බේකර්ස්ට වැරදුනූ - බේකර්ස් බෙන්ඩ්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,923
    3,269
    113
    බේකර්ස්ට වැරදුනූ - බේකර්ස් බෙන්ඩ්
    FB_IMG_1624770405626.jpg
    🌄
    Bekers Bend

    අද අපි කතා කරන්න යන්නේ සබරගමු පලාතේ තියන තවත් සුපිරිම තැනක් ගැන...

    ඒ නමින් බේකර්ස් බෙන්ඩ් ...

    මේ නම කිව්වම අහල නැති කෙනෙක් නම් නැතුව ඇති....
    මේ බේකර්ස් බෙන්ඩ් තියෙන්නේ නාන්පෙරියල් වල...

    නන්පෙරියල් වල සුන්දරත්වය හොදින්ම විදගන්න නම් පයින්ම යන්න ඕනි.

    ගමන දුශ්කර උනත් ඒ සුන්දරත්වය මිල කරන්න බෑ.

    ගම්මුන් කියන පරිදි මෙහි අතීත කතාව නම් එකල ඉංග්‍රීසි ආණ්ඩු සමයෙහි සැමුවෙල් බේකර් නම් සුදු ජාතිකයා ඔහුගේ අශ්වයාගේ වේගය පාලනය කරගත නොහැකිව මෙම වංගුවෙහි බෑවුමෙන් පහලට වැටී මිය ගොස් ඇති බවයි.

    එබැවින් මෙයට බේකර්ස් බෙන්ඩ් යන නම ලැබී ඇති බව ගම්මුන්ගෙන් දැනගැනීමට ලැබුනා..

    කදු වැටි දෙකක් අතරින් වැටී ඇති නන්පෙරියල් මාර්ගයේ දකුනු පැත්තෙන් බෑවුම, පහලින් සුන්දර හිරිකටුඔය ගලා බසින්නේ මෙහි ලස්සන තවත් වැඩි කරමින්

    විටින් විට ඝන මීදුමෙන් මුලු කදු පන්තියම වසා ගනී. අව්ව ගැන බය වීමට කිසිම හේතුවක් නැත නමුත් ඔබ වැස්සෙන් ආරක්ෂා වීමට වග බලාගෙන ආ යුතුයි...

    මුලින් කුඩා දිය ඇලි රාශියක් හමු වූවත් නන්පෙරියල් පාසල පසු කල විට තරමක් විශාල මනස්කාන්ත දිය ඇලි කිහිපයක් හමු වෙනවා..

    ටී ෆැක්ටරි එක පසු කර කිලෝමීටර් 4ක් පමන ගිය පසු ගමනාන්තය වන බේකර්ස් බෙන්ඩ් හමු වෙනවා..

    මෙතන වීව් එක මීදුම නැති දවසක නම් කියන්න වචන නෑ. ඒ තරම් සුපිරි.

    පහලින් හිරිකටුඔය, සමනල වැව දක්වා සහ ඉදිරියේ කදු පන්තිය බලාගන්න පුලුවන්.

    බේකර්ස් බෙන්ඩ් යනු තනි වැලමිටි වංගුවකි, වංගුවේ නැම්මෙහි පහල බෑවුමකි.

    මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමන ඉහලින් පිහිටන මෙම ස්තානය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබුනත් මෙහි දේශගුණය නුවරඑළියට සමාන වේ.

    චායාරූප ශිල්පියෙකුට නිර්මානාත්මක චායාරූප ලබාගැනීමට මෙය කදිම ස්තානයකි.

    මෙම මාර්ගයේ තවත් උඩහට ගමන් කරනවිට කදු මුදුනෙහිදී පහලට මාර්ගයක් හමුවේ. එම මාර්ගයෙන් බෙලිහුල්ඔයට ගමන් කල හැක.

    මෙතනට එන්න විදි දෙකක් තියෙනවා...

    හපුතලේ පැත්තෙන් එනවා නම් පබහින්නට ඇවිත් එතන ඉදන් මීටර් 500 ක් වගේ එන්න ඕනි.

    මේ පාරෙන් කිලෝමීටර් 6 ක් වගේ යනකොට නන්පෙරියල් ගම්මානය හම්බවෙනව ඒ වගේම නන්පෙරියල් ටී ෆැක්ටරි එකත් බලාගන්න පුලුවන්.

    අනිත් පාර තමා....

    බලන්ගොඩ ඉදන් බදුල්ල පාරෙ කිලෝමීටර් 18 ක් වගේ යනකොට ගලගම කියන පුංචි ටවුන් එක හම්බවෙනව ඒක පහු කරල මීටර් 500 ක් වගේ යනකොට වම් පැත්තෙන් උඩහට නන්පෙරියල් කියල පාරක් හම්බවෙනවා....

    මේ පාරෙන් තමයි බේකර්ස් බෙන්ඩ් වලට යන්න තියෙන්නේ.....

    නන්පෙරියල් පාරෙ කිලෝමීටර් 12 ක් වගේ යන්න ඕනි බේකර්ස් බෙන්ඩ් වලට.

    මේ පාරෙ වාහනේක යනව නම් කිලෝමීටර් 3 ක් 4 ක් වගේ අපහසුවකින් තොරව යන්න පුලුවන් නමුත් එතනින් එහාට පාරේ යන්න බෑ...

    පයින් හෝ බයික් එකක යනවනම් පුංචි පුංචි දිය ඇලි ගොඩාක් බලාගන්න ඔයාලට පුලුවන්....

    මේ පාරෙ එක බස් එකක් වැඩ කරනව ඒක උදේ 7.30 ට වගේ බලන්ගොඩ නගරයෙන් පිටත් වෙනවා...

    නන්පෙරියල් ගම්මානයට තමයි මේ බස් එක යන්නේ..

    ඉස්සර නම් බස් එක ෆැක්ටරි එක ලගටම ගියාලු දැන් පාර සවුත්තු නිසා උඩහටම යන්නෙ නැති බව ගිය අයගෙන් දැනගන්න ලැබුනා..

    නන්පෙරියල් ෆැක්ටරි එක ලගින් උඩහට වාහන වල යනවා නම් වතු බලධාරීන්ගෙන් අවසරයක් ගන්න වෙනවා..

    නන්පෙරියල් මාර්ගය අවසානයේ හමුවන්නේ පැරනි බංගලාවකි. අතීතයේ නම් මෙම බංගලාව ලගින් කැලයෙන් ලෝකාන්තයට යාමට මාර්ගයක් තිබිනි. කිලෝමීටර් 4 ක් පමන ගමනකින් ලෝකාන්තයට ලගාවීමට හැකිය. නමුත් දැන් එම මාර්ගයේ යාමට අවසරයක් නැහැ

    බේකර්ස් බෙන්ඩ්, නන්පෙරියල් යනු ට්‍රැවල් කිරීමට සුපිරිම ස්තානයක් ලෙස නිර්දේශ කරන්න පුලුවන් ඔබත් එහි යන්න, හැබැයි පරිසරය විනාශ නොකර ආපහු එන්න...

    පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
     

    Attachments

    • FB_IMG_1624770408543.jpg
      FB_IMG_1624770408543.jpg
      119.5 KB · Views: 142
    • FB_IMG_1624770413000.jpg
      FB_IMG_1624770413000.jpg
      91.4 KB · Views: 135
    • FB_IMG_1624770423673.jpg
      FB_IMG_1624770423673.jpg
      64.3 KB · Views: 122
    • FB_IMG_1624770427927.jpg
      FB_IMG_1624770427927.jpg
      46.3 KB · Views: 132

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    පට්ටම ප්ලේස් එකක් තමා මචං බයික් වල ගියා අපි තේ ෆැක්ටරිය ගාව සික්කා යන්න දෙන්නේ නෑ එතනින් එහාට..පස්සේ ප්‍රා. සභාවෙන් කිව්වා ඕපන් කරනවා කියලා කොරෝනා කේස් එක හින්දා ඒක එහෙමම යට ගියා.