ෙකාම්බුව අවුල් වුනාට සමාවනන මචංලා. සුත්ත නිපාත, අාමගන්ධ සූත්‍රය බලන්න.
"241. දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්‍ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.
242. කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වලඳනා හේ ආමගන්ධය වළඳන්නේය.
243. බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍රවූ) බ්රහ්මබන්ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වලඳනුවෝ මැ (තොපි) “මට ආමගන්ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආගන්ධය කවර ප්‍රකාර ඇත්තේ ද?
244. ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡෙද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍රතිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්ථක ශ්‍රන්ථ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්ධ වෙයි. මාංස භෝජන (ආමගන්ධ) නො වේ.
245. මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍රභාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.
246. යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්ධ වෙයි. මාංසභොජන (ආමගන්ධ) නො වේ.
247. ක්‍රෝධය ද, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්මව්යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්ෂණ කොට ඇති ) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්ෂ්‍යාව ද, (ආත්මොත්කර්ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍රය ද යන මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
248. යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
249. මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
250. මේ ප්‍රාණීන් කෙරෙහි (ලොභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලොකාන්තරිකාන්ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්ධය වෙයි. මාංසභොජනය ආමගන්ධ නො වේ.
251. මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දලමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බදු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වෙද මන්ත්‍රහෝ හොම කර්ම ද අශ්වමෙධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
252. ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්ද්රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය. (ආර්ය්යමාර්ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්මයන්හි නො ලැගෙයි.
253. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍රයන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය. ආමගනධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.
254. බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.