බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අභය දානය දීමෙන් ග්‍රහඅපල දුරුකරගත හැකියි

    මතුගම ජයනෙත්ති

    ග්‍රහ අපල යනු අසුබත්වයයි. අසුබ වූ ග්‍රහයන්ගෙන් උදාවන අපල පෙර කළ අකුසලයන් පලදීමක්‌ ලෙස හැඳින්විය හැකිය.

    අකුසල් හා කර්ම ශක්‌තිය අනුව ග්‍රහයන් බල දුබල වීම සිදුවෙයි. අකුසල කර්මයන් පලදෙන අසුබ සමයේ කුසල් වැඩීමෙන් අපල සමනය වෙයි. පෙර අකුසල් කර ඇති ජන්මියාගේ ජීවිතය අපල සමයේ දුක්‌�තය.

    ජන්මියා ධනවත්වීම, දිළිඳුවීම ග්‍රහබල අනුව සිදුවෙයි. යමෙකු හට දීර්ඝායුෂ ඇතිවීමද අල්පායුෂ ඇතිවීමද එලෙසය.

    මේ අතර උපතින්ම අත් පා විකෘති වූවෝ ද විවිධ ආබාධ අනතුරු තුළින් අත් පා අහිමි වූවෝද සිටිති. ශාරීරික සහ මානසික දුබලතා උරුමව උපත ලබන්නෝද සිටිති.

    පෙර කල අනුනට ශාරීරික හා මානසික පීඩා කළවුන් මෙකල එම අකුසලයන් විඳවති.

    ශාරීරික සහ මානසික නිරෝගීතාවය හිමිව උපත ලද පුද්ගලයා මෙලොව, පරලොව, දෙලොවම දිනනු ඇත.

    සත්ව හිංසනය මිනිසා මෙලොව සාපයකට බඳුන් වීමකි. මාංස අනුභවය සුව නොවන, නිදන්ගත රෝග උරුමකර ගැනීමකි. මියයන සතෙකු විසින් තමන් මරණයට පත්කරන පුද්ගලයා කෙරෙහි ඇතිකර ගන්නා වෛරය එම සත්වයාගේ රුධිරය සහ මාංශ වලටද බලවත්ව පැතිරෙන්නේය. එම විෂ සහිත මාංශ වැළඳීමෙන් මිනිසාගේ ශරීරයේ පැවැත්ම විෂම වන්නේය. ලැබෙන කායික ශක්‌තිය මාංශ හිමි මාංශ පිදූ සත්වයාට අනුකූලවෙයි. එහි විෂ සහිත බවද එලෙසය. රෝග කාරකයන් මිනිස්‌ ශරීරයට වැළඳෙන්නේ හඳුනාගත නොහැකි ආකාරයටය. කායික ශක්‌තිය විෂම වන්නාක්‌ මෙන්ම මානසික ශක්‌තිය ද විෂම වීමට මාංශ අනුභවය මූලික වෙයි. මාංශ භක්‍ෂණයෙන් ශරීරයට ආරෝපණය වන සත්ව ආවේගයන් මානසිකව බලවත් වීමෙන් මිනිසාට සත්ව මානසික භාවයන් ඇතිවෙයි. රුදුරු මිනිස්‌ ඝාතන, මව, නැඟණිය නොහඳුනන ස්‌ත්‍රී දූෂණ ඇතිවන්නේ එලෙස විෂම වූ සිත් සතන් හිමිවූවන් තුළය. හදිසි අනතුරු - දුක්‌�ත මරණ හිමි වන්නේද මිනිසා සත්ව මානසිකත්වයට ගොදුරු වූ කලය.

    අසරණ සතුනට අභයදානය සැලසීම මගින් පළමුව නිරෝගී සුවයත් දෙවනුව අකුසල සමනයටත් හේතුවෙයි. උතුම් මිනිස්‌ භාවයේ වටිනාකම අවබෝධ වීමෙන් පරලොව යහපත් වීමටත් මෙලොව යහපත් වීමටත් සතුනට අභයදානය දීම මූලිකවෙයි.

    අකුසලයන්ද පලදීම විවිධාකාරය. එහි පලවිපාක දැන-නොදැන කරන අකුසල් අනුව ගොනුවෙයි. මිනිසෙකුගේ පාද චලනයන්ගෙන් පොළොව මත කොතරම් පෙනෙන නොපෙනෙන කෘමින් පිරිසක්‌ විනාශවෙද්ද? වර්ෂා සමයේදී පිණ්‌ඩපාත වැඩමවීමේදී තණපත් අග රැඳි කෘමි සතුන් මිය යැම බුදුන් වහන්සේගේ නුවණැසට යොමුවීම මත භික්‍ෂුන් වහන්සේලාට වස්‌ සමය ආරම්භ විය. ගිහි ජීවිතය තුළ එලෙස විනය රැකීම බුදුන්වහන්සේද අනුමත නොකරන්නේය. ගිහි ජීවිතය තුළ රැකිය නොහැකි එවැනි සීලාදී ගුණයන් රැකිය හැකි වන්නේ භික්‍ෂු සමාජය තුළ පමණකි.

    පෙර භවයේ සතුන් මරණයට පත්කළ, සතුන් අත් පා, තටු කඩා බිඳ දැමුවා වූ උදවිය අද අංගවිකල වූවන් සේ හැසිරෙති. මස්‌ මාංශයනට ලොල් ව එහි රස බැලූ ඇතැමෙක්‌ තම මරණය ගොනුවන තෙක්‌ සිර මැදිරිවලය. ඇතමෙක්‌ හදිසි අනතුරුවලට ගොදුරුව මිය යති. සුව නොවන රෝගයකට ගොදුරුව - අත් පා අවසඟව, සිහි විකල්ව තිරිසන් සතුන් මෙන්ම මෙලොව දී කළ පවු ගෙවන්නෝද සිටිති. එය ග්‍රහ බලයට යටපත් කිරීමට සිතා කරනු ලබන පලතුරු පූජාවන් - සුවඳ දිය, සුවඳ දුම් පූජාවන් තුළින් එම අපලයන් සමනය කළ නොහැකි වෙයි. මෙලොව කරනු ලබන අකුසලයන් ගෙවීමේදී ඉතිරියක්‌ වේ නම් එය මතු උපදින භවයකටද එක්‌වෙයි.

    සියලු ග්‍රහ අපල දුරුකළ හැකි පුද පූජාව සතුනට අභය දානය දීමයි. මෙත් වැඩීමයි.

    ගවයා, එළුවා, ඌරා වැනි සතුන් ද දියෙන් ගොඩ ඇදි මසුන් ද තම ඝාතකයා ඉදිරියේ මරණ බියෙන් සැලෙති. ගවයා වැනි සතුන් මරණයට ගෙන යැමට පෙර කඳුළු සලන්නේ මෙම වටහාගැනීම නිසාය. මවු දෙනගේ පැටවා බලා සිටියදීම නැතහොත් මවු එළදෙන බලා සිටියදීම වසු පැටවා මරණයට ඇදගෙන යන මිනිසා දෙස එම සතුන් බලා සිටින්නේ බද්ධ වූ වෛරයකිනි. එම වෛරය සමඟ ඇතිවන දූෂිත දුක්‌�ත සිතුවිලි එම සතුන්ගේ රුධිරය, මාංශය පුරා පැතිරෙන්නේ එම අවස්‌ථාවේ සිටය.

    මිනිසාට බර ඇද, තම පැටවාට හිමි කිරි මිනිසාට පුදා තමන්ට දැරිය නොහැකි පීඩා, කුසගිනි ඉවසා මිනිසා අතින්ම මියයන සත්වයාගේ වෛරී සිතුවිලි මිනිසාගේ මතු ආත්මයන් කරාද සාපයක්‌ ලෙස සැරිසරන්නේය.

    අහසෙහි තටුගසා පියඹායන පක්‍ෂින් හට ඇත්තේ අස්‌ථි පිරි ශරීර කූඩුවකි. උනුන් හට පියඹා යැමේදී ශරීරයට විශාල ශක්‌තියක්‌ අවැසි වෙයි. පක්‍ෂින්ගේ කුසගින්න, පිපාසය නොනිමෙන සුලුය. අසරණ පක්‍ෂීන්ට ආහාර දීම දිය බඳුන් තැබීම ග්‍රහ බලය යහපත් කිරීමට හේතුවකි. මස්‌ මාංශ සඳහා ගෙනයන සතුන් නිදහස්‌ කිරීම, කුටි, කූඩු, ජලකුටි තුළ සිරගත කළ සතුන්, පක්‍ෂීන්, මසුන් නිදහස්‌ කිරීම සහ ඔවුනගේ නිදහසේ සතුට හඳුනා ගැනීම අපලකාරි ග්‍රහ බලය සහ චිත්ත බලය යහපත් වීමට හේතුවෙයි. එවන් කුසලයකට මනස යොමුකරවන ජන්මියාගේ පරලොවද නිසැකවම යහපත් වෙයි. මෙම භවයේ අසරණ සතුන් ලෙස උපත ලබන ජීවියා පෙර භවයේ තමන්ගේ මවුපිය, සහකරු, දූ දරුවන්, ඥතීන් විය හැකිය. ඔවුන් කළ අකුසල කර්මයන් නිසා ග්‍රහ බලය අයහපත් වී සතුන් ලෙස උපතක්‌ ලැබුවා විය හැකිය. තම නිවසේ වසන තමනට හිතවත්, අවනත බල්ලා - බළලාද පෙර කල තමන්ගේ සමීපතමයන් විය හැකිය. ඔවුන්ට දක්‌වන කරුණාව, දයාව මත ඔවුන්ගේ යහපත් වූ ළබැඳි චිත්ත තරංගයන් ආශිර්වාදාත්මකව මිනිසා වෙත යොමුවෙයි.

    සතුන්ගේ හඳුනා ගැනීමේ ශක්‌තිය මිනිසාට වඩා බොහෝ ප්‍රබල වෙයි. මිනිසාට හඳුනාගත නොහැකි ගන්ධ, ශබ්ද, රස, ආලෝක සහ තරංගමය හඳුනාගැනීම තුළින් සතුන් මිනිසාට වඩා ඉදිරියෙන් සිටියි.

    එලෙසින්ම ඔවුන්ගේ ආශිර්වාදාත්මක සහ ශාපමය ප්‍රතික්‍රියාවන් ද ප්‍රබලය. නොපෙනෙන පහත්මය තරංග ශක්‌තීන් හඳුනාගැනීමට හා එම ශක්‌ති බලවේගයන් හා අනුගත වීමට ඇතැම් සතුන්හට සුවිශේෂි හැකියාවක්‌ ඇත.

    පෙර කළ අකුසල පලදීම සහ මෙකල අකුසල මැŽමේ ප්‍රබල පහසු මාර්ගය නම් මිනිසා සත්ව හිංසනයෙන් වැළකීමයි. හිංසනයෙන් වැළකීම මත මිනිසා නිරායාසයෙන්ම මාංශ භක්‍ෂණයෙන්ද වැළකෙනු ඇත. ග්‍රහ අපල සමනයට සහ මෙලොව - පරලොව යහපතට මේ සියල්ලටම මූලික වන්නේ සතුන්ට අභය දානය සැලසීම නොවන්නේද?

    උපුටා ගැනීම ඉරිදා දිවයින
     
    • Like
    Reactions: polwattacom

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    නුවණ ඇත්තෝ වටහාගනිත්වා...
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සත්ත්ව මාංශ අවශ්‍යමද?

    සත්ත්ව මාංශ අවශ්‍යමද?

    පූජ්‍ය නාලන්දේ විමලවංශ නාහිමි
    බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති

    මිනිස්‌ ආහාර සඳහා දිනපතා මරනු ලබන සතුන්ගේ සංඛ්‍යාව අති විශාලය. සත්ත්ව ආහාර මිනිසුන්ගේ ආහාරයක්‌ නොවුව ද ඒ සඳහා සතුන් ඝාතනය කරනු ලබන්නේ ඉතා අමානුෂික අයුරිනි. මංගල උත්සව, සත්ත්ව බිලි පූජා, වෙනත් උත්සව, මාංශ ලෝලිත්වය වැනි කරුණු උදෙසා සතුන් ඝාතනය කරන අතර එම ඝාතන සඳහා ද විවිධ උපක්‍රමයන් අනුගමනය කරති. ගෙල සිඳීමෙන්, වෙඩි තැබීමෙන්, පහර දීමෙන්, උගුල් වලට හසු කිරීමෙන්, විදුලි සැර වැද්ද වීමෙන්, බිලි කටු, දැල් ආදිය දැමීමෙන් විවිධ වධ හිංසා පැමිණ වීමෙන් සතුන් ඝාතනය කරති. මෙලෙස සතුන් ඝාතනය කරනු ලබන්නේ සත්ත්ව මාංශ ලෝලිත්වය නිසාමය. තමන් විසින් ඝාතනය කර, එසේ නැතහොත් වෙනත් අය යොදා, එසේත් නැතහොත් මස්‌ කඩවලින් මිලදී ගෙන මාංශ භක්‍ෂණය කරති.

    අප සතුන් මරන්නේ නැත. විකිණීමට ඇති තැනකින් මස්‌ ගෙනවිත් අනුභව කරන්නෙමු. එබැවින් අපට පාපයක්‌ සිදු නොවේ ආදී වශයෙන් පවසමින් ඇතැම් දෙනා මස්‌ අනුභවය නීත්‍යනුකූල බවටත්, ආගම දහමට එකඟ බවටත් සාධක දැක්‌වීමට උත්සාහ කරති. ඇතැමුන් පවසන්නේ බුදුරජාණන් වහන්සේ ද මාංශ ආහාර වැළ» බවයි. බුදු හිමියන්ට අවසන් දානය පිළිගැන්වූ 'චුන්ද' නම් තැනැත්තා උන් වහන්සේට ඌරු මස්‌ පිළිගැන්වූ බවත්, එම ආහාරය වැළ» උන් වහන්සේට අතීසාරය වැළඳීමෙන් රෝගාතුර වූ බවත් ප්‍රකාශ කරමින් තමන්ගේ මාංස ලෝලිත්වය සාධාරණීකරණය කිරීමට යත්න දරති. 'සූකර මද්දව' ආහාරය ඌරු මාංශ වශයෙන් වරදවා තේරුම් ගැනීම මෙහිදී සිදුව ඇති බව පෙනෙයි. සූකර මද්දවය යනු ඌරන්ගේ මස්‌ වශයෙන් පිළි ගැනීමට ඉක්‌මන් විය යුතු නැත. සූකර මද්දව පිළිබඳ කාලාන්තරයක්‌ තිස්‌සේ විවාද කරමින් සිටින්නෙමු. මස්‌ බුදීමට ලොල් බව දක්‌වන බොහෝ දෙනා පවසන්නේ සූකර මද්දව යනු ඌරු මස්‌ බවයි.

    සූකර මද්දව යනු ඌරු මස්‌ බව පවසන සියලු දෙනාම තම තමන්ගේ මාංශ ලෝලිත්වය බුදු හිමියන් පවා අනුමත කර ඇති බව පවසමින් සෑහීමට පත්වෙති. ඒ අනුව මෙම මතය මාංශ ලෝලීන් සහ නිර්මාංශ ලෝලීන් අතර පවතින මතවාදයක්‌ බවට පත්ව ඇති බව පෙනෙයි. සූකර මද්දව යනු ඌරු බිම්මල් නොහොත් ඌරු හතු විශේෂයකි. මෙම ඌරු බිම්මල් නොහොත් ඌරු හතු එදා මෙන්ම අදත් ආසියාතික රටවල ඉතා ජනප්‍රිය ආහාරයකි. විශේෂයෙන් ඉන්දියාව, මියන්මාරය, චීනය, තායිලන්තය වැනි රටවල සංචාරය කිරීමෙන් ලැබූ අත්දැකීම් අනුව එකරුණ ස්‌ථිරවම පැවැසිය හැකිය. එම රටවල මිනිසුන්ගේ ආහාරය සඳහා බිම්මල් නොහොත් හතු අනිවාර්ය බවට පත්ව ඇත. අද මෙන්ම එදත් එය එසේම විය. චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පූජා කළේ ඌරු මස්‌ වශයෙන් වරදවා තේරුම් ගෙන ඇති බව පෙනෙයි. බිම්මල් වර්ග ඇතැම් දෙනාට අපත්‍ය වන බව කව්රුත් දන්නා කරුණකි. ඒ අනුව බුදු හිමියන්ට ද සූකර මද්දවය අපත්‍යය වූවාට සැකයක්‌ නැත. එය කෙසේ වුවද බුදු හිමියන් සත්ත්ව මාංශ අනුභවය පිළිබඳ භික්‍ෂුන් වහන්සේලාට පනවා තිබෙන විනය නීති පිළිබඳ සලකා බැලීම මගින් නිශ්චිත තීරණයකට එළඹිය හැකිය.

    න භික්‌ඛවේ ජනං උද්දිස්‌සකතං මංසං පරිභූඤ්ජිතබ්බං යෝ පරිභූඤ්ජෙය්‍ය

    ආපත්ති දුක්‌කටස්‌ස. අනුජානාමි භික්‌ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ඡමංස අදිට්‌ඨං -

    අසුතං අපරිසංකිතං (මහාවග්ගය) මහණෙනි, තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතුය. යමෙක්‌ වැළඳුවේ නම් දුකුලා ඇවැත් සිදු වේ. භික්‍ෂූන් උදෙසා මරනු නොදුටු, භික්‍ෂුන් උදෙසා මරන ලදැ'යි නොඇසූ, භික්‍ෂූන් උදෙසා මරන ලදැ'යි සැකයක්‌ නැත්තාවූ 'ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ' අනුදනිමි' යනු ඉහත සඳහන් පාඨයෙහි අර්ථය යයි.

    මෙයින් පැහැදිලි වන්නේ බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ සඳහා ත්‍රිකෝටික පරිශුද්ධ මාංශ පමණක්‌ අනුදැන වදාළ බවයි. එයින් පැවසෙන අදහස නම්, කරුණු තුනකින් පිරිසිදු වූ මාංශයයි. එම කරුණු තුන නම් නොදැකීම, නොඇසීම, සැකයක්‌ පහළ නොවීම යන කරුණු තුනයි. නොදැකීම යන්නෙන් අදහස්‌ කරන්නේ මිනිසුන් විසින් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වීම සඳහා සතුන් ඝාතනය කිරීම නොදැකීමයි. නොඇසීම නම් භික්‍ෂූන් උදෙසා සතුන් මරන ලදැ'යි නොඇසීමයි. සැක පහළ වීම විවිධ ආකාරයෙන් සිදු වේ. මිනිසුන් විසින් සතුන් මරනු සඳහා වුවමනා කරන අවි ආයුධ ආදිය ගෙන යනු දුටුවේ නම්, එසේම එම ප්‍රදේශයට වැඩම කළ පසු මාංශ ආහාරය දානය සඳහා ලැබුනේ නම් ආයුධ රැගෙන ගියේ සතුන් මැරීම සඳහාය'යි සැකයක්‌ ඇති වෙයි. එසේ සතුන් මරා පිළියෙල කළ ආහාරයක්‌ බවට සැකයක්‌ ඇති වුණි නම් එම මාංශ ආහාර පිළිගැනීම අකැපය.

    විවිධ සමාගම් මගින් මාංශ විකිණීම සඳහා සතුන් මරති. එම මාංශ සීත ගබඩාවල තබා රට පුරා අලෙවි කරති. එවැනි මාංශ ආහාරයට ගැනීමෙහි වරදක්‌ නොවන බව ඇතැම්හු පවසති. තර්ක කරති. කිසියම් සමාගමක්‌ හෝ ව්‍යාපාරිකයෙක්‌ සත්ත්ව මාංශ නිෂ්පාදන අලෙවි කරන්නේ රටෙහි තෝරා ගත් පිරිසක්‌ ඉලක්‌ක කරගෙන නොවේ. සියලු පුරවැසියන් ඉලක්‌ක කර ගෙනය. සියලු දෙනා උදෙසාය. භික්‍ෂූන් වහන්සේ ද රටෙහි පුරවැසියෝ වෙති. එබැවින් එම තර්කයට අනුව අලෙවියට තබා ඇති කිසිම මාංශ වර්ගයක්‌ පිළිගැනීම, වැළඳීම, කැප නොවන බව පැහැදිලිය.

    කිසියම් දායකයකු මාංශ ආහාර පිළිගන්වන්නේ නම් ඒවා නොපිළිගැනීම වඩාත් සුදුසු වෙයි. එසේ පිළි නොගැනීමට හේතු විමසුවහොත්, එම කාරණය පැහැදිලි කර දිය යුතුය. පෙර දිනයේ මිනිසුන් විසින් සත්ත්ව ඝාතනය සිදුකරන ලද ගමකට පිණ්‌ඩපාතයේ වැඩිය පසුව, දානය සඳහා මාංශය ලැබුණේ නම් ඒවා තමන් උදෙසා මරන ලද සත්ත්වයන්ගේ මස්‌ය' යි සැකයක්‌ ඇති වෙයි. එසේ සැකයක්‌ ඇති වන නිසා එම මාංශ ආහාර වැළඳීම අකැප ය. එබැවින් ඒවා නොපිළිගත යුතුය. සතුන් මරන, මරවන පුද්ගලයකු මාංශ සහිත දානයක්‌ පිළිගැන්වුවහොත් සැකයක්‌ ඇති විය හැකිය. ඇතැම් විට එම සත්ත්ව ඝාතනය සිදුකර ඇත්තේ දානය දීම සඳහාම විය හැකිය. එවැනි සැකයකින් ඒවා පිළි නොගත යුතුය. දායකයාගේ සිත රිදේය'යි සිතා පිළිගත්තද ඒවා නොවැළඳිය යුතුය.

    පංචසුහි සහ ධම්මිකේසු යස්‌සවා තස්‌සවා අර්ථාය උද්දිස්‌සතං සබ්බේසං න කප්පති භික්‍ෂු භික්‍ෂුණී සාමණේරී සාමණේර ශික්‍ෂමානා' යනුවෙන් සඳහන් පරිදි භික්‍ෂු භික්‍ෂුණී සාමණේරී සාමණේර ශික්‍ෂමාණවක යන පස්‌ දෙනා අතුරෙන් කවරකු හෝ උදෙසා මරන ලද මාංශ සියලු දෙනාටම කැප නොවේ. එක්‌ විහාරයක භික්‍ෂූන් උදෙසා මරන ලද සතුන්ගේ මාංශ වෙනත් විහාරයකට දුන්න ද එම විහාරයේ භික්‍ෂූන්ට ද ඒවා කැප නොවේ.

    මිනී මස්‌ වැළඳුවහොත් ථුලැසි ඇවිත් සිදුවේ. මිනිස්‌, ඇත්, අස්‌, ගව, සුනඛ, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්‌, තරස්‌ යන මස්‌ වර්ග අකැප ය. ලෝකයේ ඇතැම් රට වල එම මස්‌ වර්ග අනුභව කරතත් ලංකාවේ ඒවා ආහාරයට නොගන්නා බැවින් ගැටලුවක්‌ නොවනු ඇත. කුමන මස්‌ ද කියා විමසිය යුතුය. එසේ නොවිචාරා වැළඳුවහොත් දුක්‌ඛටාපත්ති සිදුවේ. අකැප මාංශයක්‌ නම් ඒවා ඉවත් කළ යුතුය. මිනිස්‌ තෙල් හැර අනෙක්‌ මාංශ අකැප සතුන්ගේ තෙල් අකැප නොවේ. මස්‌ අකැප සත්ත්වයන්ගේ ලේ, සම්, ඇට, ලොම් ආදිය ද අකැප බැවින් බෙහෙතකට වුව ද ඒවා වැළඳීම කැප නැත.

    මාංශ ආහාර ගැනීම පිළිබඳ බුද්ධ ප්‍රඥප්තිය ඉතා ලුහුඬින් දක්‌වන ලදී. මාංශ භක්‍ෂණය භික්‍ෂූන්ට හෝ බෞද්ධ පිංවතුන්ට කොතෙක්‌ දුරට සුදුසුද කියා විමසීමද වටියි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ මෛත්‍රී සංකල්පයට හසු නොවන කිසියම් ප්‍රාණියකු මෙම සක්‌වල තුළ හෝ පිටසක්‌වල සිටිය නොහැක. අප නිතර කියන, නිතර අසන 'කරණීය මෙත්ත' සූත්‍රය ගෙන බැලීමේ දී ඒ බව මැනවින් පසක්‌ වෙයි. එවන් මෛත්‍රී චින්තනයක්‌ ඉදිරිපත් කළ බුදු රජාණන් වහන්සේ මාංශ ලෝලීන් පිළිබඳව ද අනුකම්පා සහගතව සිතුවා විය හැකිය. එසේම විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බුදුරදුන් මාංශ භක්‍ෂණය අනුමත කර තිබෙන බව පෙන්වීමට උත්සාහ කරනවාට වඩා, උන්වහන්සේ ඉගැන්වූ මෛත්‍රී චින්තනය ගැන හිත යොමු කිරීම වඩාත් සුදුසු ය. සියලු සත්ත්වයන්ට මෛත්‍රීය කළ යුතු බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ, තෝරා ගත් සතුන් කිහිප වර්ගයකට පමණක්‌ හැර, අන් සතුන්ගේ මස්‌ අනුභව කිරීම සුදුසු බව දේශනා කරන්නේ නැත. මෛත්‍රිය වැඩීමෙන් ලැබිය හැකි ආනිසංස එකොළහක්‌ 'තේතානිසංස්‌ සූත්‍රයේ පෙන්වා ඇත.

    යම් කිසි පුද්ගලයකු තුන් වේල බත් සැලි සියයක්‌ දෙනවාට වඩා ගව දෙනකගේ තනපුඩුවකින් කිරි බිඳක්‌ දොවන කාලයක්‌ වුව ද මෛත්‍රී වැඩීමෙන් ලැබෙන ආනිසංස වැඩි බව දේශනා කළහ. (සංයුක්‌ත නිකාය) යම් භික්‍ෂුවක්‌ අසුරු සැණක්‌ වුව ද මෛත්‍රී භාවනා කරයි නම් හෙතෙම දායකයන්ගේ සිව්පසයට ණය කරුවකු නොවේ. (අංගුත්තර නිකාය ප්‍රභාෂ්වර වග්ගය) මත්තෙහි සැප විපාක ලබා දෙන පිංකම් මෛත්‍රී චිත්ත විමුක්‌තියෙන් සොළොස්‌වන කලාවකුදු නොවටියි. (ඛුද්දක නිකාය - ෙච්තෝවිමුක්‌ති සූත්‍රය) මෙසේ මෛත්‍රී චින්තනයේ ආනිසංස දේශනා කළ බුදු රජාණන් වහන්සේ සත්ත්ව මාංශ අනුභවය සුදුසුය'යි දේශනා කරන්නේ නැත. එහෙත් පුදුමය නම් ඇතැම් ආචාර්ය මහාචාර්ය භික්‍ෂූන් වහන්සේලා පවා බුදු හිමියන් මාංශ භක්‍ෂණය අනුමත කළ බවට කෙස්‌ පැලෙන තර්ක ඉදිරිපත් කිරීමයි. එසේ නම් මෛත්‍රිය කිරීමෙහි අදහස කුමක්‌ ද කියා ඔවුහු නොපවසති.
    භික්‍ෂූන්ට හෝ බෞද්ධ වූ කිසිවකුට සත්ත්ව මාංශ අනුභව කිරීමට නොහැකි බව ඉහත කරුණු ගැන සිතන විට පෙනෙයි. මස්‌ අනුභවය සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. පාරිභෝගික අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කිරීම ආර්ථික න්‍යායයි. පාරිභෝගිකයන් වැඩියෙන් ඉල්ලන විට වැඩියෙන් සත්ත්ව ඝාතනය කරන්නේ අවශ්‍ය ප්‍රමාණය සපිරීම සඳහාය. ඇතැම් ගිහි පැවිදි උදවිය තමන් මාංශ අනුභව නොකරන බවට පුරසාරම් කියති.

    සත්ත්ව මාංශ...එසේ වුව ද තම පන්සලේ නිවසේ ඇති කරන සුරතල් සතුන් සඳහා මාංශ ලබා ගනිති. ඉහත න්‍යාය අනුව එසේ කිරීම ද සුදුසු නොවන බව පෙනෙයි. තමන් උදෙසා හෝ අනුන් උදෙසා සත්ත්ව මාංශ ලබා ගැනීමට කරුණා ශාසනය තුළ ඉඩ ප්‍රස්‌ථාවක්‌ නැත.

    සත්ත්ව මාංශ අනුභව කිරීම පිළිබඳ නූතන වෛද්‍ය මතය ද විමසා බැලීම සුදුසු වෙයි. අද ලොව තුළ බියකරු අන්දමින් පැතිර පවත්නා පිළිකා රෝගය වැළඳීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ මස්‌ පරිභෝජනයයි. ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනය ඒ බව පෙන්වා ඇත. ඇමරිකාවේ පිළිකා රෝගයෙන් මිය යන අයගෙන් සියයට හතළිහක්‌ මාංශ අනුභව කරන්නන් බව සොයාගෙන ඇත. එසේම පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ යුරෝපාකරයේ කාන්තාවෝ වෙති. ආසියාතික කාන්තාවෝ එයට ගොදුරු වීමේ අඩු ප්‍රවනතාවක්‌ දක්‌වති. එයට හේතු කිහිපයක්‌ ඇත. එනම්,

    1. නිර්මාංශ ආහාර ගන්නා කාන්තාවන්ගේ සිරුර තුළ පිළිකා ජනක 'ඊස්‌ටජන්' අඩුවෙන් පවතියි.

    2. මාංශ ආහාර ගන්නා කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ කාල පරාසය කෙටි වේ. එය පිළිකා සෑදීමට හේතු කාරක විය හැකිය.

    3. සෝයා වැනි ආහාර 'ඊස්‌ටජන්' ක්‍රියාකාරීත්වය අවහිර කරයි. එවැනි ආහාර වල පිළිකා මර්දනය කරන 'අයිසොප්ලේවොන්ස්‌' නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි.

    ආසියාතික කාන්තාවන් වැඩි වශයෙන් නිර්මාංශ ආහාර ගනිති. ඉහත දැක්‌වූ කරුණු අනුව ඔවුන් පිළිකා උවදුරට ගොදුරු නොවීමේ ප්‍රවනතාවක්‌ දක්‌වන බව වෛද්‍ය ඩී. පී. අතුකෝරාල මහතා පවසයි. ඉන්දියාවේ 'හරියානා' ප්‍රාන්තයේ දී කරන ලද පරීක්‍ෂණයකට අනුව, 'කැරොටීන්', විටමින් සී, කැල්සියම්, කෙඳි සහිත එළවළු, පළා වර්ග, ගැනීමෙන් පිළිකා වැළඳීම වළක්‌වන බව සොයාගෙන ඇත. ඒ අනුව මාංශ ආහාර සහ පියයුරු පිළිකා අතර දැඩි සබඳතාවක්‌ තිබෙන බව පෙනෙයි.

    අන්ත්‍ර වල පිළිකාවලට ගොදුරුවන්නන් අතර, මාංශ අනුභව කරන අය වැඩියෙන් සිටින බව සොයාගෙන ඇත. නිර්මාංශ ගන්නා අයගේ අන්ත්‍රවල ශෛල ක්‍රියාකාරිත්වය මන්දගාමී බවක්‌ පෙන්වයි. මාංශ ආහාර ගන්නා අයගේ අන්ත්‍රවල ශෛල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිළිකා සෑදීමේ අවදානම ද වැඩි වෙයි. මාංශ ආහාර ගන්නා අයගේ ද්වීතියික පිත්ත අම්ලය ද වැඩිවෙයි. අහිතකර නොවන පිත්ත අම්ලය පිළිකා ජනක බවට පත්කරන බැක්‌ටීරියා ප්‍රමාණය නිර්මාංශ ආහාරවල බෙහෙවින් අඩුය. එසේම නිර්මාංශ ආහාර වල තිබෙන 'පොලිතෝල්ස්‌' නම් ද්‍රව්‍යය ආහාර මාර්ගයේ සහ ආමාශයේ පිළිකා වළක්‌වයි. මස්‌වල පිළිකාජනක 'තයිට්‍රොසැමයින්ස්‌' අඩංගු වේ. ඇමරිකාවේ 'සෙවන්ඩේ ඇඩ්වෙන්ට්‌ස්‌' නම් ක්‍රිස්‌තියානි නිකායේ අය පිළිකා රෝගයට ගොදුරු වීම අඩුවී ඇත්තේ ඔවුන් නිර්මාංශ ආහාර ගන්නා නිසා බව සොයාගෙන ඇත. ජපානයේ කරන ලද පරීක්‍ෂණයකට අනුව, මාංශ ආහාර ගනිමින් දුම්පානය කරන උදවිය පෙනහලු පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන බව සොයාගෙන ඇත. මේදය අධික සත්ත්ව මාංශ ආහාරයට ගන්නා උදවිය අණ්‌ඩකෝෂයේ පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වෙති. එළවළු, පලතුරු, පළා වර්ග, ධාන්‍ය ආහාරයට ගන්නා අය අග්න්‍යාශයේ පිළිකාවලට ගොදුරු නොවන බව සොයාගෙන ඇත. මෙම කරුණු ගැන අවධානය කරන යුරෝපයේ සහ ඔස්‌ටේ්‍රලියාවේ ජනතාව 'ග්‍රීන්බුද්ධා' වැනි නිර්මාංශභෝජී සංවිධාන පිහිටුවා ගෙන මස්‌ මාංශවලින් වැළකී ආහාර රටාව සකස්‌ කර ගන්නා අයුරු දැකිය හැක. මාංශ ආහාර ගන්නා මිනිසුන්ගේ සිරුරෙන් දැඩි දුර්ගන්ධයක්‌ හමන බව බොහෝ දෙනා පවසති.

    සත්ත්ව ලෝකයේ මාංශ ආහාර ගන්නේ දරුණු ගණයේ සත්ත්වයන් ය. ඒ අනුව වැඩි වශයෙන් මාංශ ආහාර ගන්නා මිනිසුන් ද දරුණු බවට පත් වෙති. ඔවුනොවුන් ඇන කොටා ගනිමින් විවිධ කල කෝලාහලවලට යොමුවී සිටින්නේ මාංශ භක්‍ෂණය කරන මිනිසුන් බව පෙනෙයි. එය අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිදු වන්නකි. ප්‍රොaටීන් ලැබෙන්නේ සත්ත්ව මාංශවලින් පමණක්‌ නොවේ. අපේ පැරණි මුතුන් මිත්තන් මේ බව මැනවින් වටහාගෙන සිටි නිසා ඔවුන්ගේ ආහාර වේලට වැඩි වශයෙන් ධාන්‍ය, එළවළු, පළා වර්ග, අල වර්ග, පලතුරු එක්‌ කර ගත්හ. පෝෂණ ගුණ සපිරි සමබල ආහාර වේලක්‌ නීරෝගි ශක්‌ති සම්පන්න ජීවිතයක්‌ පවත්වා ගැනීමට අවශ්‍ය වේ. අතීත සිංහලයා විවිධ දස්‌කම් විස්‌කම් කළේ එවැනි නිවැරැදි ආහාර රටාවක්‌ අනුගමනය කිරීමෙන් මිස මාංශ භක්‍ෂණය කිරීමෙන් නොවේ. ඔලිම්පික්‌ පදක්‌කම් ලාභී 'සුසන්තිකා ජයසිංහ' මහත්මිය මෑතකදී රූපවාහිනි වැඩ සටහනකදී කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවට එවැනි කීර්තියක්‌ ලබා දුන්නත් කිසි දිනෙක මාංශ ආහාරයට නොගන්නා බවයි.

    අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොaල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි. මාංශ අනුභව නොකිරීම අපේ ආගම දහමට එකඟ වන අතර, ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යැමට ද එය හේතු කාරක වෙයි. එම නිසා සිතට කයට පමණක්‌ නොව, පිරිවැයට ද සරිලන නිර්මාංශ ආහාර පමණක්‌ ගැනීම ගිහි පැවිදි අප කාටත් සුදුසු

    උපුටා ගැනීම දිවයින

    අද ඉරිදා දිවයින පත්තරේ ලිපි දෙකක්ම මේ සම්බන්දයෙන් දාලා තියෙන්නේ පුහු තර්ක කාරයන්ට බව කරුණාවෙන් සලකන්න
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නුවණ ඇත්තෝ වටහාගනිත්වා...

    අනිවා මචන් ,කොතෙක් කිවත් මෝඩයාට උගේ ගතිය උ අරීද ? කියලා කවියකුත් තියෙන්නේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නිකන් ගොන් තර්ක දාන්න එපා බන්.කාන්තාවො සරීරය පෙනෙන විදියට ඇදුම් ඇදීම පවක්..උබ මෙ කියන කතා අනුව තේරෙන්නෙ උබ ජීවිතෙට ප්‍රේත වත්තුව එහෙම කියවලවත් නෙ කියල..මම දන්නෙ නෙ ඒ ගැන මුස්ලිම් ආගමෙ කියල තියෙනවද කියල......ඒත් ඒ කතව ඇත්ත.දිවයින පත්තරේ යනව මහ රහතුන් වැඩි මග ඔස්සේ කියල ලිපි වගයක් හොයන කියවපන්..අනික තව කව්ද දාල තිබ්බ(උබමද මන්ද..)කුබුරු හාද්දි එහෙම සත්තු මරෙනව එහෙනම් ඒකත් පවක්නෙ කියලා....පොරට මම කියන්නෙ බුදුහාමුදුරුවො ප්‍රානගාතයක් සම්පූර්න වෙන්න අවශ්යය් කිව්ව කරුනු 5 කියවල බලපන්.

    හරකෙක් වගේ තප්පුලන්න කලින් කලින් පොස්ට් කියවලා වරෙන්.
    ප්‍රාණඝාතයට සම්පූර්ණ විය යුතු කරුනු කිව්වෙ මමම තමයි කලින්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නියමයි කොල්ල ,උඹ ගැන ආඩම්බරයි මචන් ,බුදු දහම අතක්කාවචරයි කියලවත් ගොඩක් මිනිස්සු දන්නේ නෑ ,අර කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු ,මස් කන්න ඕනේ උනාම ත්‍රිකෝටික මාංශය කියලා මස් කනවා ,මම උඩින්ම දාලා තියෙන්නේ ඒකයි හම්බයෝ හලාල් කියලා කන එකෙයි ඕකෙයි වෙනසක් නෑ කියලා ,අපිත් අන්තිමට උන් ගානටම වැටෙනවා ඔය ගොන් තර්ක වලින් ,චේතනාව කර්මය වෙන්නේ කියන එක දන්නෙත් නෑ ,ඒකනේ කුබුරු හාන්න බෑ කියන්නේ

    නියමයි මචන් එදා දෙවදත්ත කල දේමයි උඹල ඔය කරන්නෙ. නුවණැත්තන්ට තෙරෙනවා නිකම් පුහු සිල් වත් බවක් පෙන්නාගත්තම හුගක් පුහුදුන් මිනිස්සු රැවටෙනවා. දෙවදත්තත් සියලු භික්ශූන් නිර්මාන්ශිකයි,පාන්ශකූලිකයි,ආරණ්යමූලිකයි,රුක්ශමූලිකයි,පින්ඩපාතිකයි කියල පිලිගන්න කියල බුදු හිමියන්ගෙන් ඉල්ලපුවම උන්වහන්සෙ පැහැදිලිවම දෙශනා කලා කැමති අය එසේ හිටියාදෙන අකමැති අය නොහිටියාදෙන් කියල.නමුත් පිරිසක් ගියා දෙවදත්තත් එක්ක.
    උඹල බුදු හාමුදුරුවො ඉපදුනේ ලන්කාවෙ කියන සෙට් එකනේ. උඹල වගෙ අන්ධයො එක්ක කතා කරල වැඩක් නෑ. නිකන් පුහු සීලෙට අහුවෙලා රැවටෙන මිනිස්සු ගැන නම් දුකයි.
     
    ලොක්කා ඔයාට වැරදුන තැන තමය මස් මාළු නොකා ඉන්න එක සීලයක් කියල හිතනවා කියන එක. නිර්මාංශ වීම සීලයක් නෙවෙයි ඒක අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් විතරයි.
    අනෙක් වැරදුන තැන තමයි දේවදත්ත තෙරණුවන් බුදුරජානන් වහන්සේගෙන් ඉල්ලුවේ භික්ෂුන් වහන්සේලා නිර්මාංශ කරන්න කියල. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතිකයි . අපි දානෙට පිළිගන්නවන දෙයක් ඕන එතුමන්ලා වළඳන්න . එතැනදී දවසටම හෝ දවස් කීපයකට වතාවක් හෝ ලැබෙන ආහාර දානය මොනයම් හෝ දෙයක් වේවා ශරීරයේ පැවැත්ම හා දායකයාගේ කුසලය වෙනුවෙන් වළඳන්න වෙන හින්ද තමයි බුදුරජානන් වහන්සේ එහෙම නීතියක් පනවන්න නැතුව ඇත්තේ.
    ගෙදර උයාගෙන තුන් වේල කන ගිහියෝයි භික්ෂුවහන්සේලයි සමාන කරගෙන වලිගෙ පාගගන්න එපා.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හරකෙක් වගේ තප්පුලන්න කලින් කලින් පොස්ට් කියවලා වරෙන්.
    ප්‍රාණඝාතයට සම්පූර්ණ විය යුතු කරුනු කිව්වෙ මමම තමයි කලින්.

    ඉතින් උබ ඒ කරුනු කලින් කිව්වනම් ඇයි ආයෙම මෙ වගෙ ගොන් තර්ක ඉදිරිපත් කරන්නෙ."සත්තු මැරෙණ නිසා දත් නොමැදිය යුතුයි කියල සිල්පදත් තියෙන්න ඔනේ.වතුර උනු කිරීම තහනම් කරන්න ඔනේ":frown:.......බුදු දහමෙ මස් කන එක පවක් කියල දේශනා නොකරන්න හේතුව ඒ කාලයෙ මිනිස්සු බොහො වෙලාවට ජීවත් උනෙ කැලෑ ආශ්‍රිතව ඒ මිනිස්සුන්ට කැලෙ යද්දි වෙන සත්තු....සින්හයො කොටියො වගෙ උන් කාල දාල ඉතිරි උන එව්ව හම්බුනාම එව්ව කන එකෙ පවක් නෑ කියල කියන්නයි..මොකද ඒ සත්තුව මරල තියෙන්නෙ අර මනුස්සයව අරමුනු කරගෙන නොවෙන නිසා.....අන්න ඒ කරුන නිසා තමා ඔයාල ඔය කොනක් අල්ලගෙන කෑ ගහන්නෙ....අපි එදිනෙදා කන මස් වලට ඔය දේ වලන්ගු වෙන්නෙ නෑ...අපි උදාහරනයකට කුකුලෙක් ගමු.....මස් කඩ කාරයෙක් කුකුලව මරද්දි මේ කුකුල දිය රකුස්ටම කියල අරමුනු කරගෙන මරන්නෙ නෑ තමා:no::no: ඒත් උගෙ අරමුන මස් කන ප්‍රජාව...ඔයා එකෙ සාමාජිකයෙක්....ඒ නිස වක්‍රාකරයෙන් හරි ඔයාව අරමුනු කරගෙන තමා ඌ ඒ පව කරන්නෙ...ඒ කියන්නෙ ඔයා ඒ පව කරන්න අනුබල දෙනව......හරි දැන් මට කියන්න පවක් කරන්න අනුබල දෙන එක පවක් නෙවේද කියල..........
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ලොක්කා ඔයාට වැරදුන තැන තමය මස් මාළු නොකා ඉන්න එක සීලයක් කියල හිතනවා කියන එක. නිර්මාංශ වීම සීලයක් නෙවෙයි ඒක අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් විතරයි.
    මේ වගේ බුල් කතාවක් ඇහුවමයි. තිකොටික පාරිශුද්ධ නොවන මස් කෑම භික්ශුවකට ඇවැතක් නැත්නම් විනය නීතියක් කැඩීමක් ඒ කියන්නෙ සීලය නැත්නම් අහවල් කෙන්ගෙඩියද?

    අනෙක් වැරදුන තැන තමයි දේවදත්ත තෙරණුවන් බුදුරජානන් වහන්සේගෙන් ඉල්ලුවේ භික්ෂුන් වහන්සේලා නිර්මාංශ කරන්න කියල. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතිකයි . අපි දානෙට පිළිගන්නවන දෙයක් ඕන එතුමන්ලා වළඳන්න . එතැනදී දවසටම හෝ දවස් කීපයකට වතාවක් හෝ ලැබෙන ආහාර දානය මොනයම් හෝ දෙයක් වේවා ශරීරයේ පැවැත්ම හා දායකයාගේ කුසලය වෙනුවෙන් වළඳන්න වෙන හින්ද තමයි බුදුරජානන් වහන්සේ එහෙම නීතියක් පනවන්න නැතුව ඇත්තේ.
    ගෙදර උයාගෙන තුන් වේල කන ගිහියෝයි භික්ෂුවහන්සේලයි සමාන කරගෙන වලිගෙ පාගගන්න එපා.

    අනේ මහත්තයො ඔයා වලිගෙ පාගගෙන නෙමෙයි අග මුල මාරු වෙලා. ඔන්න ඔයාම කියනවා පින්ඩ පාතික නිසා නිර්මාන්ශික විය යුතුයි කියල සිල් පදයක් පැනවෙව්වෙ නෑ කියල. හරිද දැන් ඔයා උඩ එහෙම කිව්වනේ.කලින් ඔය කට්ටිය කිව්වෙ මොනවද "එහෙම කාටවත් කන්න කියල නෑ මස් කෑමමයි ප්‍රානඝාතය "කියපු අය දැන් පීල්ල මාරු කරනවා, දැන් කියනව හාමුදුරුවරු කෑවට කමක් නැතෙයි ගිහියො කන එක පව් කියල. අන්යාගමිකයො හිනස්සන්න එපා .
    සත්ව ගාතන නවත්වන්න ඔනෙනම් බොරුව ඉස්සරහට දාගන්නෙ නැතුව ඒක කරමු සත්ව හින්සාව නවත්තන්න නැතුව ධර්මය විකුර්ති කරන්න එපා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉතින් උබ ඒ කරුනු කලින් කිව්වනම් ඇයි ආයෙම මෙ වගෙ ගොන් තර්ක ඉදිරිපත් කරන්නෙ."සත්තු මැරෙණ නිසා දත් නොමැදිය යුතුයි කියල සිල්පදත් තියෙන්න ඔනේ.වතුර උනු කිරීම තහනම් කරන්න ඔනේ":frown:.......බුදු දහමෙ මස් කන එක පවක් කියල දේශනා නොකරන්න හේතුව ඒ කාලයෙ මිනිස්සු බොහො වෙලාවට ජීවත් උනෙ කැලෑ ආශ්‍රිතව ඒ මිනිස්සුන්ට කැලෙ යද්දි වෙන සත්තු....සින්හයො කොටියො වගෙ උන් කාල දාල ඉතිරි උන එව්ව හම්බුනාම එව්ව කන එකෙ පවක් නෑ කියල කියන්නයි..මොකද ඒ සත්තුව මරල තියෙන්නෙ අර මනුස්සයව අරමුනු කරගෙන නොවෙන නිසා.....අන්න ඒ කරුන නිසා තමා ඔයාල ඔය කොනක් අල්ලගෙන කෑ ගහන්නෙ....අපි එදිනෙදා කන මස් වලට ඔය දේ වලන්ගු වෙන්නෙ නෑ...අපි උදාහරනයකට කුකුලෙක් ගමු.....මස් කඩ කාරයෙක් කුකුලව මරද්දි මේ කුකුල දිය රකුස්ටම කියල අරමුනු කරගෙන මරන්නෙ නෑ තමා:no::no: ඒත් උගෙ අරමුන මස් කන ප්‍රජාව...ඔයා එකෙ සාමාජිකයෙක්....ඒ නිස වක්‍රාකරයෙන් හරි ඔයාව අරමුනු කරගෙන තමා ඌ ඒ පව කරන්නෙ...ඒ කියන්නෙ ඔයා ඒ පව කරන්න අනුබල දෙනව......හරි දැන් මට කියන්න පවක් කරන්න අනුබල දෙන එක පවක් නෙවේද කියල..........

    මල්ලි මෙන්න මේ පොත කියවල හිටපන් ඊට පස්සෙ ප්‍රශ්න අහපන්.

    http://www.google.com/url?q=http://...gQFjAA&usg=AFQjCNE6xLNqpvIsxQdcsTMhDixBt3gTSA
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    .මස් කඩ කාරයෙක් කුකුලව මරද්දි මේ කුකුල දිය රකුස්ටම කියල අරමුනු කරගෙන මරන්නෙ නෑ තමා:no::no: ඒත් උගෙ අරමුන මස් කන ප්‍රජාව...ඔයා එකෙ සාමාජිකයෙක්....ඒ නිස වක්‍රාකරයෙන් හරි ඔයාව අරමුනු කරගෙන තමා ඌ ඒ පව කරන්නෙ...ඒ කියන්නෙ ඔයා ඒ පව කරන්න අනුබල දෙනව......හරි දැන් මට කියන්න පවක් කරන්න අනුබල දෙන එක පවක් නෙවේද කියල.........
    හරි මම මස් කන ප්‍රජාවෙ කියමුකො . මට බඩේ අමාරුවක් හැදිලා දවස් දෙකක් විතර මස් නොකා ඉන්න්වා. හැබයි මම මස් නොකෑවත් මට පව් පිරෙන්න ඔනේ ඇයි මස් කන ප්‍රජාවටමනෙ සත්තු මරන්නේ. මම දවස් දෙකක් කෑවෙ නෑ කියල මස් කඩ කාරය එක කුකුලෙක් වත් අඩුවෙන් මැරුවෙ නෑනෙ.
    නිකම් විහිලු කතා මල්ලි මේව දේවදත්ත නිකාය කියන්නේ ඔය වගෙ කටිටියට.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    හරි මම මස් කන ප්‍රජාවෙ කියමුකො . මට බඩේ අමාරුවක් හැදිලා දවස් දෙකක් විතර මස් නොකා ඉන්න්වා. හැබයි මම මස් නොකෑවත් මට පව් පිරෙන්න ඔනේ ඇයි මස් කන ප්‍රජාවටමනෙ සත්තු මරන්නේ. මම දවස් දෙකක් කෑවෙ නෑ කියල මස් කඩ කාරය එක කුකුලෙක් වත් අඩුවෙන් මැරුවෙ නෑනෙ.
    නිකම් විහිලු කතා මල්ලි මේව දේවදත්ත නිකාය කියන්නේ ඔය වගෙ කටිටියට.

    Simple theory
    ලොකේ මිනිස්සු දෙන්නයි ඉන්නේ...

    එකෙක් සත්තු මරනවා අනිකා වෙනුවෙන් දෙන්නම සෙට් වෙලා කනවා ~ දෙන්නටම පව් , පව බෙදිල යන්නේ නැහැ

    එකෙක් සත්තු මරනවා අනිකා විතරක් කනවා ~ දෙන්නටම පව් , පව බෙදිල යන්නේ නැහැ

    එකෙක් සත්තු මරනවා අනිකට කන්න, ඌට බඩ අවුල් නිසා කන්න බෑ එපා කියනවා ~ මරපු එකාට පව්

    P.S ~ මගෙ නම් හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස් නෑ.. මම මස් කනවා (except beef & pork) ඒක පව්...
     
    :yes::yes::yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හරි මම මස් කන ප්‍රජාවෙ කියමුකො . මට බඩේ අමාරුවක් හැදිලා දවස් දෙකක් විතර මස් නොකා ඉන්න්වා. හැබයි මම මස් නොකෑවත් මට පව් පිරෙන්න ඔනේ ඇයි මස් කන ප්‍රජාවටමනෙ සත්තු මරන්නේ. මම දවස් දෙකක් කෑවෙ නෑ කියල මස් කඩ කාරය එක කුකුලෙක් වත් අඩුවෙන් මැරුවෙ නෑනෙ.
    නිකම් විහිලු කතා මල්ලි මේව දේවදත්ත නිකාය කියන්නේ ඔය වගෙ කටිටියට.

    ඔයා හැම වෙලාවෙම මම කියන එකේ පොඩි කොටසක් අල්ලගෙන විතරක් දගලන්නෙ ඇයි...මුලින්ම කිව්ව අපිව අරමුනු කරගෙන මරන්නෙ නැති නිසා මස් කන එක හරියට එලවලු කනව වගෙම තමා කියලා..ඒක නිසා තමා මම පැහැදිලි කරල දුන්නෙ අපිව අරමුනු කරගෙන තමා උන්ව මරන්නෙ කියලා.ටිකක් ප්‍රායොගිකව හිතන්න ඔයා බෞද්දයෙක් විදිහට දන්නව තමන් නොකරපු දෙයකට පව් පිරෙන්නෙ නෑ කියල...මේක දිගු දාමයක්....ඒ මස් ඔයා කනවනම් විතරයි ඔය ඒ දාමයට සහභාගි වෙන්නෙ.අනික මම මේ හිතන් ඉන්න විදිහ අනුව මම දේවදත්ත පරපුරට අයිති වෙනවනම් එහෙම උනයි...අනික මම ඔයා වගේ ඔය ගොන් තර්ක ඉදිරිපත් කරල මගෙ මනසට මස් කන එක පවක් නෙවෙ කියල මෝඩ චූන් එකක් ගන්න ජාතියෙ නෙවෙයි...කොහොමත් මම මීට වඩා ඔයත් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ..වැඩක් නැතිව මේ වගේ ගොන් ආතල් ගන්න එකේ තේරුමක් නෑ...ආ තව දෙයක් අර මම කලිනුත් කිව්ව මහ රහතුන් වැඩි මග ඔස්සෙ කියන ලිපි ටික හොයාගෙන කියවන්න ඔයාට තේරෙයි නියම බුදුදහම ඔයාල හිතනවට වඩා හුගක් ගැබුරු බව......
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සත්ත්ව මාංශ අවශ්‍යමද?

    පූජ්‍ය නාලන්දේ විමලවංශ නාහිමි
    බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති

    මිනිස්‌ ආහාර සඳහා දිනපතා මරනු ලබන සතුන්ගේ සංඛ්‍යාව අති විශාලය. සත්ත්ව ආහාර මිනිසුන්ගේ ආහාරයක්‌ නොවුව ද ඒ සඳහා සතුන් ඝාතනය කරනු ලබන්නේ ඉතා අමානුෂික අයුරිනි. මංගල උත්සව, සත්ත්ව බිලි පූජා, වෙනත් උත්සව, මාංශ ලෝලිත්වය වැනි කරුණු උදෙසා සතුන් ඝාතනය කරන අතර එම ඝාතන සඳහා ද විවිධ උපක්‍රමයන් අනුගමනය කරති. ගෙල සිඳීමෙන්, වෙඩි තැබීමෙන්, පහර දීමෙන්, උගුල් වලට හසු කිරීමෙන්, විදුලි සැර වැද්ද වීමෙන්, බිලි කටු, දැල් ආදිය දැමීමෙන් විවිධ වධ හිංසා පැමිණ වීමෙන් සතුන් ඝාතනය කරති. මෙලෙස සතුන් ඝාතනය කරනු ලබන්නේ සත්ත්ව මාංශ ලෝලිත්වය නිසාමය. තමන් විසින් ඝාතනය කර, එසේ නැතහොත් වෙනත් අය යොදා, එසේත් නැතහොත් මස්‌ කඩවලින් මිලදී ගෙන මාංශ භක්‍ෂණය කරති.

    අප සතුන් මරන්නේ නැත. විකිණීමට ඇති තැනකින් මස්‌ ගෙනවිත් අනුභව කරන්නෙමු. එබැවින් අපට පාපයක්‌ සිදු නොවේ ආදී වශයෙන් පවසමින් ඇතැම් දෙනා මස්‌ අනුභවය නීත්‍යනුකූල බවටත්, ආගම දහමට එකඟ බවටත් සාධක දැක්‌වීමට උත්සාහ කරති. ඇතැමුන් පවසන්නේ බුදුරජාණන් වහන්සේ ද මාංශ ආහාර වැළ» බවයි. බුදු හිමියන්ට අවසන් දානය පිළිගැන්වූ 'චුන්ද' නම් තැනැත්තා උන් වහන්සේට ඌරු මස්‌ පිළිගැන්වූ බවත්, එම ආහාරය වැළ» උන් වහන්සේට අතීසාරය වැළඳීමෙන් රෝගාතුර වූ බවත් ප්‍රකාශ කරමින් තමන්ගේ මාංස ලෝලිත්වය සාධාරණීකරණය කිරීමට යත්න දරති. 'සූකර මද්දව' ආහාරය ඌරු මාංශ වශයෙන් වරදවා තේරුම් ගැනීම මෙහිදී සිදුව ඇති බව පෙනෙයි. සූකර මද්දවය යනු ඌරන්ගේ මස්‌ වශයෙන් පිළි ගැනීමට ඉක්‌මන් විය යුතු නැත. සූකර මද්දව පිළිබඳ කාලාන්තරයක්‌ තිස්‌සේ විවාද කරමින් සිටින්නෙමු. මස්‌ බුදීමට ලොල් බව දක්‌වන බොහෝ දෙනා පවසන්නේ සූකර මද්දව යනු ඌරු මස්‌ බවයි.

    සූකර මද්දව යනු ඌරු මස්‌ බව පවසන සියලු දෙනාම තම තමන්ගේ මාංශ ලෝලිත්වය බුදු හිමියන් පවා අනුමත කර ඇති බව පවසමින් සෑහීමට පත්වෙති. ඒ අනුව මෙම මතය මාංශ ලෝලීන් සහ නිර්මාංශ ලෝලීන් අතර පවතින මතවාදයක්‌ බවට පත්ව ඇති බව පෙනෙයි. සූකර මද්දව යනු ඌරු බිම්මල් නොහොත් ඌරු හතු විශේෂයකි. මෙම ඌරු බිම්මල් නොහොත් ඌරු හතු එදා මෙන්ම අදත් ආසියාතික රටවල ඉතා ජනප්‍රිය ආහාරයකි. විශේෂයෙන් ඉන්දියාව, මියන්මාරය, චීනය, තායිලන්තය වැනි රටවල සංචාරය කිරීමෙන් ලැබූ අත්දැකීම් අනුව එකරුණ ස්‌ථිරවම පැවැසිය හැකිය. එම රටවල මිනිසුන්ගේ ආහාරය සඳහා බිම්මල් නොහොත් හතු අනිවාර්ය බවට පත්ව ඇත. අද මෙන්ම එදත් එය එසේම විය. චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට පූජා කළේ ඌරු මස්‌ වශයෙන් වරදවා තේරුම් ගෙන ඇති බව පෙනෙයි. බිම්මල් වර්ග ඇතැම් දෙනාට අපත්‍ය වන බව කව්රුත් දන්නා කරුණකි. ඒ අනුව බුදු හිමියන්ට ද සූකර මද්දවය අපත්‍යය වූවාට සැකයක්‌ නැත. එය කෙසේ වුවද බුදු හිමියන් සත්ත්ව මාංශ අනුභවය පිළිබඳ භික්‍ෂුන් වහන්සේලාට පනවා තිබෙන විනය නීති පිළිබඳ සලකා බැලීම මගින් නිශ්චිත තීරණයකට එළඹිය හැකිය.

    න භික්‌ඛවේ ජනං උද්දිස්‌සකතං මංසං පරිභූඤ්ජිතබ්බං යෝ පරිභූඤ්ජෙය්‍ය

    ආපත්ති දුක්‌කටස්‌ස. අනුජානාමි භික්‌ඛවේ ත්‍රිකෝටි පරිසුද්ධං මච්ඡමංස අදිට්‌ඨං -

    අසුතං අපරිසංකිතං (මහාවග්ගය) මහණෙනි, තමන් උදෙසා කළ මාංශය නොවැළඳිය යුතුය. යමෙක්‌ වැළඳුවේ නම් දුකුලා ඇවැත් සිදු වේ. භික්‍ෂූන් උදෙසා මරනු නොදුටු, භික්‍ෂුන් උදෙසා මරන ලදැ'යි නොඇසූ, භික්‍ෂූන් උදෙසා මරන ලදැ'යි සැකයක්‌ නැත්තාවූ 'ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ' අනුදනිමි' යනු ඉහත සඳහන් පාඨයෙහි අර්ථය යයි.

    මෙයින් පැහැදිලි වන්නේ බුදු රජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ සඳහා ත්‍රිකෝටික පරිශුද්ධ මාංශ පමණක්‌ අනුදැන වදාළ බවයි. එයින් පැවසෙන අදහස නම්, කරුණු තුනකින් පිරිසිදු වූ මාංශයයි. එම කරුණු තුන නම් නොදැකීම, නොඇසීම, සැකයක්‌ පහළ නොවීම යන කරුණු තුනයි. නොදැකීම යන්නෙන් අදහස්‌ කරන්නේ මිනිසුන් විසින් භික්‍ෂූන් වහන්සේට පිළිගැන්වීම සඳහා සතුන් ඝාතනය කිරීම නොදැකීමයි. නොඇසීම නම් භික්‍ෂූන් උදෙසා සතුන් මරන ලදැ'යි නොඇසීමයි. සැක පහළ වීම විවිධ ආකාරයෙන් සිදු වේ. මිනිසුන් විසින් සතුන් මරනු සඳහා වුවමනා කරන අවි ආයුධ ආදිය ගෙන යනු දුටුවේ නම්, එසේම එම ප්‍රදේශයට වැඩම කළ පසු මාංශ ආහාරය දානය සඳහා ලැබුනේ නම් ආයුධ රැගෙන ගියේ සතුන් මැරීම සඳහාය'යි සැකයක්‌ ඇති වෙයි. එසේ සතුන් මරා පිළියෙල කළ ආහාරයක්‌ බවට සැකයක්‌ ඇති වුණි නම් එම මාංශ ආහාර පිළිගැනීම අකැපය.

    විවිධ සමාගම් මගින් මාංශ විකිණීම සඳහා සතුන් මරති. එම මාංශ සීත ගබඩාවල තබා රට පුරා අලෙවි කරති. එවැනි මාංශ ආහාරයට ගැනීමෙහි වරදක්‌ නොවන බව ඇතැම්හු පවසති. තර්ක කරති. කිසියම් සමාගමක්‌ හෝ ව්‍යාපාරිකයෙක්‌ සත්ත්ව මාංශ නිෂ්පාදන අලෙවි කරන්නේ රටෙහි තෝරා ගත් පිරිසක්‌ ඉලක්‌ක කරගෙන නොවේ. සියලු පුරවැසියන් ඉලක්‌ක කර ගෙනය. සියලු දෙනා උදෙසාය. භික්‍ෂූන් වහන්සේ ද රටෙහි පුරවැසියෝ වෙති. එබැවින් එම තර්කයට අනුව අලෙවියට තබා ඇති කිසිම මාංශ වර්ගයක්‌ පිළිගැනීම, වැළඳීම, කැප නොවන බව පැහැදිලිය.

    කිසියම් දායකයකු මාංශ ආහාර පිළිගන්වන්නේ නම් ඒවා නොපිළිගැනීම වඩාත් සුදුසු වෙයි. එසේ පිළි නොගැනීමට හේතු විමසුවහොත්, එම කාරණය පැහැදිලි කර දිය යුතුය. පෙර දිනයේ මිනිසුන් විසින් සත්ත්ව ඝාතනය සිදුකරන ලද ගමකට පිණ්‌ඩපාතයේ වැඩිය පසුව, දානය සඳහා මාංශය ලැබුණේ නම් ඒවා තමන් උදෙසා මරන ලද සත්ත්වයන්ගේ මස්‌ය' යි සැකයක්‌ ඇති වෙයි. එසේ සැකයක්‌ ඇති වන නිසා එම මාංශ ආහාර වැළඳීම අකැප ය. එබැවින් ඒවා නොපිළිගත යුතුය. සතුන් මරන, මරවන පුද්ගලයකු මාංශ සහිත දානයක්‌ පිළිගැන්වුවහොත් සැකයක්‌ ඇති විය හැකිය. ඇතැම් විට එම සත්ත්ව ඝාතනය සිදුකර ඇත්තේ දානය දීම සඳහාම විය හැකිය. එවැනි සැකයකින් ඒවා පිළි නොගත යුතුය. දායකයාගේ සිත රිදේය'යි සිතා පිළිගත්තද ඒවා නොවැළඳිය යුතුය.

    පංචසුහි සහ ධම්මිකේසු යස්‌සවා තස්‌සවා අර්ථාය උද්දිස්‌සතං සබ්බේසං න කප්පති භික්‍ෂු භික්‍ෂුණී සාමණේරී සාමණේර ශික්‍ෂමානා' යනුවෙන් සඳහන් පරිදි භික්‍ෂු භික්‍ෂුණී සාමණේරී සාමණේර ශික්‍ෂමාණවක යන පස්‌ දෙනා අතුරෙන් කවරකු හෝ උදෙසා මරන ලද මාංශ සියලු දෙනාටම කැප නොවේ. එක්‌ විහාරයක භික්‍ෂූන් උදෙසා මරන ලද සතුන්ගේ මාංශ වෙනත් විහාරයකට දුන්න ද එම විහාරයේ භික්‍ෂූන්ට ද ඒවා කැප නොවේ.

    මිනී මස්‌ වැළඳුවහොත් ථුලැසි ඇවිත් සිදුවේ. මිනිස්‌, ඇත්, අස්‌, ගව, සුනඛ, සර්ප, සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්‌, තරස්‌ යන මස්‌ වර්ග අකැප ය. ලෝකයේ ඇතැම් රට වල එම මස්‌ වර්ග අනුභව කරතත් ලංකාවේ ඒවා ආහාරයට නොගන්නා බැවින් ගැටලුවක්‌ නොවනු ඇත. කුමන මස්‌ ද කියා විමසිය යුතුය. එසේ නොවිචාරා වැළඳුවහොත් දුක්‌ඛටාපත්ති සිදුවේ. අකැප මාංශයක්‌ නම් ඒවා ඉවත් කළ යුතුය. මිනිස්‌ තෙල් හැර අනෙක්‌ මාංශ අකැප සතුන්ගේ තෙල් අකැප නොවේ. මස්‌ අකැප සත්ත්වයන්ගේ ලේ, සම්, ඇට, ලොම් ආදිය ද අකැප බැවින් බෙහෙතකට වුව ද ඒවා වැළඳීම කැප නැත.

    මාංශ ආහාර ගැනීම පිළිබඳ බුද්ධ ප්‍රඥප්තිය ඉතා ලුහුඬින් දක්‌වන ලදී. මාංශ භක්‍ෂණය භික්‍ෂූන්ට හෝ බෞද්ධ පිංවතුන්ට කොතෙක්‌ දුරට සුදුසුද කියා විමසීමද වටියි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාළ මෛත්‍රී සංකල්පයට හසු නොවන කිසියම් ප්‍රාණියකු මෙම සක්‌වල තුළ හෝ පිටසක්‌වල සිටිය නොහැක. අප නිතර කියන, නිතර අසන 'කරණීය මෙත්ත' සූත්‍රය ගෙන බැලීමේ දී ඒ බව මැනවින් පසක්‌ වෙයි. එවන් මෛත්‍රී චින්තනයක්‌ ඉදිරිපත් කළ බුදු රජාණන් වහන්සේ මාංශ ලෝලීන් පිළිබඳව ද අනුකම්පා සහගතව සිතුවා විය හැකිය. එසේම විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බුදුරදුන් මාංශ භක්‍ෂණය අනුමත කර තිබෙන බව පෙන්වීමට උත්සාහ කරනවාට වඩා, උන්වහන්සේ ඉගැන්වූ මෛත්‍රී චින්තනය ගැන හිත යොමු කිරීම වඩාත් සුදුසු ය. සියලු සත්ත්වයන්ට මෛත්‍රීය කළ යුතු බව දේශනා කළ බුදුරජාණන් වහන්සේ, තෝරා ගත් සතුන් කිහිප වර්ගයකට පමණක්‌ හැර, අන් සතුන්ගේ මස්‌ අනුභව කිරීම සුදුසු බව දේශනා කරන්නේ නැත. මෛත්‍රිය වැඩීමෙන් ලැබිය හැකි ආනිසංස එකොළහක්‌ 'තේතානිසංස්‌ සූත්‍රයේ පෙන්වා ඇත.

    යම් කිසි පුද්ගලයකු තුන් වේල බත් සැලි සියයක්‌ දෙනවාට වඩා ගව දෙනකගේ තනපුඩුවකින් කිරි බිඳක්‌ දොවන කාලයක්‌ වුව ද මෛත්‍රී වැඩීමෙන් ලැබෙන ආනිසංස වැඩි බව දේශනා කළහ. (සංයුක්‌ත නිකාය) යම් භික්‍ෂුවක්‌ අසුරු සැණක්‌ වුව ද මෛත්‍රී භාවනා කරයි නම් හෙතෙම දායකයන්ගේ සිව්පසයට ණය කරුවකු නොවේ. (අංගුත්තර නිකාය ප්‍රභාෂ්වර වග්ගය) මත්තෙහි සැප විපාක ලබා දෙන පිංකම් මෛත්‍රී චිත්ත විමුක්‌තියෙන් සොළොස්‌වන කලාවකුදු නොවටියි. (ඛුද්දක නිකාය - ෙච්තෝවිමුක්‌ති සූත්‍රය) මෙසේ මෛත්‍රී චින්තනයේ ආනිසංස දේශනා කළ බුදු රජාණන් වහන්සේ සත්ත්ව මාංශ අනුභවය සුදුසුය'යි දේශනා කරන්නේ නැත. එහෙත් පුදුමය නම් ඇතැම් ආචාර්ය මහාචාර්ය භික්‍ෂූන් වහන්සේලා පවා බුදු හිමියන් මාංශ භක්‍ෂණය අනුමත කළ බවට කෙස්‌ පැලෙන තර්ක ඉදිරිපත් කිරීමයි. එසේ නම් මෛත්‍රිය කිරීමෙහි අදහස කුමක්‌ ද කියා ඔවුහු නොපවසති.
    භික්‍ෂූන්ට හෝ බෞද්ධ වූ කිසිවකුට සත්ත්ව මාංශ අනුභව කිරීමට නොහැකි බව ඉහත කරුණු ගැන සිතන විට පෙනෙයි. මස්‌ අනුභවය සත්ත්ව ඝාතනයට අනුබල දීමකි. පාරිභෝගික අවශ්‍යතාව අනුව නිෂ්පාදනය කිරීම ආර්ථික න්‍යායයි. පාරිභෝගිකයන් වැඩියෙන් ඉල්ලන විට වැඩියෙන් සත්ත්ව ඝාතනය කරන්නේ අවශ්‍ය ප්‍රමාණය සපිරීම සඳහාය. ඇතැම් ගිහි පැවිදි උදවිය තමන් මාංශ අනුභව නොකරන බවට පුරසාරම් කියති.

    සත්ත්ව මාංශ...එසේ වුව ද තම පන්සලේ නිවසේ ඇති කරන සුරතල් සතුන් සඳහා මාංශ ලබා ගනිති. ඉහත න්‍යාය අනුව එසේ කිරීම ද සුදුසු නොවන බව පෙනෙයි. තමන් උදෙසා හෝ අනුන් උදෙසා සත්ත්ව මාංශ ලබා ගැනීමට කරුණා ශාසනය තුළ ඉඩ ප්‍රස්‌ථාවක්‌ නැත.

    සත්ත්ව මාංශ අනුභව කිරීම පිළිබඳ නූතන වෛද්‍ය මතය ද විමසා බැලීම සුදුසු වෙයි. අද ලොව තුළ බියකරු අන්දමින් පැතිර පවත්නා පිළිකා රෝගය වැළඳීමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ මස්‌ පරිභෝජනයයි. ඇමරිකා එක්‌සත් ජනපදයේ ජාතික පිළිකා ආයතනය ඒ බව පෙන්වා ඇත. ඇමරිකාවේ පිළිකා රෝගයෙන් මිය යන අයගෙන් සියයට හතළිහක්‌ මාංශ අනුභව කරන්නන් බව සොයාගෙන ඇත. එසේම පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ යුරෝපාකරයේ කාන්තාවෝ වෙති. ආසියාතික කාන්තාවෝ එයට ගොදුරු වීමේ අඩු ප්‍රවනතාවක්‌ දක්‌වති. එයට හේතු කිහිපයක්‌ ඇත. එනම්,

    1. නිර්මාංශ ආහාර ගන්නා කාන්තාවන්ගේ සිරුර තුළ පිළිකා ජනක 'ඊස්‌ටජන්' අඩුවෙන් පවතියි.

    2. මාංශ ආහාර ගන්නා කාන්තාවන්ගේ මාසික ඔසප් වීමේ කාල පරාසය කෙටි වේ. එය පිළිකා සෑදීමට හේතු කාරක විය හැකිය.

    3. සෝයා වැනි ආහාර 'ඊස්‌ටජන්' ක්‍රියාකාරීත්වය අවහිර කරයි. එවැනි ආහාර වල පිළිකා මර්දනය කරන 'අයිසොප්ලේවොන්ස්‌' නම් රසායනික ද්‍රව්‍ය අඩංගු වෙයි.

    ආසියාතික කාන්තාවන් වැඩි වශයෙන් නිර්මාංශ ආහාර ගනිති. ඉහත දැක්‌වූ කරුණු අනුව ඔවුන් පිළිකා උවදුරට ගොදුරු නොවීමේ ප්‍රවනතාවක්‌ දක්‌වන බව වෛද්‍ය ඩී. පී. අතුකෝරාල මහතා පවසයි. ඉන්දියාවේ 'හරියානා' ප්‍රාන්තයේ දී කරන ලද පරීක්‍ෂණයකට අනුව, 'කැරොටීන්', විටමින් සී, කැල්සියම්, කෙඳි සහිත එළවළු, පළා වර්ග, ගැනීමෙන් පිළිකා වැළඳීම වළක්‌වන බව සොයාගෙන ඇත. ඒ අනුව මාංශ ආහාර සහ පියයුරු පිළිකා අතර දැඩි සබඳතාවක්‌ තිබෙන බව පෙනෙයි.

    අන්ත්‍ර වල පිළිකාවලට ගොදුරුවන්නන් අතර, මාංශ අනුභව කරන අය වැඩියෙන් සිටින බව සොයාගෙන ඇත. නිර්මාංශ ගන්නා අයගේ අන්ත්‍රවල ශෛල ක්‍රියාකාරිත්වය මන්දගාමී බවක්‌ පෙන්වයි. මාංශ ආහාර ගන්නා අයගේ අන්ත්‍රවල ශෛල ක්‍රියාකාරීත්වය වැඩි නිසා පිළිකා සෑදීමේ අවදානම ද වැඩි වෙයි. මාංශ ආහාර ගන්නා අයගේ ද්වීතියික පිත්ත අම්ලය ද වැඩිවෙයි. අහිතකර නොවන පිත්ත අම්ලය පිළිකා ජනක බවට පත්කරන බැක්‌ටීරියා ප්‍රමාණය නිර්මාංශ ආහාරවල බෙහෙවින් අඩුය. එසේම නිර්මාංශ ආහාර වල තිබෙන 'පොලිතෝල්ස්‌' නම් ද්‍රව්‍යය ආහාර මාර්ගයේ සහ ආමාශයේ පිළිකා වළක්‌වයි. මස්‌වල පිළිකාජනක 'තයිට්‍රොසැමයින්ස්‌' අඩංගු වේ. ඇමරිකාවේ 'සෙවන්ඩේ ඇඩ්වෙන්ට්‌ස්‌' නම් ක්‍රිස්‌තියානි නිකායේ අය පිළිකා රෝගයට ගොදුරු වීම අඩුවී ඇත්තේ ඔවුන් නිර්මාංශ ආහාර ගන්නා නිසා බව සොයාගෙන ඇත. ජපානයේ කරන ලද පරීක්‍ෂණයකට අනුව, මාංශ ආහාර ගනිමින් දුම්පානය කරන උදවිය පෙනහලු පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන බව සොයාගෙන ඇත. මේදය අධික සත්ත්ව මාංශ ආහාරයට ගන්නා උදවිය අණ්‌ඩකෝෂයේ පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වෙති. එළවළු, පලතුරු, පළා වර්ග, ධාන්‍ය ආහාරයට ගන්නා අය අග්න්‍යාශයේ පිළිකාවලට ගොදුරු නොවන බව සොයාගෙන ඇත. මෙම කරුණු ගැන අවධානය කරන යුරෝපයේ සහ ඔස්‌ටේ්‍රලියාවේ ජනතාව 'ග්‍රීන්බුද්ධා' වැනි නිර්මාංශභෝජී සංවිධාන පිහිටුවා ගෙන මස්‌ මාංශවලින් වැළකී ආහාර රටාව සකස්‌ කර ගන්නා අයුරු දැකිය හැක. මාංශ ආහාර ගන්නා මිනිසුන්ගේ සිරුරෙන් දැඩි දුර්ගන්ධයක්‌ හමන බව බොහෝ දෙනා පවසති.

    සත්ත්ව ලෝකයේ මාංශ ආහාර ගන්නේ දරුණු ගණයේ සත්ත්වයන් ය. ඒ අනුව වැඩි වශයෙන් මාංශ ආහාර ගන්නා මිනිසුන් ද දරුණු බවට පත් වෙති. ඔවුනොවුන් ඇන කොටා ගනිමින් විවිධ කල කෝලාහලවලට යොමුවී සිටින්නේ මාංශ භක්‍ෂණය කරන මිනිසුන් බව පෙනෙයි. එය අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිදු වන්නකි. ප්‍රොaටීන් ලැබෙන්නේ සත්ත්ව මාංශවලින් පමණක්‌ නොවේ. අපේ පැරණි මුතුන් මිත්තන් මේ බව මැනවින් වටහාගෙන සිටි නිසා ඔවුන්ගේ ආහාර වේලට වැඩි වශයෙන් ධාන්‍ය, එළවළු, පළා වර්ග, අල වර්ග, පලතුරු එක්‌ කර ගත්හ. පෝෂණ ගුණ සපිරි සමබල ආහාර වේලක්‌ නීරෝගි ශක්‌ති සම්පන්න ජීවිතයක්‌ පවත්වා ගැනීමට අවශ්‍ය වේ. අතීත සිංහලයා විවිධ දස්‌කම් විස්‌කම් කළේ එවැනි නිවැරැදි ආහාර රටාවක්‌ අනුගමනය කිරීමෙන් මිස මාංශ භක්‍ෂණය කිරීමෙන් නොවේ. ඔලිම්පික්‌ පදක්‌කම් ලාභී 'සුසන්තිකා ජයසිංහ' මහත්මිය මෑතකදී රූපවාහිනි වැඩ සටහනකදී කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවට එවැනි කීර්තියක්‌ ලබා දුන්නත් කිසි දිනෙක මාංශ ආහාරයට නොගන්නා බවයි.

    අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොaල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි. මාංශ අනුභව නොකිරීම අපේ ආගම දහමට එකඟ වන අතර, ශරීර සෞඛ්‍යය පවත්වාගෙන යැමට ද එය හේතු කාරක වෙයි. එම නිසා සිතට කයට පමණක්‌ නොව, පිරිවැයට ද සරිලන නිර්මාංශ ආහාර පමණක්‌ ගැනීම ගිහි පැවිදි අප කාටත් සුදුසු

    උපුටා ගැනීම දිවයින
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ වගේ බුල් කතාවක් ඇහුවමයි. තිකොටික පාරිශුද්ධ නොවන මස් කෑම භික්ශුවකට ඇවැතක් නැත්නම් විනය නීතියක් කැඩීමක් ඒ කියන්නෙ සීලය නැත්නම් අහවල් කෙන්ගෙඩියද?

    අනේ මහත්තයො ඔයා වලිගෙ පාගගෙන නෙමෙයි අග මුල මාරු වෙලා. ඔන්න ඔයාම කියනවා පින්ඩ පාතික නිසා නිර්මාන්ශික විය යුතුයි කියල සිල් පදයක් පැනවෙව්වෙ නෑ කියල. හරිද දැන් ඔයා උඩ එහෙම කිව්වනේ.කලින් ඔය කට්ටිය කිව්වෙ මොනවද "එහෙම කාටවත් කන්න කියල නෑ මස් කෑමමයි ප්‍රානඝාතය "කියපු අය දැන් පීල්ල මාරු කරනවා, දැන් කියනව හාමුදුරුවරු කෑවට කමක් නැතෙයි ගිහියො කන එක පව් කියල. අන්යාගමිකයො හිනස්සන්න එපා .
    සත්ව ගාතන නවත්වන්න ඔනෙනම් බොරුව ඉස්සරහට දාගන්නෙ නැතුව ඒක කරමු සත්ව හින්සාව නවත්තන්න නැතුව ධර්මය විකුර්ති කරන්න එපා.

    මචන් ලොක්ක , එදත් කිව්වා අදත් කියන්නේ මාංශ අනුභවය ප්‍රාණඝාතයට අනුබලදීමක් තමයි. එකෙන් පවක් සිද්දවෙනවාමයි. හැබැයි අපි දෙන දානේ වළඳන භික්ෂුන් වහන්සේලාට නෙවෙයි, ගිහි අපිට. මේ සරල සත්‍ය දේ තේරුම්ගන්න තරම් ලොක්කගේ මොලේ මෝරලා නැහැ. මෝරන එකකුත් නැහැ. මොකද හෙතුපලවාදය තේරුම්ගන්න නුවන තියෙන්න ඕන.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හරියටම හරි සහෝදරයා ,මේ thread එකේම එකෙක් දාලා තිබ්බා එහෙනන් බුදුන් කොකා කොලා බොන එක ගැනත් කියලා නෑනේ කියලා ,ඒවගේ හලාල් බවුද්දයන් ඉන්නකන් ,මේවා තේරුම් ගන්න බෑ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නිකම් පදනමක් නැති බහුබූත කියල තමන්ගේ සීලබ්බත පරාමාසය වඩවලා, ගොජදම්මවලා සතුටක් ලබන මෝහයෙන් අන්ධවූවන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    කුංකුනාවේ හාමුදුරුවෝ භික්ශුන් 100ක් සමඟ දානයකට වැඩියා. බිත්තරත් දානයට තිබුනා. හැම භික්ශුවක්ම බිත්තර ප්‍රතික්ශේප කලාලු. අන්තිමට හිටියේ කුංකුනාවේ හාමුදුරුවෝ.
    හාමුදුරුවෝ ඇසුවා " අප සඳහාම කීයක් පිලියෙල කලාද?"

    " එකයි හාමුදුරුවනේ"

    "ආ එහෙනම් ඒ එක හැර ඉතිරි අනූනවය මගේ පාත්තරයට බෙදන්න."

    බුදු හාමුදුරුවෝ බියසුල්ලෙක් නෙවෙයි අවශ්‍ය නම් මච්ඡ-මාංශ වලට ශික්ෂා පදයක් පනවන්න. මෙවා තලේබාන්-බෞද්ධයන්ගේ මනස්ගාත. බුද්ධාගමේ තියෙන මැදහත් බවත් කන්න ආපු ගොන්-වහන්සේලයි, නොදන්න විද්‍යාව දසන්න ගිහින් වරිගේ නහගන්න බුඃ ආගමේ බුඃ වහන්සේලයි කරුණාකරල ගිහින් සමස්ත බුද්ධාගමේ මොකද්ද කියන්නේ කියන එක වටහාගන එන්ඩ.