මෙතන පෘථිවියේ විශ්කම්භයත් එක්ක ප්‍රශ්නයක් ඇතිවෙන්නේ යොදුනක් කියන්නේ රෝමන් කාරයෝ හදපු හැතැම්ම වලින් 16 ක් කියලා හිතන නිසා. ඔය සූත්‍ර ලියපු කාලේ ඒ රෝමන් හෝ බ්‍රිතාන්‍ය හැතැම්ම නොතිබුන නිසා ඔහොම ප්‍රශ්නයක් අහන එක ගැලපෙන්නේ නෑ නේද?
මට මතක හැටියට එළකිරියේම sgrdk1 සහෝදරයා සඳහන් කරලා තිබුන විදිහට යොදුනක් කියන්නේ යෝදයෙකුට (ශක්තිමත් මිනිහෙකුට) දුන්නෙන් විදින්න පුළුවන් දුරට. සමහරවිට මීට අවුරුදු 2600 කට විතර කලින් යොදුනට තිබුන අර්ථකථනය වෙන එකක්ද කියලා මම දන්නේ නැහැ.
අනික මේ සූත්‍රයේ මහාමේරුව ගැන විස්තරය අදාළ වෙන්නේ අද දවසට නෙවෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් පහලවෙලා දීර්ඝ කාලයක් ගියාට පස්සේ. ඒ කියන්නේ අදින් අවුරුදු ලක්ෂ කිහිපයකට පස්සේ වෙන්න පුළුවන්. මේ තර්කය මට ඇහුණේ රාජගිරියේ අරියඥාන හාමුදුරුවන්ගේ බණ අහන කාලේ.
මේ සූත්‍රයේ සිංහල පරිවර්තනයේ තියෙන විදිහට පුදුම සමමිතික බවක් තියෙන මහාමේරු කියලා කන්දක් තියෙනවා කියල මට ඔප්පු කරන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට පසු කාලීන සාහිත්‍ය කතාත් මෙතනට ගෑවිලා ඇති. නමුත් සූත්‍ර පරිවර්තන වල හරි වැරදි දැනගෙන, හරි දේ හරියටම දැනගන්න, අනුගමනය කරන්න අවංක උවමනාවක් තියෙන ඕනෙම කෙනෙකුට මීවනපලානේ සිරිධම්මාලංකාර අරිහතුන් වහන්සේගෙන් ඒ ගැන විමසලා බලන්න පුළුවන්.
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කියපු විදිහේ අදහසක් සත්තසූරියුග්ගමන සූත්‍රයේ නැහැ කියන්නයි මං කලින් පෝස්ට් එක දැම්මේ, නැතුව මහාමේරුවක් ගැන ඔප්පු කරන්න නෙවෙයි.
මම කිව්වෙ සප්තසූර්යෝද්ගමන සූත්‍රය වැරදියි කියල. වැරදි දේක තවත් අරක මේක තියෙනවද බලන එක තේරුමක් නෑ.


