බුදුන් වහන්සේ මස්‌ මාංශ අනුභවය අනුමත කළෝ&#3503

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ත්‍රිකෝටික පාරිශුද්ධ මස් කියල ජාතියක් නෑ.ඒක බොරැවක්.එහෙමනම් ත්‍රිකෝටි පාරිසුද්ද අරක්කු එහෙමත් තියෙන්න ඕන.
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සමහර දැන් ඉන්න නාමික බෞද්ධයො හරියට මුස්ලිම් වගේමයි..

    හලාල් කරල මැරුවම පව් නැහැ.. සතා මලත් බඩ පිරිලාහ්.. පොතේ තියෙන්නෙ එහෙමනෙ
    වෙන කෙනෙක් මරල අපි කෑවම පව් නැහැ - සතා මලත් බඩ පිරිලාහ්. පොතේ එහෙම තියෙනවලු...

    මන්ද බුද්ධික නොවෙන ඕනම කෙනෙකුට තේරෙන්න ඕනි වෙන කෙනෙකුගේ වේදනාව.. වෙන කෙනෙක් මරල, අපි නෙමෙයි වෙන කෙනෙක් මරපු එකක් අපි කාලා... අපි නෙමෙයි මැරුවෙ කියල හිත හදාගන්න පුලුවන්නන් ඒ ඇත්තටම කිසිම මනුස්සකමක් නැති මිනිස්සුන්ට පමණයි. පොතේ තියෙන දේ විතරක් පොත් ගුල්ලො වගේ කට පාඩම් කරපු උගත් ඒත් බුද්ධියක් නැති උන්ට මේවා තේරෙන්නෙ නැහැ ඉතින්...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙක පිලිබදව ලොකුවට තර්ක යන් යනවා නමුත් අපි ඉතා සරලව මෙක විසදගන්න බලමු.

    බුදුදහමේ එක මුලික දෙයක් ත්මයි අවහිංසාවාදය එසමගම ඔනැම සතෙකුගෙ ජිවත් විමට ඇති අයිතිය. ඉතින් මේ මුලික සිද්ධාන්ත අනුව බැලුවත් මස් කන එක පොඩ්ඩක් අචුල් තමයි.

    අනෙක් පැත්තෙන් ජිව චක්‍රය හැදිලා තියෙන්නේ එහෙම තමයි. ඒ කියන්නේ සමහර අය මාස්ශභක්ශක තවත් සතුන් ශාක භක්ශක මිනිසා සාර්ව භක්ශක නමුත් කර්මය පැත්තෙන් බලන කල මිනිසා මනසින් උසස් නමුත් මිනිසා අද අනෙකුත් සියලුම සත්වයන් මරාගෙන කන සත්වයෙක් වෙලා.

    පරිසරයද විනාශකරනවා ගස් සිටුවන්නේ නැහැ ලෙසියට අනෙක් සතුන් බොහොම ආමාරුවෙන් දඩයම් කරලා රැකගන්න ජිවිතය එක කඩු පහරින් නැතිකරනවා. අනේ වැඩියෙන් මස් කන්න සතුන්ට බලෙන් වස විශ කවනවා ඒ අනුව බලන කල මිනිසා මෙ කරන්නේ තමන්ට විතරක් නෙමෙයි මුලු ලොකයටම අයහපතක්. ස්භාදහම අපිට මොලයක් දීලා තියෙන්නේ මෙකටද? නැතිනම් ලොකය රැකගන්නද?:no:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    මෙච්චර හොඳ ලිපියකට රිප්ලයි 6යි තියෙන්නෙ අවුරුදු 4ටම.godak ayage prashnawalata tharketa uttara deela thiyenawa.hoda lipiyak .obata pin.bump:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2011 දාපු ත්‍රේඩ් එකක්.. මේ තරම් වටින ලිපියකට කොමෙන්ට් කීයද වැටිල තියෙන්නෙ.. එදා ඉඳන්ම අපේ උන් කියවන්න දස්සයො..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    a-scholar-is-a-man-with-this-inconvenience-that-when-you-ask-him-his-opinion-of-any-matter-he-must-quote-1.jpg
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මම මස් මාලු ,හාල්මැස්සෙක්වත් කන් නැ 2009 විතර ඉදන්..හිතට ලොකු සතුටක් තියෙනව ඒකෙන්...ඒත් මන් කාටවත් ඕව නොකන්න බල කරල නැ..එක පාරක් , දෙව්දත් අලුත මහන වුන හාමුදුරු වරු පන්සියක් වෙන්කරන් ගිහින්,...උන්වහන්සේට වෙනම සිල් පද පහක් පිලිපදින්ඩ කියනව...ඒ අතර මාංශ අනුභවයෙන් වැලකීමත් තියෙනව...ඒ වෙලාවෙ බුදුහාමුදුරුවො ඒ සිල් පදේ ප්‍රතික්ෂේප කලා.....

    ඒත් කියන්න ඕන උන්වහන්සේ අවසර දීල තියෙන්නෙ තමන් උදෙසා නොමරන මස් කැමට විතරක් කියල...පහු ගිය කාලෙ නත්තලට එහෙම ගෙදර හදන සත්තු මරාගෙන කාපු ඒවා මහා පාපකර්ම.....

    අනික මන් මාංශ කන එක නතර කරල තියෙන්නෙ ප්‍රතිපත්තියක් විදිහට..ජීවිත දානයක් විදිහට..දැන් නන් කන්න අප්පිරියයි...
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    මමත් මෙච්චරකල් හිතගෙන හිටියෙ වැරදිවට . දැනුවත් කිරීමට බොහොම පින්. නිර්මාශ වීමට උත්සාහ කරමි
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සමහරු වෙජිටේරියන් කියන එක ගෞරව නාමයක් විදිහට ඇඩ් කරගෙන ලෝකෙට පෙන්නගෙන, ලද හැම අවස්ථාවෙන කුකුලො, මාලු, හාල්මැස්සො, බිත්තර දෙසා බානවා.. එලකිරි එකෙත් එහෙම අය අනන්තයි.
    හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්නෙ ඒ වගේ උපාසක බලලුන්ටයි..
     

    hpalpola

    Well-known member
  • ෙකාම්බුව අවුල් වුනාට සමාවනන මචංලා. සුත්ත නිපාත, අාමගන්ධ සූත්‍රය බලන්න.

    "241. දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.



    242. කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වලඳනා හේ ආමගන්ධය වළඳන්නේය.




    243. බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍ර‍වූ) බ්‍ර‍හ්මබන්ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වලඳනුවෝ මැ (තොපි) “මට ආමගන්ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආගන්ධය කවර ප්‍ර‍කාර ඇත්තේ ද?




    244. ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡෙද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍ර‍තිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්ථක ශ්‍ර‍න්ථ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්ධ වෙයි. මාංස භෝජන (ආමගන්ධ) නො වේ.


    245. මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍ර‍භාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.




    246. යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.




    247. ක්‍රෝධය ද‍, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්මව්‍යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්ෂණ කොට ඇති ) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්ෂ්‍යාව ද, (ආත්මොත්කර්‍ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍ර‍ය ද යන මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.




    248. යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.




    249. මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.


    250. මේ ප්‍රාණීන් කෙරෙහි (ලොභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්‍ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලොකාන්තරිකාන්‍ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.




    251. මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දලමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බදු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වෙද මන්ත්‍ර‍හෝ හොම කර්ම ද අශ්වමෙධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.




    252. ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය. (ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්මයන්හි නො ලැගෙයි.




    253. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍ර‍යන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය. ආමගනධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍ර‍යන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.




    254. බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සාදු සාදු

    ඔබට පිං අපිත් සමඟ මෙය බෙදාගත්තට....

    වැඩේ කියන්නේ. මේවගේ ත්රෙඩ් කියවීමට ගොඩදෙනෙක් මැලි කමක් දක්වනවා...
    :(:(