බුරුන්ඩන්ගා- යක්ශයාගෙ හුස්ම

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    බුරුන්ඩන්ගා- යක්ශයාගෙ හුස්ම

    ----නෙට්ටුවෙනි*****-----

    කොලොම්බියාවේදී ස්කොපොලමයින් නමැති ලෝකයේ භයානක ම මත්ද්‍රව්‍යයේ අන්වර්ථ නාමය වන්නේ ‘ද ඩෙවිල්ස් බ්‍රෙත්’ හෙවත් ‘යක්ෂයාගේ හුස්ම’ යි. එහි ගොදුරු බවට පත්වූවන්ට සිය නිදහස් කැමැත්ත අහිමි වේ. එනම් යක්ෂයාගේ කැමැත්ත පරිදි ක්‍රියාකිරීමට සිදුවේ.

    කොලොම්බියානු බසින් එය හැඳින්වෙන්නේ බුරුන්ඩන්ගා යනුවෙනි. එහි බලපෑම ලෝකයේ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක බලපෑම මෙන් මිලියන ගුණයකින් භයානක ය. බුරුන්ඩන්ගා පාවිච්චි කළ අයෙක් තුළින් කිසිවිටෙක මත් වූ ස්වභාවයක් දිස් නොවේ. එහෙත් යක්ෂයා ඔහුගේ සිරුර තුළ සැබවින් ම හුස්ම ගනිමින් සිටියි. විධාන කරමින් සිටියි. එතැන් පටන් ඔහු, වෙනත් ඕනෑම කෙනකුගේ විධානයන්ට යටත් වූ අයෙක් බවට පත්වේ. :shocked::shocked::shocked: (කොහොමද මෙ වෙලවට බල්ලෙක් ස්වමියා වුනොත් )

    Burandanga3.png


    වරක් මේ මත්ද්‍රව්‍ය භාවිත කළ තරුණයෙක් උදෑසන ඇහැරී බලන විට දුටුවේ තමන් සිය මහල් නිවාසයේ හුදෙකලා වී සිටිනා බවයි. නිවෙස සපුරා ම හිස් කර තිබිණි. ඔහු මුරකුටියෙන් ගොස් ඒ පිළිබඳ විමසා සිටින විට දැනගන්නට ලැබුණේ ඔහු සමඟ පෙරදා රාත්‍රියේ පැමිණි මිතුරන් දෙදෙනා ඔහුගේ සියලු බඩු භාණ්ඩ, සන්තකය වාහනයක පටවාගෙන ගිය බවයි.

    “ඇයි උන් එහෙම කරන කල් ඔබ බලාගෙන හිටිය ද...?” තරුණයා ඇස් අදහාගත නොහැකි ලෙස කෑ ගැසුවේ ය. මුරභටයාගේ ඉවසීම සිඳී ගියේය.

    “ඇයි, ඔබමනෙ, මට ඔවුන්ට ඒවා ගෙනියන්න දෙන්න කිව්වෙ.’ යැයි මුරභටයා කීය. බුරුන්ඩන්ගා හි බලපෑම එබඳු ය. ඇත්ත වශයෙන් ම එහි සැබෑ බලපෑම ඔබට විශ්වාස කිරීමට පවා නොහැකි තරම් ය. මාත්‍රාව යන්තමින් හෝ අධික වුවහොත් එය මරණය කැඳවයි.

    burudunga.jpg


    මෙ වාගෙ මලක් තියෙන ගහක් අපෙ අම්මත් හිටවලා තියෙනවා.බලන්න ඔන ට්ර්යි එකක් දීලා :P:P:P

    “එය පාවිච්චි කළ අය කීකරු පොඩි ළමයින් බවට පත් වෙනවා. ඔබට ඕනෑම දෙයක් ඔවුන් ලවා කරවාගන්න පුළුවන්. ගෙදර ගිහින් ඔබේ චෙක්පොත මට ගෙනත් දෙන්න කියා කීවොත් ඔවුන් ඊළඟ ඇසිල්ලේම එය කරනවා. ඕනෑම අපරාධයක් ඔවුන් ලවා කරවාගන්න පුළුවන්. කිසිම දෙයක් සමඟ එහි බලපෑම සසඳන්න බෑ.” යැයි කොලොම්බියානු මඟපෙන්වන්නෙක් කියයි.

    කොලොම්බියාව ආතුර වූ රටකි. ලතින් අමෙරිකාවේ දීර්ඝතම කාලයක් දික් ගැස්සුණු වසර 60ක් පැරණි ෆාක් ගරිල්ලන්ගේ සිවිල් යුද්ධයෙන් එය බැටකමින් සිටියි. එයට අමතරව ලෝකයේ සිදුවන සෑම පැහැරගැනීම් තුනකින් එකක්ම සිදුවන්නේ කොලොම්බියාවේ ය. ලෝකයේ කොකේන් අගනුවර ලෙස ද එය හැඳින්වෙයි.

    බුරුන්ඩන්ගා සහ කොකේන් බැලූ බැල්මට සමාන ය. එක් කොකේන් ග්‍රෑමයක් සහ බුරුන්ඩන්ගා ග්‍රෑමයක් අතර පෙනුම සහ ඝනත්වය අතින් කිසිදු වෙනසක් නැත. එහෙත් බුරුන්ඩන්ගා එක් ග්‍රෑමයක් මිනිසුන් 10ක් හෝ 15ක් මරාදැමීමට වුව සෑහෙයි. එනිසා ම එය සැර වැඩි-අධි මිල මත්ද්‍රව්‍යයක් ලෙස බෞතීස්ම ලබා ඇත.

    burundanga2.jpg


    කොලොම්බියාව, ඉක්වදෝරය සහ වෙනිසියුලාව හෙවත් උතුරු ඇන්ඩියානු කලාපයට ආවේණික බොරොචෙරෝ ශාකය මේ මත්රකුසාගේ තිඹිරිගෙයයි. එහෙත් මේ ශාකයේ මලෙන් මත්ද්‍රව්‍ය සාදන බව දැනට සොයාගෙන තිබෙන්නේ කොලොම්බියාවෙන් පමණි.

    සුදු හා ලා කොළ පාට මුසු මේ මල බැලූබැල්මට සුන්දර ය. ඉතා සුවඳවත් ය. එහෙත් සාමාන්‍ය කොලොම්බියානු වැසියන් වඩාත්ම බිය වන දෙය, බොරොචෙරෝ ගසක් යට නින්දට වැටීමයි. කටවචනයට කියනා පරිදි, එම මල්වලින් සාදන මත්ද්‍රව්‍යයේ සුවඳ බැලීම පමණක් මත්වීමට සෑහෙයි.

    මල් කුඩා කැබලිවලට කපා තේවලටද දමා පානය කිරීමෙන් ද මත් විය හැකි අතර ශාකයේ මුල් තේ සමඟ පානය කිරීමෙන් ද මත්භාවයට පත්වේ. එහෙත් මත්ද්‍රව්‍ය සාදන්නේ එහි ඵලයෙනි. කුඩා කොට්ටම්බා ගෙඩියක් වැනි එහි ඵලය තුළ, යක්ෂයාගේ බීජ මැනවින් තැන්පත් ව තිබේ.

    එක් කතාන්දරයකට අනුව එයින් ගෙඩි භාගයක් අනුභව කළ අයෙක්, සිය අත්ල ඇස් දෙක ඉදිරියෙන් අල්ලාගෙන, සැඟවෙන්නට තැත්කරන්නකු මෙන් හිස බිමට නැඹුරුකරගෙන එක දිගට දින 17ක් බොගෝටාව පුරා නොකඩවා ඇවිදින්නට පටන් ගෙන තිබේ. බුරුන්ඩන්ගා සෑදීමේදී එම මත්කාරක ප්‍රබලත්වය සිය ගුණයකින් පමණ වැඩිකරන්නේ එයට රසායන ද්‍රව්‍යයක් දමා ඇඹරීම මගිනි.

    කොලොම්බියානු ජාතික විශ්වවිද්‍යාලයේ විෂවේදය පිළිබඳ මහාචාර්ය මේරියන් ගුචිලියර්ස් මෙසේ කියන්නීය.

    ‘මෙහි ගොදුරු බවට පත්වූවන්ට තමන්ගේ කියා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නට බැහැ. ඔවුන්ට තමන් කරන කිසිවක් මතකයේ රැඳෙන්නේත් නැහැ. ඒ නිසා ඔවුන් පහසුවෙන්ම අපරාධ සඳහා යොදවන්නට පුළුවන්. ඔවුන් යක්ෂයාගේ මායාවට හසුවෙනවා.”

    පුරාණ යුගයන්හි පටන් කොලොම්බියාවේ ස්කොලොමින් භාවිත වූ බවට සාක්ෂි බොහෝ ය. එකල පැවති සිරිත අනුව ගෝත්‍රික නායකයන් මිය ගිය පසු ඔහුගේ සියලු බිරියන් සහ බිසවුන් ද සොහොන තුළට පණ පිටින් ගාල් කර වළදමන සිරිතක් විය.

    මානව ශිෂ්ටාචාරයේ මේ නින්දිත විධානයන් ඔවුන්ට ලබාදුන්නේ බුරුන්ඩන්ගා පොවා මත්කිරීමෙන් පසුව විය යුතු ය. 60 දශකයේ සී.අයි.ඒ. සංවිධානය සැකකරුවන්ගෙන් කටඋත්තර ලබාගැනීම සඳහා මේ මත්ද්‍රව්‍යයට සමාන සංයුතියක් ලබාදුන් බවට ද චෝදනා තිබේ.

    කොලොම්බියාවේ පොලිස් දෙපාර්තමේන්තුවට අනුව බුරුන්ඩන්ගා හි පහසු ගොදුරු බවට පත්වන්නෝ ගණිකා නිවාස සහ සමාජ ශාලා වෙත යන පිරිමින් ය. ඔවුන්ට මත්පැන් සමඟ මත්ද්‍රව්‍ය මුසුකර පෙවීම සිදුකර, ඉන්පසු අපරාධ සඳහා යොමුකරනු ලබයි.

    එසේත් නැතිනම් ගොදුරේ ධනවත්කම අනුව ඔවුන්ගේ පේසෝ මිලියන ගණනක වත්කම් කොල්ල කනු ලැබේ. ඊළඟ දිනයේ ඔවුන් බියකරු සිහිනයෙන් අවදි වන්නේ හිස් මනස් ඇත්තවුන් ලෙසිනි. කළ කී දෑ කිසිවක් ඔවුන්ට මතක නැත. ඇතැම්විට එසේ අවදි වන විට ඇඳිවත පවා ඔවුන් සතුව නැත.:baffled::baffled::baffled::baffled: පොලිස් වාර්තාවලට අනුව එක් රැයකදී එක් තරුණයෙක් පේසෝ මිලියන 6ක් අහිමි කරගෙන තිබිණි. අපරාධකරුවකුගේ මුහුණක් පවා අදටත් ඔහුට මතක නැත.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන් ඔය මල moon flower කියන මලද ??

    ලංකාවෙත් තියෙනව නුවරඑලියේ !

    නැ නෙඩ මචන් අපෙ ගොයියො ඔක නොදැන ඉදීද ? :P:P:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    මචන් ඔය මල moon flower කියන මලද ??

    ලංකාවෙත් තියෙනව නුවරඑලියේ !

    moon flower කියන්නෙ ඕක නෙමෙයි මචෝ, ඒක වැටවල් වල හදන එකක්..

    ඒත් burundanga කියන එක මෙහේ ඕන තරම් තියෙන්වා බං, ඔය මත් වෙන එකමද කියලා නම් දන්නෙ නැ, ,
    escopolamina-burundanga1.jpg


    සුද්දා තමයි ගෙනල්ලා වවලා තියෙන්නෙ. ... ... :angry::angry::angry::angry:

    කුඩු ගහන එකෙක්ට මම මේ විස්තරේ කියලා, ඌට කියලා Test කරලා බලන්න ඕන, උන් නම් මත් වෙනවා කිව්වොත් කොහොඹ කොලත් කන උන්, ,,
     
    Last edited:

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Interesting :cool: +

    nice thread

    thanx machan..

    good post...+rep

    නාකි ඉලන්දාරියා;15572225 said:

    good post

    moon flower කියන්නෙ ඕක නෙමෙයි මචෝ, ඒක වැටවල් වල හදන එකක්..

    ඒත් burundanga කියන එක මෙහේ ඕන තරම් තියෙන්වා බං, ඔය මත් වෙන එකමද කියලා නම් දන්නෙ නැ, ,
    escopolamina-burundanga1.jpg


    සුද්දා තමයි ගෙනල්ලා වවලා තියෙන්නෙ. ... ... :angry::angry::angry::angry:

    කුඩු ගහන එකෙක්ට මම මේ විස්තරේ කියලා, ඌට කියලා Test කරලා බලන්න ඕන, උන් නම් මත් වෙනවා කිව්වොත් කොහොඹ කොලත් කන උන්, ,,



    දුමින්ද සිල්වට ටිකක් දෙමු. :lol::lol::lol::lol::lol::lol:


    TFS Brooo !

    Elazzz......


    tx for all comments and Reps Bros !
     
    • Like
    Reactions: Dezel X2

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    මේ අත්තන නේද බොලේ.............
    කියමනටත් කියන්නේ ඇත්තන ඇට කාලා වගේ කියල.....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,635
    1,574
    113
    moon flower කියන්නෙ ඕක නෙමෙයි මචෝ, ඒක වැටවල් වල හදන එකක්..

    ඒත් burundanga කියන එක මෙහේ ඕන තරම් තියෙන්වා බං, ඔය මත් වෙන එකමද කියලා නම් දන්නෙ නැ, ,
    escopolamina-burundanga1.jpg


    සුද්දා තමයි ගෙනල්ලා වවලා තියෙන්නෙ. ... ... :angry::angry::angry::angry:

    කුඩු ගහන එකෙක්ට මම මේ විස්තරේ කියලා, ඌට කියලා Test කරලා බලන්න ඕන, උන් නම් මත් වෙනවා කිව්වොත් කොහොඹ කොලත් කන උන්, ,,

    lankawe ne ban