1. බුදුරජාණන් වහන්සේ දුෂ්කරකියා කරලා, එ්ක හරියන්නෑ කියලා තේරැම්අරගෙන තමන් කුඩාකල වප් මගුල් දිනයකදී වඩපු ආනාපානසති භාවනාව මතක් වෙලා එ්ක වඩලා බුද්ධත්වය ලැබුවා කියලා දහම්පාසල් කාලේ ඉගැන්නුවා. ආනාපානසතිය සමථ භාවනාවක් නම් ඒක වඩලා බුදුවුණේ කොහොමද?
ආනාපානාසතිය සමථ භාවනාවක් වගේම විදර්ශනා භාවනාවක් විදිහටත් වඩන්ඩ පුලුහන්...මෙහෙම හිතමුකෝ වැටෙන හුස්ම හැමදාම හැමවෙලේම එක විදිහට වැටෙන්නෙ නෑනෙ..වෙනස් වෙනවනෙ, ඒක සිහිකරල අනිත්‍ය මෙනෙහි කරන්ඩ පුලුහන්...මේ විදිහ දුක්ඛ ,අනාත්ම වලටත් ගිහෑකි..එතන විදර්ශනාවක් වැඩෙනවනෙ එතකොට..
2. අපි ගෙෘතම බුදුරජාණන් වහන්සේ පිට දුන් බෝ ගහට පුද පූජා කරනවානම් ඇයි අනෙක් බුදුවරැ පිටදුන් ගස්වලට පූජා නොකරන්නේ, නොකපා ඉන්නේ නැත්තේ?
එහෙම බැලුවොත් අනන්ත කල්ප ගාණක බුදුවරු පිට නොදීපු ගහක් ,බෝධියක් නොවෙන ගහක් නැතුව ඇති...එහෙම පූජා පවත්වන්ඩ ගියොත් බෝධියක් විදිහට සලකන්ඩ ගියොත් ගහක කොළයක්වත් කඩාගන්ඩ බැරිවෙනව...ඒක හන්දයි ගෞතම බුදුන් බුදු වුණ ඇසතු ගහට විතරක් අපි පුද පූජා කරන්නෙ..
3. හැමදේම අනිත්‍ය නම්,'අනිත්‍ය' අනිත්‍ය නැද්ද?
අනිත්‍ය නොවෙන එකම දේ තමා අනිත්‍ය කියන්නෙ
4. මේ ලොකේ ගොඩක් ආගම්/දර්ශන තියනවා. ඉතින් ඒ ඒ ආගම් වලට අදාලව මොකක් හරි පරම මෙව්වා එකක් තියෙනවා. උදා. විදිහට බෙෘද්ධ නම් නිර්වාණය, කිස්තියානි අයගේ ස්වර්ගය (වැරදි නම් නිවැරදි කරන්න) , ඉතින් බෙෘද්ධ අපි හිතනවා මේ සසර අවුල් ඒකෙන් ගැලවෙන්න නිර්වාණය ලබන්න ඕනි කියලා. එතකොට මේ අනිත් ආගම් ඔක්කොම බොරැද? නිකන් හිතන්න බෞද්ධ අයගේ පතිශතය ලෝක ජනහයනයෙන් කීයද කියලා, ඒකෙත් ථේරවාදී අය පතිශතය ගත්තොත් තවත් අඩුයි.
ඉතින් අපේ ආගම හරි, අනිත් අය වැරදී කියල කල්පිතයක් ගත්තොත් කෙනෙක් ථේරවාදී බෞද්ධයෙක් ව ඉපදීමේ සම්භාවිතාව පට්ට අඩුයි. ඉතින් අපි එච්චර එහෙම ඉපදිච්ච කට්ටියක්. ඉතින් එමෙනම් අපේ කට්ටිය කරන්න ඕනි ලෞකික ජීවිතේ කෙහෙල්මල් ඔක්කොම අතඇරලා දාලා මේ දැන් ඉදන් නිවන් දකින්න හදන එක. මොකද අපි හෙන අහඹු සෙට් එකක් මෙහෙම ඉදියට.
කෙනෙක් බෞද්ධයෙක් වෙන්නෙ උපතට වඩා හිතින්, තෙරුවන් අවබෝදෙන් සරණ ගිහාමයි ඒක වෙන්නෙ...ඉපදෙන පොඩි ළමයෙක් බෞද්ධයෙක් වෙන්නෙ උප්පැන්නෙන්නෙ..