බුදු දහම සහ දෙවියෝ – දෙවියන් ගැන ඇත්ත දැන ගන&#

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
….. නත්ථි මේ සරණං අඤ්ඤං …..
ලක්දිව භූමි උරුමැති දහම වන බුදු සමය හැරුණු කොට වැඩි වශයෙන් අදහන වෙනත් ආගම් තුනකි. මේ ආගම් ත්‍රිත්වයෙහිම ආක්‍රමණික ස්වරූපයන් ඇත. ඒ ආක්‍රමණ මුදා හැරෙන්නේ බෞද්ධයන් ඉලක්ක කරගෙන පමණක් නොව, ඒ, ඒ දේවවාදී ආගම් භක්තිකයන්ද ඉලක්ක කරගෙනය. නමුත් මෙවැනි ශාස්වථවාදී ආක්‍රමණයන්ට වැඩි වශයෙන්ම ගොදුරු වන්නේ බෞද්ධයන් පමණි. එල්.ටී.ටී.ඊය උතුරේත්, නැගෙනහිරත් රජ කළ සමයේ, පීඩිත හින්දු ජනයා බලහත්කාරයෙන් හෝ පිහිට වන මුවාවෙන් කිතු දහමට නතු කර ගැනීම පසෙක තබමු. අනෙත් කවර අවස්ථාවකදීවත් කතෝලික, ඉස්ලාම් හා හින්දු බැතිමතුන් “ඔවුනොවුන්ගේ” ආක්‍රමණයන්ට, ආගම් ප්‍රචාරයන්ට ගොදුරු වනු ඉතාම අල්පය. අන්‍යාගම් වැළඳ ගත් බොදුවන් සිය ගණනින් නිදසුන් ලෙස පෙන්විය හැකි වුවත්, අන්‍යාගම් තුළ, වෙනත් ප්‍රචාරයන්ට හසු වූ ඇත්තන් සිටින්නේ කෙතරම් විරලවද? අපේ ඇත්තන් පමණක්, සදන, සදන සෑම තොණ්ඩුවක්ම බෙල්ලේ දමා ගන්නේ ඇයි? හාරන, හාරන සෑම බොරු වළකම ගිනි ගහන මද්දහනේත් වැටෙන්නේ ඇයි? අටවන, අටවන සෑම මළ පුඩුවකම අපේ ඇත්තෝම පැටලෙන්නේ ඇයි? කවුරුන් හෝ පැමිණ අටවන ඕනෑම කාළ බෝම්බයක්, මල්ලේ දමාගෙන ගෙදරට ගොස් අඹු දරුවන් සමඟ සිය පවුල එකට හිඳ පුපුරවා ගන්නා තැනට බෞද්ධයා පත්ව සිටින්නේ ඇයි?
අද මේ ගැන සංක්ෂිප්තව විමසා බලමු..
….. දෙවියෝ …..

පෘතුවියෙන් බොහෝ ඔබ්බෙහි ඇති සදෙව් ලෝ තුළ මෙලොවදී යහපතෙහි හැසිරෙන, මෙලොව තමාට මෙන්ම අන්‍යයන්ටද සෙත සාදා ගන්නා, එමඟින් සොඳුරු චුති සිත් ඇතිව මෙලොවින් නික්ම යන්නෝ උපදිති. ඒ බුදු සමය උගන්වන සැබෑ දෙවියන්ගේ තත්වයයි. මේ දෙවියන්ගෙන් සුළුතරය බුදු සමය නොදනිතත්, බොහොමයක් ඉතා දියුණු, පිළිවෙලකට සැකැසුණු මනස් ඇති, මනස්කාන්ත දේහ ධාරීහු වෙති. එබඳු දෙවියෝ රැසක් තිලෝගුරු සරණ සොයා සැවැත් නුවර ජේතවනාරාමයට පැමිණි බවට, සංයුක්ත නිකායේ, දේවතා සංයුත්තය මොනවට සාක්ෂි සපයයි. එහි එන, නින්දාතන්දිය, සකමාය, නත්ථිපුත්තසම, ඛත්තිය, මානකාම, අරඤ්ඤ ආදී සූත්‍ර සියල්ලෙහිම නිධාන කථා ඇත්තේ සොඳුරු ශරීර ඇති, ජේතවනය බබුළුවන එළි විහිදුවන බුද්ධිමත් දෙව් පුතුන්, මහා විශ්ව සියපත වැඩ වෙසෙන තැනට මධ්‍යම රාත්‍රියෙහි පැමිණ, සිය ගැටළු සාකච්ඡා කොට විසඳා ගන්නා ආකාරයයි. ගෞතම බුදු පියාණන් වහන්සේද, බෝසත් සමයෙහි නොයෙක් වර දෙවි ව උපනි. උන් වහන්සේ සිය අවසාන භවයෙහි මනු ලොව උපදින්නට මත්තෙන් තාවතින්සයෙහි වැඩ විසුවේද විරාජිත දෙව් පුතෙකු ලෙසය. බුදු පදවි ලැබීමෙන් පසුවද, බුදු පියාණෝ තාවතින්සයෙහි වස් විසූ බව අප අසා ඇත්තෙමු. එමෙන්ම එහි උපන් මහ මායා පින්වත් මාතාවන්ද සොයා ඒ මව් දෙව් පුතුන්ටද දහම් දෙසූ බව අසා ඇත්තෙමු. මතුවට බුදු වන්නට සිටින මෙත් බෝසත් ඇතුළු බොහෝ බෝ සතුන්ද ඒ දිව්‍ය පරිසරයන්හි වෙසෙන බව අසා ඇත්තෙමු. අවසන් මොහොතේ බුදු පාමොක් මහ සඟ ඝණ කෙරෙහි පැහැදුණු බොහෝ ඇත්තෝද දෙව් ලොව උපන් බව ප්‍රත්‍යක්ෂ කොට, මහ සඟරුවණගෙන් අසා ඇත්තෙමු. මට්ඨකුණ්ඩලී දෙව් පුතු, නේක වධ වේදනා විඳ මිය ගිය සෝථාපත් බිම්බිසාර රජු, ආදී මනුෂ්‍යයෝ පමණක් නොව, සිදත් කුමරුට ජවය දුන් කන්ථක අසු, බුදු රදුන්ගේ සා පවස නිවූ පාරිලෙයිය ඇත් රජු, බුදුනට මී විළඳින් උවටැන් කළ වානර රජු ආදී තිරිසන් සත්වයෝද, ඒ පින් පිහිටා දෙව්ලොව උපන් වග දන්නෙමු. තථාගතයෝ පළමු යමා මහ පෙළහර ගුවනේ නැඟී පාද්දී, දස දහස් සක්වා තළ හෙල්ලෙන පරිද්දෙන් සාදූ නාද පැවැත්වූවෝද දෙවියෝය. මහා මංගල, ආටානාටිය ආදී බෙහෙවින් ප්‍රමුඛ සූත්‍ර දේශනායෙහි පාදම් වූයේද දෙවියන් ඇසූ පැණය. අවසන සක්වළ ගල කම්පා කරවමින්, විශ්වනීය හිරු මඬල කුසිනාරාවෙන් බැස යද්දී, පරසතු මලින් පූජෝපහාර දුන්නෝද දෙවියෝය.
ඒ සම්‍යක් දෘෂ්ඨික හෝ යහ දෘෂ්ඨික දෙවියන් බුදු සමය හා බැඳෙන ආකාරයයි.
මෙනිසා බුදු සමය “ඔහේ ඇති දෙවියෝ නැතැයි” එක හෙළා දෙවියන් පිලිකෙව් කරන දහමක් නොවන වග පැහැදිලිය.
 
  • Like
Reactions: dj ice cold

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
නමුත්, “අත්ථායි අත්ථනෝ නාථෝ” ලෙස තිලෝගුරුන් මිනිසුන්ට කරන ලද අවවාදයක සටහන් වන්නේ ඇයි? දෙවියන්ගේ, බඹුන්ගේ පැවැත්ම මෙසේ වෙතත්, ඔවුන්ගේ පෙර පින් බල නිසා ඔවුන්ට ලැබි ඇති වරදාන තුළින් යම් වාසියක් සලසා ගැනීමට ඒ අය පසු පස්සේ යන ලෙස බුදු පියාණෝ කිසිවිටකත්, කිසිම විටකත්, ස්වකීය සිවුවණක් පිරිස වෙත දෙසා නැත. බෞද්ධයාට සරණාගමනය කරන ලෙස දැනුම් දී තිබෙන්නේ තෙරුවන් පමණි. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු පා සෙවණට ආ සමයේ, තුන් වැනි රුවන ලොව පහලව නොතිබූ හෙයින්, ඔවුහු “දේවාචික” උපාසකයන් වූහ. ඉන් ඉක්බිති ආවෝ “තේවාචික” උපාසක, උපාසිකාවෝ වූහ. බෞද්ධයෙකු වන්නේ තුණුරුවන් කෙරෙහි විශ්වාසය හට ගත් පසුවය. ශ්‍රද්ධාව හටගත් පසුවය. ඒ හැර බෞද්ධයෙකු වන්නට වෙන කළ යුතු දෑ නැත. තුණුරුවන් හැර, වෙනත් ආගමික ආක්‍රමණිකයන් නිසා හෙළ සංස්කෘතියට එක්වූ බමුණු විකාර බෞද්ධ කම ඇතිවීමට පාදක නොවේ.
ඒත් අද අපේ ඇත්තන් දෙවියෝ පස්සේ කෙතරම් දුවනවාද? අනුරාධපුර රාජධානිය වැනසුනු පසුව පොළොන්නරුවට මාරු වූ සිංහලේ රාජධානියෙහි සඳ කඩ පහණට ඊශ්වරයෙකුගේ ගවයාද අයින්වී, ගෘහ නිර්මාණ ශිල්පයට කෝවිල් කලාවද එක්වූ තැනෙහි සිට, පිතු ඝාතක සීතාවක රාජසිංහයන්ට ලණු කැරළි පිටින් ගිල්වූ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ලා තෙක් සිංහලයා අස්සට රිංගා ගත්තෝ කළ කී දෑ නිසාවෙන්, පෙර බුදුන් පමණක් වැඩ සිටි පන්සලට වෙන, වෙන වහන්සේලාද රිංගා ගත්හ.
අද නිරාමිස, සියළු කෙලෙස් දුරු කළෙන්, ලොමු ඩැහැ ගැන්වීමක්, තැති ගැන්වීමක් කවර ආකාරයෙන් වත් නැත්තා වූ, දෙවියනටද බියක් දැණුනු විට බුදුරජානන් වහන්සේ දෙස බලා සිත සනසා ගන්නා ලෙස “ධජග්ග” පරිත්තයෙහි සඳහන්. සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙපස ඉන්නේ කවුද? සැරියුත්, මුගලන් ප්‍රමුඛ සැට දහසක් මහ රහත් පිරිවර දකින්නට ලැබෙතොත් ඒ කලාතුරකිනි. එයත්, එහෙමත් විශාල පන්සලක පමණි. වැඩි වශයෙන්ම ඉන්නේ දේශපාලකයෙකු දෙපස ගිනි අවි ගත් ආරක්ෂකයන් සිටින සේ, මාළිගාවත්තේ පාතාල නායකයෙකු දෙපස කඩු, පොළු, මුගුරු අතැති මැරයෝ සිටින්නා සේ ඔබ දෙස බලාගෙන, ඔබේ පූජා වට්ටිය දෙස බලාගෙන සිටින “දෙවියෝය”. මේ දෙවියෝ අපේ බෞද්ධ දර්ශණයේ ඉගැන්වෙන දෙවි පුතුන්ට දර්ශණ මාත්‍රයෙන් වත් ගැළපෙනවාද? හින්දු දහමින් කාන්දු වුණ, ඒකත් බාගෙට ඉගෙන ගත්, දේව මතවාදයක්, ආක්‍රමණිකයන්ට නිසි පිළිතුරු දුන්නද, ඔවුන් ශේෂ කළ දෑ ඉවත හෙලන්නට සිංහල ජාතියේ ඇති අසමත් කම මොනවට කියා පාමින් අපේ පන්සල තුල විරාජමාන වේ. මේ තරම් තුණුරුවන් අදහන, පුදන රටේ ඇත්තන්ට තුණුරුවන්ගේ අනන්ත ගුණ බලය පිහිටන්නේ නැත්තේද මේ කරුන නිසාමය.
චෝළ ආක්‍රමණ එන්නට පෙර අපේ බෞද්ධයන් අතර සමදිටු දේව විශ්වාසයක් විය. ඔවුහු දෙවියෝ පස්සේ ගියෙ නැති වුවද, තමන් කරන පිනක් දහමක් දෙවියන් හා බෙදා හදා ගත්හ. සිරිලක එකළ වැඩ සිටි මහ රහත් තෙරවරු දෙවියන්ටද බණ දෙසූහ. දෙවියන්ද සතුටුව සිහළ ජනයා රැක්කාහ. නමුත් හින්දු ආක්‍රමණිකයන් ඉතාම සූක්ෂ්ම වූහ. ඔවුහු අපේ බෞද්ධ සමදිටු දෙවියන් ගැන මනාව අධ්‍යයනය කොට, ඒ, ඒ තැන් වලට, බුදු දහමේ එන දේව විග්‍රහයට එකඟව සිටි අපේ දෙවියන් ඉවත් කොට, ඔවුන්ගේ දහමේ දෙවියෙකු රිංගවා ගන්නට සමත් විය.
උදාහරණයක් ලෙස කතරගම දෙවියෝ ගෙන බලමු.

ලක්දිවට මහරහත් දළ ඇත් මුල් පිරිවරා වැඩි ශාක්‍ය කුල කේසර සිංහ රාජයාණෝ කිරි වනයෙහි සමවත් සුවයෙන් වැඩ වෙසෙන විට, එවකට කාචරග්‍රාමයෙහි ප්‍රාදේශික රාජයෙකු වූ “මහසෙන්”, දානයෙන්ද, කිරියෙන්ද උන් වහන්සේ පුදා, දහම් අසා සෝවාන් ඵල ලැබ, ඉක්බිති මරණින් මතු දේවත්වයක් ලැබූ බව පොත පතෙහි සඳහන් වේ. මෙය සත්‍යයක් විය හැකි, බුද්ධි ගෝචර වන දෙයක් හෙයින් අප එය එලෙසම තබමු. නමුත්, හින්දු ආක්‍රමණ සමඟ ඒ මහසෙන් දෙවියන් ඉකුත්ව ගොස් එතැනට ශිව ගේ පුත්‍රයෙකු යැයි කියන දෙවියෙකු රිංගා ගත්තීය. මේ ශිව පුත්‍රයාට මුහුණු සයකි. අත් දොළසකි. වාහනය මොණරෙකි. වර්තමානයේ හින්දු දහම පතුරුවන, බටහිරට පැමිණ සිටින හින්දු ගුරුවරුන් මේ විසුළු රූප “සංකේත” බවත්, ඒවා ඊට වඩා ගැඹුරු සත්‍යයක් නිරූපණය කරන බවත් පවසා, “ජාම්” බේරා ගන්නට තැත් කරන මුත් අතීතයේ, කවුරුත් මුකුත් නොදන්නා සමයේ, ඔවුන් මේ දෙවියන් ඇදහුවේ ඒ ඉන්න පිළිවෙලටමය.
අශ්වයෙකු පිට ගොස් ඇති තැනැත්තෙකු එය කෙතරම් දුෂ්කර ගමනක්දැයි හොඳින් දනී. මොණරෙකු වැනි සිහින් සිරුරැති සතෙකු පිට යාම කෙතරම් දුෂ්කර විය හැකිද? ඇරත් ඒකාට, ඒ දෙවියන්ගේ බර දරා ගත හැකිද? දෙවියන් මදිවාට බිසෝවරු දෙදෙනෙකුත් ඒ පිටම නැඟ ගෙන සිටිති. බෞද්ධයන් ලෙස අප විශ්වාස කරන්නේ පිං දහම් කොට මිය පරළොව ගොස් දෙව් ලොව උපදින දෙවියන් සැප විඳින බවයි. සැපෙහි හැටි මෙබඳුද? තත්වය මෙසේ නම් මේ දෙවියන්ට අනුකම්පා කල යුතුය. ඒත් අපේ බෞද්ධයෝ වායු සමණය කළ අළුත්ම මෝටර් වාහනයේ යතුර පූජා වට්ටියේ තබාගෙන ගොස් මේ දෙවියාට පුදති. ඇත්ත වශයෙන්ම මොණරෙකු පිට, හරි හැටියට ඉඳ ගන්න වත් තැනක් නැතිව යන මේ දෙවියාට වඩා ඒ මිනිසුන් ගමනේ, බිමනේදී සැප විඳිනවා නොවේද?
මනුස්ස අපට ලැබිය යුතු අත පයට අමතරව වෙනත් ඉන්ද්‍රියන්, විශේෂයෙන්ම වැඩි පුර අතපය ලැබෙන අවස්ථා අප අනන්තවත් අසා ඇත්තෙමු. කළල අවදියේ ඇතිවන ජාන විකෘති මීට හේතු පාදක වේ. එවිට අප ඒවා සැත්කම් මඟින් කපා ඉවත් කරන්නේ ඇයි? ඒවා එලෙසට පැවතීම වදයක් වන නිසාය. ස්කන්ධ කුමාරයා මුහුණු සයක් හා අත් දොළසක් ඇතිව මොන තරම් දුකක් විඳිනවා ඇතිද? දෙවි සැප මෙසේද?

indian-girl-with-eight-limbs1.jpg

Read more: http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0Goxs1q
Under Creative Commons License: Attribution

 

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
ගමේ එක් බිරිඳක් සිටියදී පිට පළාතකට ගොස් තවත් ගැහැණියක් විවාහ කර ගන්නා පිරිමියාට ඔබ සළකන්නේ කොහොමද? හින්දූන් අපට වඳින්නට පුහුණු කළ ස්කන්ධ කුමාරයා එවැනි අයෙකි. ඉන්දියාවේ තේවානි අම්මා සිටියදී ලක්දිවට පැමිණ වල්ලි අම්මා හා විවාහ වූ බව කියන ස්කන්ධ, “දෙන්නා දෙපැත්තෙන් සාංචි මැද්දෙන්” සේ මොණරා පිට සිටින විට ඔහුට දොහොත් මුඳුන් දීගෙන බෞද්ධයන් යන්නේ ඇයි? ඉහත සඳහන් පිරිමියාට ඔබ එසේ ගර්හා කරයි නම්, පිළිකුල් කරයි නම්, ස්කන්ධ කුමරු සම්බන්ධව වෙනසක් ඇයි? මේ පිං කර උපන් දිව්‍යභාවයන්ගේ හැටිද? මේවා දෙවිවරු කරන වැඩද? බුදු හිමියන් වැඩිමලා හා බාලයා මැන්නේද වයසින් නොව ශීලයෙනි. එසේ නම් මේ ස්කන්ධට පූජාව කවන්නට යන අය අතරේ යහපත් පවුල් ජීවිත ගෙවන දෙවිවරු වන් පියවරු ඇතොත්, ඒ අය වඳින්නේ තමන්ට වඩා බාලයෙකුට නොවේද?
අන්තිමේදී හින්දූන් බෞද්ධ ඔළු ගෙඩි වලට ඔවුන්ගේ කෙළවරක් නැති දේව ගණයා එබ්බූහ. උත්පලවණ්න දෙවි අතුරුදන්ව එතැනට රාවණ දේශය ගිනිබත් කළ බව කියන රාම අවතාරය සහිත විෂ්ණු තබා අපේ ඇත්තන්ට වඳින්න සැලසූහ. කැළණියට ඒ රාමට රට දුන් විභීෂණ ලැබිණි. මිථ්‍යාවේ ස්වභාවය නම් “පොඩි තල්ලුවක්” දුන් විට, ස්වයංක්‍රීය වීමයි. ඒ තල්ලුව හින්දූන් දුන් පසු, බුදු සමයේ සීමා පැන අපේ බෞද්ධයෝද දෙවිවරු මවා ගන්නට විය.
දැන් එක්, එක් පාර්ලිමේන්තු අසුන සඳහා එක්, එක් දෙවියා ගාණට, එක්, එක් ප්‍රාදේශීය සභාවට එක්, එක් දෙවියා ගාණට වැඩ සිටිති. කවුරු ගැන්නාදැයි නොදනිතත්, ගාණ තිස් තුන් කෝටියකි. සමහරුන් කටවල් ඇරගෙන දිව දික් කරගෙන, ලේ පෙරෙන මිනී ඔළු කොණ්ඩ වල්ලෙන් එල්ලා ගෙන සිටිති. මිනී අත් වලින් වස්ත්‍රය අඳිති. තවත් අයට ඇස් තුනකි. දෙපැත්තේ ගැහැණු දෙදෙනෙකි. කොණ්ඩේ එක ගැහැණියකි. රජ, සිටු පවුල් වල උපන් අයට අපේ ඇත්තන්ගේ වැඩවසම් යුගයේ තිබූ බිය නිසා, ඔවුන්ගේ මරණින් පසුව ඔවුන්වද දේවත්වයට නගා ගත් හෙයින්, බිසෝ බණ්ඩාර, අර බණ්ඩාර මේ බණ්ඩාරලා නහුතයක්ද එකතු විය. දැන් එක ගෙදරට, එක කාමරයට එක දෙවියා ගාණට සිටිති. අන්තිමේදී කාලි, (කාලි නම් යකිණියක් නම් දරුවන් කමින් සිටි බවට කථා පුවතක් බුද්ධ කාළය ගැන අප අසා ඇත), ස්කන්ධ, ශිව ආදී බියජනක විකෘති රූප අස්සට අලි හොඬවැලක් ද පැමිණ ඇත.
මුළු විශ්වයේම නුවණට අධිපති සම්මා සම්බුදු පියාණන් සිටියදී, ඔබේ දරුවාට නුවණ දෙන්නට අලි හොඬවැලක් ඇත්තෙකුම වුවමනා නම් දරුවා “පින්නවල අලි අනාථාගාරයට හෝ දෙහිවල සත්තු වත්තට ගෙන ගොස්” එහි ඉන්නා අලි ඇතුන්ට වැන්දවීම යෙහෙකි. නැතිනම් දළදා මන්දිරයේ ඇත් පන්තියට වැන්දත් කම් නැත. අඩුම ගානේ ඒ සතුන් සිරි දළදා හිමිගේ සේවයට පේවී සිටිති”.
මේ හින්දු දෙවියන් උපන් හැටි, ඔවුන් ජීවත් වූ ආකාරයන් ගැන කියවෙන කථා පුවත්ද ඔවුන් මෙන් ප්‍රචණ්ඩය, බිහිසුණුය, දෙවියෙකුට තබා වැද්දෙකුටවත් නුසුදුසු තරම් වනචරය. මොවුහු කඩු, කිණිසි ගෙන නිරතුරුවම යුධ වැදුණෝ වෙති. කඩු, කිණිසි, පොළු, මුගුරු යනු ප්‍රාථමික අවදියේ මිනිසා විසින් තම ආත්ම ආරක්ෂාව පතා පාවිච්චි කළ අවි-ආයුධයි. දෙවියන් පාවිච්චි කරන්නේත් මේ කැති, පොරෝ, නාරාසන ද? එසේ නම් අද සිටින මිනිසා දෙවියන්ට වඩා අවි තාක්ෂණයෙන් බලවත් නොවේද? මනුලොවට වඩා සැනසීම ඇතැයි සම්මත දෙව් ලොව සිටින දෙවියෝ, මරිය කඩේ, රාවතාවත්තේ, තොටළඟ, ග්‍රෑන්ඩ්පාස් හි වතුවල සිටින මදාවියන් සේ ආයුධ උරුක් කරගෙන සිටින්නේ කාට බියෙන්ද? මොවුනුත් මේ තරමටම බිය නම්, ඔවුන් නුඹලාගේ බිය දුරු කරන්නේ කෙසේද?

තව ටික දවසකින් “මල්ටි බැරල්” අවියක් මත නැඟ සිටින දෙවියෙක්ද අපේ ජනයා මවා ගනු ඇත.
….. දෙවියෝ පේන, ශාස්ත්‍ර කියනවාද? …..
ඔබ දේව වරමින් පේන කියන, ශාස්ත්‍ර කියන තැනකට ගොස් ඇතිද? මේවායේ සිටින “මෑණිවරු, පියවරු”, ශාස්ත්‍ර කියන ආකාරය ජීවිතයේ එක් වරක් හෝ ඔබ දැක ඇතුවාට සැක නැත. මොකක් හෝ පිල් කලඹක් ගෙන “පරල” වී, උමතුවෙන් මෙන් මොවුන් කෑ මොර දෙන්නේ, “දෙවියන්” ඔවුන්ගේ සිරුරු වලට වැසුනු පසුවය, යන්න සමාජ සම්මතයයි. මෙය සමාජ ගත වූයේ, වැලිවිට සංඝ රාජ හිමිපාණෝ උපසම්පදාව යළි මෙරටට ගෙනෙන්නට පෙර, සඟ සසුන ගණින්නාන්සේලාට සීමාවී තිබූ යුගයක, මෙරට බොහෝ පර සතුරු, රෝග බිය, සාගත වැනි වියවුල් මැද අසරණ වූ ජනයා මංකොල්ලා කා ගන්නට බිහිවූ කපටි, පවුකාර “යක් දෙස්සන්” හා දෙස්සියන් නිසාවෙනි.
මනසින් යම් සුවයක් විඳින දෙවියෙකු වෙතොත්, ඒ දෙවියා කාට හෝ වැසුණත්, “බොබ් මාර්ලේ” ගංජා ගසා ගීයක් ගයන කළක මෙන්, නැතිනම් “මයිකල් ජැක්සන්” ගීයක් ගයන කළක මෙන්, මෙලෙස ඔළුව ගස්සා, ඇඟ පත සොලවා නටාවිද?. මේ දේව පෞරුෂයක හැටිද? මේ දෙවියන් මේ මිනිසුන් ළඟට එන්නේ කුමක් බලාපොරොත්තුවෙන්ද? මෙලෙස ඇස් යටට ගිල්වා ගෙන, ඔළුව වනමින් නටන අයෙකු මහ මඟ දුටුවොත් අප ඔවුන්ට කියන්නේ “පිස්සන්” කියාය. එසේ නම් මේ දෙවියන්ට කුමක් කිව යුතුද?

kali10g1.jpg


Read more: http://sinhalabuddhist.com/2010/12/buddhism-and-gods/#ixzz1E0HHoCNz
Under Creative Commons License: Attribution
 

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ වෙසෙන කෙනෙකුට, ඩොලර් වලින් ගණු දෙනු කරන කෙනෙකුට, ඔබේ රුපියල්, ශත පළක් නැත. එසේ නම් ලෝකයේවත් ඒ තරම් තැනක් නොලබන, ඩොලර්, පවුම්, යූරෝ වැනි මනුලොව කාසි ඉදිරියේ පවා “දුර්වල” යැයි සම්මත ඔබේ රුපියල්, ශත වලින් ලැබෙන පගාවක් බලාපොරොත්තුවෙන්, ඒ තරම් සැප ඇති දෙව්ලොව වෙසෙන දෙවියෙකු මේ මිනිසුන් වෙත එනු ඇතිද?
දෙවියන් කෙසේ වෙතත්, මේ කියන අයවළුන් කරන කියන දෑ වලින් තමන්ට අණිසි ගෞරවයක් ලබාගත හැකිය යන පවිටු චේතනාවෙන්, මනුලොව අනන්තවත් පවුකාර කම් කොට, මියගොස් මළ පෙරේතයන්, භූතයන්, කුම්භාණ්ඩයන්ව උපන් දුෂ්ඨ අමනුෂ්‍ය කොටස් නම් මොවුන් වටා බෙහෙවින් ගැවසෙති. මෙලෙස අනීවාරතයේ පහන් දල්වා, බුදුන්ට කැප නොකොට, ලෝභී, මෝහී හා ද්වේෂී චේතනාවෙන් මඬනා ලදුව කරන වන්දනා මාන ඒ අමනුෂ්‍යයෝ පිළිගනිති. ඉන්පසුව, මේවා මෙහෙයවන මිසදිටුවන් සමඟම ඒවා පසුපස යන ඔබද උන්ගේ වහලට ගණිති. බිය වද්දති. යළි, යළිත් ගෙන්වා ගන්නා තැනට වැඩ කරති. අවසානයේ මෙලොව හා පරලොව වශයෙන් විනාශ කර දමති. අසරණ සිංහල බෞද්ධයෝ දහස් ගණනක් මේ අමනුෂ්‍ය ප්‍රාණීන්ට දැනටමත් ගොදුරුව සිටිති. ඔවුන් නිසාම ධනයෙන්, ශීලයෙන් පිරිහී ගොස් අවසන අපාගත වෙති. මිසදිටුවේ ස්වභාවය මෙයයි.
….. දෙවියෝ පූජාව කනවාද? ……
බුදු දහමට අනුව, දෙවියන්ගේ සදෙව් ලෝ පිහිටා ඇත්තේ, අපේ මිහිපිටට බොහෝ ඈතිනි. ඒ දෙව්ලෝ තුළ, දියුණු දෙවියෝ විඳින සැප, බුදු හිමියෝ, මහ මුගලන් රහතන් වහන්සේ වැනි මහා සෘද්ධිමතුන්ට හැර, ඔබ හා මා වැනි සාමාන්‍ය ජනයින්ට සිතා ගත නොහැක. පන්සල් වල ඇඳ ඇති චිත්‍ර බලා අපට ඒවායේ සැප ගැන සිතා ගත නොහැක්කේ, ඒ චිත්‍ර, මූර්ති නිමැවී ඇත්තේ ඒ, ඒ කාළයට සිටි මූර්ති ශිල්පීන්, තමන්ගේ කාළයට සාපේක්ෂව “සැප” දැක ඇති ආකාරය මූර්තිමත් කළ නිසාය.
ඇත්ත වශයෙන්ම දෙව් ලෝ වල ඇත්තේ අපට සිතා ගත නොහැකි සැප දායක පරිසරයන්ය. ඒවායේ ඉන්නා අය කෑම කනවා නම්, ඒ කෑම බීමද අපට සිතා ගත නොහැකි තරම් ප්‍රණීත, සුපිරිසිදු ඒවා විය යුතුමය.
එවැනි අය ඔබට වැඩක් කර දෙන්නේ ඔබ දෙන පළතුරු වට්ටියටද? නැතිනම් දුර්වර්ණ වූ කවර වල ඔතන ලද රස කැවිල්ලටද? සුරතලයට අප ඇති කරන සුනඛයන්ට නම් අප දෙන්නේ කෑම ටිකක් පමණි. ඒ කෑම ටික පතාගෙන අපට හිතවත් වන බල්ලා, අපේ ගේ දොර, දේපළ මුර කරයි. දෙවියන්ටත් අප පළතුරු ටිකක් විසි කළහොත් අපි ඉල්ලන ඕනෑම දෙයක් කර දෙනවාද? එසේ නම් දෙවියෙකුගේ වටිනාකම ගෙදර බල්ලාගේ වටිනාකමට සමානද?
මේ පළතුරු වට්ටි දේවාල අයිනේ, සාස්තර කාරයන්ගේ මගෝඩි ශාලා අයිනේ විකුණන්නට තබා ඇති අයුරු ඔබ දැක තිබෙනවාද? ඒවා මැස්සන්ගෙන්, මැක්කන්ගෙන් වැසී, පිරී, ඉතිරී තිබෙන බව කතරගම පැත්තේ යන ඔබට දකින්නට ලැබෙනු ඇත. මේවා මිනිසුන්ටවත් ආහාරයට නුසුදුසු කුණු වී ගිය පළතුරු වෙති. කපා බොහෝ කළක් ඉකුත් වී ඇති පළතුරු වෙති.
හිතවත් සිංහල බෞද්ධය, දෙවියන්ට ඔබේ කුණු පළතුරු කා, ඒවායින්ද භාගයක් ඔබටම දී, ඔබට වැඩක් කර දීමට තරම් අහේනියක් නැත. ඔබේ නරක් වී ගිය, මැසි, මැක්කන් ගහණ කුණු පළතුරු කෑමට තරම් දෙවියන් දුබල නැත. මේවායින් සිදුවන්නේ ඔබේ මුදල් නිකරුණේ අපතේ යාම, පවු පුරවා ගැනීම හා අසරණ, කුසගින්නේ පෙළෙන දරුවන්ට කන්නට සොබා දහම දෙන පළතුරු ටික නාස්ති කිරීමෙන් ඔබ අපා ගත වීමය. කන්නට යමක් දෙන්නට නොහැකිව දරුවා ගඟට තල්ලු කරන මවුවරු සිටින රටේ, ටොන් ගණන් කුණු වී ගිය ආහාර පාන, දේවාලවලින් දිනකට අපතේ දමති. බලවත් අපරාදයක් නොවේද?
 

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
….. මේ විකාර ඇති තෙක් …..
කතෝලිකයන්, ඉස්ලාම් බැතිමතුන් ලේසියෙන් වෙන ආගමකට නම්වා ගත නොහැක. ඔවුන් තමන්ට උපතින් උරුම භක්තිය සරණ මිස වෙන සරණක් නොපතන නිසා, ඒ භක්තිය ලේසියෙන් නොසෙල්වෙයි. ඔවුන් ගල් කණු මෙනි.
සිංහල බෞද්ධයා ලෝකයෙන් එන ඕනෑම කුණු කහළ ගොඩකට පනින්නේ, පැන ඒකේ පෙරැලෙන්නේ, ඒ කුණු ගෙදර ගෙනියන්නේත් මෙන්න මේ කරුණ නිසාය. “බෞද්ධයෙකු වන මට අපේ බුදු හාමුදුරුවෝ, අපේ ධර්මය, අපේ මහ සඟ ඝණ හැර වෙන සරණක් නැත” කියා නොසිතා, මේ කියන අමනුෂ්‍ය ගණයා පස්සේ එළවන විට ඔවුන්ගේ “බෞද්ධ” ශ්‍රද්ධාව ක්ෂීණ වී යෑම අහන්නත් දෙයක්ද? ශ්‍රද්ධාව යනු නිර්වාණ සමනළ කන්දේ පිවිසුම් තොරණයි. එය සොයා නොගන්නා කෙනාට තිසරණය කෙසේ නම් පිහිටයිද?.
ඔබට දුක් කරදර බොහෝ පැමිණෙනු ඇත. ලෝක ස්වභාවය එයයි. සංසාරය ඝෝර බව බුදු හිමියන් දෙසා ඇත්තේ එහෙයිනි. දුක් නොවිඳින්නෙක් මේ තෙදියතෙහි තබා දෙව් ලෝ වල වත් නැත. සංසාරයේ හැටි එලෙසය. එහෙම නොවුණා නම් “හිස ගිනි ගත්තෙකු එගිණි නිවන ලෙස” ඉන් එතෙර වන්නට මඟ පාදා ගන්නැයි බුදුන් නොදෙසනු ඇත. එය එසේය. ඒ නිසා බෞද්ධ ඔබට දුක් කරදර එනවිට, විපත් එනවිට, සලිත වී මිථ්‍යා විමාන සරණ යෑමට මෝහයක් නොමැති විය යුතුය.
මේ අප බුදු දහමේ දන්නා ප්‍රභාමත්, සොඳුරු ශරීරැති, සුඛ විහරිත දේව ස්වරූපද? නැත. හින්දු විකාර ඔළුවට ගන්නට යෑමෙන් දෙවියන් කෙසේ වෙතත් බුදුන් වදාළ පරිදි, මිසදිටු ක්‍රියාකාරකම් පිළිගෙන ඒවායෙන් තුටු වෙන්නට බලා සිටින භූතයන්, මළ පෙරේතයන් නම් ඉක්මණින්ම ඔබට ළං වනු ඇත. සිත සනසා ගැනීමට ඕනෑම නම්, මේ අපායගාමී විකාර පස්සේ නොගොස් සිරිමා බෝ සෙවණට, දළදා හිමි මළුවට යන්න. ගොස් වැඳ පුදා ගන්න. ඉන් ඔබට සැනසීමක් ලැබෙනු ඇත.
මේ ලිපිය ඔබට ලියන මගේ මවු දියවැඩියාවෙන් අධික ලෙස රෝගාතුර විය. ඇයට කළ හැකි සෑම බෙහෙත් ප්‍රතිකාරයක්ම කරන අතරතුර අප ඇයගේ සුවය වෙනුවෙන් බොහෝ බෞද්ධ වත් පිළිවෙත් කලෙමු. එහෙත් රෝගය නිසා හදවතේ රුධිර නාළ සීනි මට්ටම නිසා අකර්මණ්‍ය වීමෙන් මගේ මෑණියන් මීට වසරකට පෙර කම්වූ පරිද්දෙන් මා දමා නික්ම ගියාය. කුමක් කරන්නද? එය බුදු දහමේ වරදද? නැත. ඒ ලෝක ස්වභාවයයි. ඒ මරණය මට අද සවස නො එතැයි කිව හැකිද? මේ මා ඔබට ලියන අවසන් ලිපිය නොවිය හැකිද?
සිංහල බෞද්ධයිනි. මේ ලෝක ස්වභාවය නොවේද? මේකට පිළියම දකින, දකින මිථ්‍යාව පස්සේ අපේ ශ්‍රද්ධාව නැති කරගෙන දුව ගොස් පිස්සු හදා ගැනීමද? මරණින් මතු නිරයට ගොස් තවත් දුක් කරදර වැඩි කර ගැනීමද? නැත. සියල්ල ඉතා සරලව විමසා බලන්න.
ඔබේ ශ්‍රද්ධාව පර්වතයක් මෙන් පිහිටුවා ගන්නා තුරු, බුදුන් හැර අන් සරණක් නැත… නැත… යන්න සිතේ කොටා ගන්නා තුරු, මොන පනත ගෙනාවත් ලක්දිව බුදු සසුන රැක ගන්නට ලැබෙන්නේ නැත. එමෙන්ම අද ලක්දිව පුරා විසිරී ඇති ලක්ෂ ගණනක් මිසදිටු මධ්‍යස්ථාන ඔබේම අවබෝධය නිසා වැසී යන තුරු කිසි කළකත් රට දියුණු කරන්නට ලැබෙන්නේද නැත.
ඔබ කරන පින් සම්‍යක් දෘෂ්ටික දෙවියන් හා බෙදා හදා ගන්නවා නම් එය යහපත් ක්‍රියාවකි. ඒ අය ඔබට ආශිර්වාද කරනු ඇත. අමනුෂ්‍යයන්ගෙන් රැකවරණය සළසනු ඇත. එහෙත්, සංසාරයේ ඝෝර බව හමුවේ, මහා විශ්ව සියපත උපන් මනු කුළයෙහිම උපන් ඔබට වඩා දෙවියන් අසරණ බව මතක තබා ගන්න. යම් භයක්, ලොමු දැහැ ගැන්මක්, තැති ගැන්මක්, දුකක්, කරදරයක් ඔබට හට ගත්තොත්, කෙළෙසුන් දුරු කළ, මාර විජය කළ, කිසිදු තැතිගැන්මක්, භයක්, ලොමු දැහැ ගැන්මක් නො එන, දෙතිස් මහා පුරුෂ ලක්ෂණානූන, විශ්ව නායක, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙස බලන්න. වෙන කොහේවත් බලන්න එපා.
 

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
katawath epada?

යාළුවා, මොකද ඔය තරම් අනිත් අයගේ විශ්වාසයන් ගැන කරදර වෙන්නේ? යම් කෙනෙක් යමක් දැනගත්ත හෝ විස්වාස කලා හෝ කියල කාටවත් කරදරයක් නැහැ නේ? බුදුපියාණන් වහන්සේගේ "සුගත" ගුණය ගැන කියවල බලන්න. මාත් එක්ක තරහ වෙන්න එපා. බුදුපියාණන් වහන්සේ වගේම දෙවියනුත් අපිට වැදගත්. දේවාල වල දෙවියන් නැහැ තමය්. එත් මංගල සුත්‍රය, අටානාටිය සුත්‍රය වගේ දේ වලට මුල දෙවිවරු. දෙවියන්ට බැන්නට උන්වහන්සේලා කාවවත් මරන්න යන්නේ නැහැ. එත් ඒ බනින අයට දෙවියන්ගේ ආරක්ෂාව නෙතිවෙන එක නම් මම හොඳට දැකල තියනවා.

 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යාළුවා, මොකද ඔය තරම් අනිත් අයගේ විශ්වාසයන් ගැන කරදර වෙන්නේ? යම් කෙනෙක් යමක් දැනගත්ත හෝ විස්වාස කලා හෝ කියල කාටවත් කරදරයක් නැහැ නේ? බුදුපියාණන් වහන්සේගේ "සුගත" ගුණය ගැන කියවල බලන්න. මාත් එක්ක තරහ වෙන්න එපා. බුදුපියාණන් වහන්සේ වගේම දෙවියනුත් අපිට වැදගත්. දේවාල වල දෙවියන් නැහැ තමය්. එත් මංගල සුත්‍රය, අටානාටිය සුත්‍රය වගේ දේ වලට මුල දෙවිවරු. දෙවියන්ට බැන්නට උන්වහන්සේලා කාවවත් මරන්න යන්නේ නැහැ. එත් ඒ බනින අයට දෙවියන්ගේ ආරක්ෂාව නෙතිවෙන එක නම් මම හොඳට දැකල තියනවා.


    ප්‍රශ්නය ඒක නෙමේනේ , ඒ විශ්වාස කරන කට්ටිය එහෙම්ම ස්වාධීනව ඉන්නවද කියන එකනේ , මොකක් හරි කරලා තමන්ගේ පිළ වැඩිකරගන්නනේ බලන්නේ , එහෙම පිරිස වැඩිවෙලා අන්තිමට ශුද්ධ වූ බුදුදහම නැතිවෙලා යයි. දැනුත් ඒක වේගන තමයි යන්නේ. ජනවාරි 1 කව්ද පන්සල් යන්නෙ, එතකොට දේවාල ගානෙ දුවන අය. අන්තිමට බුදුසරණ නෙමේ යන්නේ කොහෙවත් නැති මිත්‍යා මත පස්සේ . තවත් කාරණාවක් ඔය ගොඩක් එක එක වැඩ දාපු ඉතිහාස ක්ථා වල ඇත්තටම ඉන්නේ දෙවිවරුද? නෑ බොහෝවිට මනුෂ්‍ය නොවන දියුණු වෙනත් ජීවීන් , ඔවුන් දෙවියන් ලෙස මිනිස්සු හිතුව. කථා කරනවනම් කරුණු ගොඩායි. නිවාඩුව කතාකරමු.
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    යාළුවා, මොකද ඔය තරම් අනිත් අයගේ විශ්වාසයන් ගැන කරදර වෙන්නේ? යම් කෙනෙක් යමක් දැනගත්ත හෝ විස්වාස කලා හෝ කියල කාටවත් කරදරයක් නැහැ නේ? බුදුපියාණන් වහන්සේගේ "සුගත" ගුණය ගැන කියවල බලන්න. මාත් එක්ක තරහ වෙන්න එපා. බුදුපියාණන් වහන්සේ වගේම දෙවියනුත් අපිට වැදගත්. දේවාල වල දෙවියන් නැහැ තමය්. එත් මංගල සුත්‍රය, අටානාටිය සුත්‍රය වගේ දේ වලට මුල දෙවිවරු. දෙවියන්ට බැන්නට උන්වහන්සේලා කාවවත් මරන්න යන්නේ නැහැ. එත් ඒ බනින අයට දෙවියන්ගේ ආරක්ෂාව නෙතිවෙන එක නම් මම හොඳට දැකල තියනවා.


    මංගල සුත්‍රය, අටානාටිය සුත්‍රය වගේ දේ වලට මුල දෙවිවරු තමයි. එකයි මේ ලිපියේ මුලින්ම කියල තියෙන්නේ බුදු දහම කියන්නේ දේව සංකල්පය බැහැර කරපු ආගමක් නෙවෙයි කියල..
    මෙතන තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි.. දෙවියෝ කියල දේවාල වලින් අපට මවල තියෙන චිත්‍රය වැරදි එකක් කියන එකයි...
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    ප්‍රශ්නය ඒක නෙමේනේ , ඒ විශ්වාස කරන කට්ටිය එහෙම්ම ස්වාධීනව ඉන්නවද කියන එකනේ , මොකක් හරි කරලා තමන්ගේ පිළ වැඩිකරගන්නනේ බලන්නේ , එහෙම පිරිස වැඩිවෙලා අන්තිමට ශුද්ධ වූ බුදුදහම නැතිවෙලා යයි. දැනුත් ඒක වේගන තමයි යන්නේ. ජනවාරි 1 කව්ද පන්සල් යන්නෙ, එතකොට දේවාල ගානෙ දුවන අය. අන්තිමට බුදුසරණ නෙමේ යන්නේ කොහෙවත් නැති මිත්‍යා මත පස්සේ . තවත් කාරණාවක් ඔය ගොඩක් එක එක වැඩ දාපු ඉතිහාස ක්ථා වල ඇත්තටම ඉන්නේ දෙවිවරුද? නෑ බොහෝවිට මනුෂ්‍ය නොවන දියුණු වෙනත් ජීවීන් , ඔවුන් දෙවියන් ලෙස මිනිස්සු හිතුව. කථා කරනවනම් කරුණු ගොඩායි. නිවාඩුව කතාකරමු.

    යාළුවා, ඔය ඇත්තටම බුදුසරණ ගියානං අනිත් පිරිසක් - පිරිස වැඩිවීමක් ගැන කතාකරන්නේ නැහැ. අපේ ගෙදරත් දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ කාලයක් දේවාල (බොරු) පස්සේ ගියා. 2002 (වයස 22) විතර මම මට පොඩිකාලේ කරපු භාවනාවක් මතක් වෙලා ඒක කරන්න පටන්ගත්ත. ඒ අනාපාන සතිය. ඊටපස්සේ අරණ්‍ය වලට ගිහිල්ල සතුටින් සිල් රැක්ක. දහමේ යෙදුන. ඒක දැකල අප්පච්චිත් පටන් ගත්ත දාන දෙන්න භාවනා කරන්න. ඊට පස්සේ මගේ මල්ලිත් ඉතාම තදින් භාවනා කරන්න පටන්ගත්ත. ඒ අතර මම බැන්ඳ. එත් wife කැමති වුනේ නැහැ මම vegetarian නිසා. සිල් ගන්න නිසා. ටික කාලෙකට පස්සේ එයා දික්කසාද වුණා. ඊටපස්සේ මම තවත් හොඳට භාවනා කලා. පස්සේ ex-wife කතාකර කර භාවනාවේ හොඳ කියන්න පටන්ගත්ත. එයාට පොඩි දේවල් කියල දුන්න ඒක පින් පවා දුන්න. මම බොහෝ දුෂ්කර අරණ්‍යවල ඉතාම සිල්වත් බොහෝ රහසින් කාලය ගත කරන සංඝයාවහන්සේ යටතේ භාවනා කලා. දාන දුන්න. සතුටින් සිල් රැක්ක.

    මගේ යාලුවෝ පිටරට වල ඉඳන් කාලෙකට සැරයක් එනවා දහම කතාකරන්න. සිල් ගන්න. හැබැය් මම කවදාවත් කිසිම කෙනෙකුගේ දෙයක් විවේචනය කරේ නැ. යාලුවනේ, අපි කාගෙවත් දෙයක් විවේචනය කලාට කාටවත් හොඳක් වෙන්න නැ. අපි ඇත්තටම දහමේ යෙදෙනවා නම් විතරය් කාටවත් හොඳක් වෙන්නේ.

    මේ ලෝකයේ පිරිසක්, අපි, මමක් නැහැ. ඒක දකින්න වනාන්තරයේ තනිවෙලා එකේ සතුට දකින්න ඕනේ. කාමලෝකයන් ඈත්වෙලා කාලයක් ගත කන්නේ ඕනේ. අද වෙනකොට අපේ මුළු පවුලම දහමට යොමුවෙලා ඉන්නේ.

    අපේ උත්තරිත්තර සම්මාසම්බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ විතරය් අන්‍යයන් නිවැරදි කරන්න ගියේ. ආලාරකාලාම ලඟදි හෝ උද්දක රාමපුත්ත ලඟදි බෝසතාණන් වහන්සේ කාටවත් උපදෙස් දෙන්න ගියේ නැහැ.

    මම මේ දේවල් කිව්වේ යාලුවන්ගේ හිත කඩන්න නෙමේ. හොඳ මෛත්‍රීයෙන් කිව්වා උදාහරණයක් විතරය්.