බුදු ගුණ

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    1. අරහං


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළ බැවින් ද, සියළු ක්ලේශයන් දුරු කළ බැවින් ද, මිනිස් දෙව් බ්‍රහ්ම යන සියල්ලන්ගේ පූජාසත්කාර පිළිගැනීමට සුදුසු බැවින් ද, අරහං නම් වන සේක.

    2. සම්මා සම්බුද්ධෝ


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතීත අනාගත වර්තමාන යන තුන් කාලයට අයත් වූ ද, අයත් නොවූ ද සියල්ල උපදෙස් රහිතව, තමන්වහන්සේ විසින් ම මැනවින් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක.

    3. විජ්ජාචරණ සම්පන්නෝ


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විදර්ශනා ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් ද, පසලොස් චරණ ධර්මයන්ගෙන් ද යුක්ත වූ බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

    4. සුගතෝ


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මැදුම් පිලිවෙත අනුගමනය කරමින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්මා සම්බුද්ධත්වය කරා පැමිණි බැවින් ද, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වන බැවින් ද සුගත නම් වන සේක.

    5. ලෝක විදූ


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 31 භූමි තලයන්හි කිසිවක් ඉතිරි නොකොට, සියල්ල දැන ගත් බැවින් ලොක විදූ නම් වන සේක.

    6. අනුත්තරෝ පුරිසදම්ම සාරථී


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන් අයට දමනය කළ නොහැකි වූ, ජාතිමාන, බලමාන, ධනමාන ආදියෙන් මත් වූ, මුළා වූ සත්වයින් දමනය කොට, ඔවුන් සුමගට පමුණුවන්නන් අතරින් අග්‍ර වන බැවින් අනුත්තර පුරිසදම්ම සාරථී නම් වන සේක.

    7. සත්ථා දේවමනුස්සානං


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව් මනිසුන්ගේ මෙලොව, පරලොව යහපත පිණිස හා නිර්වාණ ප්‍රතිලාභය පිණිස අනුශාසනය කළ අපගේ ශාස්තෘන් වහන්සේ වන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.

    8. බුද්ධෝ


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගාම්භීර වූ චතුරාර්ය සත්‍ය තමන් වහන්සේ විසින් අවබෝධ කොට ගෙන, ලෝකයාට ද අවබෝධ කර වූ බැවින් බුද්ධ නම් වන සේක.

    9. භගවා


    භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ඥාන, අනන්ත ඍධි, අනන්ත බලයන්ගෙන් යුක්ත බැවින් භගවා නම් වන සේක.


    වැඩිදුර කියවීමට :

    පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි – සූවිසි මහා ගුණය



    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රහසත් පව් නොකො
    ට​
    කෙලෙසරයනුත් දුරු කො
    ට​
    නිසි වූයෙන් පුද
    ට​
    අරහ යන නම කියති මුනිඳු
    ට​
    – බුදුගුණාලංකාරය

    රහසින්වත් කිසිදු පාපයක් නොකරන හෙයින් ද, සියළු කෙලෙසුන් අංශු මාත්‍රයකුදු ඉතිරි නොකොට නැසූ හෙයින් ද පූජාවන්ට – අප විසින් ඉමහත් ගෞරවයෙන් කරනු ලබන ඕනෑම පූජාවකට සුදුසු හෙයින් ද බුදුරජානන් වහන්සේට “අරහ” යැයි කියනු ලැබේ. - (got this from kumudupinto.blogspot.com)

    තුන් කල්හි මැ පැවැති
    පදරුත් සියල් ලොවැ ඇති
    අතැඹුල සෙ දැනගති
    එයින් ‘සම්මා සම්බුදුනැ’ යෙති

    විද්දෑ නැණ අට ද
    පසළොස් සරණ ගුණය ද
    ඇතියෙන් එ මුනි සඳ
    පිරුණු විජ්ජා චරණ’ නම් ලද

    යහපත් කොටැ ‍යෙතැයි
    සුන්දර තැනට සැපතැයි
    සොඳුරු බස් කියතැයි
    කියති ඒ මුනි රජුට ‘සුගතැ’යි

    තුන් ලොව තතු ලෙසට
    දැනැ - ගෙනැ නොදත් මෙ ලොවට
    දෙසුයෙන් නියම කොට
    ‘ලෝකවිදු’ යැයි කියති මුනිඳුට

    හැම ගුණයෙන් නඳා
    සම වැඩි සතකු ඇම ඳා
    දියතෙහි නැති සඳා
    ‘අනුත්තර’ යැයි කියති මුනිඳා

    බඹ සුර යකුන් තද
    දමනය කැරැ තමන් ලද
    සෙත් දී මුනිඳු සඳ
    ‘පුරිස දම් සාරති’ නම් ලද

    බව කතරින් එතෙර
    ලනුයෙන් “සතන්” හැම වර
    තිලෝ ගුරු මුනි වර
    වීයැ “සත්තා” නමින් පුවතර

    සිවු සස් සිය නැණින්
    දැනැ දැන්වී යැ කුලුණින්
    දුරැලයි අනුවණින්
    එ “බුදු” නම් වී යැ නැණ පමණින්

    බෙදුයෙන් දහම් කඳ
    බජනය ‍කෙළෙන් ගුණ කඳ
    බග දහමින් සසඳ
    බැවින් “බගවත්” වී යැ මුනි සඳ
     

    Similar threads