ඔබතුමා ඔක්කොම පටලවාගෙන ඉන්නේ. අය්යෝ මම මේක කලිනුත් කියල තියනවා වෙන ත්රෙඩ් එකක. කමක් නැහැ. ඔන්න හොදට අවධානෙන් අහගෙන ඉන්න ඕනේ.
නිවනට යන මග වෙනම එකක්. රට ජාතිය ආරක්ෂා කරන එක වෙනම එකක්. මේ දෙක පටලවාගන්න එපා. උදාහරණයක් විදිහට ථෙරපුතාභය යෝධයා දුටුගැමුණු රජතුමා සමග රට බේරාගන්න යුද්ධ කළා. ඉන් පසුව මහන වී රහත්භාවයට පත් උනා. ථෙරපුතාභය යෝධයා ඔබතුමාවගේ අහසටපොලව වගේ මාතෘකා දෙකක් පටලවාගත්තානම් රට බේරාගන්න වෙන්නෙත් නැහැ. නිවන් යන්න වෙන්නෙත් නැහැ.





බුදුන්වහන්සේට ඇතිවූ කර්මානුරුපි රෝග යටපත් කිරීම උන්වහන්සේට කල හැකි උනා. ඒවා නැති කරන්න උත්සාහ නොකළේ කිසි දෙයක් පිළිබද තණ්හාවක් උන්වහන්සේට නොමැති නිසා. කර්මයේ බලපෑම බිද දමපු නිසා තමයි උන්වහන්සේට නැවත උපතක් නැත්තේ. වෙනකෙකුගේ කර්මය බුදුන්ට වෙනස් කල නොහැකියි. කර්මය පුද්ගලයෙකු නොවෙයි. කිසි කෙනෙකු විසින් පාලනය කරන දෙයකුත් නොවෙයි. කර්මය අප කරනා දේවල් වලම ප්රති-ක්රියාවක්.කර්මය ස්වභාවධර්මයේ දෙයක්.
නියමයි මචං සුපිරි
අනික කවුරු කවුරුති තේරුම් ගන්න ඕනි
බුදු රජාණන් වහන්සේ කියන්නේ මේ දේවල් වල මැවුම් කරු නෙවෙයි
උන් වහන්සේ මේ සියලු දේ ගැන අවබෝධකොට ගෙන
ඒ පිලිබදව අන්අයට ඉගැන්වූ ගුරුවරයෙක්
එතකොට බුදුන්ට පාලනය කල නොහැකි ශකිතියක් බුදුන්ට ඉහලින් තියෙනවා නේද පව් වලට දඬුවම් දෙන්න. මං කිව්වේ කර්මයන් පලදෙන්න..