Oka methanta adaala naa, darmaya gena awlk neme kiyanne. ape ewan buddagama kiyala oluwe tiyan inna eka genaමහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:
උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.
මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
- නෙය්‍යපුග්ගල සූත්‍රය.
“කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්‍මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන විට ධර්‍මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්‍මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්‍මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
- නෙය්‍යපුග්ගල සූත්‍ර අටුවාව

. දැන් කාලේ එහෙම බණ ඉතාම අඩුයි මගෙ හිතේ...