බුදු දහමේ එන හේතුඵල දහම..

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
බුදු දහමේ එන හේතුඵල දහම..

බුදු දහමේ එන හේතුඵල දහම..

'' ඉමස්මිං සති ඉදං හොති
ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජතී
ඉමස්මිං අසති ඉදං න හොති
ඉමස්ස නිරෝධෝ ඉදං නිරෝජතී. ''

තේරුම..

''මෙය ඇති කල්හි මෙය වේ
මෙය උපදින විට මෙයද උපදී
මෙය නැති කල්හි මෙය නොවේ
මෙය නැතිවනවිට මෙයද නැති වේ.''

මේ ගාථාව ඉතාමත්ම ගැඹුරු තේරුමක් ඇති ගාථාවකි.
මෙම ගාථාවෙහි තේරුම හරියට දැන ගතහොත් ඔහු ඒ මොහොතේම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන සෝවාන් වේ.

මෙම ගාථාව මගින් මේ ලෝකයේ හෝ පිටසක්වල හෝ ඕනෙම තැනක සිදුවෙන ඕනෙම දෙයක් ඉතාමත්ම නිවැරදිව විස්තර කරන්න පුලුවන්. නවීන විද්‍යාව පවා. ඕනෙම සංසිද්දියක්...

නමුත් ඒ සඳහා ඉතාමත් සියුම් නුවණක් අවශ්‍යය. නිවැරදිව සිතීමට හැකිනම් ඉහත ගාථාවෙහිම සෝවාන් වීමට අවශ්‍ය සියලුම කරුණු අන්තර්ගත වේ.

මා එක උදාහරනයක් මගින් නිවැරදිව ඉහත ගථාව අනුසාරයෙන් හේතුඵල දහම ඔස්සේ සිතන ආකාරය පැහැදිලි කරන්නම්.

නමුත් මෙය ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් නිසා මම පුලුවන් විදිහට තමයි විස්තර කරන්නෙ. ප්‍රශ්න තියනවනම් ඕන කෙනෙක් අහන්න. අනිවාර්‍යයෙන්ම ප්‍රශ්න නම් එන්න ඕනෙ. ප්‍රශ්න ආවෙ නැත්තං ඒ කියන්නෙ හොඳටම තේරිල, නැත්තං මොකුත් තේරිලා නෑ..

මම සරලව විස්තර කරන්නම් type කරන්න අමාරු නිසා කෙටියෙන් දාන්නම්..

අපි එක එදිනෙදා උදාහරනයක් ගම්මු,

මම වාහනේ යද්දි accident එකක් වෙලා මගෙ කකුල වැදිල වේදනාවක් ඇති වෙනව.

දැන් අපි බලමු හේතුඵල දහමෙන් ඔය සිද්දිය පහදන්නෙ කොහොමද කියල,

සිද්දිය - මගේ කකුලෙ වේදනාවක් ඇති වීම.
දැන් ඒකට හේතුව මොකද්ද? එකපාරට්ම අපිට හිතෙන්නෙ හේතුව accident එක කියලනෙ. ඒත් ඉහත ගාථාව අනුව ඒ හේතුව හරිද?

ඒ ගාථාවෙ පලවෙනි වක්‍යනම් ගැලපෙනව. ඒ කියන්නෙ 'ඉමස්මිං සති ඉදං හොති' මෙය ඇති කල්හි මෙය වේ. එතකොට Accident එක වෙන නිසා වේදනාව ඇති වෙනවා. ඒක හරි නෙ.

දෙවනි පදයත් ගැලපෙනවනෙ..
'ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජතී' මෙය උපදින විට මෙය උපදී.
Accident එක ඇති උන නිසා වේදනාව ඇති වෙනව. ඒකත් හරිනෙ.

තුන් වෙනි පදේදි ප්‍රශ්නයක් එනව නේද..
'ඉමස්මිං අසති ඉදං න හෝති' මෙය නැති කල්හි මෙය නොවේ.
accident එකක් උනේ නෑ කියල වේදනාවක් එන්නෙ නැතුව තියෙනවද? ඒ හා සමාන වේදානාවක් එන වෙන ඕනෙ තරම් ක්‍රම තියනවනෙ.

ඒ වගේම හතරවෙනි පදේ,
'ඉමස්ස නිරෝදෝ ඉදං නිරෝධති' මෙය නැති වෙන විට මෙයද නැති වේ. accident එක වෙලා ඉවර උනා කියල ඒ නිසා එන වේදනාව ඉවර වෙන්නෙ නෑනෙ. ඒක දිගටම තියනවනෙ. අර තැල්ම සනීම වෙනකම්ම.

ඒ නිසා accidnet එකක් වෙලා ඇති උන වේදනාවට හේතුව accident එක ලෙස ගන්න බෑ.. ඒක තේරෙන්න ඇති කියල හිතෙනවා.
එහෙනම් ඒ වේදනාව ඇති වීමට පාදක වුන ඉහත ගාථාව තෘප්ත කරන සැබෑම හේතුව මොකද්ද?

මම උත්තර ටිකක් දෙන්නම් හිතල බලන්න. ධර්මය අවබෝධ කරගන්න එක තමා විසින්ම කල යුත්තක්.
උත්තර ටික,

1. accident එකේදි යකඩයක් කකුලට වැදීම.
2. තැල්ම නිසා අදාල ස්නායු උත්තේජනය වීම.
3. මොළයේ අදාල sensory cortex එක උත්තේජනය වීම.
4. ස්ඵර්ශය
5. සළායතන
6. නාම-රූප
7. තණ්හාව
8. අවිද්‍යාව..

පුලුවන් කෙනෙක් හොඳට හිතා උත්තරේ දාන්න. ප්‍රශ්න තියනවනම් අහන්න...:D
 
Last edited:
  • Like
Reactions: RandomGuy

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
අවිද්‍යාව

හ්ම්..
අවිද්‍යාව හේතුව විදිහට ගත්තහම ගාථාවෙ අවසාන පද දෙක නම් තෘප්ත වෙනව. ඒත් මුල් පද දෙක තෘප්ත වෙන්නෙ නෑ.

'ඉමස්මිං සති ඉදං හොති' මෙය නිසා මෙය වේ.
'ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජතී' මෙය උපදින විට මෙය උපදී.
ඒ අනුව බැලුවොත් අවිද්‍යාවනම් තැල්මෙන් එන වේදනාවට හේතුව, අපි රහත් වෙනකම්ම ඒ කියන්නෙ අවිද්‍යාව නැති කරනකම්ම ඒ accident එක නිසා එන වේදනාව තියෙන්න ඕනනෙ මචං..

ඒත් අදාල තැල්ම සනීප උනගමන් අපේ වේදනාව නැති වෙනවනෙ. ඉතිං ඵලය නැතිවෙන්නෙ කොහොමද හේතුව තියෙද්ද?. ඒක ගාථාවේ අර්ථයට ගැලපෙන්නෙ නෑ නේද?
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    එක තමයි උත්තරේ අවිද්‍යාව තමයි මුලික හේතුව ... අනික් නුලෙත් උබ තණ්හාව ලෝබය හැම දේටම මුලයි කිවුවට අවිද්‍යාව(මෝහය) තමයි මුල් පුරුක වෙන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදැකීම.

    අවිද්‍යාව (බුදු දහම)

    අපිට ඕන විදිහට හැම වෙලේම පංචස්කන්ධය පවතින්නේ නැ වෙනස් වෙන්ව සුඛ දුක්ඛදායක විදිහට එක නිසා වේදනාව නැති වෙන්ව කියලයි මන් හිතන්නේ ...
     
    • Like
    Reactions: RandomGuy

    dixonlk

    Member
    Aug 24, 2017
    167
    9
    0
    තංහාව .
    තංහාව තියනකන් ලෝක සත්වයා මේ අනේක සංසාරෙයේ ගමන් කරමින් දුක් විදිනව .
    යම් හෙයකින් තංහාව ඇති වූ තැන දුකද ඇතිවේ .
    තංහාව නැති වීමෙන් ඊලග බවයකට අවශය හේතු නැති වී යයි.
    නැවත උත්පත්‍යක් සකස් කර නොගැනීම තුලින් මෙම සසර බැම්මෙන් මිදිය හැකිය .
     
    හ්ම්.. ටිකක් ලඟව ආව.. ඒත් හිතල බැලුවොත් තණ්හාවවත්, අවිද්‍යාවවත් ඔය ගාථාවෙ පද හතරම තෘප්ත කරන්නෙ නෑ..

    අවසාන පද දෙක නම් තෘප්ත වෙනවා.
    එත්
    'ඉමස්මිං සති ඉදං හෝති' මෙය ඇති කල්හි මෙය වේ.
    ඒ කියන්නෙ තණ්හාව ඇති විට වේදනාව ඇති වේ.

    ඒත් මෙතනදි තන්හාව නැති වෙන්නෙ අපි රහත් උන දාටනෙ.
    ඒත් මේ කියන තැලීම් වේදනාව අපේ තැල්ම සනීප වෙච්ච ගමන්ම නැති වෙනවනෙ. ඉතිං තණ්හාව මේ තැලීම් වේදනාවට හේතුවනම් තණ්හාව තියනකම්ම අපිට මේ තැලීම් වේදනාව තියෙන්න ඕනනෙ. තණ්හාව තිබ්බට අපේ තැලීම් වේදනාව නැති වෙන අවස්ථා තියනව. ඒ නිසා තණ්හාව හේතුව විදිහට ගන්න බෑ.

    'ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජතී'
    මෙය ඉපදීමෙන් මෙයද ඉපදේ

    මෙතනදිත් තණ්හාව මේ ගාථාව තෘප්ත කරන්නෙ නෑ. තණ්හාව කියන දේ ඉපදිලා අපි රහත් වෙලා නිවන් යන තුරාම පවතින දෙයක්. ඒත් මේ තැලීම් වේදනාව ඉපදුනේ accident එකෙන් පස්සෙ. ඒ නිසා ඒ කරනයත් ගැලපෙන්නෙ නෑ..

    අවිද්‍යාවටත් ඔය විදිහටම තමා.. ඒ දෙකම මේ තැලීම් වේදනාවට හේතුව ලෙස ගන්න බෑ.
    .
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    Ipadeema / upatha

    ඉපදීම ගන්නත් බෑ මචං..
    හේතුව වෙන්නෙ, අපි මැරෙද්දි තමයි උපත කෙලවර වෙන්නෙ. ඒත ඒ අතරතුර මගෙ accident එක වෙලා තැල්ම සනීප වෙන්නත් පුලුවන්. උපතනම් හේතුව උපතේ ඉඳම්ම මගේ තැල්මෙ වේදනාව තියෙන්න ඕනනෙ.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඉපදීම ගන්නත් බෑ මචං..
    හේතුව වෙන්නෙ, අපි මැරෙද්දි තමයි උපත කෙලවර වෙන්නෙ. ඒත ඒ අතරතුර මගෙ accident එක වෙලා තැල්ම සනීප වෙන්නත් පුලුවන්. උපතනම් හේතුව උපතේ ඉඳම්ම මගේ තැල්මෙ වේදනාව තියෙන්න ඕනනෙ.

    Yep true! Taking the physical body as 'I' me, which is actually the product of Avidya. Good thread hope u'll give ur idea too. :)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සළායතනද? ඒවගෙන්නෙ අරමුනු ගන්නෙ,තුවාලෙ හොඳ උනත් කැලල දකිනකොට ආය ඇක්සිඩන්ට් එක හිතෙන් මතක් වෙනකොට ඒකත් වේඳනාවක්නෙ අරමුනු ගන්ඩ,දකින්ඩ,ඇහෙන්ඩ,විඳින්ඩ,දැනෙන්ඩ,හිතන්ඩ සළායතන නැති තැනක වේඳනාවක් නෑ,ඔය ටික කරන්නෙ මම කියන අවිද්‍යාව නිසා තමා ආය වෙන තැනක ඉපදෙන්නෙ. :rolleyes:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සළායතනද? ඒවගෙන්නෙ අරමුනු ගන්නෙ,තුවාලෙ හොඳ උනත් කැලල දකිනකොට ආය ඇක්සිඩන්ට් එක හිතෙන් මතක් වෙනකොට ඒකත් වේඳනාවක්නෙ අරමුනු ගන්ඩ,දකින්ඩ,ඇහෙන්ඩ,විඳින්ඩ,දැනෙන්ඩ,හිතන්ඩ සළායතන නැති තැනක වේඳනාවක් නෑ,ඔය ටික කරන්නෙ මම කියන අවිද්‍යාව නිසා තමා ආය වෙන තැනක ඉපදෙන්නෙ. :rolleyes:

    හොඳයි, සළායතන හේතුව විදිහට අරන් බලමු.

    එකත් ඔය ගාථාවෙ අවසාන පද දෙකනම් තෘප්ත කරනවා.

    "ඉමස්මිං අසති ඉදං න හොති' මෙය නැති කල්හි මෙය නොවේ.
    සළායතන නැති නැති තැන accident එක නිසා උපන් තැල්මේ වේදනාවත් තියෙන්න බෑනෙ.. ඒක හරි.

    ඊගාවට " ඉමස්ස නිරෝධෝ ඉදං නිරෝදතී." මෙය නැති වන විට මෙයද නැති වේ.
    සළායතන නැති වන විට තැලීම් වේදනාවත් නැති වෙනවනෙ. ඒකත් හරි.

    ඒත් මුල් පද දෙක බලමු.
    "ඉමස්මිං සති ඉදං හොති' මෙය ඇති විට මෙය වේ.

    ඒත් සළායතන ඇති සැම විටම අපේ තැලීම් වේදනාව තියනවද?
    සළායතන ඉපදුනේ අපි මව් කුස තුල ඉද්දිනෙ. සළායතන නැති වෙන්නෙ අපේ මරණයෙදිනෙ.ඉතින් සලායතන මේ තැල්මේ වේදනාවට හේතුව විදිහට ගත්තොත් සළායතන ඇති සෑම තැනම, ඒ කියන්නෙ මව්කුසේ සිට මැරෙන කම්ම අපිට මේ තැලීමේ වේදනාව තියෙන්න ඕනනෙ. ඒත් ඒ වේදනාව ඇති උනේ accident එකෙන් පස්සෙනෙ. අනික accident එකෙන් පස්සෙ තැල්ම සනීප උන ගමන්ම ඒ වේදනාවත් නැති වෙනවනෙ. සළායතන අපි මැරෙනකම්ම තියනවනෙ එතකොට ඒ පදේ තෘප්ත වෙන්නෙ නෑ.
    ඒ නිසා සලායතන මේ තැලීම් වේදනාවට හේතුව ලෙස ගන්න බෑ.

    දෙවනි පදෙත් ඒ වගේමයි.

    " ඉමස්ස උප්පාද ඉදං උප්පජ්ජතී" මෙය ඉපදෙන විට මෙයද ඉපදේ.

    ඒ අනුව බැලුවොත් සළායතන ඉපදෙන්නේ අපේ උපතෙදි. මේ තැල්මේ වේදනාව එන්නෙ accident එකෙන් පස්සෙ. එතකොට
    සළායතන තිබ්බ කියල වැඩක් නෑනෙ accident එක උනේ නැත්තං. ඒ නිසා සළායතන හේතුව විදිහට ගන්න බෑ. ගාථාවෙ මුල් පද දෙක තෘප්ත වෙන්නෙ නෑ..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    saralawa hithuwoth accident එකේදි යකඩයක් කකුලට වැදීම neda?

    oka accident walata apply kara kara innawata wada patichcha samuppadaya dala balana eka watinawa
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    saralawa hithuwoth accident එකේදි යකඩයක් කකුලට වැදීම neda?

    oka accident walata apply kara kara innawata wada patichcha samuppadaya dala balana eka watinawa

    යකඩයක් කකුලට වදින හැම වෙලේම ඔහොම තැලීම් වේදනාවක් ඇති වෙනවද? ඒකටනම් මේ ගාථාව ඕනෙත් නෑ පැහැදිලි කරන්න. හිතමු මේ මිනිහට ස්නායු ආබාද මොකුත් නැති කෙනෙක් කියල. තැල්මට අදාල ආවේගය cerebral cortex එකටත් යනව කියලත් කියමු.

    ඒත් එහෙම යන හැම මොහොතෙම මේ මනුස්සයට මේ වේදනාව දැනෙයිද්?

    උදාහරනෙකට මේ මනුස්සය මේ Accident එක වෙන වෙලාවෙ හොඳටම බීල නිදාගෙන කියල හිතමු. දැන් මෙයාට සරල වේදනාවක් දැනෙයිද?

    ප.ලි. මම මේක මේ විදිහට ප්‍රශ්නෙකින් real life example අරන් පැහැදිලි කරන්නෙ, එහෙම නැතුව නිකම්ම ඔහේ කිව්වට ඕක තේරෙන්නෙ නෑ.. ධර්මය තියෙන්නෙ තමා විසින්ම අවබෝධ කරගන්න. මේ හේතුඵල දහම තමා බුදුදහමේ හරය.

    තාමත් හරි උත්තරේ ආවෙ නෑ..
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    හැම වෙලේම කියන්නෙ ඉතින් ශරීරයට වේදනාවක් දනවන්න තරම් ප්‍රමාණවත් ස්පර්ශයක් එනව නම්, නර්ව් සිස්ටම් එකත් අවශ්‍ය විදිහට වැඩනම්, පුද්ගලයගෙ විඥ්ඥානයත් සුදුසු තත්වෙක නම් ඒ වෙලාවට වේදනාව දැනෙන එක නවත්තන්න බෑනේ. ඒක දැනෙනවනෙ බන්.

    මම දන්නෑ උබ මෙතන බලාපොරොත්තු වෙන උත්තරය. මම අහලා තියෙන විදිහට ස්පර්ශය නැති උනොත්, වේදනාවක් නෑ. ඉතින් වේදනාව ඇති නොකරගන්න තියෙන කෙටිම විදිහ ස්පර්ශය ඇතිනොවී තියෙන එක. කාට හරි කියන්න පුළුවන්, සළායතනා නාමරූප විඥ්ඥාණ සංඛාර අවිජ්ජා නිරෝධය වගේ උත්තර. ඒවත් වැරදි නෑ.
     
    හරි. මම දීපු උත්තර 8ක් තියනවනෙ. ඔතනින් 1 උත්තරයක් ඔය ගාථාවෙ පද 4 ම තෘප්ත කරනව. මම මේ වෙනකොට ඒ උත්තරේ ඇරෙන්න ඉතුරු උත්තර 6 ක් ම වගේ විග්‍රහ කරල ඉවරයි. ඉතුරු වෙලා තියන උත්තර දෙක වෙන්නෙ,

    1. නාම - රූප, හා
    2. ස්ඵර්ශය

    ඔය දෙකෙන් කෝකද වෙන්න පුලුවන්?. මෙතනදි වැදගත් වෙන්නෙ හරි උත්තරේ නෙමෙයි ඒ සඳහා ඔයා දෙන පැහැදිලි කිරීම්. ඔයාට ඔයාගෙ උත්තරේ මේ ගාථාවෙන් defend කරන්න පුලුවන්නම්. යම් මට්ටමකට ඔයාට මේක තේරෙනව.

    මචන්.. ruchira55,
    සළායතන, නාමරූප, විඥ්ඥාණ, සංඛාර, අවිජ්ජා ඔය ටික මෙතන උත්තරේ විදිහට ගන්න බෑ. අපිට ඕනෙ ඕනෙ එක දාගන්න බෑ. බුදු හාමුදුරුවො මේ ප්‍රශ්නෙට උත්තරේ පැහැදිලිවම දීල තියෙනවනෙ. එහෙම හැම එකක්ම උත්තරේ විදිහට ගත්තොත් හේතුඵල දහමෙන් වැඩක් නැති වෙනව.
    මම මුලිනුත් කිව්ව වගේ මේක ඉතාම ගැඹුරු සියුම් තැනක්. හැමෝටම තේරුම් ගන්නත් බෑ. ඒත් තේරුම් ගන්න පුලුවන් අය තාම ඉන්නව. මේක නිකම් වචන කට පාඩම් කිරිල්ලක්වත්, කරුණු මතක තියාගැනිල්ලක්වත් නෙමෙයි. බුදුදහම කියන්නෙ 100% ක් ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගත හැකි කාලයෙන් පහර කෑමට ලක් නොවෙන අකාලික දහමක්.

    සත්වයෝ මේ දහම අවබෝධ කරගැනීමට උත්සාහ ගනිත්වා..!!
     
    Last edited: