බුදු හාමුදුරුවෝ ලංකාවට ආවෙ නෑ වැඩම කලා ... 😌🙏🌸

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙනෙක් විද්‍යමානයහ. කවර සතර දෙනෙක යත්:

    උද්ඝාටිතඥ ය, විපථතඥ ය, නෙය්‍ය ය, පදපරම යි.

    මහණෙනි, ලෝකයෙහි මේ පුද්ගලයෝ සතර දෙන විද්‍යමානයහ.
    - නෙය්‍යපුග්ගල සූත්‍රය.

    “කවර නම් පුද්ගලයෙක් උග්ඝටිතඤ්ඤූ නම් වේද? යම් පුද්ගලයකුට ගෙනහැර දැක්වූ වේලෙහිම ධර්‍මාවබෝධය වේද මෙතෙම උග්ඝටිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් විපචිතඤ්ඤූ වේද? යම් පුද්ගලයකුට විස්තර වශයෙන් අර්‍ත්‍ථය බෙදා දක්වන විට ධර්‍මාවබෝධය වේද මෙතෙම විපචිතඤ්ඤූ පුද්ගලයායි කියනු ලැබේ. කවර නම් පුද්ගලයෙක් ඤෙය්‍ය නම් වේද? යම් පුද්ගලයකුට උදෙසීමෙන්, විමසීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන් කළණ මිතුරන් ඇසුරු කිරීමෙන් සේවනය කිරීමෙන් භජනය කිරීමෙන් අනුක්‍රමයෙන් ධර්‍මාවබෝධය වෙයිද මෙතෙම ඤෙය්‍ය පුද්ගලයායි කියනු ලැබේ, කවර නම් පුද්ගලයෙක් පදපරම නම් වේද? යම් පුද්ගලයකුට බොහෝවක් ඇසීමෙන්ද බොහෝවක් දැරීමෙන්ද බොහෝවක් කියවීමෙන්ද එම ජාතියෙහි (භවයෙහි) ධර්‍මාවබෝධය නොවේද මෙතෙම පදපරම පුද්ගලයායි කියනු ලැබේ.”
    - නෙය්‍යපුග්ගල සූත්‍ර අටුවාව
    Oka methanta adaala naa, darmaya gena awlk neme kiyanne. ape ewan buddagama kiyala oluwe tiyan inna eka gena
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ශ්‍රද්ධාව වැඩෙන්න ඇත්ත දෙයක් වෙන්න ඕන නෑ

    ගගෙන් ගොඩ දාපු වැලි ගොඩකට චෛත්‍යයක් කියලා වැඳලා දිව්‍යලෝක ගිය අයත් ඉන්නවා
    ඉතින් ඒ දිව්‍යලෝකේ ගිය කතාවම බොරුවක් වෙන්න බැරි ද ? :rofl:
     
    • Dislike
    Reactions: Tz4400

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    ශ්‍රද්ධාව වැඩෙන්න ඇත්ත දෙයක් වෙන්න ඕන නෑ

    ගගෙන් ගොඩ දාපු වැලි ගොඩකට චෛත්‍යයක් කියලා වැඳලා දිව්‍යලෝක ගිය අයත් ඉන්නවා

    ඒක නිසා බුදුන් ලංකාවට වැඩියා කිව්වත් එකයි
    ලංකාවේ ඉපදුන කිව්වත් එකයි
    දෙකෙන්ම හොඳක් වෙන්නේ

    ශ්‍රද්ධාව වැඩෙන්න ප්‍රඤ්ඤාව ඕන නෑ
    ප්‍රඤ්ඤාව තිබුනොත් තමයි අමාරු
    Ammmooo ammoo ubalata budda qwe ශ්‍රද්ධාව wadala diwya loke yannada. ප්‍රඤ්ඤාව wadala niwan yannda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    හමෝ හමෝ සමන්තය ව ද අදහන්නේ..ඵහෙනම් ඉරාජ්ගෙත් අනුගාමිකයෙක් වෙන්න අැති..😆
    mama nam godak ayage deshana ahanawa. piliganna hari prathishepa karanna hari issella ahala idapan. samathayage bana wala hoda point pennawa. tika denek withaarai hariyata banak kiynne. godak ewn kalin darma deshana kiyala baila gahanne, ewa apitath kiyanna puluwam :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on May 28, 2024 at 10:33 AM

    සමන්තට අභියෝග කරන්න උෟ මොකෙක්ද?😆

    උඹල වගේ උන් උගේ මඟුල් බලලා ඔළුව විකාර කරගෙන මේකේ මොනා කිව්වත් බුද්ධාගම ලංකාවෙන් නැති වෙන්නෙ නෑ..නැති කරන්නත් බෑ..ඵච්චරයි
    buddagama prashna kaalama ubalama ne kiyanne, buddama iwarai eka nathi karanwa kiyala :ROFLMAO: :ROFLMAO:
    katawath nathi karanna one naa, :ROFLMAO::ROFLMAO:

    ------ Post added on May 28, 2024 at 10:36 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ammmooo ammoo ubalata budda qwe ශ්‍රද්ධාව wadala diwya loke yannada. ප්‍රඤ්ඤාව wadala niwan yannda :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මුල් බුදු සමයේ ප්‍රධානම දේ වුවත් සිංහල බුද්ධාගමේ අඩුම අගයක් තියෙන කුණු කූඩෙට දාපු වචන දෙකක් තමයි "සතිය" සහ "ප්‍රඥාව" කියන්නේ.

    බලවත්ම වචනය තමයි ශ්‍රද්ධාව. එකට මුල් බුදු සමයේ ලොකු තැනක් දීපු දෙයක් නෙවෙයි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    මුල් බුදු සමයේ ප්‍රධානම දේ වුවත් සිංහල බුද්ධාගමේ අඩුම අගයක් තියෙන කුණු කූඩෙට දාපු වචන දෙකක් තමයි "සතිය" සහ "ප්‍රඥාව" කියන්නේ.

    බලවත්ම වචනය තමයි ශ්‍රද්ධාව. එකට මුල් බුදු සමයේ ලොකු තැනක් දීපු දෙයක් නෙවෙයි.
    මුල් බුදුසමය කියන්නේ කොයි කාලෙ වෙනකං ටිකද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    භාග්‍යවත් ගෞතම සර්වඥයන් වහන්සේ ජීවත්ව සිටි කාලය.
    කොහොමද කියන්නේ ලොකු තැනක් දුන්නේ නෑ හරි අඩුවෙන් හරි තැනක් දුන්නා කියල.
    එතකොට මේ වෙනකොට අඩුවෙන් තැනක් දෙනවා කියන්නේ ඇයි?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කොහොමද කියන්නේ ලොකු තැනක් දුන්නේ නෑ හරි අඩුවෙන් හරි තැනක් දුන්නා කියල.
    සූත්‍ර පිටකය දිහා පරික්ෂාවෙන් බලන්න. හැම සුත්‍රයක්ම වගේ තියෙන්නේ ඒ ඒ අදාල පුද්ගලයාගේ ප්‍රඥාව දෙසට එල්ල කරපු දේශනා. එහෙම නැත්තම් සතිපට්ඨාන කමටහන්. විශේෂයෙන් මජ්ජිම නිකායේ එන සූත්‍ර.
    එතකොට මේ වෙනකොට අඩුවෙන් තැනක් දෙනවා කියන්නේ ඇයි?
    සරලයි. දැන් ඇහෙන බනක් අහලා බලන්න. පන්සලකට ගිහින් බලන්න. යනවා ඇතිනේ?
    සම සතළිස් කමටහන් ගැන අවබෝධයක් තියෙන සාදුලා කීයක් ඉන්නවද කියලා බලන්න ඔයාම.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    මුල් බුදු සමයේ ප්‍රධානම දේ වුවත් සිංහල බුද්ධාගමේ අඩුම අගයක් තියෙන කුණු කූඩෙට දාපු වචන දෙකක් තමයි "සතිය" සහ "ප්‍රඥාව" කියන්නේ.

    බලවත්ම වචනය තමයි ශ්‍රද්ධාව. එකට මුල් බුදු සමයේ ලොකු තැනක් දීපු දෙයක් නෙවෙයි.

    පිටකෙ සුත්‍රයක් තියෙනව, (නම මතක නැ, @greenthunder මතක තියෙනවනම් දාන්න ),ඒකෙ කියනව, මේ මාර්ගයට යම්කිසි දෙයක් මූලිකද, එය ශ්‍රද්දාවමයි කියල...

    සතිය, ප්‍රජ්නාව, ශ්‍රද්දාව...ඔවා එකම ඉනිමගේ, පුරුක්...එකක් අතැරල, ලොකු පොඩි කරල බැ...මාර්ගය වැඩෙන්නෙ..සියල්ලම වැදගත්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    budu hamuduruwo normal human kenek bn
    ochchara loku kakul koheda
    rawtillak yanne
    බුදු හාමුදුරුවෝ රියන් 6ක් උසයි කියලා අහලා තියෙනවා, ඒක නිසා තමා සිරි පාදේ ඒ තරම් ලොකු කියලා අහලා තියෙනවා. අනේ මන්දා ඉතින් පොඩි කාලේ අහපුව තමා.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,338
    113
    සූත්‍ර පිටකය දිහා පරික්ෂාවෙන් බලන්න. හැම සුත්‍රයක්ම වගේ තියෙන්නේ ඒ ඒ අදාල පුද්ගලයාගේ ප්‍රඥාව දෙසට එල්ල කරපු දේශනා. එහෙම නැත්තම් සතිපට්ඨාන කමටහන්. විශේෂයෙන් මජ්ජිම නිකායේ එන සූත්‍ර.

    සරලයි. දැන් ඇහෙන බනක් අහලා බලන්න. පන්සලකට ගිහින් බලන්න. යනවා ඇතිනේ?
    සම සතළිස් කමටහන් ගැන අවබෝධයක් තියෙන සාදුලා කීයක් ඉන්නවද කියලා බලන්න ඔයාම.
    ප්‍රශ්‍නයක් ඇහුවම ජාතක කතාවක් කියන අය බන් දැන් පන්සල් වල ඉන්නෙ. නැත්තන් ප්‍රශ්‍නයක් ප්‍රශ්නෙකින්ම ඉවර කරනව.😂

    බුදු හාමුදුරුවෝ රියන් 6ක් උසයි කියලා අහලා තියෙනවා, ඒක නිසා තමා සිරි පාදේ ඒ තරම් ලොකු කියලා අහලා තියෙනවා. අනේ මන්දා ඉතින් පොඩි කාලේ අහපුව තමා.
    පොඩි කාලේ අහපු දේ ලොකු උනාම ප්‍රශ්න කරන එකේ වැරැද්දක් නෑනේ.බොරුවට බොරුව කියන එක පවක් සමහර මිනිස්සුන්.
    ------ Post added on May 29, 2024 at 4:28 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,841
    113
    සූත්‍ර පිටකය දිහා පරික්ෂාවෙන් බලන්න. හැම සුත්‍රයක්ම වගේ තියෙන්නේ ඒ ඒ අදාල පුද්ගලයාගේ ප්‍රඥාව දෙසට එල්ල කරපු දේශනා. එහෙම නැත්තම් සතිපට්ඨාන කමටහන්. විශේෂයෙන් මජ්ජිම නිකායේ එන සූත්‍ර.
    ඒක එක කොටස් ලොකු කරගෙන පොඩි කරගෙන කරපු දේශනා නන් නෑ තියෙන්නේ අවශ්‍යය කොටස ගැන පැහැදිලි කරපු දේශනා නේ.
    බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කරපු වෙලාවට අපි දන්නවනේ ඒ කෙනාගේ බුද්ධිය අනුව තමා ඒක කරේ කියන එක. සූත්‍ර දේශනා ඔක්කොම වගේ prescriptions ඒ ඒ පුද්ගලයා අනුව දේශනා කරපු දේවල්. ඉතින් ඒ නිසා එහෙම තියෙනවා වෙන්න පුළුවං. අනික සූත්‍ර දේශනා ගොඩක් ඒව හාමුදුරුවන්ට කරපු දේශනා නේ. මම නං දන්න විධියට හාමුදුරුවන් ඉන්නේ කොහොමත් ශ්‍රද්ධාව ඕනි වෙන අවදිය පහු කරලා.
    ග්‍රින්තන්ඩ දාපු සූත්‍ර කොටස බලන්න.

    සරලයි. දැන් ඇහෙන බනක් අහලා බලන්න. පන්සලකට ගිහින් බලන්න. යනවා ඇතිනේ?
    සම සතළිස් කමටහන් ගැන අවබෝධයක් තියෙන සාදුලා කීයක් ඉන්නවද කියලා බලන්න ඔයාම.
    එහෙම සංගණයනයක් වගේ නන් කරලා නෑ. එක්කෙනෙක් දෙන්නෙක් විතරක් අහල සමස්තය ගැන තීරණයක් ගන්න බෑනේ. මට අනුව නන් එහෙම අඩුපාඩුවක් නෑ. පන්සලේ හාමුදරුවන්ගේන් දෙයක් අහපුවාම පැහදිලි කරගන්න.
     
    Last edited:
    • Like
    Reactions: greenthunder

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    බෞධ්ධ thread වල මුලින්ම රෙද්ද උස්සන් දුවන් එන්නේ පාදිලි @dilann 😂
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    පිටකෙ සුත්‍රයක් තියෙනව, (නම මතක නැ, @greenthunder මතක තියෙනවනම් දාන්න ),ඒකෙ කියනව, මේ මාර්ගයට යම්කිසි දෙයක් මූලිකද, එය ශ්‍රද්දාවමයි කියල...

    සතිය, ප්‍රජ්නාව, ශ්‍රද්දාව...ඔවා එකම ඉනිමගේ, පුරුක්...එකක් අතැරල, ලොකු පොඩි කරල බැ...මාර්ගය වැඩෙන්නෙ..සියල්ලම වැදගත්..

    ඔව්, ඒක බොහෝ තැන්වල ඒ විදිහට තිබිය යුතුයි. ගිහියන්ට අදාලව චංකී සූත්‍රය තමා එකවරම මතක් වෙන්නෙ.

    සතිය, ප්‍රජ්නාව, ශ්‍රද්දාව...ඔවා එකම ඉනිමගේ, පුරුක්...එකක් අතැරල, ලොකු පොඩි කරල බැ...මාර්ගය වැඩෙන්නෙ..සියල්ලම වැදගත්..

    ඕව්, මේක තම හරි දේ. නමුත් අද ගොඩදෙනෙක් කැමතියිනෙ "අපි ප්‍රඥාවන්තයො, අපි ප්‍රඥා ශික්ෂාවෙ ඉන්නෙ, අපි නං වඩන්නෙ සතිපට්ඨාන හතරෙන් අමාරුම සතිපට්ඨාන වෙන ධම්මානුපස්සනාව" ආදී ප්‍රකාශ කරන්න. බුදුන්ගෙ උපදෙස අනුව ඔය සියල්ලම සමබරව තබාගෙන ඉස්සරහට යන්න ඕනෙ. ප්‍රඥා ඉන්ද්‍රිය විමුක්තිය ලබාදීමෙදි ප්‍රමුඛ වුනාට එතනට එන්න බැහැ අනෙක් ඉන්ද්‍රිය ධර්මයන් නැතිව. ඉන්ද්‍රියන් පහේම පරිපූර්ණත්වය අනුව තම මගඵල ලැබෙන්නෙ. නැතිව එකක් දෙකක් තුනක් හෝ හතරක් පූරණය කිරීමෙන් නෙමෙයි. සත්තිසක් වෙන බෝධිපාක්ෂික ධර්මම වඩන්න ඕනෙ නිවන් අවබෝධයට. දක්ෂ ගුරුවරයා තේරුම් ගන්නවා "මේ කාලයේ ගෝලයාගෙ මේ මේ ඉන්ද්‍රිය ධර්ම පිරිහිලා හෝ මේ මේ ඉන්ද්‍රිය ධර්ම ඉස්මතු වෙලා ඒ නිසා මේ මේ කර්මස්ථාන සුදුසුයි කියලා. එහෙම නැතිව ශ්‍රද්ධාව දෙකට දාලා අනෙක් ඒවා විතරක් ඉදිරියට අරන් ගමන යන්න බැහැ.

    ඒ වගේම කියන්න ඕනෙ ඔය "Early Buddhism" කියන සංකල්පය මේ වෙනකොට ශ්‍රාස්ත්‍රීය ලෝකයෙ භාවිතාවෙන් බැහැරට යන සංකල්පයක් කියලා ආචාර්ය අරුණ කීර්ති ගමගේ එක්තරා අවස්ථාවකදි සඳහන් කළාය කියන එක. බෞද්ධ ශාස්ත්‍රීය ලෝකෙ අද ඉන්න ප්‍රාමාණික උගතෙක් තමා එතුමා. ඒ ප්‍රකාශය ඇතුළත් විඩියොව බලලම එක තේරුම් ගන්න. ටයිම් ස්ටෑම්ප් විනාඩි 17.00.

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Selective Abstraction at its best
    :lol:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉතින් ඒ දිව්‍යලෝකේ ගිය කතාවම බොරුවක් වෙන්න බැරි ද ? :rofl:

    වහරක හාමුදුරුවෝ කියන විදිහට අවුලක් නෑ.

    ශ්‍රද්ධා දෙකක් තියනවා.
    ලෞකික ශ්‍රද්ධාව.
    ලෝකෝත්තර ශ්‍රද්ධාව.

    පින් රැස් කරගන්න බොරුවකට රැවටිලා උනත් පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    වහරක හාමුදුරුවෝ කියන විදිහට අවුලක් නෑ.

    ශ්‍රද්ධා දෙකක් තියනවා.
    ලෞකික ශ්‍රද්ධාව.
    ලෝකෝත්තර ශ්‍රද්ධාව.

    පින් රැස් කරගන්න බොරුවකට රැවටිලා උනත් පුළුවන්
    මම ඔය වගෙ දේශනාවක් අහල තියෙනව, ඒ අනුව

    ලෞකික ශ්‍රද්ධාව - සැප විපාක දෙන පිනක් (නිවනට උපනිශ්‍රය වෙනව)
    ලෝකෝත්තර ශ්‍රද්ධාව - කුසලයක් (නිවන් දැකපු කෙනෙක් ළඟ පිහිටන දෙයක්)

    සූත්‍ර පිටකය දිහා පරික්ෂාවෙන් බලන්න. හැම සුත්‍රයක්ම වගේ තියෙන්නේ ඒ ඒ අදාල පුද්ගලයාගේ ප්‍රඥාව දෙසට එල්ල කරපු දේශනා. එහෙම නැත්තම් සතිපට්ඨාන කමටහන්. විශේෂයෙන් මජ්ජිම නිකායේ එන සූත්‍ර.

    සරලයි. දැන් ඇහෙන බනක් අහලා බලන්න. පන්සලකට ගිහින් බලන්න. යනවා ඇතිනේ?
    සම සතළිස් කමටහන් ගැන අවබෝධයක් තියෙන සාදුලා කීයක් ඉන්නවද කියලා බලන්න ඔයාම.
    මම හිතන හැටියට නම් ඔබතුමා හරි,
    සූත්‍ර පිටකයෙ තියෙන්නෙ බුදු හාමුදුරුවො හරි සැරියුත් හාමුදුරුවො හරි දේශනා කරපු දේවල්නෙ, ඒ දේශනා වල අභිප්‍රාය වුනේ ශ්‍රාවකයා තුල සම්මා දිට්ඨිය ඇතිකිරීම. සීල, සමාධි, ප්‍රඥා තුනෙන් සම්මා දිට්ඨිය අයිති වෙන්නේ ප්‍රඥාවටනෙ ඉතින් ප්‍රඥාව මූලික කරගෙන බණ කියන එක makes sense :). දැන් කාලේ එහෙම බණ ඉතාම අඩුයි මගෙ හිතේ...

    දැන් බොහොමයක් ඉන්නෙ ඔය බුදු දහම පිලිබඳ විද්වත්තු කියන කට්ටියනේ.. ඒ අයගෙ පැත්තෙන් ඒක සාධාරණයි, ප්‍රඥාවට මුල් තැන දීල ගොං රැලක් මැද සිංහයො බිහිවෙන්න දෙන්න බැහැනේ... :lol:
    ------ Post added on May 30, 2024 at 8:29 AM
     
    • Like
    Reactions: gnilukshi