මෙහෙම හිතමුකො; බයිබලයේ නෝවාගේ කතාව ගමු. එහෙම නැවක් හදන්න පුලුවන්ද කියල ඇහුවොත් ඒක වැරදි ප්‍රශ්නයක් නෙවෙයිනෙ.
ඔව් මචං... එහෙම ප‍්‍රශ්න කරන එක වැරදි නැහැ. මොකද තමන්ට විසඳගන්න ඇතිවුන ගැටළුවක්. හැබැයි තමන් තුළ යම්කිසි තේරුමක් තියෙන්නත් ඔ්නෙ... ඒ අහන ප‍්‍රශ්නයෙන් තමන්ට මොන තරම් වැඩදායී වෙනවද කියන එක. අපි ගමු නෝවාගේ නැව. දැන් එක හදන්න පුළුවන්ද කියල අහන්න පුළුවන්. ඒ ගැන වාද කරන්න පුළුවන් ඒක එහෙම නෙමෙයි මෙහෙම වෙන්න ඔ්නෙ. ඒ කියන විදිහට ඔ්ක හදන්න වෙන් නැහැ. දැන් ඒ වාද විවාද වලින් කාටද වැඩක් වෙන්නෙ? මොනවද ඔප්පු කරන්න හදන්නෙ? එතන කියවෙන නොවා්ගේ නැවට වඩා ගැඹුරු තේරුමක් එතන තියෙන්න පුළුවන්. නමුත් කට්ටිය නැව ගැන වාද විවාද කරනව. හැම තැනම වෙන්නෙ ඔ්ක තමයි.
ත්‍රිපිටකය නේද වර්තමාන බුද්ධාගමේ පදනම. එක එක හාමුදුරුවරු තමන්ට හිතෙන හිතෙන දේවල් දේශනා කරනකොට අපිට අවුල ලිහාගන්න යන්න තියෙන්නෙ ත්‍රිපිටකයට නේද?
එතකොට ත්‍රිපිටකයේ ලියල තියෙන සමහර දේවල් බොරු කියල ඔප්පු වෙනව නම් අපි මොකද කරන්නෙ?
ත‍්‍රිපිටකය යනු ''බුද්ධාගමේ පදනම'' නෙමෙයි. ''බුද්ධාගමක්'' කියල එකක් නැහැ ඒකත් පැහැදිලි කරගන්න. බුදු දහම යනු ‘‘ආගමක්’’ නෙමෙයි. ඒ නිසා ඒක පොතක් ලියල ඇති කරපු ආගමක් නෙමෙයි. ත‍්‍රිපිටකය කියන්නේ බුදුහාමුදුරුවන් වැඩ සිටි සමයේ සිට උන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ආරක්‍ෂා කරගැනීමේ අරමුණ ඇතිව ඒ් බුද්ධ දේශනා ලියවිලා තියෙන ග‍්‍රන්ථය. බයිබලයයි ත‍්‍රිපිටකයයි පටලවගන්න එපා. බුද්ධ ධර්මය පොතකට සීමා කරන්න බැහැ. ත‍්‍රිපිටකයේ කරුණු අවශ්‍ය වෙලාවට විග‍්‍රහ කරගත්තත්... අපේ සිතේ නොසෙල්වෙන ශ‍්‍රද්ධාව තියෙන්නෙ ඔ්නෙ පොතකට නෙමෙයි බුදුහාමුදුරුවන් කෙරෙහි විතරයි. නමුත් පිවිතුරු බුද්ධ දේශනා ලියවිලා තියෙන ත‍්‍රිපිටකය අපි බුදුහාමුදුරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන් යුතුව ආරක්ෂා කරන්න ඔ්නෙ.
නමුත් උඹ කිව්ව හරි. අපිට අවුලක් ලිහාගන්න යන්න තියෙන එක තැනක් තමයි ත‍්‍රිපිටකය. හැබැයි මතක තියාගන්න තමන්ගේ අවබෝධතා මට්ටම තියෙන්න ඔ්නෙ. ත‍්‍රිපිටකය කියවන්නේ බුද්ධ දේශනාවේ අරමුණට අපේ අවබෝධය යොමු කරවන්න ගැටළු තැනක් ඇතිනම් ඒක පැහැදිලි කරගන්න මිසක් හරි වැරදි ඔප්පු කරන්න නෙමෙයි. නිකම්ම පොත බලල ආ හරි මෙතන මෙහෙම කියල තියෙනව එතකොට එහෙමයි වෙන්නෙ කියල කියන්න නෙමෙයි ත‍්‍රිපිටකය තියෙන්නෙ.
හැබැයි පොත කියවල විතරක් අවුල ලිහන්න බැහැ. ඒකට තමන් තුළ ප‍්‍රඥාවක් තියෙන්න ඔ්නෙ හරි දේ තේරුම් කරගන්න. තමන්ගේ හිත දියුණු කරගන්න තමන් තුළ වීර්යයක් තියෙන්න ඔ්නෙ. තමන්ගේ හිතට මොන තරම් හැකියාවක් තියෙනව ද කියල නොදැන ඒක පාවිච්චිවත් කරන්නෙ නැතිව සාමාන්‍ය දැනුම පාවිච්චි කරල විතරක් හොයන්න යන එක තේරුමක් නැහැ. එතකොට ත‍්‍රිපිටකයේ තියෙන කරුණු වැරදියි ද කියන්න තරම්වත් දැනුමක් තමන් තුළ නැතිනම් ඒක වැරදියි කියල ඔප්පු කරන්න යනවට වඩා ඒ කියල දීල තියෙන මාර්ගය පුහුණු කරල තමන්ගේම සිත දියුණු කරගන්න බලන එක ඊට වඩා වටින් නැද්ද?
පොඩිතැන් වලින් අල්ලගන්න එපා කියන්නෙ පොඩි පොඩි දේවල් වැරදි නිසාද? ලොකු දේවල් වල හරි වැරැද්ද හොයන්න අමාරුයි. ඒ නිසා කාටත් තේරෙන දේවල් තමයි අල්ලගන්න වෙන්නෙ.
පොඩි තැන්වලින් අල්ලගන්න එපා කියන්නෙ පොඩි දේවල් වැරදියි කියන නිසා නෙමෙයි නිවැරදි අරමුණට පිටින් යන තැනක් අල්ලගන්නව කියන එක. ඔව් උඹ කිව්ව එක දෙයක් හරි. කාටත් තේරෙන දේවල් අල්ලගන්නව. හැබැයි අල්ලගත්තු දෙයක් තියෙනව නම්... ඒක සැබෑ අරමුණට යොමු කරවන්න තමාගේ අවබෝධයේ මට්ටම අනුව උදව් වෙන දෙයක්ද නැද්ද කියන එක තමන්ගේම සිතින් විමසා බලා ඉන්න ඔ්නෙ.
අපි කියමු වාහනයක් තියෙනව. ඒකෙ අරමුණ තමයි ඒ වාහනය පාවිච්චි කරල ගමනක් යන එක. හැබැයි දැන් කට්ටියක් එළියෙ ඉඳන් වාහනයේ ටයර් එකක් බලල කියනව මේ ටයර් එක මෙහෙම තිබ්බට ඔ්කෙන් මොකද්ද වෙන්නෙ? කෙනෙක් කියනව ටයර් එක ඇතුලෙ හුලං පුරවල තියෙන්නෙ ඔ්ක එතකොට කැරකෙනව කියල. තව එකෙක් අහනව උඹ කොහොමද කියන්නෙ ඔ්ක ඇතුලෙ හුලං තියෙනව කියල.? උඹ දැක්කද? තව කෙනෙක් කියනව කැරකෙන්න මොකක් හරි බලයක් ඔ්නෙ. ඔය කියන බලය කොහෙද තියෙන්නෙ? කවුද ඒ බලය දෙන්නෙ? ඔන්න ඔය වගේ දැන් සැබෑ අරමුණ පැත්තක තියෙද්දි අල්ලං ඉන්නෙ අරමුණට පිටින් යන පොඩි තැනක්. කාලය නාස්තියක් නෙමෙයිද?
"‘භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. මහා ගල් පර්වතයක් තිබෙනවා. ඒ පර්වතය යොදුනක් දිගයි. යොදුනක් (සැතපුම් හතක්) පළලයි. යොදුනක් උසයි. සිදුරු නැති කුහර නැති ගල් පර්වතයක් . එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් සිනිඳු සේලයකින් ඒ ගල් පර්වතය පිස දමනවා. පින්වත් භික්ෂුව, ඔය ක්‍රමයෙන් ඒ මහා ගල්පර්වතය ගෙවිලා අවසන් වෙලා ගියත් කල්පය කියන්නේ එතරම් ඉක්මණින් ගෙවී අවසන් වන දෙයක් නොවේ."
http://www.budusarana.lk/budusarana/2013/12/16/tmp.asp?ID=vision06
මේ කතාව ගන්න. මෙතනදි හාමුදුරුවො යොදුනක් සැතපුම් 7ක් කියල කියනව.
අපි බලන්න ඕනෙ මහාමේරුව පොලොවෙ තියෙනව නම් පොලොවේ ප්‍රමාණය එක්ක සසඳල යොදුන කියන දුර හොයාගන්න එක. එතකොට යොදුනක් කියන්නෙ සෙන්ටිමීටර්ගානකට බහිනව.
එතකොට අර ගල සේලයකින් අතගාන කල්ප තියරිය විහිලුවක් වෙනව.
මචං උඹේ ගණන් මිණුම් බැලීම මට පැහැදිලි නෑ. ඒ කොහොම වුනත්.... මෙතන උඹ අල්ලගෙන තියෙන්නෙ තාමත් ‘‘මහාමේරු පර්වතය’’ කියන එකයි, ඒක ‘‘සිනිදු සේලයකින් පිසදමන’’ තියරියයි. මේ දේශනාවේ සැබෑ අරමුණ වෙන්නෙ ‘‘කල්පය’’ යන කාලය කොයි තරම් දීර්ඝ කාලයක් ද කියන එක අපිට පැහැදිලි කරල දෙන්න. ඒ තරම් කාලයක් අපි මැරි මැරී ඉපදෙනව නම්, මේ ජීවිතයේ අපි විඳින දුක්වලටත් වඩා දුක් විඳින්න ඒ ඉපදීම්වලදි සිද්ධ වෙනව නම්... අන්න ඒ උගුලට වැටෙන් නැතුව ගැලවෙන්න අපේ හිත අවබෝධතාවයට අරන් යන්න පාර කියාදෙන එක තමයි අරමුණ වෙන්නෙ. දැන් මචං මහාමේරු පර්වතය තියෙන්නෙ කොහෙද? ඒක මැනපු මිම්ම විහිලුවක් නේද කියල කිව්ව එකෙන් උඹට මොකද්ද ඇත්තටම ලැබෙන්නෙ? ඒක බොරුවක් කියල ඔප්පු කරල ඒ ගැන සතුටු වෙන එකද උඹේ අරමුණ? අන්න ඒ වගේ වැරදි පාරවල් වලට වැටෙන් නැතුව යන්න තමයි මේ හැමදේම විමසා බලා අවබෝධ කරගන්න ඔ්නෙ කියන්නෙ.