බුදුරදුන්ගේ අවසන් ගමන...
කයෙන් දුබල ව, වියපත් ව සිටිය ද ලෝ සතුන් සසර දුකෙන් මුදාලීමේ වුවමනාව බුදු රජාණන් වහන්සේ සතු ව අවසන් මොහොත වන තුරු ද නොවෙනස් ව පැවැති අයුරු උන් වහන්සේගේ ජීවිතයේ අන්තිම දවස පිළිබඳ ව කියැවෙන මේ ලිපියෙන් හෙළි වේ.
ජීවිතයෙන් සමු ගන්නා කෙලෙස් සහිත සත්ත්වයන්ගේ අවසන් ගමන තාවකාලික වූවකි. ඒ නැවැත උපතක් ද එයට අදාළ මරණයක් ද ඇති බැවිනි. එහෙත් බුදු, පසේබුදු, මහරහතුන්ගේ අවසන් ගමන අවසන් ගමනක් ම වෙයි. එයට හේතුව ඒ උතුමන් යළි නො එන බැවිනි; නැවත උපතක්, මරණයක් නැති බැවිනි.
එසේ සාක්‍ෂාත් කරනු ලබන නිර්වාණ ධාතුව සෝපාදිශේෂ හා අනුපාදිශේෂ යැ යි දෙවැදෑරුම් වේ. ආස්‍රව නැති කොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම හෙවත් ක්ලේශ පරිනිර්වාණයට සෝපාදිශේෂ නිර්වාණ ධාතුව යැ යි කියනු ලැබේ. එසේ කෙලෙස් නැසූ උතුමනට ජීවත් ව සිටින ඉතිරි කාලය තුළදී සැප දුක් වේදනා විඳීමට සිදු වේ. සියල්ල අවසන ශරීරය ජීවත් කරවීමට අයෝග්‍ය වූ කල සිදු වන මරණය හෙවත් ස්කන්ධ පරිනිර්වාණයට (රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පංචස්කන්ධයේ පිරිනිවන් පෑම) අනුපාදිශේෂ නිර්වාණ ධාතුව යැ යි කියනු ලැබේ. (නිබ්බානධාතු සූත්‍රය)
මේ වන විට බුදු රජාණන් වහන්සේට වයස අවුරුදු අසූවක් විය. උන් වහන්සේ අනඳ හිමියන් අමතා මෙසේ වදාළ සේක:
“අනඳයෙනි, මම දැන් දිරූවෙක් වෙමි; වෘද්ධයෙක් වෙමි; මහලු වූවෙක් වෙමි; දිගු කලක් ඉක්ම ගිය අයෙක් වෙමි; ජීවිතයේ අවසන් වියට පැමිණියෙමි. මගේ වයස දැන් අවුරුදු අසූවකි. අනඳයෙනි, දිරූ ගැලක් චක්‍ර බැඳීම ආදි පිළිසකර කිරීම්වලින් යැපෙන්නේ ද, එසේ ම තථාගතයන්ගේ ශරීරය රහත්ඵල සමවත් නමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනඳයෙනි, තථාගතයන් වහන්සේ රූප නිමිති ආදි සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන් නිරෝධයෙන් නිමිති රහිත චිත්ත විමුක්තියට පත් ව වාසය කරත් ද, එසමයෙහි තථාගත ශරීරය අතිශයින් පහසු ඇත්තේ වෙයි.” (මහාපරිනිබ්බාන සූත්‍රය)
බුදු රජාණන් වහන්සේට තමන් වහන්සේගේ මහලු වියට පත් සිරුර පිළිබඳ ව ඇලීමක් හෝ ගැටීමක් හෝ නො වී ය. උන් වහන්සේට අවශ්‍ය වූයේ බොහෝ දෙනකුට චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට අවස්ථාව සලසා දීම ය. උන් වහන්සේ බේලුව නම් ගමෙහි වස් එළැඹි කල දරුණු ආබාධයක් ඇති විය: මරණයට පත් කරවීමට තරම් සමත් වූ දැඩි වේදනා පැවැතියේ ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව නුවණින් සලකමින්, එම රෝගාබාධයෙන් නොපෙළෙමින් ඒ වේදනාව ඉවසූ සේක; කිසිවකුට නොපවසා පිරිනිවන් පෑම නුසුදුසු බැවින් ආබාධය වීර්යයෙන් මැඬ ලා ජීවිත සංස්කාරය හෙවත් දිවි පැවැත්වීමට සමත් පල සමවත අධිෂ්ඨාන කොට වාසය කළ සේක. අනතුරු ව උන් වහන්සේ අනඳ හිමියන්ට කරුණු ඇඟැවූ සේක:
“ආනන්දය, යමකු විසින් සතර ඍද්ධිපාද වඩනා ලද්දේ ද, පුන පුනා වඩනා ලද්දේ ද, යානයක් සේ කරන ලද්දේ ද බිමක් මෙන් කරන ලද්දේ ද, තහවුරු කොට පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් සම්පූර්ණ කරන ලද්දේ ද, හෙතෙම කැමැති වන්නේ නම් ආයු කල්පයක් හෝ ආයු කල්පයකට මඳක් වැඩි වූ කලක් හෝ සිටින්නේ ය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර ඍද්ධිපාද වඩනා ලද්දේ ද, පුන පුනා වඩනා ලද්දේ ද, යානයක් සේ කරන ලද්දේ ද, බිමක් මෙන් කරන ලද්දේ ද, තහවුරු කොට පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් සම්පූර්ණ කරන ලද්දේ ද වෙයි. ඒ තථාගතයන් වහන්සේ කැමැති වන්නාහු නම් ආයු කල්පයක් හෝ ආයු කල්පයකට මඳක් වැඩි වූ කලක් හෝ සිටින්නා හ.” (මහාපරිනිබ්බාන සූත්‍රය)
භාග්‍යවතුන් වහන්සේ විසින් අනඳ හිමියන්ට තමන් වහන්සේ පිරිනිවන් පානා බවට මෙසේ තෙවරක් නිමිති දක්වන කල්හි ද මාරයා විසින් මඬනා ලද සිත් ඇති අනඳ තෙරුන්ට එය වටහාගත නොහැකි විය. අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ අනඳ හිමියන් පිට ව ගොස් නොබෝ වේලාවකින් පාපී මාරයා බුදුරදුන් වෙත එළැඹියේ ය; එළැඹ පිරිනිවන් පෑමට ආරාධනා කළේ ය. තමන් වහන්සේගේ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ම ප්‍රතිබල සම්පන්න හා ශාසන බ්‍රහ්ම චර්යාව තහවුරු වන තුරු තමන් වහන්සේ පිරිනිවන් නොපාන බවට තමාට පෙර දිනෙක කළ ප්‍රකාශය සිහිපත් කළ මාරයා දැන් භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව් පිරිස ප්‍රතිබල සම්පන්න බැවින් හා ශාසන බ්‍රහ්ම චර්යාව තහවුරු බැවින් පිරිනිවන් පානා ලෙස ආරාධනා කළේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ:
“පවිට, ඔබ මන්දෝත්සාහී වව. නොබෝ කලකින් තථාගතයන්ගේ පරිනිර්වාණය වන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නා හ.”
අනතුරු ව භාග්‍යවතුන් වහන්සේ මනා සිහි නුවණින් යුතු ව ආයුසංස්කාරය හළ සේක: එනම්, මෙතැන් පටන් තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි කියා ද එයින් පසු ව සමවතට නොසමවදිමි කියා ද සිත ඉපිදවූ සේක. උන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ කල්හි මහත් භූමිකම්පනයක් සිදු විය. අනතුරු ව එයින් පුදුමයට පත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මහත් වූ භූමි කම්පාවට හේතු විමසූ හ. එයට හේතු පෙන්වා දුන් තථාගතයෝ දම් දෙසූ හ; අනතුරු ව තමන් වහන්සේ ආයු සංස්කාරය අත්හළ බව ද වදාළහ. කරුණු වටහාගත් අනඳ තෙරණුවෝ බුදුරදුනට කල්පයක් වැඩ සිටීමට ආරාධනා කළහ. එහෙත් තථාගතයන් වහන්සේ ඒ වන විට අත්හළ දේ අත්හැර අවසන් ය.
අනතුරු ව බුදුන් වහන්සේ අනඳ හිමියන් සමඟ මහාවනයෙහි කූටාගාර ශාලාවට වැඩම කළහ; විසල් පුර වැසි සියලු භික්‍ෂූන් උපස්ථාන ශාලාවට රැස් කරවා, බඹසර බොහෝ කලක් පැවැතීමට හේතු වන කරුණු පෙන්වා දුන්හ. ඉක්බිති මෙසේ භික්‍ෂුන් ඇමැතූ හ:
“මහණෙනි, මම දැන් නුඹ අමතමි. සංස්කාර නැසෙනසුලු ය. නොපමා ව කටයුතුª සම්පාදනය කරවු. නොබෝ කලකින් තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිවෙන්නා හ.”
අනතුරු ව ගාථාවලින් මෙසේ වදාළහ:
“මගේ වයස මුහු කළේ ය. මාගේ ජීවිත කාලය තව ස්වල්පයකි. මම නුඹ හැර යන්නෙමි. මා විසින් තමාට පිහිට කරන ලද්දේ ය.
“මහණෙනි, නොපමා වූවෝ වවු, සිහි ඇත්තෝ වවු, මනා සිල් ඇත්තෝ වවු, මැනැවින් පිහිටුවූ යහපත් කල්පනා ඇති ව තම සිත රැකගනිවු.
“යමෙක් මේ ශාසනයෙහි නොපමා ව වෙසෙන්නේ නම්, හෙතෙම ඉපදීම ද සසර ද හැරදමා දුක කෙළවර කරන්නේ ය.”
කෙලෙස් සහමුලින් ම ඉවත් කළ අයකුට ජීවිතය ගැන හෝ මරණය ගැන හෝ විශේෂ කැමැත්තක් නැත. වරෙක සැරියුත් තෙරණුවෝ මෙසේ වදාළහ:
“නාභිනන්දාමි මරණං
නාභිනන්දාමි ජීවිතං,
නික්ඛිපිස්සං ඉමං කායං
සම්පජානෝ පතිස්සතෝ”
(සාරිපුත්තෙත්‍ථරගාථා)
“මරණය කැමැති නො වෙමි. ජීවිතය ද කැමැති නො වෙමි. නිවැරැදි ප්‍රඥා ඇත්තෙම්, සිහි ඇත්තෙම්, මේ ශරීරය බහා තබන්නෙමි.”
සාමාන්‍ය මිනිස් සිරුරකට දැනෙන අපහසුතා තථාගත සිරුරට ද දැනෙන්නට විය. උන් වහන්සේ ක්ලාන්ත ව සිටි අවස්ථාවක අනඳ හිමියන්ට පැන් ගෙන එන්නැ යි වදාළ සේක. එහෙත් මේ වන විට ඒ ළඟ ඇති කුඩා නදිය හරහා ගැල් පන්සියයක් පමණ ගමන් කොට ජලය මඩ වී තුබූ බැවින් නුදුරෙහි ඇති කකුත්ථා නදිය වෙත වැඩම කිරීමට අනඳ හිමියෝ දෙවරක් ම යෝජනා කළහ. එහෙත් තුන්වන වර ද බුදු හිමියෝ වහා පැන් ඉල්ලූ හ. අනඳ හිමියෝ පාත්‍රය ගෙන කරගත හැකි කිසිවක් නැති ව මඬ ඇති ජලය වෙත වැඩම කළහ. ඒ වන විට අසිරියකට මෙන් එහි ජලය පිරිසිදු වී තිබිණි. මෙවන් අවස්ථා තථාගත ජීවිතයේ කොතෙකුත් ඇත. ගල් බොරලු මං මාවත්වල වැඩම කරන විට ඉදිමුණු සිරිපාවලින් යුතු ව වුව උන් වහන්සේ බොහෝ දුර වැඩම කළහ. මහා කාරුණික උතුමාණන් කළ කැප වීමක තරම අදටත් දඹදිව පිරිනිවන් මඤ්චකය නිරූපිත ප්‍රතිමාව කියා පායි. එය දකින්නකුගේ හද කම්පා වනු අනිවාර්ය ම ය.
සියල්ල ඉවත ලන්නට වඩිනා ගමනක් මුත් තථාගතයන් වහන්සේ සිහි තබාගත යුතු නොමැකෙන වදන් පෙළක් ද තැබූ සේක:
“සුභද්ද, මේ ධර්ම-විනයෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇත. සුභද්ද, මෙහි ම පළමු වැනි සෝවාන් භික්‍ෂුව ද ඇත. මෙහි ම දෙවැනි සකදාගාමි භික්‍ෂුව ද ඇත. මෙහි ම තෙවැනි අනාගාමි භික්‍ෂුව ද ඇත. මෙහි ම සිව්වැනි අර්හත් භික්‍ෂුව ද ඇත. මේ භික්‍ෂූන් සිව් නමගෙන් අන්‍ය වූ පරවාද සත්‍යයෙන් හිස් ය. සුභද්ද, මේ භික්‍ෂූන් ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන්ගෙන් හිස් නොවන්නේ ය.”
යළිදු භික්ෂු සංඝයා වෙත හැරී මෙසේ දෙසූ හ:
“මහණෙනි, මම දැන් නුඹලාට උවදෙස් දෙමි. සංස්කාර නැසෙනසුලු ය. එබැවින් අප්‍රමාදී ව එළැඹැවූ සිහියෙන් යුතු ව රහත් බව පිණිස කළ යුතු දෑ සම්පූර්ණ කරවු.”
මේ අවසාන උද්ධෘතය තථාගථයන්ගේ අවසන් වචන යි. මේ වචන වදාළ උන් වහන්සේ නිහඬ වූ හ; සිත දැහැන්ගත කළහ; සමවත්වලට සමවැදුණාහ. අවසානයේ උන් වහන්සේගේ අවසන් හුස්ම පොද වා තලයට එක් විය; උණුසුම ද පරිසරයට එක් විය. ශ්‍රී දේහය දර සෑයක දැවිණි. ඉතිරි වූ ධාතු අදටත් පවතී. ඒ හැරෙන්නට තථාගතයන් වහන්සේ විසින් ඉතිරි කළ කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ සිත වත්, ජීවිතය වත්, අන් කිසිවක් වත් ඉතිරි කළේ නැත. සියල්ල නිරුද්ධ කොටදැමූ හ.
තෙල් ද වැටිය ද නිසා දැල්වෙන පහනක් තෙල් හා වැටිය ක්‍ෂය වීමෙන් නිවුණු පසු, ගිය (නිවී, ගිය) තැනක් පැනැවිය නොහැකි ය. තථාගත ජීවිතය ද පිරිනිවී ගියේ ය. එහෙත් ‘ගිය තැනක්’ නැත. පරම සුවය එය ම වේ. ඒ නිවීම වෙනුවෙන් අප ද සැම දේ අත්හැරීමට පුරුදු වෙමු. ද
(දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත්‍රය, ඉතිවුත්තක පාළියේ නිබ්බානධාතු සූත්‍රය, සාරිපුත්තෙත්‍ථරගාථා හා අනුරුද්ධෙත්‍ථරගාථා අට්ඨකථාව ඇසුරු කැරිණි.)
http://www.namaskara.lk/