බෙල්ල වටේ සහ කිහිලි කළු වෙලා

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,267
    1
    1,007
    113
    Borella
    බෙල්ල වටේ සහ කිහිලි කළු වෙලා

    මචන්ලා බෙල්ල වටේ සහ කිහිලි කළු වෙලා එපා වෙලා ඉන්නේ....මොකද බන් කරන්නෙ හැමෝම අහනවා බන් දකින හැම වෙලේම..කොච්චර අතිල්ලුවත් යන්නේ නැහැ...මාව ගොඩ දාපල්ලකෝ.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබ ගොඩක් මහතද බං! මහත අයට ඔය ප්‍රස්නය තියනවා බර අඩු කර ගත්තම බොහෝදුරට වැඩේ විසදෙනවා!
     
    Last edited:

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,267
    1
    1,007
    113
    Borella
    උබ ගොඩක් මහතද බං! මහත අයට ඔය ප්‍රස්නය තියනවා බර අඩු කර ගත්තම බොහෝදුරට වැඩේ විසදෙනවා!
    owu ban noka hitiyata mahath wenawa
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    joint gahana eka adu karapan.
    Joint gahanakota dadiya danawa wedi.
    kakka wage nanna epa. hodata napan.
    Muhude gihin napan, nana gaman weli walin aga athullapan.
    kunu pegenna,muhude hari,gage hari , pool ekaka hari, tika welawak behela idala, ita passe hodata athulla napan.
    harigiyema nethoth ,saloon ekakata gihin, kalu wuna then tika belch karapan.

    :yes:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    එකම permanent විසඳුම මහත අඩු කරගන්න එක බන් :yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මහත අඩු කරගන්න බං ප්‍රස්නෙට පිලිතුර ඒකයි අනෙක් මොනවා කලත් හරියන්නෑ මමත් ‍මහතට හිටපු කෙහෙක් තාමත් ටිකක් මහතයි උබේ උසයි බරයි වයසයි දාන්න බැරි නම් පීම් කරපන්
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    joint gahana eka adu karapan.
    Joint gahanakota dadiya danawa wedi.
    kakka wage nanna epa. hodata napan.
    Muhude gihin napan, nana gaman weli walin aga athullapan.
    kunu pegenna,muhude hari,gage hari , pool ekaka hari, tika welawak behela idala, ita passe hodata athulla napan.
    harigiyema nethoth ,saloon ekakata gihin, kalu wuna then tika belch karapan.

    :yes:


    කුණු ප්‍රස්නයකට වඩා තියෙන්නේ මහත නිසා ඇතිවෙන ප්‍රස්නයක් බං මේ ඔවා කොලොත් හම යයි බං
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    okata niyama gel ekak thiyenawa.... man gaawa thiyenawa... Door to Door yana ekekugen gaththe.... nama den mathaka ne.... heta ude kyannam.... mobile number eka ewapan... SMS karannam... uge number ekath ethi
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    acanthosis-nigricans-neck.jpeg


    Oya wage da?
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Sugar check krpn mcn belle enne godak welawata sugar wadi unama exercises krpnko sathi 2n adu wei
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    naha, mama oka damme acanthosis nigricans da kiyala balanna..

    අප්පොච්චියේ එහෙමද ? හැබැයි ඔය වගේ එකක් මටත් තිබුනා බන් ..එක හරි ගියා ....
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔබගේත් බෙල්ල කලුවෙලාද? http://chathuraaa.blogspot.com/2016/02/blog-post.html


    බෙල්ල කලු විම තරුණ තරුණියන් බෙහෙවින් අපහසුතවයට සිත්තැව්ලට පත්වන හෙතුවක්. ඉතින් අපි අද හිතුව ඒගැන කතා කරන්න​. බෙල්ල කලු විම වෛද්‍ය විද්‍යාවේදි හදුන් වන්නෙ Acanthosis nigricans යනුවෙනි. මෙම තත්වයට බෙල්ල කලුවීම පමනක් අදල නොවන අතර සිරුරෙ ඕනම නැවුම් සහිත ස්ථානක සම කලු හා රලු වීම මෙම තත්වයට අදාලවේ.

    මෙම තත්වය බොහෝ විට අැතිවෙන්නෙ මහත හො දෙවන වර්ගයෙ (Type 2 Diabetes) දියවැඩියවෙන් පෙලෙන අයගේය​. තවද ශරිරයෙ හොමෝනවල වෙනස්කම් නිසාද මෙම තත්වය අතිවිය හකිය​. උදාහරණයක් ලෙස කාන්තාවන්ගෙ ඩිම්බකෝෂවල වතුර බිබිලි අතිවිම නිසා ඇතිවන Polycystic Ovarian Syndrome, තයිරොයිඩ් ග්‍රන්තියේ හෝමෝන වෙනස් වීම් සදහන් කල හැක​. සමහර බෙහෙත් වර්ගද (ප්‍රෙඩ්නිසිලොන් වැනි ස්ටිරොයිඩ සහ උපත්පාලන පෙති) මෙම තත්වයට හේතුවිය හැක​. කලාතුරකින් සමහර පිලිකාවල ලක්‍ෂණයක් ලෙසද Acanthosis nigricans තත්වය දැකිය හැක​. කිසිම හේතුවක් නොමතිව සමහරක් පවුල්වල සමාජිකයන් අතර මෙම තත්වය (Acanthosis nigricans) අවේණිකව අතිවිය හැක​.
    ඔබත් මෙම තත්වයෙන් පිඩා විදිනවාද​? අපි බලමු කොහොමද මෙම තත්වයෙන් මිදෙන්නෙ කියල​...
    මෙම තත්වයට විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නැහැ. ඒත් අපට මෙම තත්වයට හේතුවන කරුනු වලින් වැළකි සිටිමෙන් මෙම තත්වයෙන් මිදෙන්න පුලුවන්. ඔබට කරන්න තියෙන්නෙ සුලු දෙයයි. ඒතමයි ශරීරසේ බර අඩු කර ගැනිම​. මෙමගින් බොහෝ දෙනෙකුට මෙම තත්වයෙන් මිදෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ කියෙන් කීදෙනාටද බර අඩු කරගන්න පුලුවන් වෙන්නෙ. ලංකාවෙ බොහෝ දෙනා බර අඩුකරගන්න හිතනව විතරයි. ක්‍රියාවෙන් කරන්න උත්සහ ගන්නෙ නැහැ. ශරිරයෙ බර අඩුකර ගැනිම ගැන අපි වෙන ලිපියකින් කියවමු.
    තවද මෙම තත්වයට හෙතුවන ඔෟෂධ වර්ග ඔබ පානය කරයිනම් එම ඔෟෂධ ඔබගේ වෛද්‍යවරයා සමග සකචඡා කිරිමෙන් අනතුරුව නතර කිරිම හෝ මාරු කරගනිම සිදුකල යුතුයි. ඔබ කිසිසේකත් හිතුමතේ ඔෂධ වෙනස් කිරිම හෝ නතර කිරිම සිදුනොකල යුතුය​.
    ඔබ මෙම තත්වයට මුහුණ දුන් සම තදින් අැතිල්ලීම සිදුකරන්න හොද නැහැ. මොකද කියනවනම් එමගින් මෙම තත්වය තවත් වැඩි වෙන්න පුලුවන්.
    මෙම තත්වය අපි සදහන් කල සරළ ප්‍රතිකාර ක්‍රම මගින් සුව නොවුනොත් ඔබ වෛද්‍ය වරයෙක් හමුවෙන්න අවශ්‍යයි. සමේරෝග විශේෂඤ වෛද්‍ය වරයෙක් නම් වඩා හොදය​.
     
    • Like
    Reactions: roki123

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

    TOPICS:ඔබේ දරුවාරූපලාවන්‍යයසමේ රෝග
    ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?
    JUNE 9, 2016
    ඔබේ ගෙල දෙපස, ගෙල පිටුපස, දණහිස්, වැලමිට, අතේ මිට, සන්ධි අවට වැනි සමේ රැලි හා නැමුම් ඇති ස්ථාන වල අඳුරු පැහැයක් ඇතිවී, සම ඝනකම් වී, ලප හෝ ඉරි ලෙස දිස්වෙනවාද? මෙය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් (Acanthosis nigricans) නම්වූ සමෙහි ඇතිවන තත්ත්වයකි. ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාදැයි විමසිලිමත් වන්න.

    මෙය ගෙලෙහි බහුලව දිස්වේ. ඇතැම් අයගේ අත්ල, යටි පතුල, ඉකිලි, කිහිලි, සහ තොල් වලද මෙය දක්නට ලැබේ. ඉතාමත් කලාතුරකින්, සමෙහි නැමුම් හෝ දාර නොමැති මුහුණ, පිට, අත්, සහ පාද වැනි ස්ථාන වලද මෙම තත්ත්වය ඇතිවිය හැක. ඇතැම් විට, සම ඝන නොවී, මෘදුව විල්ලුද ආකාරයට ද පැවතිය හැක. සමේ මෙම තත්ත්වය ඇති පෙදෙස් වල වර්ණය සෙමෙන් වෙනස් වේ. ඒ සඳහා මාස ගණනක් හෝ ඇතැම් විට අවුරුදු ගණනක් ගතවිය හැක. නමුත්, ඔබේ දරුවාගේ සමෙහි වර්ණය ඉක්මනින් වෙනස් වූයේ නම්, ඔබේ දරුවාව ඉක්මනින්ම වෛද්‍යවරයෙකුට පෙන්වීම අවශ්‍ය වේ. මක්නිසාද, එය බරපතළ රෝගයක පෙරනිමිත්තක් වියහැකි බැවිනි.

    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් යනු ආසාදනයක් නොවේ. එහෙයින්, මෙම තත්ත්වය කෙනෙකුගෙන් තවත් අයෙකුට බෝවන්නේ නැත. ඇතැම් විට, මෙම තත්ත්වය දක්නට ලැබෙන ස්ථාන වල කැසිල්ලක් ඇතිවිය හැක. එය හැරුන විට, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් පැවතීම හානිකර නොවේ. නමුත්, මෙම තත්ත්වය ඇතිවන්නේ ශරීරයේ ඇති වෙනත් රෝගයක හෝ සෞඛ්‍ය ගැටළුවක රෝග ලක්ෂණයක් ලෙස විය හැක. එමනිසා, මෙම තත්ත්වය ඇතිවුවහොත්, ඔබේ වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය වේ. එවිට, ඔහු හෝ ඇය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවීම සඳහා හේතුවන වෙනත් රෝග හඳුනාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වනු ඇත.

    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වයට ප්‍රතිකාර කිරීම යනු, එම තත්ත්වය ඇතිවීමට හේතුවන රෝගයක් වේ නම්, එයට ප්‍රතිකාර කිරීම වේ.



    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් ඇතිවීමට හේතු

    මෙම තත්ත්වය ඇතිවීමට නිශ්චිත හේතුන් වෙනස්වන සුලු අතර, බොහෝ විට හේතුව සොයාගැනීමට අපහසුය. ඇතැම් විට, නිරෝගී අයට පරම්පරාවෙන් මෙම තත්ත්වය ඇතිවනු දක්නට ලැබේ. එවිට, මෙම තත්ත්වය හානිකර නොවන මුත්, අදාළ පුද්ගලයා සමාජය ඉදිරියේ මදක් අපහසුතාවයට පත්විය හැක.

    දියවැඩියාව, ශරීරයේ බර අධික වීම, හෝ තරබාරු වීම වැනි, රුධිරයේ ඉන්සියුලින් හෝමෝන මට්ටම වැඩිවන තත්ත්ව වලදී ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවීම බහුලව දක්නට ලැබේ. විශේෂයෙන්, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇති දරුවන් ඉක්මනින් වෛද්‍යවරයෙකුට පෙන්වීම අත්‍යාවශ්‍ය බව වටහාගැනීම ඉතා වැදගත්ය.

    සමහර විට, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවන්නේ, ඇතැම් පිළිකා සහ අන්තරාසර්ග පද්ධතිය නම්වේ.’>අන්තරාසර්ග පද්ධතියේ (Endocrine system) ගැටළු (තරබාරුකම සහ දෙවන වර්ගයේ දියවැඩියාව ආදී තත්ත්ව ආශ්‍රිත) වැනි බරපතල තත්ත්වයක් ඇතිබව හඟවන අවදානම් සංඥාවක් ලෙස විය හැක. ඉතාම කලාතුරකින්, උපත් පාලන පෙති සහ කොලෙස්ටරෝල් සඳහා දෙන ඖෂධ මගින් ද, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවිය හැක.



    රෝග නිර්ණය කිරීම

    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එවිට, ඔහු හෝ ඇය ඔබගේ සමේ තත්ත්වය පරීක්ෂා කරනු ඇත. මෙම තත්ත්වය සඳහා හේතුවන වෙනත් රෝග හඳුනාගැනීමට වෙනත් රුධිර පරික්ෂාවන් හෝ X-කිරණ පරික්ෂණ ද ඇතැම් විට නිර්දේශ කරනු ඇත.



    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සඳහා ප්‍රතිකාර කිරීම.

    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇතිවීමට හේතුවන වෙනත් රෝගයක් හඳුනාගැනීමට නොහැකි නම්, ඒ සඳහා නිශ්චිත ප්‍රතිකර්මයක් නොමැත. ඇතැම් අයගේ, අඳුරු පැහැවූ සම කාලය ගතවීමත් සමග යලි ස්වභාවික වර්ණයට පත්වෙනු දැකිය හැක.

    මෙම තත්ත්වය ඇතිවීමට හේතුවන අභ්‍යන්තර රෝගයක් හෝ තත්ත්වයක් හඳුනාගත හැකිනම්, එයට නිසි ප්‍රතිකාර කිරීම මගින්, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය අඩුවීම හෝ මුලුමනින්ම ඉවත්වීම සිදුවේ. ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වයට හේතුවන ඖෂධ ලබාගනිමින් සිටීනම්, ඒවා වෛද්‍ය උපදෙස් මත නැවැත්වීමෙන් මෙම තත්ත්වය පහව යයි.

    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් ඇති දරුවන් බොහොමයකගේ එම තත්ත්වය, ශරීරයේ බර පාලනය කිරීමෙන් සහ නිතර ව්‍යායාම කිරීමෙන් සුව කරගත හැක. ඔබේ දරුවාට සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් ලබාදෙන්න. ඔහුට හෝ ඇයට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් හුරුකරන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ව්‍යායාම මගින්, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සමනය වන බව සහ ඇතිවීම වැළකෙන බව, පර්යේෂණ ගණනාවකින්ම තහවුරු වී ඇත.



    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සමග ජීවත්වීම

    ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් සමෙහි හොඳින් දර්ශනය වන බැවින්, සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්වීම නිතර සිදුවේ. මක්නිසාද, ගෙලෙහි හෝ අත්වල මෙම තත්ත්වය ඇතිවූ විට, ඒවා ආවරණය කරගැනීම අපහසුය.

    ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා සමෙහි අඳුරු පැහැය අඩුකිරීම සඳහා ක්‍රීම් හෝ වෙනත් ආලේපන නිර්දේශ කරනු ඇත.

    සම සුදු කිරීමට ගල්වන ආලේපන (Bleaches), සමෙහි කුණු ඉවත් කිරීමට තදින් උලන ආලේපන (Skin scrubs), සහ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ගතහැකි ආලේපන කිසිවක් ඵලදායී නොවන බව සිතට ගන්න. එය නිකරුණේ මුදල් නාස්ති කිරීමක් පමණි. ඇතැම් විට, එමගින් සම අනිසි ලෙස උද්දීපනය වී, රතු පැහැ වියහැක.

    ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම, ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය සුවවීමට හෝ ඇතිවීම වැළකීමට ඉවහල් වේ.

    ඔබට ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් තත්ත්වය ඇත්නම්, අනිසි ලෙස බිය නොවන්න. ඒ පිළිබඳව ලජ්ජාවට පත්වන්න එපා. ඔබේ දරුවාට මෙම තත්ත්වය ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ බිය සහ ලජ්ජාව සමනය කිරීමට දෙමව්පියන් වශයෙන් ඔබට සැලකිය යුතු දෙයක් කලහැකි බව සිතට ගන්න. දරුවාට වටහාගත හැකි අයුරින් තත්ත්වය පහදන්න. ඔහු හෝ ඇය තනිවී නැති බව වැටහෙන සේ කටයුතු කරන්න. එවිට, ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය වැඩිවනු ඇත.