලොත් නමුත් එතනින් ලැබෙන විමුක්තියක් එහෙමත් නැතිනම් තිබුනට වඩා දැනුමේ ප්‍රගතියක් නම් සිද්ධ වෙන්නෙ නැහැ.
පෝස්ට් එක දිගවැඩි වෙතත් මේකත් කියන්න ඕන. ඔය ආඳ වාදෙ බුදුන්ගෙ කාලෙ පුරෝගාමිය සංජයබෙල්ලට්ටපුත්ත. එයාට හිටිය සුපිරි ගෝලයො දෙන්නෙක්. එක්කෙනෙක් උපතිස්ස අනිත් කෙනා කෝලිත. ඔව් ඔව් ඒ අපි දන්න උපතිස්ස කෝලිතම තමා. මේදෙන්න ලෝකෙ නාඩගං බලල එපාවෙලා ගිහිං නැවතිලා තිබ්බෙ සංජය ගාව. හැබැයි අවුල කියන්නෙ එතනත් මෙයාලට හොයපු විමුක්තියක් හෝ ඇත්තක් හම්බෙලා නෑ. මොකද මේක හිස් තර්ක න්‍යායක් විතරක් නිසා. සමාජ යහපතට, පුද්ගල යහපතට මෙයින් කිසි වටිනාකමක් ලැබෙන්නෙ නැති නිසා.
ඉතිං එතනත් කලකිරිල යනකොට තමා ඔය දෙන්නට අස්සජී රහතන් වහන්සෙ හම්බෙලා එක ගාථාවට පැහැදිලා ගුරාට බායි කියල බුදුන් වහන්සෙ සොයාගෙන ආවෙ.
ගුරාට යං කීවම ගුරා කියනව මම දැං වියපත් මම වගේ කෙනෙක් තරුණ ගෝතම ගාව ගෝලයෙක් වෙන එක සුදුසු නැහැ ඔය දෙනම යන්න කියල. එතකොට අපි ගියහම මාස්ටර්ට මොකද වෙන්නෙ කියල අහනව උපතිස්ස බ්‍රාහ්මණය. එතකොට සංජය අහනව අද ලෝකෙ වැඩි "ප්‍රඥාව අඩු පිරිසද ප්‍රඥාව වැඩි පිරිසද" කියල. ප්‍රඥාව අඩු පිරිස වැඩියි කියල දෙනමම කීවම සංජය කියනව "ඉතිං එහෙනං මම ගැන වදවෙන්න එපා" කියල. ඔන්න ඕකයි ඔය අයගෙ තත්වෙ.
(හැබැයි සංජයට දෙන්නම ගියහම ලේ වමනෙ ගිහින් නවතින්නෙ දුකට,ලැජ්ජාවට සහ බයට)
දැං ඔය පශ්චාත් නුතන වාදෙ ඒකාලෙ තිබ්බෙ කොහොමද කියල දැන ගත්තනෙ. දැන් බලමු බුදුන් ඕක ගැන මොකද්ද කියල තියෙන්නෙ කියල.
ඕකට අපි යන්න ඕන බ්‍රහ්මජාල සූත්‍රයට. කියන්න ලැජ්ජයි බ්‍රහ්මජාල සූත්‍රෙදි බුදුන් ඔය පශ්චාත් නුතනවාදෙ සිංගල් අවුට් කරල කියනව "මහනනි ඔය වාදය ගේන අය බය, පරදින්න අකමැත්ත සහ පට්ට මෝඩකම නිසා ඔය වාදය කරපින්නාගෙන ඉන්නව" කියල.
බ්‍රහ්මජාල සූත්‍රෙදි අනිත් දෘෂ්ටීන් බොහොමයක් තුල අත්විඳිය හැකි තාර්කික න්‍යායක්, සමාධියක්, ප්‍රඥාවක් තියනව. ඒ කියන්නෙ මාර්ගයක් තියනව පුද්ගල දියුණුවට. හැබැයි මේකට බය හා මෝඩකම හේතු හැටියට දක්වල තමා දේශනා කරන්නෙ.
ඉතින් ඔය උදවිය සමග තර්ක කරල වැඩක් නෑ. ආඳො වගේ ලිස්සයි. කාලය කාදමන්න, අකුසල සිතුවිලි හැඟීම් වැඩිකරගන්න, මෝහයට පත්වෙන්න හොඳයි. මොකද අන්තිමට ලැබෙන දෙයක් නැති නිසා. එක්තරා විදිහ ස්වයං වින්දනයක්. වින්දනයකටත් වඩා විඳවීමක්. ඉතිං ඔය පොතත් ඔය කියන දේ හරහා ගොඩනැගිලනං තියෙන්නෙ ඕකට කියන්න ඕන බුදුන්ගෙ කියල නෙමෙයි "සංජයගෙ රස්තියාදුව" කියලයි. හැබැයි මම ඕක කියවල නැතිනිසා එහෙම වර්ඩික්ට් එකක් පාස් කරන්නෙ නම් නෑ. කියවන අයත් ඔය උඩ කාරනා දැනගෙන කියවල බලන්න.
Refernce
Life of Sariputta
Brahmajala sutta

Last edited: