මං තීරණය කළා සල්ලි ඔක්කොම එක පාර දාන්නේ නැතුව කොටසක් විතරක් වාහනයට යොදන්න.
කිරියේ අදහස් උදව් උනා
සමහර කට්ටියට නම් තේරෙන්නේ නෑ මෙච්චර වද වෙන්නේ මොකටද කියලා සල්ලි තියාගෙන. එයාලා හැමදේම දන්නවා කියලා හිතාගෙන ඉන්න අයයි, මේකෙ බරපතලකම තේරෙන්නෙ නැති අයයි තමයි ඒ.
වාහනයක් ගන්න හිතාගෙන මේ නූල කියවන කෙනෙක්ට කියන්න තියෙන්නේ, කිසිම වෙලාවක සල්ලි තිබ්බ පලියට වාහනයක් ගන්න එපා. වාහනේ ගාණ විතරක් නෙමෙයි, තෙල්, නඩත්තු, රක්ෂණය, සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් ඒ වගේම අපේ පෞද්ගලික වියදම් සියල්ලම ගැන හිතලයි වාහනේකට සල්ලි වෙන් කරන්න ඕනෙ.
සල්ලි වියදම් කරලා ලබාගන්න සතුටට වඩා ණය නොවීමේ එහෙම නැත්තන් හිර නොවීමේ නිදහස සෑහෙන්න වටිනවා කියන එකත් මතක තියාගන්න.(financial freedom)
ලොකු ගාණක් වියදම් කරන්න කලින් ඉස්සරහ අවුරුදු 10ක් ගැනවත් හිතන්න. අනික මතක තියාගන්න දියුණු වෙන්නනම් ඉතිරි කිරීම පමණක් ඇති වෙන්නේ නෑ. අනිවාර්යෙන්ම ආයෝජනය කරන්න. අඩුමගානෙ FD එකක්වත්.
වාහනයක් ගන්න එක ගැන මේ දවස් ටිකේම හිතුව නිසා කට්ටියගෙන් ලැබුණ සහ මට හිතුණු උපදෙස් ටිකක් මෙහෙම දැම්මේ ඉස්සරහට කාටහරි වැදගත් වෙයි කියලා.