බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ

    බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ
    පූජ්‍ය රිදියගම සුධම්මාභිවංස හිමි
    නිමලව ආරණ්‍ය සේනාසනය කිරින්ද, තිස්සමහාරාමය


    බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ.
    දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:
    01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.
    02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.
    03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.
    04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.
    05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.
    06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.

    offering.jpg


    07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.
    08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.
    09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.
    10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.
    11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.
    12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.
    සත්පුරුෂ පින්වතුනි! බලන්න මහත් වූ නුවණක් ඇති මහත් වූ බලයක් ඇති මහත් වූ යසසක් ඇති මහත් වූ පිරිවර සම්පත්තියක් ඇති, මහත් වූ ගුණ සම්පත්තියක් ඇති මහත් ඍද්ධි බලයක් ඇති තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම සඳහා එන විපාකවලින් බේරී සිටීමට නොහැකි නම්, එතරම් පාරමී ශක්තියක්, ගුණ ශක්තියක්, නුවණක්, පිරිවරක්, ඍද්ධි බලයක් නැති අප ඔබ වැන්නවුන් කෙසේ නම් ගැලවෙන්න ද? එබැවින් පසුතැවිලි වන්නට සිදු වන දෑ නො කරන්න. කිසි දිනක කා හට වත් දුකක් පීඩාවක්, සිත් තැවුලක් ඇති නො කරන්න. කිසිවකුට හිංසාවක් පීඩාවක් දුකක් දොම්නසක් කරදරයක් විපතක් වෙහෙසක් නො කරන්න.
    සත්පුරුෂයනි! ඔබ කිසිවකු නොවෙහෙසෙන, මුළු ලොවක් සනසන දෑතක් ඇත්තකු වන්න. එබඳු ම අහිංසාවාදී දෙපා යුග්මයක් ඇත්තකු වන්න. තම දෙනෙතින් අනුන් නො රවටන්න; අනුන් නො රිදවන්න. මුළු ලොවක් සනසන දෙනෙතක් ඇත්තකු වන්න. ඔබ දෙසවන නොමඟට නො යොදන්න; සුමඟට යොදවන්න. කය සංවර කරගන්න. නිතර ම ඔබ කථා කරන වචන නිවැරැදි දැ යි සිතන්න. අනුන් රිදවා දුක් දී තමාට කිසිදු සැපයක් ලැබිය නොහැකි බව සිතන්න. යහපත් වූ සැම සිත් නිවන සනසන වචන ම කථා කරන්න. ඔය සිත නොමඟට නො යොදන්න; සුමඟට යොදන්න. දාන්ත වූ ශාන්ත වූ සංවර වූ සංසිඳුණා වූ සුවපත් වූ මනසක් ඇත්තකු වන්න. කිසිදු කිසිදින පහත් සිතිවිලි නො සිතන්න.
    සත්පුරුෂයනි! ඔබ ගස් අතර හඳුන් ගසක් වගේ, ඇතුන් අතර ගජමුතු තිබෙන ඇතකු වගේ, මුවන් අතර කස්තුරි තියෙන මුවකු වගේ, පාෂාණ අතර බැබළෙන මැණිකක් වගේ ගුණයෙන් නුවණින් යුත්, අනුන්ට දුක් නොදෙන, සාධු ජනයාගේ ආදර ගෞරවයට ලක් වූ, මානව හිතවාදී, දයානුකම්පිත මිනිසකු වන්න අධිෂ්ඨාන කරගන්න.
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    බුදු හාමුදුරුවොන්ට ත් මෙහෙම නම් අපිට කවදක හරි කොහොම විඳවන්න වෙයි ද?? :(

    ඊයෙ ආවෙ බං ... මම නැති ටිකට හෝම් පේජ් එකේ අයියණ්ඩිගෙ නම හෙනම පොපියුලර් වෙලා නේහ්:rofl:කවුද බං ඔය අලුත් ෆේක් සෙට් එක:rolleyes:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    තවත් වටිනා ලිපියක්...

    නොසැලී ඉදිරියටම යන්න. ජයෙන් ජයම වේවා!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙච්චර පිංබලයක් තියන බුදු හිමියන්ටත් කර්ම විපාක ලැබුනනම් අපිට කොහෝම නොලැබේවිද. ඒත් සමහරු කියනවා මටමයි මෙහෙම වෙන්නේ, පව් කරන උන් හොදට ඉන්නවා කියලා. ඒත් ඒ අය දන්නෙ නෑ අකුසල කර්ම විපාක දෙන්න ගියහම විදින්න වෙන දුක් ගැහැට මොනවද කියලා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :(
    apita nam niwan dakinna wenne ne e kiyanne karapu paw walata anuwa:(

    එහෙම හිතන්න එපා.. බුදුහාමුදුරුවොත් බෝධිසත්වයෙක් වෙන්න කලින් අපි වගේ ඉන්න ඇතිනේ.. බෝධිසත්වයෙක් වුනාට පස්සෙනේ පව් කම් වලින් ටිකෙන් ටික ඈත් වෙන්න ඇත්තේ.. අපිටත් තියන්නේ කොතනකින් හරි පටන් ගන්න.. :yes:
     
    • Like
    Reactions: sanath ekanayake

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;17192410 said:
    බුදු හාමුදුරුවොන්ට ත් මෙහෙම නම් අපිට කවදක හරි කොහොම විඳවන්න වෙයි ද?? :(

    ඊයෙ ආවෙ බං ... මම නැති ටිකට හෝම් පේජ් එකේ අයියණ්ඩිගෙ නම හෙනම පොපියුලර් වෙලා නේහ්:rofl:කවුද බං ඔය අලුත් ෆේක් සෙට් එක:rolleyes:

    ඔව් ඔව් කුහක කම දරාගෙන ඉන්න බැරි වුන සෙට් එකක්.. සිරිපාල සහ ගැන්සිය තමයි.. හැබයි මාව එක්ස්පෝස් කරනවා කියලා දඟලන්නේ වෙන කෙනෙක්.. එයා දැනටත් ගොඩක් දුරට එක්ස්පෝස් වෙලා තියන්නේ..නමුත් මට ඌව එක්ස්පෝස් කරන්න හිතෙන්නේ නෑ.. දැන් ඉතින් අපි වයසයිනෙහ්..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තවත් වටිනා ලිපියක්...

    නොසැලී ඉදිරියටම යන්න. ජයෙන් ජයම වේවා!
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙච්චර පිංබලයක් තියන බුදු හිමියන්ටත් කර්ම විපාක ලැබුනනම් අපිට කොහෝම නොලැබේවිද. ඒත් සමහරු කියනවා මටමයි මෙහෙම වෙන්නේ, පව් කරන උන් හොදට ඉන්නවා කියලා. ඒත් ඒ අය දන්නෙ නෑ අකුසල කර්ම විපාක දෙන්න ගියහම විදින්න වෙන දුක් ගැහැට මොනවද කියලා.

    සමහර විට පෙරකුසලයක් නිසා මේ ආත්මය හොඳ වුනත් ඒක වැඩි දියුනු කරගත්තේ නැත්තන් ඉතින් ඊලඟ ආත්මේ සොරි තමා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    නැකැත් රාල;17192473 said:
    ඔව් ඔව් කුහක කම දරාගෙන ඉන්න බැරි වුන සෙට් එකක්.. සිරිපාල සහ ගැන්සිය තමයි.. හැබයි මාව එක්ස්පෝස් කරනවා කියලා දඟලන්නේ වෙන කෙනෙක්.. එයා දැනටත් ගොඩක් දුරට එක්ස්පෝස් වෙලා තියන්නේ..නමුත් මට ඌව එක්ස්පෝස් කරන්න හිතෙන්නේ නෑ.. දැන් ඉතින් අපි වයසයිනෙහ්..
    එක්ස්පෝස් කරන්නෙ අහවල් එකක් ද බං? උඹ ගැන අපි බහුතරයක්ම දන්නව නෙ? 8 9 වසරෙ එකෙක් ද දන්නෙ නෑ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;17192542 said:
    එක්ස්පෝස් කරන්නෙ අහවල් එකක් ද බං? උඹ ගැන අපි බහුතරයක්ම දන්නව නෙ? 8 9 වසරෙ එකෙක් ද දන්නෙ නෑ

    ඔවු බන්.. සමාජෙට වැඩකුත් නෑ තමන්ට වැඩකුත් නෑ මුන්...