බේස්ලයින් රිය ගිනිගත් හේතුව.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    බේස්ලයින් රිය ගිනිගත් හේතුව.

    මෙය සඳහන් කරන්නෙ මට ලැබුණ ආරංචි මාත්‍රයකට අනුවයි. සත්‍යාසත්‍යතාවය කොතෙක්දැයි කියන්නට දන්නේ නැහැ. නමුත් අසත්‍ය යයි බැහැර කරන්න නොහැකි නිසාත් සුරක්ෂිතතාවය සහ ප්‍රවේශම පිළිබඳව වැදගත්කමක් ඇති නිසා සඳහන් කරන්න සිතුවා.

    මේ සිදුවීම පහත වීඩියෝවෙන් ඔබ මීට පෙර දකින්න ඇති.

    සිදුවෙලා තියෙන්නෙ මෙයයි. වාහනයේ ඉන්ධන ටැංකිය පිරෙන්නම පිරවුම්හලකින් ඉන්ධන ලබාගෙන තිබෙනවා මේ ගමනට පෙර.

    ඔබ දැක ඇති පොම්පයේ ඉන්ධන නිකුත් වන නොසලය ඉන්ධන ටැංකියේ කට තුළට දමා ඉන්ධන පිරෙන්නට හැරිය විට ටැංකිය පිරෙන්නට ආසන්න වූ විට ස්වයංක්‍රියව ඉන්ධන පිරීම නවතින බව. එවිට පිරවුම්හල් සේවකයා පොම්පකට එලියට ගෙන ටැංකියේ මූඩියේ කට මට්ටමට එනතුරු ඉන්ධන පුරවන බවත් දැක ඇති.

    මේ රථයටද ඉන්ධන පුරවා ඇත්තේ එලෙසයි. එලෙස පුරවන විට ඉන්ධන ස්වල්පයක් කටින් ඉවතට පෙරෙන්නත් පුළුවන්. නැතිනම් රථය ධාවනය කරන විට ස්වල්පයක් ඉවත් වෙන්නත් පුළුවන්. එසේ ඉවත්වන ඉන්ධන වාහනයේ යම් යම් රත්වූ කොටස් කරා ගමන් කරන්නත් පුළුවන්.

    දැනගන්ට ඇත්තේ එලෙස ඉවත්වූ ඉන්ධන ප්‍රමාණයක් රත්වූ සයිලන්සරය වෙත යාමෙන් ගින්න හටගත් බවයි. ගිනිගත් අවස්ථාවේ කුඩා දරුවනුත් සමග වාහනය පැදවූ අයගේ පවුලේ අය වාහනය තුළ සිවි බව වාර්තා වෙනවා. නමුත් ඔවුන් නිරුපද්‍රිතව ඉවත් කර ගන්නට හැකිවීම වාසනාවක්. ඉන්ධන ටැංකිය පුපුරා ගියානම් මෙයට වඩා දරුණු හානියක් සිදුවන්නට ඉඩ තිබුණා.

    එමනිසා ටැංකිය පිරෙන්නට ඉන්ධන ලබාගැනීමේදී පමණ ඉක්මවා නොපිරවීමට සැලකිලිමත්වීම කාටත් හොඳයි.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ehema ekak wela nam eeka car eke design, manufacture fault ekak, mokada oya wage dewal anith brand, model cars wala wela nehe neda?
    may be a leak in petrol tank or a leak in pipe between petrol tank to engine.. or something else.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Ehema aluth wahana wala tank eke kata langa ihiruna ewa gini gaththa kiyala tank eka athule gini ganne naha.

    Anik eka petrol ehema ihirunath 1min yanna issella washpa wenawa.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    Ehema aluth wahana wala tank eke kata langa ihiruna ewa gini gaththa kiyala tank eka athule gini ganne naha.

    Anik eka petrol ehema ihirunath 1min yanna issella washpa wenawa.
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හේතුව ඕක නම් වෙන්න බෑ.
    අනිත් එක කටෙන් එන පැට්‍රල් කොහොමද සයිලන්සර් එකට යන්නේ. කොහොම හරි ඒ දුරට පෙරිලා ගියා කියලා අපි කියමුකෝ. නමුත් අනිවාර්යෙන් ඊට කලින් පැට්‍රල් වාෂ්ප වෙනවා.

    වාහන ගිනි ගැනීම ගැන කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1715524
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    හේතුව ඕක නම් වෙන්න බෑ.
    අනිත් එක කටෙන් එන පැට්‍රල් කොහොමද සයිලන්සර් එකට යන්නේ. කොහොම හරි ඒ දුරට පෙරිලා ගියා කියලා අපි කියමුකෝ. නමුත් අනිවාර්යෙන් ඊට කලින් පැට්‍රල් වාෂ්ප වෙනවා.

    වාහන ගිනි ගැනීම ගැන කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1715524

    :yes::yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අපිටනම් වාහන ගිනි ගැනීම සම්බන්ධයෙන් බය වෙන්න දෙයක් නැහැ. ජීවිතේටම එක පාරයි වාහනේට ෆුල් ටැංකි ගැහුවේ. හැමදාම පෙට්රෝල් ලයිට් එක පත්තුවෙනවා. :D ගහන්නේ Rs 500 නැත්නම් Rs 1000
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එහෙම නම් වෙන්න බැ බන්.. ඉම්පැක්ට් එකකදි හැරෙන්න ටැන්කියෙ හිලක් වෙලා තෙල් හැලුනොත් හැරෙන්න එහෙම ගිනි ගන්නේ නැ ටැන්කියෙන්. ගිනි ගැනීම් වෙන්න ඉඩ තියෙන්නේ එක්කො එන්ජින් එකෙන් නැත්තම් ඉන්ටිරියර් එකේ ප්ලාස්ටික් වලින්. පෙට්‍රල් ටැන්කිය ගිනි ගත්තා නම් වාහනය බ්ලාස් එකක් වෙනවා ප්‍රශර් එකට. මෙතන එහෙම වෙලා නැ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    එහෙම නම් වෙන්න බැ බන්.. ඉම්පැක්ට් එකකදි හැරෙන්න ටැන්කියෙ හිලක් වෙලා තෙල් හැලුනොත් හැරෙන්න එහෙම ගිනි ගන්නේ නැ ටැන්කියෙන්. ගිනි ගැනීම් වෙන්න ඉඩ තියෙන්නේ එක්කො එන්ජින් එකෙන් නැත්තම් ඉන්ටිරියර් එකේ ප්ලාස්ටික් වලින්. පෙට්‍රල් ටැන්කිය ගිනි ගත්තා නම් වාහනය බ්ලාස් එකක් වෙනවා ප්‍රශර් එකට. මෙතන එහෙම වෙලා නැ..

    හලෝ සියල්ල දත් මහත්මයා. ජෝක් හොඳේ.