'' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
පිළිතුරු සෙවීම

ප්‍රිය මිතුර මිතුරිය,
අද වන විට ලංකා ඉතිහාසයේ මුල් යුගය පිළිබඳව බොහෝ වෙනස්කම් සිදුව ඇත. එසේ වීමට හේතු වූයේ මෑත කාලිනව බිහිවූ ස්වාදීන ඉතිහාස ගවෙෂකයන් පිරිසක් හා පොලොව කැනීම් වලින් මතුවූ බුද්ධ කාලයට සමකාලීන සොයා ගැනීම්ය. මෙවනි සොයාගැනීම් අප මෙතෙක් කලක් සිතා සිටි ඉතිහාසය සම්පූර්ණයෙන්ම කනපිට හරවන අතර සමහර (පුද්ගලයින්ට ) විට මෙය දරා ගැනීමට පවා අපහසු වෙයි. මෙවනි විට එකිනෙකට විරුද්ධ අඩහස් ඇතිවීම ස්වාභාවිකය.

Cont......
 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
සැබවින්ම වාද කිරීම තුලින් දැනුම වර්ධනය වන අතර සමහර විට තමන් තුල තිබූ වැරදිමත් දුරලීමටද අවස්ථාව උදාවේ. නමුත් මෙය කල යුත්තේ මිතුර ලෙසින් මිස සතුරන් ලෙසින් නොවේ. අපි සැවොම උත්සාහකරන්නේ අපේම ඉතිහාසය නිවරදි කර ගැනීමටයි. ඒ සඳහා අප සතුරන් ඇති කරගත යුතු නොවේ.
ඉතිහාසය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට මෙලෙසින් ක්‍රියාකරන්න.
 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
(1). මුලින්ම මහාවංශය හොඳින් කියවන්න. ඔබ මහාවංශය විවේචනය කරනවානම් එය කලයුත්තේ ඔබම එය කියවා බලා මිස අන් අය කියන නිසා නොවෙයි.
මහාවංශය පිළිබඳව ඔබට යමවබෝධයක් ගැනීමට බුදුන්ගේ ලංකා ගමනයන් (විශේෂයෙන්ම පළමු ගමන ) සහ හයවන පරිච්චේදය පමණක් කියවීම වුවද සෑහේ.

(2). ඉන් පසුව ත්‍රිපිටකය ලංකරගන්න (මෙහිදී මහවංශ ඉතිහාසය ටිකකට අමතක කරන්න ).දැන් ත්‍රිපිටකයේ ඇති නම් ගම් සමග ලංකාවේ ඇති සෙල්ලිපි වල නම් ගම් සංසන්දනය කරන්න.ඔබ කලින් සිතා සිටි ඉතිහාසය ක්මක් දයි ඔබට වැටහෙනු ඇත.
සෙල්ලිපි කියවීම හකිතාක් දුරට තමන් විසින්ම කල හකිනම් සාර්ථකය. (මෙය තරමක් ප්‍රායෝගික නොවන්න පුලුවන් ). එසේ කිරීමෙන් පරණවිතාන ආදීන් කලවැරදි ඔබටම හඳුනා ගත හැකිය.
 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
Anurudh සහෝදරයාගේ ප්‍රශ්න වලට Cool D සොහොයුරා දී ඇති සමහර පිළිතුරු පිළිබඳව එකඟවිය නොහැකි තැන් ඇත. එහෙත් එම ප්‍රශ්න වලට මාද පිළිතුරු දීමට නොයන්නේ ඉන් කීපයකට පිළිතුරු තව පැහැදිලි කරගත යුතු නිසාය. මා මේ දිනවල විවිද ආකාරයෙන් ලංකාවේ ඉතිහාසය ගවේශනය කරමින් සිටියත් කාලය මද කම නිසා එයසිතූ තරම් ලේසිවී නැත. සොයුරාගේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඉන්දීය ඉතිහාසය පිළිබඳවද යම් දැනුමක් අවශ්‍යය.දැනට එවනි දැනුමක් මා සතුව නොමැත.
කෙසේ නමුත් මෙවනි සන්වාද තුලින් අප සියලු දෙනාගේම දැනුම වර්ධනය වන බැවින් මිතුරු කමින් අපෙ සංවාදය ගෙනියමු.
 

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
vcw6ir.jpg

 

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
සීගිරිය යනු කාශ්‍යප රජුගේ නිර්මානයක් යැයි බොහෝ දෙනා සිතා සිටියත් ඊට වඩා බොහෝ ඈතට දිවෙන අතීතයක් එයට හිමි බව දැන් සොයාගෙන තිබෙනවා. සීගිරිය යනු අතීතයේ සිට යක්ෂ ගෝත්‍රිකයන්ගේ පාලනයට නතුව තිබුනක් බවට බොහෝ සාධක තිබෙනවා. කාශ්‍යප යනු දාතුසේන රජුගේ යක්ෂ ගෝත්‍රික බිසවකගේ දරුවෙක් නිසා තමාගේ රාජධානිය ලෙස සීගිරිය තෝරා ගෙනතිබෙනවා. ඔහු විසින් සීගිරිය නවීකරණය කරන්නටත් ඇති. වරක් සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කල විට එය පිළිසකර කිරීමේදී පැවතුන සීගිරි චිත්‍ර වලට යටින්පැරණි චිත්‍ර (හෝ වර්ණ ) මතුවී තිබෙනවා. සීගිරි පිළිබඳව සිදුකල කැණීම් බොහොමයක් අතරමග නතර කර දැමීම ඉතාමත් සැක සහිතයි. විශේෂයෙන්ම පරණවිතාන විසින් හා විදේශ්කයන් විසින් කල බොහොමයක් විවිද හේතුන් දක්වා මෙසේ නවත්වා තිබෙනවා. කෙසේ නමුත් අනාගතයේ මේ විස්කම් පර්වතය පිළිබඳව රහස් හෙලිවේ දැයි අපි බලා සිටිමු.:rolleyes:
 

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේක එහෙම නවත්තන්නේ නෑ, මම තව තව මේ ගැන තොරතුරු හොයනවා. ඉසින්බැස්සගලදී ලැබුණු තොරතුරුත් මම බෙදා ගන්නම්කෝ ඉක්මනින්ම​. ඔය යාලුවාගේ පොත් වලටත් ගොඩාක් ස්තූතියි. :yes:


    mcn issin bassagala gana mama dannawa.eka gana vistara kiyapanko.
     

    sdlsajeewa

    Active member
  • Feb 14, 2011
    241
    82
    28
    ඕක ගැන මාත් උනන්දුයි. ඔය කියන විස්තරත් එක්ක, ගෙනෙන තර්ක විතර්කත් එක්ක බලපුවාම ඉන්දියාවට වඩා ලංකාවෙ බුදු වුණ බවට සාක්ෂි ගොඩක් තියෙනව.... ඒත් අපි ඔය සිද්ධිය ඇත්තම වුණා කියල හිතමු... එත් ඉන්දියාව බලවත් රාජ්‍යයක් විදිහට ඔය සිද්ධිය යටගහන්න පැහැදිළිවම උත්සාහ කරයි කියල මට හිතෙනව... කොහොම උනත් ඒක ඇත්ත කියල මම හිතනව, මොකද ඒ ගැන පැහැදිළි හේතු සාධක තියෙන නිසා... අන්තගාමී වෙනව නෙවෙයි... හරියට කල්පනා කලොත් එහෙම තමයි.
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    (1). මුලින්ම මහාවංශය හොඳින් කියවන්න. ඔබ මහාවංශය විවේචනය කරනවානම් එය කලයුත්තේ ඔබම එය කියවා බලා මිස අන් අය කියන නිසා නොවෙයි.
    මහාවංශය පිළිබඳව ඔබට යමවබෝධයක් ගැනීමට බුදුන්ගේ ලංකා ගමනයන් (විශේෂයෙන්ම පළමු ගමන ) සහ හයවන පරිච්චේදය පමණක් කියවීම වුවද සෑහේ.

    (2). ඉන් පසුව ත්‍රිපිටකය ලංකරගන්න (මෙහිදී මහවංශ ඉතිහාසය ටිකකට අමතක කරන්න ).දැන් ත්‍රිපිටකයේ ඇති නම් ගම් සමග ලංකාවේ ඇති සෙල්ලිපි වල නම් ගම් සංසන්දනය කරන්න.ඔබ කලින් සිතා සිටි ඉතිහාසය ක්මක් දයි ඔබට වැටහෙනු ඇත.
    සෙල්ලිපි කියවීම හකිතාක් දුරට තමන් විසින්ම කල හකිනම් සාර්ථකය. (මෙය තරමක් ප්‍රායෝගික නොවන්න පුලුවන් ). එසේ කිරීමෙන් පරණවිතාන ආදීන් කලවැරදි ඔබටම හඳුනා ගත හැකිය.

    පරණවිතාන මහත්තයට බයින්නෙ ඇයි කියලනමි හුතාගන්ඩ බැ කිසිම හේතුවක් නැ
    බොහොම අමාරැවෙන් ලංකාවට පුරාවිද්යා ස්තාන මතු කරල දුන්න. සොයා ගැනිමි වල අඩුපාඩු තියෙනවනමි කරන්ඩ ඔනේ එයා‍ට ගරහන එක නෙමෙයි මචන්
    හිතල බලපන් ඇලෙක්සැන්ඩර් ගැහැමිබෙල්ට හැන් පෝන් එක හොයාගත්නෙ නැ කියල බැනල වැඩක් තියෙනවද? තේරෙනවනේ
    අන්න ඒ වගේ තමයි එක පියවරක් ඉදිරියට තිබිබ මනුස්සයෙකුට බයන්ඩ එපා. පුරැදු වේනඩ ඔනේ තවත් පියවරක් අපි ඉදිරියට තබන්න:oo:


     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    සාලිය කුමාරයා බුදු වෙනවා කිව්වද මම​? :)
    විවරණ දෙන්නේ බුදු වෙන කෙනාටම විතරක් නෙවෙයි යාලු. මෛත්‍රී බෝධිසත්වයන් ගේ මව​, පියා, භාර්‍යාව​, පුතණුවන් කියන සෑම අයෙක්ම ගෞතම බුදු රජාණන් වහන්සේගෙන් විවරණ ලබනවා.

    අශෝක කියල කෙනෙක් මවන්නේ ඉන්දියාවෙන් පැමිණි ඉන්දියානු ගැති මහානාම කියන කෙනා.

    නැ මම හිතුවෙ ඔයා දුටුගැමුනු රජතුමා බුදුවෙනව කියවු වගේ කියල :)
    ආ මේ කියුවනේ බුදු හාමුදුරැවෙ අපවත් වුනේ අවුරැදු 80 නෙමේ කියල .(හතුවර්ගයක් වලදල ඒකෙ විශට අපවත් වුනා කියල කොහෙවත් නැ. මොකද උන් වහන්සේ වඩින්නෙ ආයු සංස්කාරය අත් ඇරල හරියටම වෙසක් පෝය දවසේ අපවත් වෙනව කියල දැනගෙන. හතු කතාවෙනමි ගන්ඩම දෙයක් නැ මහ විකාරයක්. :))
    මට දැන ගන්ඩ ඔනේ බුදු හාමුදුරැවෙ අපවත් වුනේ ඔයාලගෙ විදිහට කොහොමද කොචිචර අයු වළදලද? කොහදිද? මොන පෝය දවසෙද? පෝය දවසක නෙමෙයිද ? එතකොට තිපිටකය වැරදියි කියල කිලින් කියුවකේ ඔයා එහෙනමි ලංකාවෙ තියෙන නිමි ගමි ඔය වැරදි තිපිටකවෙන් හෙයන්නෙ ඇයි වගේ දේවල්????????
     

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    පරණවිතාන මහත්තයට බයින්නෙ ඇයි කියලනමි හුතාගන්ඩ බැ කිසිම හේතුවක් නැ
    බොහොම අමාරැවෙන් ලංකාවට පුරාවිද්යා ස්තාන මතු කරල දුන්න. සොයා ගැනිමි වල අඩුපාඩු තියෙනවනමි කරන්ඩ ඔනේ එයා‍ට ගරහන එක නෙමෙයි මචන්
    හිතල බලපන් ඇලෙක්සැන්ඩර් ගැහැමිබෙල්ට හැන් පෝන් එක හොයාගත්නෙ නැ කියල බැනල වැඩක් තියෙනවද? තේරෙනවනේ
    අන්න ඒ වගේ තමයි එක පියවරක් ඉදිරියට තිබිබ මනුස්සයෙකුට බයන්ඩ එපා. පුරැදු වේනඩ ඔනේ තවත් පියවරක් අපි ඉදිරියට තබන්න:oo:

    පරණ විතාන මහත්මට බනිනවම නෙවෙයි. ඇත්තෙන්ම සීගිරි කුරුටු ගී, පැරණි සෙල්ලිපි කිසිම කෙනෙක් නොකල තරම් මහන්සි වී ලෝකෙට ඉදිරිපත් කල කෙනෙක්. එහෙත් ඔහු හිතා මතාම සමහර ඉතිහාස කරුණු වෙනස් කිරීම සඳහා වැරදියට සෙල්ලිපි කියවා තියෙනවා. සමහර සෙල්ලිපිවල ඡයාරූප ඉදිරිපත් කිරීමේදී වචන වසා ඉදිරිපත් කර තියෙනවා. ඒ සඳහා පැහැදිලි සාක්ශි තියෙනවා.
    කොහොම වුනත් ඔහු අසම සම සේවාවක් සිදුකල පුද්ගලයෙක්.
     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    වැටුණු තලිය තලි තුනකට පල්ලේයා
    ඉසුණු බුදු රැසින් මහමෙර සෙල්ලේයා
    ලකුණු බලාලා මහමෙර පල්ලේයා
    දකුණු සිරිපතුල මක්කම වැල්ලේයා

    උඩම උඩම උඩ මක්කම වැල්ලේ
    වසින වසින වැසි ඒ ගල පල්ලේ
    දුවන දුවන නැව සමුදුර පල්ලේ
    අපිත් පදිමු දැන් රන් ඔන්චිල්ලේ

    ලස්සන සෝබන සමගම බබලන
    මක්කම සිරිපා සමනල වැඳගෙන
    ලස්සන තලමල කිණිති පෙළින් පෙළ
    විස්තර තලමල පව්වෙල වෙලමැද

    සතර දෙනයි අපි ආවේ ඔක්කොම
    සතර පිටට කැරකෙයි සොඳ ගෙත්තම
    සතර වටට අල්ලන මාලක්කම
    සතර බුදුන් වැඩි වැල්ලයි මක්කම

    මක්කම වැඩ තිබු වම් පාදෙක
    එක්කම මිණි මෙකල දිවැසින් දැක
    සක් දෙවිඳුට උපමා කළ අණසක
    නික්මිනි සිව් ජල කඳ ගිරි අරණෙක
    (එදා 'මක්කම ' ලෙස හැඳින්වූ වත්මන් 'කල්පිටිය' ප්‍රදේශයේ පිහිටා ඇති බුදුරදුන්ගේ දකුණු සිරිපතුල පිළිබඳව අදත් එම ප්‍රදේශවල ප්‍රචලිත ජනකවි)
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    බුදුරජාණන් වහන්සේ විසින් කෙනෙක් දැක බලා ගත යුතු ස්ථාන 4 ක් ගෙන සදහන් කර ඇත. ඒවා නම්
    1. සිද්දාර්ථ කුමරු ඉපදුනු ස්ථානය.
    2. බුදුන් වහන්සේ බුදු උණු ස්ථානය.
    3. දම්සක් පැවැතු ස්ථානය.
    4. පිරුනුවන් පෑ ස්ථානය.

    යමෙක් මේ ස්ථානයන් විකුර්ති කරයි නම් ඔහු මහා අකුසලයක් සිදු කර ගනී. බුදු කෙනෙකු ඉපදීමට පෙර කාලය දීපය දේශය කුලය මව යන පස් මහා බැලුම් බලයි. මෙහි දීපය නම් ජම්බු දීපයයි. එනම් වර්තමාන ඉන්දියාවයි. මීට පෙර පහල වූ සියලු බුදුවරු පහල වුයේද ඉන්දියාවෙයි. දේශය නම් මද්‍යා දේශයයි. එනම් කපිල වස්තු පුරයි. බුදු පසේ බුදු මහරහත් ආදී උත්තමයෝ පහල වන්නේ මේ මද්‍යා දේශයේය. අතීතයේ සියලු බුදුවරු පහල වුයේද මේ මද්‍යා දේශයේය.
     
    Feb 27, 2012
    11
    0
    0
    බුදුන් වහන්සේ ලංකාවෙ පහළ වුනා ??? පිස්සුද යකුනේ තොපිට ? සූත්‍ර දේශනා වලත් පැහැදිළිව තියෙනවා උන්වහන්සේගේ සියළු විස්තර. තොපි එව්වත් බොරු කරන්නද හදන්නෙ?
     
    Feb 27, 2012
    11
    0
    0
    :confused:බුදුන් වහන්සේ ලංකාවෙ පහළ වුනා ??? පිස්සුද යකුනේ තොපිට ? සූත්‍ර දේශනා වලත් පැහැදිළිව තියෙනවා උන්වහන්සේගේ සියළු විස්තර. තොපි එව්වත් බොරු කරන්නද හදන්නෙ?
     

    manojqn

    Member
    Sep 6, 2008
    11
    2
    0
    38
    Moratuwa
    '' බුදුන් උපන් ජන්බුද්වීපය​ ''

    මේ Thread එකේ කරුණු දක්වල තියෙන අයගෙන්,

    • කොටසක් තොරතුරු නොදැන කතා කරයි - අදහස් නොදැක්වීම වඩා හොඳය.
    • ඇතැමෙක් දන්නා තරමින් කතා කරයි - සාපේක්ෂව බුද්ධිමත්ය (නොදන්නා කරුණු නොකියන තරමට)
    • තවත් අයෙක් ඔහේ තර්ක කිරීමට, අනෙත් අයගේ වැරදි සොයයි - මෝඩ උත්සාහයක යෙදෙයි.
    යමෙකුට, රට - ජාතිය - ඉතිහාසය ගැන කැක්කුමක් ඇති වන්නේ "අතීත ගති පුරුද්දෙන්" මය.
    ඇතැම් අයට ඔවුන් පිස්සන් සේ පෙනිය හැක.
    එවැනි උතුම් (ලෞකික වුවත්) අරමුණු සහිත මිනිසුන් රටක සුදුසු කාලයේදී
    පහළ වන්නේ "ධර්ම නියමයෙන්" මය.
    ඔවුන්ගේ උත්සාහය වැලැක්වීමට කිසිඳු බලවේගයක් සමත් නොවෙත්.
    කිසිඳු ලෞකික ප්‍රතිලාභයක් නොතකා ලෝකයට සත්‍ය පසක් කරන එතුමන්ගේ අදහස් වලට සිනාසෙන/ උරණ වන/ වෛර කරන පිරිසක් සිටීමද ලෝක ස්වභාවය බව බෞද්ධයන් වශයෙන් අප තේරුම් ගත යුතුය.


    සත්‍යය කෙසේ හෝ ඉස්මතු වීම වැළැක්විය නොහැක.

    අද එය සියලු සාක්ෂි සමඟින් ලෝකය ඉදිරියේ විවර වෙමින් පවතී.
    හිස් අදහස් දැක්වීම් පසෙක තබා, මේ ගැන දැනගන්න විශාල උවමනාවක් තියෙනවනම් හොඳින් කරුණු සොයා බලා මනස පාවිච්චි කරලා බුද්ධිමත්ව හිතලා තමන්ගේ මතය - ස්ථාවරය ගොඩනගා ගන්න.
    ඒත් ඒක අනුන්ගේ මතය කරන්න උත්සහ කරාට හැම කෙනෙක්ම එකඟ වෙයි කියල හිතන්න එපා.


    කෙසේ වුවද බොහෝ කලක් යටපත් වී තිබූ "නිවන් දැකීමට උපකාරී වන" "පරම පවිත්‍ර සිරි සද්ධර්මය
    " නැවත වරක් ඉස්මතු වී ඇති මෙවන් වාසනාවන්ත දුර්ලභ යුගයක මිනිස් ජීවිත ලබා "මේ සිරිලක් දෙරණ මත උපන්" ඔබත් මමත් අප්‍රමාදව කල යුතු වැදගත්ම කාරණය වන්නේ,
    මේ සංසාර ගමන තුළ ඇති "අති භයානක තත්ත්වය" තේරුම් ගෙන,
    මායාකාරී ලෞකික සැප සම්පත් පසුපස හඹා යාමෙන් මිදී,
    සැබෑ ලෝකෝත්තර සුවය සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය,
    ඒ අමාමෑණි සිරි සම්මා සම්බුදු රජාණන් විසින් දෙසූ බණ,
    අරිය උත්තමයෙකුගෙන් අසා දැනගෙන,
    පරතෝගෝෂික ප්‍රත්‍ය ලබාගනිමින් ඛණ සම්පත්තිය උදා කරගෙන,
    මාර පුත්‍රයකු ලෙසින් "මාර ප්‍රතිපදාව" තුළ ගමන් කළ අන්ධ බාල පෘතග්ජන ලේබලයෙන් මිදී,
    සැබෑ බුද්ධ පුත්‍රයකු ලෙසින් "අරිය ප්‍රතිපදාව" වෙත වෙනස් කරගැනීමයි.

    එහිදී බුදුන් දකින ඔබ, ලෝකයෙන් මිදී සැබෑ ජයග්‍රාහකයා බවට පත්වනු ඇත.

    සංසාර ගමන පුරාවට ලෝකය තුළ ලැබිය හැකි සියලු ජයග්‍රහණ කිහිප වරක් ලබා ඇති අප මේ උත්සහ කරන්නේ නැවතත් වෙහෙස මහන්සි වී ඒ ජයග්‍රහණයම නැවත ලබන්නය. කී පාරක් කරලද නවතින්න හදන්නේ ?
    මේ මොහොත දුර්ලභ අවස්ථා අතර ඇති "අති දුර්ලභ අවස්ථාවකි" මග හැරියොත්, මාරයා ඔබව තවත් කල්ප කෝටි ගණනක් දුක් ගොඩක් මැද අතරමන් කරනු ඇත.


    අවසාන වශයෙන් ජ'පුර මහා ශිෂ්‍ය සංගම් කාර්යාලය ඉදිරියේ ඇති කවියක් මතක් කරන්නම්...

    ඔබ මෙහි ආවේ කුමකටද ?
    ආවකු විලස යන්නද ?
    නොආවකු විලස යන්නද ?
    කිසිවක් තබා යන්නද ?
    කිසිවක් රැගෙන යන්නද ?
    යන තෙක් රැඳෙන්නද ?
    නොරැඳී රැඳී ඉන්නද ?


    2-3 පාරක් මෙය කියවා සරසවි වරම් ලද පළමු වසර සිසුවා යමක් සිතට ගනී...

    ලැබූ දුර්ලභ අවස්ථාවෙන් බොහෝ දෙනෙක් ප්‍රයෝජන ගනී...
    සුළු පිරිසක් මෙහි ආවේ කුමකටද ? නොදනී...
    නොරැඳී රැඳී ඉන්නා ඔවුන්, නොආවකු විලසම යන්න යයි...

    මා මේ ප්‍රශ්න ටිකම මගෙන්ම විමසුවේ මීට මාස කීපයකට ප්‍රථමය...

    එහෙත් ඒ වෙනත් මා ලද ඇති දුර්ලභ අවස්ථාවක් පිලිබඳවය...
    ඒ අන් කිසිවක් නොව ඇති උතුම් මිනිස් ජීවිතය පිලිබඳවයි ...

    එහිදී මගේ උත්තරය වුයේ... අප බහුතරයකගේ හදවතින් නැගෙන ලජ්ජාශීලී උත්තරයම තමයි...

    මා කලකිරුණේ මා ගැනමයි... ධර්මය සොයා යාම එහි ප්‍රතිඵලයක්...
    කළ යුතු දේ පෙනෙන්නට තිබියදී, කරන්නට
    වනදේ පසුපස හඹා ගොස් ලැබෙන හෝ ලබාගත් දෙයක් නැත...

    ඒ උතුම් "පරම පවිත්‍ර සිරි
    සද්ධර්මය" ලබා ගැනීමට මෙතන ක්ලික් කරන්න...

    - ඔබ සැමට නිවන් සුව ලැබේවා -
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1