බුදුරජාණන් වහන්සේලාගේ විශේෂතා

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    බුදුරජාණන් වහන්සේලාගේ විශේෂතා

    සියළු බුදුවරු ගුණයෙන් හා නුවණින් සමාන වේ. එහෙත් බුදුවරුන්ගේ වෙනස්කම් අටක් ඇත්තේ ය. එනම්;
    .
    01. ආයු වෙනස
    02. ප්‍රමාණ වෙනස
    03. කුල වෙනස
    04. ප්‍රධන් වෙනස
    05. රශ්මි වෙනස
    06. යාන වෙනස
    07. බෝධිවෘක්‍ෂ වෙනස හා
    08. පර්යංක වෙනස යනුවෙනි.
    .
    එහි ආයු වෙනස නම් සමහර බුදුවරු දීර්‍ඝායුෂ වෙති. සමහරු අල්පායුෂ වෙති. ප්‍රමාණ වෙනස නම් සමහරු උස් වෙති. සමහරු මිටි වෙති. කුල වෙනස නම් සමහරු ක්‍ෂත්‍රීය කුලයේ උපදිත්. සමහරු බමුණු කුලයේ උපදිත්. ප්‍රධන් වෙනස නම් සමහරු අප මහා බෝසතාණන් වහන්සේ මෙන් දිගුකලක් ප්‍රධන් වඩති. සමහරු කෙටි කලක් ප්‍රධන් වඩති. අවම වශයෙන් සතියක් වත් ප්‍රධන් වඩති. රශ්මි වෙනස නම් සමහරුන්ගේ රශ්මිය බඹයක් පමණ දුර පැතිරේ. සමහරුන්ගේ රශ්මිය මංගල බුදුන්ගේ මෙන් දසදහසක් සක්වළ පැතිරේ. යාන වෙනස නම් සමහරු ඇත්යානයකින් අබිනික්මන් කරත්. සමහරු අස් රථ, ප්‍රාසාද, සිවිකා හෝ පයින් ම නික්මෙති. බෝධිවෘක්‍ෂ වෙනස නම් බුද්ධත්වයට පත්වීමට උපකාරී වන වෘක්‍ෂයන්ගේ වෙනසයි. පර්යංක වෙනස නම් බුදුවන විට අතුරණ තණ ඇතිරිල්ලේ ප්‍රමාණ වෙනසයි.
    .
    ▬▬▬▬ අවිජහිත ස්ථාන ▬▬▬▬
    .
    තවද සියළු බුදුවරයෝ ම අත් නොහරින ස්ථාන සතරක් ඇත.
    .
    01. සියළු බුදුවරයන්ගේ බෝධි පර්යංකය අත් නොහරින ස්ථානයකි. එනම් බුද්‍ධගයා බෝධිමණ්ඩලයයි.
    02. එසේම සියළු බුදුවරු ඉසිපතන මිගදායෙහි ධම්සක් දෙසති. මෙය ද අත් නොහල ස්ථානයකි.
    03. දේවාරෝහනයේ දී සංකස්ස පුර දොරටුවේ පළමු පා තැබීම ද අත් නොහල ස්ථානයකි.
    04. ජේතවනාරාමයෙහි ගඳකිළිය පිහිටි ස්ථානය සියළු බුදුවරුන් ම අත් නොහල ස්ථානයකි. මේ ස්ථාන සතර සියළු බුදුවරයෙක් ම අත් නොහරින ස්ථාන වේ.
    .
    ▬▬▬▬ සතර අන්තරාය කළ නොහැකි ධර්‍ම ▬▬▬▬
    .
    01. සියළු බුදුවරයන් වහන්සේලා උදෙසා එළවන ලද සිව්පසයට අන්තරාය කිරීමට කිසිවෙකුට නො හැක.
    02. එසේම ආයුෂයට අනතුරක් කිසිවෙකුට කළ නො හැක. එහෙයින් අනුන්ගේ උපායකින් තථාගතයන් වහන්සේගේ දිවි තොර කළ නො හැක.
    03. එසේම බුදුවරුන්ගේ දෙතිස් මහා පුරිස ලකුණුවලට අසීති අනුව්‍යඤ්ජන වලට කිසිවෙකුට අන්තරායක් කළ නො හැක.
    04. බුදුරැස්වලට කිසිවෙකුට අන්තරායක් කළ නො හැක. මේ සතර අන්තරාය නොකළ හැකි ධර්‍ම වේ.
    .
    ▬▬▬▬ සමතිස් ධර්‍මතා ▬▬▬▬
    .
    තවද සියළු බුදුවරුන්ට ආවේණික වූ ධර්‍මතා 30ක් ඇත්තේ ය. එනම්;
    .
    01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුත්ත ව මව්කුසින් බිහිවීම.
    02. මව්කුස පිටත බලා පලක් බැඳ සිටීම.
    03. බෝසත්මව් සිටිපියෙහි සිට බෝසතුන් බිහිකිරීම.
    04. අරණෙහි දී බෝසතුන් බිහිකිරීම.
    05. උපන් කෙණෙහි උතුරු දිගට සත් පියවරක් ගොස් සිංහනාද කිරීම.
    06. සතර පෙරනිමිති දැක පුත් කුමරකු උපන් දා මහබිනික්මන් කිරීම.
    07. පැවිදි ව යටත් පිරිසෙන් සත් දිනක් හෝ ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීම.
    08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
    09. තණ ඇතිරියෙහි හිඳ සර්‍වඥතාඥානය ලැබීම.
    10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන වැඩීම.
    11. මරුන් පැරදවීම.
    12. බෝධිපර්යංකයෙහි දී ම ත්‍රිවිද්‍යාදී ගුණ ප්‍රතිලාභය.
    13. සත්සති ගෙවීම.
    14. මහබඹුහුගේ අයදුමෙන් දහම් දෙසීම.
    15. ඉසිපතන මිගදායෙහි දී ම දම්සක් දෙසීම.
    16. නවම් පොහෝදින ප්‍රථම ප්‍රාතිමෝක්‍ෂය දෙසීම.
    17. දෙව්රම් වෙහෙර තැන්හී ම නිබඳ වාසය.
    18. සැවැත්නුවර දොර යමාමහ පෙළහර පෑම.
    19. තව්තිසාවේ අභිධර්‍ම දේශනා කිරීම.
    20. සංකස්සපුර දොරට දෙව්ලෝවින් බැසීම.
    21. නිරතුරු ඵලසමාපත්තියට සමවැදීම.
    22. ධ්‍යාන දෙක්හි වෛනෙය ජනයා බැලීම.
    23. කරුණක ඇති කල්හි ම විනය ශික්‍ෂා පද පැනවීම.
    24. කරුණක ඇති කල්හි ජාතක දේශනා කිරීම.
    25. ඥාති පිරිස මැද බුද්‍ධවංශ දේශනාව පැවැත්වීම.
    26. ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කිරීම.
    27. දිනපතා පඤ්ච බුද්ධකෘත්‍යය කඩ නොකොට කිරීම.
    28. ආරාධනයෙ වස් වැස දායකයන්ට නොදන්වා නොවැඩීම.
    29. පරිනිර්‍වාණ දිනයෙහි මාංශරස භෝජනය වැළඳීම.
    30. සූවිසිකෙළලක්‍ෂයක් සමවතට සමවැද පිරිනිවීම.
    යන මේ කරුණුයි.
    .
    බුද්‍ධවංසට්‍ඨකථා\බුඳ්‍ධපකිණ‍්ණකකථා
    .
    මුල් ලිපියේ සබැඳිය http://swethapradheepa.blogspot.com/p/buduvarunge-visheshat…
    .
    මුදුන (Muduna)
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    "රශ්මි වෙනස නම් සමහරුන්ගේ රශ්මිය බඹයක් පමණ දුර පැතිරේ. සමහරුන්ගේ රශ්මිය මංගල බුදුන්ගේ මෙන් දසදහසක් සක්වළ පැතිරේ."

    මේක ගැන තව විස්තර ටිකක් කියන්න පුලුවන්ද?
     
    Mar 4, 2018
    7
    2
    0
    පරිනිර්‍වාණ දිනයෙහි මාංශරස භෝජනය වැළඳීම.

    මචන් මේක sure ද?