බුදු දහමට නිගා දුන් ටියුෂන් ගුරුගේ කෙරුවා
රට ජාතිය ආගම පිළිබඳ පළමු පාඩම දෙමව්පියන්ගෙන් ලැබූ එය වඩාත් පෝෂණය කරන්නේ ගුරුවරයාය.ජාතික වාත්සල්‍යයෙන් සිසුන් අවදි කිරීම සැබෑ ගුරුවරයාගේ භූමිකාවයි .නමුත් මේ සඳහන් කරන ගුරුවරයා ජාතියේ අවාසනාවට ගුරු වෘත්තියට පැමිණි ගුරුවරයෙකි.
ගිරිඋල්ල ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ද පෞද්ගලික පන්තියක 11 වසර සිසුන් සඳහා ව්‍යාපාර හා ගිණුම්කරණය විෂය උගන්වන මොහු තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා 11 වසර සිසුන්ගේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයට යොදා ගෙන ඇත්තේ උත්තම බෞද්ධ චරිත නාමයන්ය.
බෞද්ධ සාහිත්‍යයේ එන පූජනීය චරිත නාමයන් තම නිබන්ධන වලට යොදා ඇති ආකාරය දුටු විට ඇතිවන්නේ සංවේගයකි.ඔහුගේ ව්‍යාපාර හා ගිණූම් කරණ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ තෙවන ප්රශ්නය මේ ආකාරය...
3.
1 බිම්බිසාර ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
2. අජාසත්ත ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
3. සුජාතා ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
4. ඛේමා ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
5. සුද්ධෝදන ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
6. පටාචාර ව්‍යාපාරයේ තොරතුරු යොදාගෙන මුදල් පොත සකස් කරන්න.
එතැනින් නොවැතුනු මේ පුදුම ගුරුවරයා මුදල් පොත සකස් කිරීමට
* 4. කොටස සඳහා '01-04,සෝපාකගෙන් රුපියල් 3000 ක චෙක් පතක් ලැබුනා.'01 -05සෝපාකගේ චෙක් පත බැංකුවේ තැන්පත් කළා.'01 -06 ....ආදී ලෙස බෞද්ධ සාහිත්‍යයේ එන අනුපමේය චරිත තම නිබන්ධන වලට යොදා ඇත්තේ ආගමක් දහමක් නොමැති පරිද්දෙනි.ගුරුවරයාගේ අදහස වී ඇත්තේ මෙම නම් යෙදීම තුළින් හොඳට මතක හිටින බවයි.
කෙසේ උවද මුළු මහත් බෞද්ධ සමාජය විසින් මහත් භක්තියෙන් සලකණු ලබන බෞද්ධ චරිත මෙවන් නොහොබිනා ආකාරයට යොදා ගැනීම නැවැත් විය යුතුය.ආගම දහම කෙරෙහි දරුවන්ගේ සිත් තුළ නිශේධාකල්ප ඇති කරන්නා ගුරු ආචාර ධර්ම නොදත් තක්කඩියෙකි.තවද මේ සියල්ලටම බුදු දහම සම්බන්ධ දෑ යොදා ගන්නේ මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශය කෙරෙහි පවතින තොතැකීමද යැයි අපට සිතේ.ව්‍යවස්ථාපිත බෞද්ධ රාජ්‍යක මෙවෙනි දේ සිදු වීම සුදුසු නොවේ.එසේම තම ආගම ධර්මය හෝ මතවාදය කෙසේ උවත් මෙවැනි පාපතර ක්‍රියා සිදු කිරීම උත්තම ගුරු සංහතියටම නින්දාවකි.
තවත් තොරතුරු සඳහා රිවිර 2013.05.19 බලන්න
මූලාශ්‍රය :- රිවිර ඉරිදා @ චන්දන කාරියවසම්