බුදු දහමින් සනාථ වන විද්‍යාව........

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    බුදු දහමින් සනාථ වන විද්‍යාව........

    ප්‍රිය මිතුරනේ අද කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඉතාමත් සිත් ඇදගන්නා සුළු මාතෘකාවක් සමිබන්ධයෙනුයි. විද්‍යාව හා බුදුදහම සසදා බලන්න් කවුරුත් පාහේ කැමති බැවි අප දන්නා කරුණක්. නමුත් මෙම ලිපිය ලිවිමේ පරමාර්ථය වන්නේ එය නොවෙයි. එසේ සසඳා බැලීමෙන් පසු අපි විසින් ඇති කර ගනු ලබන අවබෝධයයි මෙහි දී වැදගත් වනුයේ.

    මෙම ලිපිය තරමක් ගැඹුරු විද්‍යාත්මක කරුණු උපයෝගී කර ගනිමින් සාක්චිඡා කරන බැවින් අවම වශයෙන් උසස් පෙළ රසායන විද්‍යාව හදාරා නැති අයෙකුට තෙරුමි ගැනීම තරමක් අපහසු වන්න්ට පුළුවන්. ඒ නිසා හැකි පමණ සරලව බොහෝ දෙනෙක්ට තේරුමි ගත හැකි වන පරිදි මේ පිළිබඳව විමසා බැලිමටයි මේ සුදානම.

    එහෙනමි අද මේ කථා කරන්නට සූදානමි වන්නේ ඔබගේත් මාගේත් ශරීරය පිළිබඳවයි. අපගේ ශරිරිය විනිවිද දකින්නටයි මේ සූදානමි වන්නේ.

    අතීතයේ එක්තරා දිනයක දී ඔබගේ මවත් පියත් ශාරීරිකව සමිබන්ධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පියාගේ ශුක්‍ර සෛලයක්, මවගේ පැලෝපීය නාලයේ තුල වූ ඩිමිබ සෛලයක් සමඟ සමිබන්ධ වූවා. ශුක්‍ර සෛලයේ මුහුණත වූ විචිඡේදකාරී වූ රසායන ද්‍රව්‍ය (එන්සයිම) මගින් මවගේ ඩිමිබ සෛලයේ වූ පටක ජීරණය කර ප්‍රවේණි ද්‍රව්‍ය ඩිමිබ සෛලය තුලට ඇතුලු කරණු ලැබුවා. ඉන්පසුව යුක්තානුව වශයෙන් හදුන්වනු ලබන මේ තනි සෛලය, පැලෝපිය නාලයේ සිටම බෙදි බෙදී, බෙදී බෙදී සෛල රාශියක් ඇති සයිගොටයක් බවට පත්ව, මවගේ ගර්භාෂය දක්වා ගමන් කර ගර්භාෂ බිත්තියේ රෝපණය වූවා. මේක කළලය වශයෙනුයි හදුන්වන්නේ, මේ කළලය සෛල රාශියක් බවට පත් වෙලා මාස 9 ½ ක් පමණ මවගේ ගර්භාෂය තුල තිබිලා අතිතයේ එක්තරා දිනයක ඔබ මෙලොව එලිය දුටුවා. පස්සේ මවි කිරි බීලා, වෙනත් පිටිකිරි ආදිය, බත් මාලු, එළවලු ආදිය කාල ඔබ අද සිටින තත්වයට පත් වුනා. අද ඔබ සිටින තත්වය කියන්නේ ඔබ දැන් කණ්නාඩියක් ඉදිරියට ගියාම පේන රූපය තමයි ඔබ කියන්නේ මේ තමයි මම අද සිටින තත්වය කියලා.

    දැන් ඔය කියපු සිද්ධිය අපි පින්තූර වලින් පහදා ගන්නයි ලෑස්තිවන්නේ. මේ රූප බලන්නේ හේතුවක් ඇතිවයි.


    sperm_cell.jpg


    1-1.jpg


    (01)
    imagemain_sperm_egg1_1.gif




    (02)
    images.jpg



    (03)
    images+%25281%2529.jpg



    (04)
    zygote.jpg


    දැන් මේ විදියට මේ වර්ධනය වුනේ තනි සෛලයක්. මේ තනි සෛලයේ තිබුනතාක් යමි ද්‍රව්‍යත්, මේ ඔබේ ශරිරයේ යමිතාක් ද්‍රව්‍ය තියෙනවානමි ඒවා සමාණයි. ඔබ පිටින් ගන්න ආහාර වල තියෙන්නේත් ඔය සෛල වල තිබුණ දේවල්ම තමයි.

    (05)
    4-zygote-stage.jpg



    (06)
    4-zygote-stage.jpg


    එය තමයි බුදු රජානන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ බොහෝ තැන් වල මේ ශරිරිය ගැන විස්තර කරනකොට මාතාපෙත්‌තිකසම්‌භවස්‌ස ඔදනකුම්‌මාසූපචයස්‌ස අනිච්‌චුච්‌ඡාදනපරිමද්‌දනභෙදනවිද්‌ධංසනධම්‌මස්‌ස කියා මෙහි අර්ථය වන්නේ මවි පියන්ගේ ස්වභාවය ලැබුවාවු, එළුවලු බත් මාළු වලින් හැදෙන්නාවු, ඇලිමි, පිරිමැදිමි කල යුත්තාවු, අනිත්‍යට යන්නාවු, බිඳී විනාශ වන්නාවු මේ කය කියන එකයි.

    man-and-woman.jpg



    මේ කරුණ කිවිවේ මේ ශරිරිය සෑ දී තිබෙන්නේ සෛල වලින්ය කියන කරැණ කාට හරි නොතේරෙනවා නමි ඒක තෙරෙන්න. මේ ශරිරයේ ඇති අවයවයන් සියල්ලක්ම අස්ථි පවා සෑදී තිබෙන්නේ සෛලවලින්. මේ සෛල අපේ ඇසට වෙන්වෙන්ව පෙන්නේ නැත්තේ අපේ ඇසේ ඇති නොමග යවන සුලු ස්වභාවය නිසා. නමුත් අප ඇසට වඩා තිවෘර වූ අන්වික්ෂ වැනි උපකරන මඟින් නිරීක්ෂනය කිරිමේ දී මෙ ශරිරය පෙනේරයක් මෙන් සෛලවලින් සකස් වී ඇති බව දැක ගන්නට පුළුවන්. මිට අමතරව කෙස් ගස්, ලොමි ගස්, නිය, දත් වැනි කොටස් නිර්මාණය වි තිබෙන්නේ විවිධ ප්‍රෝටින් වර්ග වලින් හා කැල්සියමි වැනි රසායනික ද්‍රව්‍යන්ගෙන්.


    humanbody.jpg


    දැන් සූදානමි වන්නේ මිනිස් සෛලයක් දෙස අවධානය යොමු කරන්න. ශරිරය දෙස අවධානය යොමු කලාම එකේ හම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හර්ධය, අක්මාව, අගන්‍යාසය, දලබූව, පෙනහළු, අතුනු, අතුනු බහන්, නොපැසුන ආහාර, පැසුන ආහාර, හිස් මොළය ආදියත් පිත , සෙම, සැරව, දහඩිය, රුධිරය ආදි ආපෝ කොටස් වලිනුත් සමන්විතයි. මේ සියල්ලම නිර්මාණය වෙලා තියෙන්නේ එක්කෝ සෛලවලින්, එසේත් නැත්නමි රසායනික ද්‍රව්‍යන්ගෙන්.

    Primary_Tissue_Types_Picture.bmp


    දැන් අපි සුදානමි වන්නේ මේ සෛලයක් දෙසට අවධානය යොමු කරන්න. මිනිස් සිරුරේ මේ විදියට අවයව තියෙනවා වාගේ සෛලයක් ඇතුලෙත් විවිධ අවයව තියෙනවා. මෛට කොනඩ්‍රියා, ගොල්ජි දේහ, ලයිසෝ සොම ආදි සෛලිය ඉන්ද්‍රියන් තිබෙනවා. ඒවා මේ රූප සටහනින් ඔබට දැක ගන්නට පුළුවන්.


    animalcell2.jpg



    දැන් අපි මේ සෛලයේ වන ඉන්ද්‍රියන් සියල්ලමත් කොටස් කරලා බලන්නයි යන්නේ. මෙසේ බලන විට මේ සෛලය තුල වන සියලුම ඉන්ද්‍රියන් නිර්මාණය වෙල තියෙන්නේ රසායනික ද්‍රව්‍යන්ගෙන්, යමි යමි අනුවලින්, උදාහරණයක් කියනවා නමි ඩී.එන්. ඒ අනුවක් ගත්තොත් ඒක නිර්මාණය වෙලා තියෙන්නේ ඩිඔක්සි රයිබොස් සීනි වලින්, භශ්ම කාන්ඩයකින් හා ඇමයිනෝ ඇසිඩි කාණ්ඩයකින්. මේ සංයෝගයන් සියල්ලත් බිඳ හෙලුවාම අපිට ලැබෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් ආදී අයන.


    02_01HumanBodyElements_T.jpg




    images+%25282%2529.jpg


    එතකොට ඔබ දැන් මේ මුලු ශරිරය දෙසම බැලුවොත් ඔබට පෙනි යා යුතු කරුණ වන්නේ. මේ මුළු ශරිරයම අයන ගොඩක් කියන කතාවයි. එහෙමත් නැත්නමි අණු ගොඩක් කියන කතාවයි, ඊට ඉහලින් සෛල තුල තියෙන ඉද්‍රිකාවන් ගොඩක් විදියටයි, ඊට ඉහලින් තියෙන සෛල ගොඩක් විදියටයි, ඊට ඉහලින් තියෙන, අවයව ගොඩක් විදියටයි, ඊට ඉහලින් තියෙන, ශරිරය කියන මේ අපේ ඇස රැවටී සිටින දෙය විදියටයි


    hydrogen_1.gif


    දැන් අපි තවත් ටිකක් ඉදිරියට යනවා. දැන් මේ අනු කියන දේවල් අයණ කියන දේවල් දෙස බලන්නයි අපි සුදානමි වන්නේ. සාමාණයෙන් අනු අයන ඇද දක්වන ඉලෙක්ට්‍රෝන අකෘතියක් තිබෙනවා. ඒකට අනුව හයිඩ්‍රන් අනුව අදින්නේ මේ රූපයේ දක්වා ඇති ආකාරයට. එතකොට විද්‍යාඥයින් කාලයත් සමග කල්පනා කලා මේ අණු අයන මෙහෙම පවතින්නේ කොහොමද කියන කරැණ. එතකොට එයට විද්‍යාවෙන් පැහැදිලි කිරිමක් ඉදිරිපත් කලා. ක්වොන්ටමි විද්‍යාව පාදක කරගෙන. මෙතන ඇත්තටම ඇති අණුවක් වත් අයණයක් වත් නෑ. මෙතන තියෙන්නේ ශක්තිය පදනමි කරගෙන සිදුවන ක්‍රියාදාමයක් පමණයි.


    උදාහරණ විදියට කිවිවොත් අනු පවතින්නේ පහත පරිදි අවකාශයේ යමි ඉලොක්ට්‍රෝන වලාවක් අකාරයට. වලාවක් කිවිවට එතන නිස්චිතව පවතින දෙයක් නෑ. ශක්තියක් වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ ශක්තිය තුල එයටම අනන්‍ය වුත් අවේනික වූත් ලාක්ෂනික ස්වභාවන් තිබෙනවා. ඒවා කිසි කෙනෙකුට වෙනස් කරන්නට බැහැ. ඒවා පවතින්නේ ඒවා විසින්මයි.


    orbitals.png



    දැන් බලන්න ඔබේ ඔය රූපය දිහා මේ විදියට බලනකොට කෝ දැන් රෑපයක්. එතන තියෙන්නේ අතොරක් නැතිව ක්‍රියාත්මක වන ශක්තියක් පමණයි. කිසිම සටහනක් එහි නෑ. මොකක්ද මේ ශක්තිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ.

    තේජෝ ධාතුවෙන් පටන් ගමු. තේජෝ ධාතුව කියන්නේ උනුසුමි බව හෝ සිසිල බව දනවන ශක්තිය. ඒක තේජෝ ධාතුව කියලා ව්‍යවහාර කරනවා. ඔබ ශරිරයට අත තබා බලන්න උනුසුමක් හෝ සිසිලසක් දැනේවි. මේ දැනෙන් උනුසුම හෝ සිසිලස වන්නේ ඔබ ශරිරයේ ඇති ඉලෙක්ට්‍රොන වලාවන් මගින් ඇති කරන සමිප්‍රයුක්ත තේජෝ ධාතුවයි. දැන් අපි තේරුමි ගත්තනේ මෙතන ශරිරයක් කියලා ඇත්තටම කියන්න දේයක් නෑ කියලා. මේ තියෙන්නේ තේජෝ ධාතුව. මේ ඉලොක්ට්‍රෝන වලාවන් නිරන්තර චලනයක් දක්වනවා.ඉතා අධික වේගයකින්. එතකොට ඒක තමයි මේ වායෝ ධාතුව කියන්නේ, එතකොට මේ ඉලෙක්ට්‍රෝන වලාවන් එකක් එකකට ඇද ගන්නා ස්වභාවයක්, ඇලෙන ස්වභාවයක් තිබෙනවා. දැන් රසායනික ප්‍රතික්‍රියා සිදුවිමේදී ඉලෙක්ට්‍රෝන උද්දීපනය වීමෙන් තමයි සංයෝග නිර්මාණය වෙන්නේ. මෙසේ මේ ඇලෙන ස්වභාවය තමයි ආපෝ ධාතුව කියන්නේ. එතකොට, ඔය සෑම සංයෝගයකම තද බව ඇති කරන කොටසක් තියෙනවා ප්‍රෝටොන රුස්වි ඇති කොටස මේක චිත්‍ර වල නියශ්ඨිය කියලා බොලයක් ඇන්දට එහෙම නියශ්ඨියක් ඇත්තටම නෑ. එකත් ශක්තියක් පමණයි. නමුත් ඒ ශක්තියේ ස්වරූපය දෘඩ බවින් යුතු වීමයි. මේ තමයි පඨවි බව නැත්නමි තද බව. අපිට මේ විදියට අයණයක් තුල, අණුවක් තුල මේ ලක්ෂන 04 දකින්නට පුළුවන්.


    OrientationM.jpg


    මේ විදියට බලන විට ඔබට දැන් ‍පෙනී යන්නට ඕන. මොකද්ද මේ ඇත්තටම ශරිරය කියන්නේ ශක්තියක් විතරයි නේද කියන කාරණාව. ඇත්තටම මේ ඇස අපව මොනතරමි නමි රවටලාද කියන කාරනාව. අපිව මොඩ කරලා තියෙන තරම. ඉතිං අපි දැන් තේරුමි ගත්තා මේ ශරිරය කියන දේ බෙදාගෙන බෙදාගෙන ගියාම පරමාර්ථ වශයෙන් ලෙබෙන්නේ මේ තද බව, ඇලෙන බව, සැලෙන බව, හා උනුසුමි සිසිල් බව කියන දේ පමණක් කියා. දැන් මේ ලොකේ යමිතාක් රූප තියෙනවා නමි. මේ හැම රූපයක්මත් ඔය විදියට බෙදන්න පුළුවන් ගස් වැල් වගේ සෛල වලින් හැදුන දේවල් වගේම ගඩොල්, තිරැවාණා ගල් වගේ දේවලුත් රසායනික සංයෝග, කැල්සියමි කාබනේටි, ඩොලමයිටි, කැල්සලයිටි ආදී දේවල්, මේවත් ශක්තින්ම තමයි. ඒවයේ තියෙන්නෙත් ඔය කියපු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන දේවල්ම තමයි. දැන් පෙනෙන්නට ඕන මේ මගේ කියන මේ රූපයෙයි ඔය ගස් ගස් පර්වත, මේස , ප්ලාස්ටික් වගේ අනිත රූපවලයි වෙනසක් නැති බව. ඔක්කොම එකයි.

    250px-D_orbitals.svg.png


    දැන් කියන්නේ බොහොම වැදගත් කරුනක්. දැන් අපි මුලින්ම කලේ අපි ඉපදුන හැටි බැලුවා. තාත්ගේ සෛලයයි, අමිමගේ සෛලයයි, එකතු වෙලා තනි සෛලයක් හැදුනා. ඒ සෛල බෙදි බෙදී සෛල ගොඩක් වුනා. ඒක විවිධ අවධි පසුකරලා මනුස්ස ස්වරූපයට පත් වුනා. මේ මනුස්සයා, ළදරැවියේ ඉදලා විවිධ අවධි වලට පත් වුනා. මෙහෙම මේ සන්තතිය වෙනස් වෙමින් යන හැටි අපි දැක්කා. ඔය එක අවස්ථාවක් වත් අපට නවත්තන්නට බැරි විදියට අතිතයට එක් වුනා. ඒ සෑම අවස්ථාවකම විපරිනාමයට බදුන් වුනා. දැන් මේ ශරිරය බෙද බෙදා ගිහින් අපි හොයාගත්තා මේ ශරිරයේ පරම, ඉතාම කුඩා අනුව. ඒකේ ස්වභාවය තමයි මේ මුලු ශරිරයේම තියෙන්නේ. ඒක එක මොහොතක් වත් එක විදියකට තියෙන්නේ නෑ. ඒක වෙස්වන සුළුයි. ඒ තමයි විපරිනාමය, ඒ ශකිතිය සෑම විටකම අනිත්‍යට යනවා. ඒක තමයි අනිත්‍යය. මේ වෙනස් වන ශක්තියේ මොකක්ද ඔබට මම කියල, මගේ කියලා, සදාකාලිකව පවතින දෙයක්ය කියලා. ගන්නට තියෙන්නේ ඒ තමයි අනාත්මය. ඔබේ උපත සිදුවුන ආකාරයේ සිට, ඔබට කුමක්ද ඔබට ඕන විදියට පවත්වන්නට පුළුවන් වුනේ? ඒක තමයි අනාත්මය. මේ අනිත්‍ය වු අනාත්ම වු ක්‍රියාදාමයට අවිදයාවෙන් ඇලීම නිසා ඔබට ලැබෙන එකම දෙය තමයි දුක කියන්නේ. දුක නැති කරන්නේ අනිත්‍යය හා අනාත්මය දැකීම තුලින්.


    page125.jpg


    ඔබ හිතන්නේ ඔබට මේ කිවිවේ මොකක් කියලාද? එක් අතකින් මෙය චතුධාතු ව්‍යවස්ථාන භාවනාව. අනිත් අතින් මෙය අනිත්‍ය දුක්ඛ, අනාත්ම්ය දැකිම. මේ ඔබට විද්‍යාව හා ගලපා ඇතිවූ ඥානය සංඥා මාත්‍රයක් පමණයි. විදර්ශනා භාවනාව තුලින් විද්‍යාවෙන් අපි මේ පහදා ගත් දේ ඇසට පෙනෙනේනා සේ මේ ශරිරයේ රූප බිදි බිදි, බිදි බිදී යන ආකාරය දකින්නට පුළුවන්. මෙසේ බිදි බිදි යන රූපය දෙස බලා ඉන්නා විට ඔබටම ප්‍රත්‍යක්ෂ වශයෙන් හැඟියන අවස්ථාවක් එනවා මොකක්ද මේ රූපය තුල මගේ කියලා මම කියලා ගන්නට තියෙන්නේ. මේක මහා මායාවක් නේද කියන කරුණ අන්න ඒ හැගිමත් සමඟ ඔබට පුළුවන් වෙනවා මේ රූපය නිවා දමන්නට. රූප නිරොධයක් අත් දකින්නට. නිවනට මුල් පියවර තබන්නට.

    ඉතිං මේක නිකං කරන්නට බැහැ. ඒ සඳහා සුදුසුම ස්ථාන තියෙනවා. එබදු ස්ථානයකට ගොස් විදර්ශනා භාවනාවක් ක්‍රමවත්ව හැදෑරීම තුලින් පමණයි එය කරන්නට පුළුවන් වන්නේ.

    ඉතිං ප්‍රිය මිතුරනේ මෙම ලිපිය සකස් කරන්නට වසර ගණනාවක් ආපස්සට අතිතයේ උගත් දෑ ආවර්ජනය කරන්නට සිදුවුවා. බොහොම සරලවයි ඉදිරිපත් කලේ. මේ ගැන හිතන්න හිතන්න ඔබේ අවභෝධය තව තවත් පුළුල් වේවි. මේ සරල මඟ පෙන්විමක්.

    සැමට පහමුම ප්‍රතිපදාවෙන් නිවනම වේවා!
    තෙරුවන් සරණයි!

    හොද නම් rep+ 1ක් හරි bump 1k හරි දාල යන්න.:D
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ප්‍රයෝගිකව බුදු දහම අදහන්න හුරු වෙන එක ගොඩක්ම හොඳයි..............
    අපිට ලං වෙන්න බැරි වුනත් සමහර දේ ගැන විශ්වාසයක් තියාගන්න එකත් ලොකු දෙයක්.............
    මොකද ඒක අරමුණට ටිකක් හරි ලංවෙන්න උදව්වක් වෙනවා.............
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ස්තුතියි මිත්‍රයා
    religion section එකෙත් ගොඩක් වටින ලිපි තියෙනවා ඒ ව‍ගේම අපි දැනගන්න ඕන කරුණක් තමයි බුදු දහමත් එක්ක බලද්දි විද්‍යාව කියන්නේ මහ මුහුදෙන් ගත්ත ජල බිංදුවක් විතරයි කියල
     

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    bro.... මම ඔයාගේ මේ පැහැදිළි කිරීමට 100%ක් එකඟ වෙනවා......... මේක හරියටම හරි කතාව... ඔයාලා කැමති නම් පූජ්‍ය පිටිදුවේ සිරිදම්ම හිමියන්ගේ ධර්මදේශනාවන් ට සවන් දෙන්න... තව වෙබ් පිටුවක් තියෙනවා ඒකත් බලන්න... ඔයාගේ මෙ පැහැදිළි කිරීමම මේ අයත් කියල තියෙනවා කියල හොයල බැලුවොත් අපට තේරුම් ගන්න පුලුවන් වෙවි!!