Laksha 30 kata honda Second Hand vehicle ekak ganin. Ithin 15 FD karala interest eken maintain karapan.

අම්මා තාත්තා ඉතුරු කරලා දීපුවා බං. ඒකනේ මෙච්චර හිතන්නේ වියදම් කරන්න කලින්![]()

go for new vitz
go for new vitz
vitz 2019 එකක් 44 වගේ වෙනවා .මෙච්චර ලොකු ගානක් පොඩි කාර් එකට ගෙවන එක අපරාධයක් . අනික් තව insurance. vehicle registration ඔවත් ගෙවන්න ඕනේ .
මම නම් හිතන්නේ අවුරුදු 3 වාගේ පාවිච්චි කරපු හොඳ condition එකේ Vits එකක් ගත්තොත් සල්ලි ඉතුරු වෙනවා. අවුරුදු 3 කට engine එකේ ලොකු ගෙවීමක් වෙන්නේ නැහැ. සමහර වාහන ගෙවල් අතුලේමනේ තියෙන්නේ. තවත් ඕනෙනෙම් Toyota Lanka එකට දාලා Vehicale Health repot එකකුත් අරන් බලන්න පුළුවන් .
මොනවා හරි falt එකක් තියෙනවනම් උන් කියනවා. බය වෙන්න දෙයක් නැහැ. ලක්ෂ දහයක් වගේ ඉතුරු කරගන්නත් පුළුවන් වෙයි . නැත් නම් අලුත්ම වාහනයක් ම ඕනේ කියලා හිතෙනවානම් Toyota Wigo /perodua Axia ඒකත් අවුලක් නැහැ. හොදට තෙලුත් වඩා කරනවා


Passo ekak ganna machan3.5M wage wei hoda aluth ekak

මං තීරණය කළා සල්ලි ඔක්කොම එක පාර දාන්නේ නැතුව කොටසක් විතරක් වාහනයට යොදන්න.
කිරියේ අදහස් උදව් උනා
සමහර කට්ටියට නම් තේරෙන්නේ නෑ මෙච්චර වද වෙන්නේ මොකටද කියලා සල්ලි තියාගෙන. එයාලා හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්න අයයි, මේකෙ බරපතලකම තේරෙන්නෙ නැති අයයි තමයි ඒ.
වාහනයක් ගන්න හිතාගෙන මේ නූල කියවන කෙනෙක්ට කියන්න තියෙන්නේ, කිසිම වෙලාවක සල්ලි තිබ්බ පලියට වාහනයක් ගන්න එපා. වාහනේ ගාණ විතරක් නෙමෙයි, තෙල්, නඩත්තු, රක්ෂණය, සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ඒ වගේම අපේ පෞද්ගලික වියදම් සියල්ලම ගැන හිතලයි වාහනේකට සල්ලි වෙන් කරන්න ඕනෙ.
සල්ලි වියදම් කරලා ලබාගන්න සතුටට වඩා ණය නොවීමේ එහෙම නැත්තන් හිර නොවීමේ නිදහස සෑහෙන්න වටිනවා කියන එකත් මතක තියාගන්න.(financial freedom)
ලොකු ගාණක් වියදම් කරන්න කලින් ඉස්සරහ අවුරුදු 10ක් ගැනවත් හිතන්න. අනික මතක තියාගන්න දියුණු වෙන්නනම් ඉතිරි කිරීම පමණක් ඇති වෙන්නේ නෑ. අනිවාර්‍යෙන්ම ආයෝජනය කරන්න. අඩුමගානෙ FD එකක්වත්.
වාහනයක් ගන්න එක ගැන මේ දවස් ටිකේම හිතුව නිසා කට්ටියගෙන් ලැබුණ සහ මට හිතුණු උපදෙස් ටිකක් මෙහෙම දැම්මේ ඉස්සරහට කාටහරි වැදගත් වෙයි කියලා.![]()


මට එකෙක් කිව්වා ලක්ෂ 40ට එහා එක පාර සල්ලි දීල වාහනයක් ගත්තොත් පහුවෙනිදම ගෙදරට income tax file එක එනවා කියල. ඇත්තටම එහෙම වෙනවද බන්? එතකොට අපේ අතේ සල්ලි තිබ්බත් එක පාර සල්ලි දීල වාහනයක් ගන්න බැරිද? ෆිනෑන්ස් කාරයෝ පෝසත් කරන්නම ඕනද?![]()
mata nam thama ehema une ne. wahane aran dan awrudu 1.5 k wenewa. kawruhari petition ekak wage gahuwoth nam eyi.

මට එකෙක් කිව්වා ලක්ෂ 40ට එහා එක පාර සල්ලි දීල වාහනයක් ගත්තොත් පහුවෙනිදම ගෙදරට income tax file එක එනවා කියල. ඇත්තටම එහෙම වෙනවද බන්? එතකොට අපේ අතේ සල්ලි තිබ්බත් එක පාර සල්ලි දීල වාහනයක් ගන්න බැරිද? ෆිනෑන්ස් කාරයෝ පෝසත් කරන්නම ඕනද?
උඹේ ප්‍රශ්නෙට උත්තරේ නම් ලක්ෂ 10ක් වත් අතේ තියාගෙන වාහනේකට පලයන් තියෙන සබ්බ සකලමනාවම වාහනේට යට කරන්නේ නැතුව. ලංකාවේ මිනිස්සු වාහන වලට යට කරන සල්ලි වලින් තව තට්ටු දෙකේ ගෙයක් හදන්න පුළුවන්.![]()
mata nam thama ehema une ne. wahane aran dan awrudu 1.5 k wenewa. kawruhari petition ekak wage gahuwoth nam eyi.