බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හරක් දෙන්නගේ කතාව වෙනම දෙයක් ,එකේදී මිනිහෙක්ගේ සම්බන්දයක් නෑනේ ,අනික් එක එක හරකෙක් අනික් එකාව මරන්නේ කාට හරි මස් කරලා ගෙනි යන්න නෙමේනේ ,කෝපයට හරකෙක් මරලා වෙන මිනිහෙක් ගෙනිච්චා කියන්නේ ඒ මිනිහට පව් මොකද ඒ මිනිහා අනිවාර්යෙන් දන්නවා හරකා මැරුණේ කොහොමද කියලා
    ඒ අවස්ථා දෙකේදීම හරකා මැරෙන විදිහ දකින්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා. ඔහු මස් කෑවම පව් සිදුවෙනවද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අනික් එක මේකයි උඹ හොඳටම දන්නවා කඩේ විකුණන්න තියෙන සත්තු මරලා තියෙන්නේ ක්ෂණික කොපයෙන්වත් වෙන සතෙක් ලව්වත් නෙමේ කියලා ,එතකොට අපිට පිළිගන්න වෙනවා නේද කඩේ තියෙන මස් කෑම පව් කියලා ?

    දන්නෙම නැතුව වැඩේ පිළි ගත්ත නේද ?
    කඩේ තියන මස් තියෙන්නේ මම වෙනුවෙන්ද? මම කෑවත් නැතත් ඒ මස් කඩේට එන එක නවතිනවද?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එක තැනක කියනවා 'හරක් දෙන්නගේ කතාව වෙනම දෙයක් ,එකේදී මිනිහෙක්ගේ සම්බන්දයක් නෑනේ ,අනික් එක එක හරකෙක් අනික් එකාව මරන්නේ කාට හරි මස් කරලා ගෙනි යන්න නෙමේනේ ' කියල. ඒ කියන්නේ මසට නොමැරු හරකෙකුගේ මස් කෑම පවක් නොවේ කියන එක.

    එතනම ඔයා කියනවා
    'කෝපයට හරකෙක් මරලා වෙන මිනිහෙක් ගෙනිච්චා කියන්නේ ඒ මිනිහට පව්' කියල. ඉතින් ඒ අවස්ථාවේ කෝපයට හරකෙක් මැරුවෙත් මසට නෙමෙයිනේ. ඉස්සලම තමුන් ටයිප් කරන්නේ මොනවද කියලවත් තේරුම් ගන්න බලන්න.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    ප්‍රශ්නේ තියෙන්නේ ඒ මිනිහා හරක මැරිච්ච විදිය දන්නවනේ
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ප්‍රශ්නේ තියෙන්නේ ඒ මිනිහා හරක මැරිච්ච විදිය දන්නවනේ
    ඔයා කියන විදිහට මෙතන පවක් පිනක් කියන දේ වෙනස් උනේ පුද්ගලයාගේ චේතනාව මුල් කරගෙන නෙමෙයි එතන පව පින වෙනස් උනේ හරකව මැරුවේ කවුද කියන කරුණ මතයි. මම කලින් දාපු කතාවේ තියන කරුණු එක්ක ඔයාගේ අදහස් සංසන්දනය කරද්දී ඔයා බුදුහාමුදුරුවන්ටත් අභියෝග කරනවා. ඔයා කියන විදිහට ඒ කතාවේ සෝවාන් වෙච්ච කාන්තාව සත්තු මරන්න යන වැද්දාට ආයුධ දීම පවක්. නමුත් බුදුහාමුදුරුවන් කියන්නේ එය පවක් නෙමෙයි චේතනාව අනුවයි පාපය සිද්ධ වෙන්නේ කියලයි.

    බුදු හිමියෝ දිනෙක එක්තරා වනයක් මැදින් වඩින විට වැද්දෙකු උන් වහන්සේ දුටුවේ ලු. උන් වහන්සේගේ පින් මහිමය නිසා සතුට අටවා තිබු උගුල් බුරුල් වී සතුන් නිදහස් වී ලු. උගුල් ඇටවූ වැද්දා, උදයේ එක සතෙකු වත් නොලැබ ගියේලු. යලි සවසද බුදු හිමියන් ආපසු වඩින විට, දෙවන වර (හවස) ඇටවූ උගුල් ද ලිහී වැද්දා දෙවන වරද හිස් අතින් ගෙදර ගියේ ලු. යන විටද බුදු හිමි දුටු වැදි තෙමේ, "මේ මුඩු මහණා නිසා මට දවසටම සතුන් නැති වීයයි" කෝපයෙන් මුසපත්ව, බුදු හිමියන්ට විදින්නට යයි සිය භාර්යාව ලවා දුනු ඊතල ගෙන් වී ලු.

    වැදගත් වන්නේ වැද්දාට දුන්නෙන් එකම ඊතලයක් වත් විද ගන්නට බැරි වීම නොවේ. අර කී භාර්යාව මේ සිද්ධියට පෙර සෝවාන් වී සිටීමයි. කවුරුත් දන්නා පරිදි, සෝවාන් වූවකුට පස් පවු කළ නොහැක. හෙතෙම සිය ජීවිතය පරදුවට තබා පන්සිල් පද පහ රකී. මිනිසුන්ද ඇතුළුව සතුන් මැරීම, මැරවීම සහ අනුබල ආධාර දීම යන තුනම එක හා සමාන ය. මරණ සිතින් ඉල්ලන බව දැන දැන, මරන්නට ආයුධයක් අතට දීම, මරන්නට අනුබල දීමක් සේ ය පෙනෙන්නේ. එසේනම් අර කී වැදි බිරිය පන්සිල් පද පහ කැඩුවා නොවේදැයි මහත් ගැටළුවක් දම් සභා මණ්ඩපයේදී පැන නැගිණි. බුදු හිමියන් ඊට දුන් පිළිතුර නම් "අල්ලේ තුවාල නැති අයෙකුට අල්ලට විෂ ගත හැකිය. ඉන් ඔහුට හානියක් නොවේ. එලෙසම, කීකරු බිරිය දුන් අණ පිළිපැද, දුන්න සහ ඊතලය ගෙනත් දුන්නා මිසක, මරණ චේතනාවක් ඈ හට නොවීය. මහණෙනි, මම චේතනාවම කර්මය ලෙස වදාරමි. කර්ම යනු සිතින් සිතා දැනුවත්ව කයින්, වචනයෙන් සහ සිතින් කරන ක්‍රියා වේ."
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාංශ අනුභවය බුදුරජානන් වහන්සේ කවදාවත් කොතනකවත් අනුමත කරේ නැහැ. ස්භාවිකව මරණයට පත්වෙච්ච සතෙකුගේ මස් හැරුනුකොට විකිණීමට මරණ ලද සතෙකුගේ මස් කමෙන් ඒ ප්‍රාණගාත අකුසලයට යම් ප්‍රමාණයකින් දායක වෙනවාමයි. මෙතැනදී බුදුරජානන් වහන්සේ දේශනා කරපු හේතුපල ධර්මය ගැන හිතන්න. හේතුවක් නැතුව පලයක් උපදින්නේ නැහැ.
    හේතුව : පාරිභෝගිකයින්ගේ මස් කෑමේ ආශාව.
    පලය : පාරිභෝගික අවශ්‍යතාවය පදනම් කරගෙන මස් මරන්නෙකු අතින් සතෙක් මරණයට පත්වීම.

    භික්ෂුන් වහන්සේලාට නිර්මාංශ වෙන්න කියල බුදුරජානන් වහන්සේ විනය නීතියක් පැනෙව්වේ නැත්තේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතික හින්ද. දායකයින් විසින් ප්‍රධානය කරන ධානය කුමක් හෝ වේවා ශරීරයේ පැවැත්ම උදෙසා එම ධානය පිළිගන්න සිද්දවෙන හින්ද. එත් භික්ෂුවකට විමසන්න පුළුවන් මේ මස් කුමන මසක්ද යන්න. බුදුරජානන් වහන්සේ වළඳන්න එපා කියපු මස් හැරුනුකොට අනික් මසක් වලන්දුව කියල එතුමන්ලාට විනය නීතියක් කැඩෙන්නේ නැහැ. එත් ධානයක් වෙනුවෙන් ධානය පිළිගන්වන කෙනා මස් කඩෙන් මිලදී ගන්න වෙලාවට ඒ මාංශය කොයි එකක් උනත් මරුන සතාගේ මරණයට ධායකයෙක් වෙනවාමයි.

    තම තමුන්ගේ පාලනය කරගන්න බැරි රස තෘෂ්ණාව වෙනුවෙන් බුදු බන වෙනස් කරන්න එපා සහෝදරවරුනි. එකෙන් පව් දෙකක් සිද්දවෙනවා. තමුන් කරන වරද තමුන් විසින් කරගන්න එක තමුන්ගේ වැඩක්. එත් ඒ වරද සාධාරණීකරණය කරලා උඹලත් මේ වරද කරපල්ලා මේකෙන් පවක් සිද්දවෙන්නේ නැහැ බුදුරජානන් වහන්සේ මෙහෙම කියල තියනවා කියල කෙස් පැලෙන තර්ක ගෙනල්ල මිනිස්සු වරදට පෙළඹවීම ලොකු පවක්.

    ලොකු කෙස් පැලෙන තර්ක ඕන නැහැ සහෝදරවරුනි මේ මස් කන නොකන ප්‍රශ්නය විසඳන්න.
    හිතන්න තියෙන්නේ මෙච්චරයි.
    බුදුරජානන් වහන්සේ දේශනා කරපු අවිහිංසාව / මෛත්‍රිය ගැන විස්වාසයක් අවභෝධයක් තියන පුද්ගලයෙකුට පුළුවන් වෙයිද සතෙකුගේ වේදනාත්මක මරණයෙන් තමුන්ගේ රස නහර පිනවන්න???

    හැමදෙනාටම තෙරුවන් සරණයි.
     
    Last edited:
    • Like
    Reactions: bohokal

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් නියමයි ,සමහර එවුන් කන්න ඕනේ උනාම කබර ගොයත් තල ගොයා කරගන්නවා ,මෙහෙම එවුන් අතරයි හලාල් කාරයෝ අතරයි වෙනසක් නෑ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔයා කියන විදිහට මෙතන පවක් පිනක් කියන දේ වෙනස් උනේ පුද්ගලයාගේ චේතනාව මුල් කරගෙන නෙමෙයි එතන පව පින වෙනස් උනේ හරකව මැරුවේ කවුද කියන කරුණ මතයි. මම කලින් දාපු කතාවේ තියන කරුණු එක්ක ඔයාගේ අදහස් සංසන්දනය කරද්දී ඔයා බුදුහාමුදුරුවන්ටත් අභියෝග කරනවා. ඔයා කියන විදිහට ඒ කතාවේ සෝවාන් වෙච්ච කාන්තාව සත්තු මරන්න යන වැද්දාට ආයුධ දීම පවක්. නමුත් බුදුහාමුදුරුවන් කියන්නේ එය පවක් නෙමෙයි චේතනාව අනුවයි පාපය සිද්ධ වෙන්නේ කියලයි.

    සෝවාන් කියන්නේ රහත් වෙලා කියන එක නෙමෙය්නේ ,කෙලෙස් අඩුවෙලා තියෙන්නේ 25% පමණයි ,ඒවගේ කෙනෙක් සතර අපායේ වැටෙන්නේ නෑ ,එවුනට සෝවාන් අය අතින් පව් සිද්ධ වෙන්නේ නෑ කියලා කොහෙවත් කියලා නෑ ,අනික් එක වැද්දට ආයුද දෙන්නේ මොකටද කියන ඒ මනුස්සයා දන්නේ නෑ,එහෙම දැන ගෙන දුන්නා නම් ඒක අනිවා පවක් ,ඔච්චර උදාහරණ ගේන්න ඕනේ නෑ අපි බුද්ධ දේශනාව අරගෙන බැලුවොත් පැහැදිලි උත්තරයක් නිකන්ම ලැබෙනවා
     
    මචන් බුදුදහම කියන්නේ වෙනත් දහමක් වගේ නෙමෙයි. අපිට සැක තැන ප්‍රශ්න කරලා ඒවා විසඳගන්න ඉඩ නිදහස දීල තියන දහමක්. මම මෙතන අදහස් දක්වන්න බුදු දහම වෙනස් කරපු ත්‍රිපිටකයෙන් පිට එක දෙයක්වත් කියල නැහැ.

    පින පව ගැන පැහැදිලිව කියල දීපු බුදුහාමුදුරුවන් මස් කෑමෙන් වන විපාක හෝ නිර්මාංශ වීමේ ආනිශංස ගැන කියා නොතිබීම. මස් මාංස වෙළදාම පාපයක් බව පැහැදිලිව කියපු බුදුහාමුදුරුවන් ගිහියන්ට මස් මාංස අනුබවය පාපයක් බව නොකියා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් ගැන කීම. මම දන්නා විදිහට චේතනාව තමයි කර්මය වීම. වගේ කරුණු නිසා මට මේ ගැන ප්‍රශ්නයක් තියනවා.
    බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ධර්මය තම තම නැණ පමණින් දත යුතුයි කියලයි. ඒ නිසා මේ ගැන තවත් කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද තර්ක කරන්න ගියොත් මේ ගැන දෙපැත්තටම කියන්න කරුණු තියනවා. ඒ අනුව බුද්ධඝෝෂ හිමියනුත් බුදු බන වෙනස් කිරීම නිසා මහා පාපයකට ගොදුරු වූ හිමිනමක් වෙනවා. ඒ නිසා මේ කතාව ඇති.

    බුදු සරණයි..!!
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම thread එකේ උඩින්ම ඉල්ලලා තියෙනවා වැරදි දේ දාන්න එපා කියලා

    සෝවාන් වෙච්ච කෙනෙක් පස් පව් කරන්නේ නෑ කියලා කොහෙවත් කියලා නෑ ,කරන එක සැහෙන්න අඩු වෙනවා නමුත් කරන්නේ නෑ කියල නම් කොහොමටවත් කියන්න බෑ ,වැරදි තැන් වලින් දේවල් copy ,paste කරන්න එපා කරුණාකරලා
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඉතින් දැන් උඹම කියනවා චේතනාව කර්මය කියලා ,ඒවුනාට වෙන සත්වයෙක්ගේ මාංශයක් බඩේ දාගන්නවා ,මචන් උඹ දන්නවද කොටි,සිංහයෝ වගේ සත්තුන්ට නම් මස් කන්නේ නැතුව විකල්පයක් නෑ ,එවුනට මස් නොකැවට මිනිසුන්ට කන්න ඕනේ තරම් දේවල් තියෙනවා ,ඒ සත්තුන්ට එහෙම වෙලා තියෙන්නේ උන් තිරිසන් අපායේ ඉන්න නිසා

    අනික් එක බුදු දහමේ පැහැදිලිව කියනවා ,තමුන්ගේ ජීවිතේ වත් තමුන්ට අය්ති නෑ කියලා ,එහෙනන් අනුන්ගේ මළකුණු කොහොමද අපිට කන්න පුළුවන් වෙන්නේ
     
    ඔයා කියන විදිහට වැද්දාගේ බිරිඳ දන්නේ නැහැ වැද්දා ආයුධ ඉල්ලන්නේ මොකටද කියල :lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඉතින් දැන් උඹම කියනවා චේතනාව කර්මය කියලා ,ඒවුනාට වෙන සත්වයෙක්ගේ මාංශයක් බඩේ දාගන්නවා ,මචන් උඹ දන්නවද කොටි,සිංහයෝ වගේ සත්තුන්ට නම් මස් කන්නේ නැතුව විකල්පයක් නෑ ,එවුනට මස් නොකැවට මිනිසුන්ට කන්න ඕනේ තරම් දේවල් තියෙනවා ,ඒ සත්තුන්ට එහෙම වෙලා තියෙන්නේ උන් තිරිසන් අපායේ ඉන්න නිසා

    අනික් එක බුදු දහමේ පැහැදිලිව කියනවා ,තමුන්ගේ ජීවිතේ වත් තමුන්ට අය්ති නෑ කියලා ,එහෙනන් අනුන්ගේ මළකුණු කොහොමද අපිට කන්න පුළුවන් වෙන්නේ

    උඹට පොඩ්ඩක් සිංහල තේරුම් ගන්න එක අවුල් වගේ. ඉස්සල්ල උදාහරණයේ උඹ හරකා මරණ කෙනා අනුව පව පින තීරණය කරපු එක ගැනයි මම චේතනාව අනුව කර්මය සිද්ධ වෙනවා කිව්වේ. උඹ කියන විදිහට මරණ කෙනා අනුව කර්මය සිදුවේ. අලුත් ධර්මයක්ද මචන් ඒක..
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම thread එකේ උඩින්ම ඉල්ලලා තියෙනවා වැරදි දේ දාන්න එපා කියලා

    සෝවාන් වෙච්ච කෙනෙක් පස් පව් කරන්නේ නෑ කියලා කොහෙවත් කියලා නෑ ,කරන එක සැහෙන්න අඩු වෙනවා නමුත් කරන්නේ නෑ කියල නම් කොහොමටවත් කියන්න බෑ ,වැරදි තැන් වලින් දේවල් copy ,paste කරන්න එපා කරුණාකරලා
    ඔව් සෝවාන් කෙනා අතිනුත් පස්පව් වෙන්න පුළුවන්. ඒක වැරද්දක් කියල මම පිලිගන්නවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් බුදුදහම කියන්නේ වෙනත් දහමක් වගේ නෙමෙයි. අපිට සැක තැන ප්‍රශ්න කරලා ඒවා විසඳගන්න ඉඩ නිදහස දීල තියන දහමක්. මම මෙතන අදහස් දක්වන්න බුදු දහම වෙනස් කරපු ත්‍රිපිටකයෙන් පිට එක දෙයක්වත් කියල නැහැ.

    පින පව ගැන පැහැදිලිව කියල දීපු බුදුහාමුදුරුවන් මස් කෑමෙන් වන විපාක හෝ නිර්මාංශ වීමේ ආනිශංස ගැන කියා නොතිබීම. මස් මාංස වෙළදාම පාපයක් බව පැහැදිලිව කියපු බුදුහාමුදුරුවන් ගිහියන්ට මස් මාංස අනුබවය පාපයක් බව නොකියා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයක් ගැන කීම. මම දන්නා විදිහට චේතනාව තමයි කර්මය වීම. වගේ කරුණු නිසා මට මේ ගැන ප්‍රශ්නයක් තියනවා.
    බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ධර්මය තම තම නැණ පමණින් දත යුතුයි කියලයි. ඒ නිසා මේ ගැන තවත් කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද තර්ක කරන්න ගියොත් මේ ගැන දෙපැත්තටම කියන්න කරුණු තියනවා. ඒ අනුව බුද්ධඝෝෂ හිමියනුත් බුදු බන වෙනස් කිරීම නිසා මහා පාපයකට ගොදුරු වූ හිමිනමක් වෙනවා. ඒ නිසා මේ කතාව ඇති.

    බුදු සරණයි..!!

    මචන් කඩේ තියන කුකුළා ගෙනල්ල කන එකෙන් ඒ ප්‍රාණඝාත අකුසලයට දායක වෙන්නේ නැහැ කියල හිතන එක තමුන්ගේ හිත තමුන් විසින්ම රවට්ටා ගැනීමක්. තමුන් දන්නවා කඩේ freezer එකට කුකුළා එන්නේ සිය දිවි නසාගෙන නෙවෙයි කියල. ඔන්න කුකුළා කඩේ freezer එක ලඟට ඇවිත් සියදිවි නසාගත්තානම් කන එවුන් ඒ පවට දායක වෙන්නේ නැහැ. මේ මස් කර හැම එකාගෙම හිත දන්නවා අපි කන හින්ද තමයි කියල කඩේ මුදලාලි මස් විකුනන්නේ. මිනිස්සු කන්නේ නැත්තම් මුදලාලිලා විනොදෙට freezer එකකට curent bill එකක් ගෙවන්නේ නැහැ මචන්. මිනිස්සු සල්ලි දීල ගන්නේ නැත්තම් farm කරන එවුන් සත්තු දහස් ගණන් මසට ඇති කරන්නේ නැහැ.
    බුදුරජානන් වහන්සේ හැම දෙයක්ම දේශනා කරේ තුන්කල් බලල. අද වෙනකොට ලෝකේ හැම අස්සක මුල්ලකම මසට මැරෙන සත්තු මැරෙන එක කර්මානුරූපිව සිද්දවෙනවා. ඒ සත්තුත් ඒ මරණයට ඒ විදිහට මුහුණදෙන්නේ කර්මානුරූපිව පව් කරපු නිසා. ඒ කර්මානුරූපිව මරණයට නියමවෙන සත්තුන්ගේ ප්‍රාණඝාත අකුසලයට සම්මාදම් වෙන්නේ නැතුව ඉන්න තරම් නුවන තියන එවුන් අද වෙනකොට මාංශ අනුභවයෙන් වැළකිලා ඉන්නවා. නුවන නැති උදවිය ඒ පවට සහභාගී වෙනවා. ඊට අමතරව බුදු බන බොරු කරලා තවත් පවක් සිද්ද කරගන්නවා.

    කඩේ freezer එකේ ඉන්න කුකුළා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයිති වෙන්නේ නැහැ. මොකද කඩේ freezer එකේ මස් ඉවරවෙනකොට මුදලාලි තව මස් order කරනවා. වර්තමානය වෙනකොට මසට සතුන් මැරීමේ කාර්ම පථයේ මුල් පුරුක මස් මරණ කෙනා. අවසාන පුරුක සල්ලි දීල අරගෙන කන උදවිය. මේ දාමයේ පුරුකක් උන කෙනෙක් කොහොමද මේ පවට අයිති නැහැ කියල තර්ක කරන්නේ???

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔව් සෝවාන් කෙනා අතිනුත් පස්පව් වෙන්න පුළුවන්. ඒක වැරද්දක් කියල මම පිලිගන්නවා.

    වැඩේ කෙලින්ම කියන්නම් මචන් ,උඹ ඔය අනුගාමිකයෙක් වෙලා ඉන්න හාමුදුරුවෝ ගාවින් ඇත්වෙලා නිවැරදි දේ මොකක්ද කියලා බලපන් ,අන්තිමට තමුන්ම නේද රැවටිලා තියෙන්නේ,කොච්චර උදා හරණ ගෙනාවත් ඒ නිසා වැඩක් නෑ

    මම කිසිම අලුත් ධර්මයක් කියලා නෑ ,උඹ නිකන් උදාහරණ ගෙනාවට වැඩක් නෑ මස් කන එක පව්ද නැද්ද කියන විතරක් කෙලින්ම කියපන්,මම කියන්නේ පව් ,ඒවගේම මම මේ කියන්නේ ,අද අපි කඩෙන් මස් ගේන එක ගැන
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    මචන් කඩේ තියන කුකුළා ගෙනල්ල කන එකෙන් ඒ ප්‍රාණඝාත අකුසලයට දායක වෙන්නේ නැහැ කියල හිතන එක තමුන්ගේ හිත තමුන් විසින්ම රවට්ටා ගැනීමක්. තමුන් දන්නවා කඩේ freezer එකට කුකුළා එන්නේ සිය දිවි නසාගෙන නෙවෙයි කියල. ඔන්න කුකුළා කඩේ freezer එක ලඟට ඇවිත් සියදිවි නසාගත්තානම් කන එවුන් ඒ පවට දායක වෙන්නේ නැහැ. මේ මස් කර හැම එකාගෙම හිත දන්නවා අපි කන හින්ද තමයි කියල කඩේ මුදලාලි මස් විකුනන්නේ. මිනිස්සු කන්නේ නැත්තම් මුදලාලිලා විනොදෙට freezer එකකට curent bill එකක් ගෙවන්නේ නැහැ මචන්. මිනිස්සු සල්ලි දීල ගන්නේ නැත්තම් farm කරන එවුන් සත්තු දහස් ගණන් මසට ඇති කරන්නේ නැහැ.
    බුදුරජානන් වහන්සේ හැම දෙයක්ම දේශනා කරේ තුන්කල් බලල. අද වෙනකොට ලෝකේ හැම අස්සක මුල්ලකම මසට මැරෙන සත්තු මැරෙන එක කර්මානුරූපිව සිද්දවෙනවා. ඒ සත්තුත් ඒ මරණයට ඒ විදිහට මුහුණදෙන්නේ කර්මානුරූපිව පව් කරපු නිසා. ඒ කර්මානුරූපිව මරණයට නියමවෙන සත්තුන්ගේ ප්‍රාණඝාත අකුසලයට සම්මාදම් වෙන්නේ නැතුව ඉන්න තරම් නුවන තියන එවුන් අද වෙනකොට මාංශ අනුභවයෙන් වැළකිලා ඉන්නවා. නුවන නැති උදවිය ඒ පවට සහභාගී වෙනවා. ඊට අමතරව බුදු බන බොරු කරලා තවත් පවක් සිද්ද කරගන්නවා.

    කඩේ freezer එකේ ඉන්න කුකුළා ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයට අයිති වෙන්නේ නැහැ. මොකද කඩේ freezer එකේ මස් ඉවරවෙනකොට මුදලාලි තව මස් order කරනවා. වර්තමානය වෙනකොට මසට සතුන් මැරීමේ කාර්ම පථයේ මුල් පුරුක මස් මරණ කෙනා. අවසාන පුරුක සල්ලි දීල අරගෙන කන උදවිය. මේ දාමයේ පුරුකක් උන කෙනෙක් කොහොමද මේ පවට අයිති නැහැ කියල තර්ක කරන්නේ???

    thanks මචන් ,උඩ එක්කෙනා කියන විදියට සාමන්‍ය මිනිස්සු කන්නේ, සත්තු සත්තු එකිනෙකා මරගත්තම ඉතුරු වෙන මස් ,කාටහරි එකෙක්ට මළ පැන්නම මරපු සත්තුන්ගේ මස් ,
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    උඹ ඔක්කොම පටලවගෙන ඉන්නෙ...
    දැන් මම කලින් ගත්ත උදාහරනය ගමුකො. මිනිහට එදා බඩේ අමාරුවක් නිසා කන්න බැරි වුනාට මින්හා වෙනුවෙන් සතෙක් මරලා . උඹ කියනෑහ්නම් කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ.එහම වෙන්නෙ නෑ බන්.
    උඹ දන්නවද දෙවදත්ත බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලපු වර 5.
    භික්ශුවක් දිවි ඇති තෙක් ආරන්ය මුලික,රුක්ශ මුලික,පින්ඩපාතික.පාන්ශකුලික සහ නිර්මාන්ශික විය යුතුයි කියල පනවන්න කියල දේවදත්ත ඉල්ලුවා.හැබැයි බුදු හාමුදුරුවො කිව්වෙ කමති කෙනෙක් එහෙම හිටපුවාවෙ, අකමති අය නොහිටියාවෙ කියල.
    එකෙන් තමයි දෙවදත්ත සන්ඝ භේදය කලේ.
    තව ඔනෙනම් ආමගන්ධ සුත්‍රය බලපන්. උඹ ඔය කියන නිර්මාන්ශික කතාව බුදු දහමෙ කොහෙවත් නෑ. හැබයි ප්‍රාණ ඝාතය අකුසලයක්.මස් මාලු නෙමෙයි මොනම දෙයක් වත් කෑදර කමින් ගන්නවනම් කෙලෙස් වැඩෙනව එකෙ දෙකක් නෑ. නිකම් බමුනු මත පතුරන්න එපා.

    you are correct....තර්ක කරන එක තෙරුමක් නැ වගෙ.....බමුනු මත ....මෙක තමයි නියම වචනෙ...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔය නිර්මාන්ශ නිර්මාන්ශ කියන හාමුදුරුවරුත් දෙවදත්ත කල දේමයි කරන්නෙ. ලොකෙට යටිගිරියෙන් කියන්නෙ මස් මාලු කටේ තියන්න එපා කියල, මොකද මොඩ මිනිස්සු දහස් ගනන් රැවටෙනව මෙන්න නියම සිල්වත් හාමුදුරු නමක් කියල. දෙවදත්තත් ඔය දෙමයි කලේ අජාසත්ත වගෙ රජවරුත් ඒ ගැටේට අහුවුනා.භික්ශුවක් මස් මාලු නොකනවා නම් එක පුද්ගලික ප්‍රතිපත්තියක් මිසක් මෙයයි දර්මය කියලා වරදවා දෙශනා කරන එක වැරදි වැඩක්.
    මම කලින් දැම්ම පොත ඉස්සෙල්ල කියවලා හිටපල්ලකො ඔක්කොම ප්‍රශ්න වලට උත්තර එතන තියෙනව.

    830121.png