බුදු දහම පිලිබඳව ගැටලුවක්!

paan bagayak

Member
Feb 24, 2016
24
2
0
බුදු දහම පිලිබඳව ගැටලුවක්!

මන් හිතනවා අපේ යාලුවන්ගෙන් මට පැහැදිලි පිලිතුරක් ලැබේවි කියලා. (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මන් හිතනවා අපේ යාලුවන්ගෙන් මට පැහැදිලි පිලිතුරක් ලැබේවි කියලා. (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

    මගේ දැනුමට අනුව මම උත්තර දෙන්නම්.
    1.බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය.මේ දර්මය කාලයක් කට වචනෙන් තමයි පැවතගෙන ආවේ.රටේ පැවතිච්ච යම් යම් තත්වයන් එක්ක දර්මය කටවචනයෙන් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උදාඋනා.ඒ කාලයේදී තමයි බුදුදහම පොත්වල ලිවුවේ.

    2.ත්‍රිපිටකය කියලා වෙනම බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ.මිනිස්සුන්ගේ භාවිතයේ පහසුව පිණිස තමයි කොටස් තුනකට වෙන්කලේ.හාමුදුරුවට අදාල වන නීතිරීති විනය පිටකය ලෙසත්,සූත්‍ර දේශනාවන් සූත්‍ර පිටකය ලෙසත්,සිතෙහි ස්වාභාවය ගැන තියෙන කොටස් අභිදර්මය ලෙසත් වෙන් කරලා තියෙනවා.

    3.ඔවු.මට මතක විදියට කුරු රට, කුරු වැසියන් සම්බන්ද සිදුවීමකදී තමයි පන්චසීලය ගැන දේශනා කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: DaFuq

    Thanks machan. mata buddagame samahara karunu gana saka mathu una. ewa ehema wenna baha kiyla. Ekai mehema prashnayak ahuwe.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මගේ දැනුමට අනුව මම උත්තර දෙන්නම්.
    1.බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය.මේ දර්මය කාලයක් කට වචනෙන් තමයි පැවතගෙන ආවේ.රටේ පැවතිච්ච යම් යම් තත්වයන් එක්ක දර්මය කටවචනයෙන් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උදාඋනා.ඒ කාලයේදී තමයි බුදුදහම පොත්වල ලිවුවේ.

    2.ත්‍රිපිටකය කියලා වෙනම බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ.මිනිස්සුන්ගේ භාවිතයේ පහසුව පිණිස තමයි කොටස් තුනකට වෙන්කලේ.හාමුදුරුවට අදාල වන නීතිරීති විනය පිටකය ලෙසත්,සූත්‍ර දේශනාවන් සූත්‍ර පිටකය ලෙසත්,සිතෙහි ස්වාභාවය ගැන තියෙන කොටස් අභිදර්මය ලෙසත් වෙන් කරලා තියෙනවා.

    3.ඔවු.මට මතක විදියට කුරු රට, කුරු වැසියන් සම්බන්ද සිදුවීමකදී තමයි පන්චසීලය ගැන දේශනා කරලා තියෙන්නේ.

    පංච සීලය එක සැරේ දේශනා කරපු එකක් නෙවෙයි, විනය කියන එක වුරුදු 20කින් දේශන කලේ
     
    paan bagayak

    Member
    Feb 24, 2016
    24
    2
    0
    Ada kale godak hamuduruwaru bana kiyanna giyaama eyalage adhasuth ekathu karala ehrmane bana kiyanne.(hamoma newei)

    Mata hithenawa api adahana agamat ae wage wenas karapu ekkda kiyala. :sorry:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මගේ දැනුමට අනුව මම උත්තර දෙන්නම්.
    1.බුදු දහම කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මය.මේ දර්මය කාලයක් කට වචනෙන් තමයි පැවතගෙන ආවේ.රටේ පැවතිච්ච යම් යම් තත්වයන් එක්ක දර්මය කටවචනයෙන් පවත්වාගෙන යන්න බැරි තත්වයක් උදාඋනා.ඒ කාලයේදී තමයි බුදුදහම පොත්වල ලිවුවේ.

    2.ත්‍රිපිටකය කියලා වෙනම බුදුහාමුදුරුවෝ දේශනා කරලා නෑ.මිනිස්සුන්ගේ භාවිතයේ පහසුව පිණිස තමයි කොටස් තුනකට වෙන්කලේ.හාමුදුරුවට අදාල වන නීතිරීති විනය පිටකය ලෙසත්,සූත්‍ර දේශනාවන් සූත්‍ර පිටකය ලෙසත්,සිතෙහි ස්වාභාවය ගැන තියෙන කොටස් අභිදර්මය ලෙසත් වෙන් කරලා තියෙනවා.

    3.ඔවු.මට මතක විදියට කුරු රට, කුරු වැසියන් සම්බන්ද සිදුවීමකදී තමයි පන්චසීලය ගැන දේශනා කරලා තියෙන්නේ.
    :yes::yes::yes::yes:
     
    hpalpola

    Well-known member
  • 1. බුදුරජාණන්වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදි දේශනා කරනවා තමන්ගෙන් පසුව ගුරු වෙන්නේ ධර්මය සහ විනය බව. ඒ වාගේම උන්වහන්සේම බුදු වීමෙන් පසුව තමන්ගේ ගුරු තනතුරේ තියා ගන්නේ ධර්මයයි. බුදුරජාණන්වහන්සේ දේශනා කල බැවින් ඒ දේශනාව බුද්ධ ධර්මය ලෙසින් අපි හඳුන්වනවා. බුදුරජාණන්වහන්සේගේ මරණයෙන් පස්සෙ මේ ධර්මය ප්‍රධාන වශයෙන් ධර්මය සහ විනයට බෙදා වෙන් කරන්නට රහතන් වහන්සේල‍ා කටයුතු කරනවා. එකී ධර්ම විනය තමයි වළගම්බා යුගයේ දී ග්‍රන්ථාරූඩ කරන්නේ. එතැන් පටන් ත්‍රිපිටකය ග්‍රන්ථ විදියට අපිට දකින්න ලැබෙනවා. හැබැයි ඊට පෙරත් බුද්ධ ධර්මයේ යම් කරුණු ලේඛනගතව තිබූ බවට සාක්ෂි තිබෙනවා. ඒ අනුව බැලුවම බෞද්ධයන්ට තිබෙන ප්‍රධානම ග්‍රන්ථ වෙන්නෙ ත්‍රිපිටකය තමයි. ඒ වගේම අංගුත්තර නිකායෙදි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ධර්මය දේශනා කරන්නාත් ධර්මය අසන්නාත් ඒ ක්‍රියාව හරියට කරන්නෙ අටුවාව දන්නවානම් කියලා. ඉතින් අටුවාවත් මේ නිසා බෞද්ධ ධර්මය ඇතුළත් ග්‍රන්ථ විදියට දකින්න පුළුවන්. නමුත් අද අපි දකින අටුවාවෙ තියෙන සමහරක් දේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව සමග නොගැලපෙන අවස්ථාත් දකින්න ලැබෙනවා.

    2. ත්‍රිපිටකය පෙර කිව් ආකාරයට රහතන් වහන්සේලා 500 ක් එක්ව කල දෙයක්. එ්ත් මේ ත්‍රිපිටකයේ ඇතුලත් වන්නේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව. නමුත් බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණයෙන් වර්ෂ 100 ක් ගෙවෙද්දි මේ ධර්මය විකෘති වන තත්ත්වයක් ඇති වුනා. එහි ප්‍රතිථලයක් ලෙසයි මහායානය, වජ්‍රයානය ඇති වෙන්නේ. ඒවායෙත් බුද්ධ දේශනාව කියලා සූත්‍ර තියෙනවා. අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් කල තෙවැනි ධර්ම සංගායනාවේදී මුල් ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයට යම් එකතු කිරීමක් බුද්ධ දේශනාව අනුව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ විසින් සිදු කරනවා. එවකට තිබුන අදත් සමහරුන් කතා කරන අන්තරාභවවාදය සහ ඝන්ධබ්බ සංකල්පය දුරලන්නේ ඒ අනුවයි. නමුත් ඉන් පසු තිබුන ධර්ම සංඝායනාවකදී එහෙම එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කල බවක් සඳහන් වෙන්නෙ නෑ. මෙනිසා ත්‍රිපිටකය රහතන්වහන්සේලා විසින් කරනු ලැබූවක් විදියට සැලකෙනවා.

    3. පන්සිල් පද ගැන ත්‍රිපිටකයෙ පැහැදිලිවම ඇතුළත් වෙනවා. ඒ වගේම පන්සිල් රැකීමේ සහ කඩ කිරීමේ ප්‍රතිඵලත් ඇතුළත් වෙනවා. අටුවාවල මේ ගැන තවත් විස්තර ඇතුළත් වෙනවා.
    මන් හිතනවා අපේ යාලුවන්ගෙන් මට පැහැදිලි පිලිතුරක් ලැබේවි කියලා. (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

    • Like
    Reactions: shaminda peiris

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    මන් හිතනවා අපේ යාලුවන්ගෙන් මට පැහැදිලි පිලිතුරක් ලැබේවි කියලා. (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

    http://www.dhammikaweb.com/?p=1485
    bawddayage-athpotha.jpg
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මන් හිතනවා අපේ යාලුවන්ගෙන් මට පැහැදිලි පිලිතුරක් ලැබේවි කියලා. (ආගමට මඩ ගහන අදහසකින් නෙවෙයි මෙහෙම අහන්නෙ)

    ලෝකෙ තියෙන ආගම් වලට ප්‍රදානම පොත් තියෙනවනෙ. බයිබලය,කුරානය වගේ.

    1.ඒ වගේ බුදු දහම ගැන තියෙන්නෙ ත්‍රිපිටකය නේද? තව වෙනත් පොත් තියෙනවද?
    2.ත්‍රිපිටකය හෝ වෙනත් එවැනි ප්‍රදාන පොත පත් නිර්මාණය කලේ කවුද?
    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

    ත්‍රිපිටකය කටින් කට පැමින, අවසානයේ ධර්ම සංගායනාවකදී ලියවුනි. ඉන්පසු ඒවා පොත් වලට ආවේය (කටින් කට පැමින පොත් වලටද ආ දේ වලට සිදුවන දේ කවුරැත් දන්නවා යැයි මම සිතමි).

    පංචශීලයක් බුදුන්වහන්සේ දේශනා කර ඇති බවට සාක්ෂියක් මට අසන්නට නොලැබුනත්, මා එක් කථාවක් අසා තිබේ: බුදුන් ගේ කලදී භාරතයේ තිබූ මතය වූයේ (මේවා බෞද්ධ මත නොවේ), සියළු පවු වලින් මිදුනේ නැතිනම් සත්‍යාබෝදය නොලැබෙන බවය. එකල භික්ෂූන්ද මෙය ඇදහූ හෙයින්, බුදුන් ඔවුන්ට වනගත වී පන්සිල් රකින ලෙස කියන ලදී. නමුත් පන්සිල් රැකීමෙන් කිසිම නිවනක් අවබෝධ කල නොහැකි බව උන්වහන්සේ දැන සිටියා. කැලෑ වැදුනු භික්ෂූන් අවුරැදු ගණනක් පවු සිතුවිලි මඩින්නට උත්සහ කලත් එය නොහැකි වූ තැන, බුදුන් කෙරෙහි ආපසු පැමිනියා. ඒ වන විට පංචශීලය ගැන ඔවුන් තුල තිබූ විශ්වාසය බොහෝදුරට දුරැ වීයි තිබුනේ. දැන්, බදුන් වහන්සේ ඔවුන්ට නියම මාර්ගය වන සතිපඨානය දේශනා කර, එම භික්ෂූන්ට සත්‍යාවබෝධට මාර්ගය හෙලි කලා.

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    3.පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුද?

    පින්වත් paan bagayak,

    පන්සිල් පද 5 සහ ඒවා නොපිලිපැදීමේ විපාක ත්‍රිපිටකයේ අඩංගුයි.

    අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ගහපති වර්ගයේ මහානාම සූත්‍රයේ බුදු රජානන් චහන්සේ විසින් මහානාම ශාක්‍යාට පංච ශික්ෂා පද ගැන විස්තර කර තිබෙනවා දැකිය හැකියී. http://thripitaka.org/view/sp/sp16/142 කියවා බලන්න.

    දීඝ නිකායේ පාථික වග්ගයේ සඞ්ගීති සූත්‍රයේත් (මෙන්න මේ පිටුවේ: http://thripitaka.org/view/sp/sp3/412) පංච ශික්ෂාපද දැකිය හැකියී. තවත් සූත්‍ර වල පංච ශික්ෂා පද ගැන සඳහන්.

    සඞ්ගීති සූත්‍රය හොදින් කියවා බැලුවොත් පංච ශික්ෂාපද කිසිම වෙනසක් නොකර අනාගත පරපුරට එලෙසම අප දායාද කල යුත්තේ ඇයි දැයි වටහා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන සැරියුත් තෙරණුවන් විසින් සූත්‍රයේ පවසා ඇති ආකාරයටම කිසිම විවාදයක් කරන්න යන්න එපා. සැරියුත් තෙරණුවන් විසින් හේතු රහිතව නොව හේතු සහිතවම විවාදයෙන් තොරව මේ පංච ශික්ෂාපදයන් රැකගන්න යැයි පවසා ඇති බව සූත්‍රය කියවීමෙන් අපට වටහා ගත හැකියී. මෙසේ පිළිගත හැකි ආකාරයකට පංච ශික්ෂා පද නොවෙනස්ව රැකගත යුතු ආකාරයත් අපට දැනගන්න ලැබී ඇත්තේ ත්‍රිපිටකය මතකයේ තබාගෙන කටින් කට පවත්වාගෙන හෝ පොතේ ලියා තැබීම හේතුවෙන්. ඒ රැකගත යුතු ආකාරයත් විස්තර ඇතිව දන්නා අයමයි කටින් කට වේවා, ලියා තැබීමෙන් වේවා පංච ශික්ෂා පද මේ දක්වා පවත්වාගෙන අප වෙත දායාද කොට ඇත්තේ. මේ නිසා

    1. මතු පරපුරේ යහපත වෙනුවෙන් ඔබත් පංච ශික්ෂා පද එලෙසම මතු පරපුරට ලබා දෙන්න.
    2. පංච ශික්ෂා පද නොවෙනස්ව රැකගත යුතු බව සඞ්ගීති සූත්‍රය ඇසුරෙන් හෝ අනුරුප වෙනත් සූත්‍ර ඇසුරෙන් මතු පරපුරට දන්වා සිටින්න. මතු පරපුරත් මෙම පළමු සහ දෙවන කාරණා දෙකම ඔවුන්ගේත් මතු පරපුරට දායාද කල යුතු බව මතු පරපුරට පහදා දෙන්න. මෙලෙස පරපුරෙන් පරපුරට දීර්ඝ කාලයක් පංච ශික්ෂාපද නොවෙනස්ව රැකගැනීම වෙත ඔවුන්ව යොමු කරන්න.

    සීලයෙහි විපත් බවේ විපාක සහ සිල් රැකීමේ අනුහස් දීඝ නිකායේ මහවග්ගයේ මහාපරිනිබ්බාන සූත්‍රයේ දැකිය හැකියී (මෙන්න මෙතන සඳහන් වෙනවා: http://thripitaka.org/view/sp/sp2/150). මේ එක තැනක්. පංච ශික්ෂා පදයන්ගේ ශික්ෂා පද එකින් එක ගෙන එම ශික්ෂා පදය රැකීමේ අනුහස් සහ නොරැකීමේ විපාක බුදු රජානන් වහන්සේ පවසා ඇති බවක් ගැන මට යම් සුළු මතකයක් තිබුනත් මට සිහි වන්නේ ඒ කරුණු එලෙසම ඇතැයි දැක්ක බවක්ද, නොඑසේනම් වෙනස් දෙයක්දැයි මට නිවැරදි මතකයක් නැහැ. ඒ නිසා මට එලෙස දක්වා ඇති තැනක් මේ අවස්ථාවේ ඔබට දක්වන්න බැරි උවත් මහාපරිනිබ්බාන සූත්‍රයේ ඇති කරුණු ඔබට උපකාරී විය හැකි යැයි සිතනවා.

    පංච ශික්ෂා පදයන් රැකීමේ විපාකය සුළු පටු දෙයක් නොවන බව තේරුම් ගන්න මෙන්න මේ සූත්‍රයත් කියවා බලන්න: http://thripitaka.org/view/sp/sp31/164 . පඤ්චසීල සමාදානිය ස්ථවිරයන් වහන්සේ පංච ශික්ෂා පදයන් රැකීම හේතු කොට තිස් වාරයක් ශක්‍ර දෙවි වෙලා, අප්සරාවන් පිරිවරාගෙන දිව්‍යමය සුව විදලා, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වෙලා, පහසුවෙන්ම රහත් බව ලැබූ ආකාරය මේ ගාථා වල දැක්වෙනවා. ආරම්භයේදී පැවිද්දත් නොලැබූ, දෙන්ඩ දෙයක්වත් නැති දුඃඛිත මෙහෙකරුවෙක් පංච ශික්ෂා පදයන් රැකීම නිසා ලබා ඇති දේවල් සුළු පටුද?

    සීලය ගැන තවත් පැවසුවොත්...

    සීලය ආර්ය අෂ්ඨාංගික මඟ වඩන අයට අත්‍යවශය දෙයක්. සීලස්කන්ධය පිරීම නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ග අංගයන්ගේ සම්මා වාචා, සම්මා කම්මනත්ත හා සම්මා ආජීව යන අංගයන් වැඩෙන බව මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකේ චූලයමකවග්ගයේ චූළවෙදල්ල සූත්‍රය (http://thripitaka.org/view/sp/sp4/722) කියවා වටහා ගන්න පුළුවන්. සීලස්කන්ධය ගැන බොහෝ විස්තර දීඝ නිකායේ ශීලස්කන්ධවග්ගයේ (පළමු පොතේ - http://thripitaka.org/view/sp/sp1) ඇති සූත්‍ර දහ තුනෙන් කොයි සූත්‍රය හෝ කියවා දැන ගත හැකියී.

    පෙර දැක්වූ මහාපරිනිබ්බාන සූත්‍රයේ බොහෝ තැනක "ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩල ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රව කෙරෙන් මොනවට මිදේ" යන කරුණ දැකිය හැකියී. මෙයිනුත් ඔබට සත්‍යාවබෝධය කෙරෙහි සීලය හේතු වන අයුරු වටහා ගන්න පුළුවන්. එක තැනක පමණක් නොවෙයි මේ ගැන පවසා ඇත්තේ. ආස්‍රව යන වචනයේ තේරුම හරියටම විස්තර කරන්න මම දන්නේ නැහැ. නමුත් සියලු ආස්‍රව කෙරෙන් මොනවට මිදීම යන්නෙන් අදහස් කරන්නේ රහත් බව ලබා ගැනීම.

    ර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන අය සීලය නිසා සීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන බව බොහෝ සූත්‍ර වල සදහන් කරුණක්. උදාහරණයකට සංයුත්‌ත නිකායේ මහා වග්ගයේ මග්ග සංයුක්තයේ බලකරණීය වර්ගයේ ඇති සූත්‍ර දැක්විය හැකියී. මෙන්න මෙතැන සිට ඉදිරියට කියවා බලන්න: http://thripitaka.org/view/sp/sp11p1/134 . මේ ආකාරයටම ශීලය නිසා ශීලයෙහි පිහිටා සතර සම්මප්පධාන වඩන බව දැක්වෙන සූත්‍රත්, ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබොධ්‍යඞ්ගයන් වඩන බව දැක්වෙන සූත්‍රත් ආදී ලෙස සීලය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමට කෙසේ උපකාරී වන්නේ දැයි නොයෙක් ආකාරයෙන් විස්තර සදහන් සූත්‍ර බොහෝ ප්‍රමාණයක් දැකිය හැකියී.

    බුදු රජානන් වහන්සේ සීලය කුමකට දේශනා කරාදැයි යන්නට තවත් ආකාරයකින් දිය හැකි පිළිතුරක් තමයි සතර සතිපට්ඨානය වැඩීම පිණිස යන කාරණාව. මේ ගැනත් නොයෙක් ආකාර ලෙසින් පවසා ඇති තැන් ත්‍රිපිටකයේ දැකිය හැකියී. සංයුත්‌ත නිකායේ මහා වග්ගයේ සතිපට්ඨාන සංයුක්තයේ අම්‌බපාලි වග්ගයේ භික්ඛු සූත්‍රය (http://thripitaka.org/view/sp/sp11p1/290) සහ නාලන්‌ද වග්ගයේ බාහිය සූත්‍රය (http://thripitaka.org/view/sp/sp11p1/326) සීලය සහ සතර සතිපට්ඨානය අතර සම්බන්ධය ගැන කෙටියෙන් දැක්වෙන තැන් දෙකක්.

    මහාපරිනිබ්බාන සූත්‍රයේ සීල් රැකීම නිසා මෙලොවදීම අත් විදිය හැකි අනුසස් සහ පරලොව පිණිස වන අනුසස් විස්තර වෙනවා. පඤ්චසීල සමාදානිය ස්ථවිරයන් ගැන කතාවේදී දීර්ඝායුෂ ලැබීම, මහත්වූ භෝග සම්පත් ලැබීම, තීක්ෂණ ප්‍රඥා ඇතිවීම ගැන සදහන්. පඤ්චසීල සමාදානිය ස්ථවිරයන් වහන්සේ පංච ශික්ෂා පදයන් රැකීමේ හේතුවෙන් තිස් වාරයක් ශක්‍ර දෙවි වෙලා, අප්සරාවන් පිරිවරාගෙන දිව්‍යමය සුව විදලා, හැත්තෑ පස් වාරයක් සක්විති රජ වෙලා, වයස අවුරුදු පහේදී එම සිල් පද ඇසූ පමණින් හිදි අසුනේදීම පහසුවෙන්ම රහත් බව ලැබූ බව පවසා තිබෙනවා. කුමටද අපි මෙවන් අනුසස් ඇති පංච ශික්ෂා පද සමාදන්ව රැකීමට කම්මැලි වන්නේ?

    Skylark

    Last edited: