මගේ නම සමන්. මට ඉස්කෝලේ දාලා තියපු නම තමයි 'බොක පෙට්ටි'. (සමහරු කියනවා හරි වචනේ බොක නෙමෙයි බොග කියලා. ඒත් අපි පාවිච්චි කලේ බොක කියන වචනේ,ඒකම මෙතැන් යොදා ගන්නවා.)
මට ඒ නම වැටුනේ මේ හින්දයි.
මම පොඩි කාලේ, 4 වසරේ ඉන්නකොට දවසක් ඉස්කෝලේ ගිහිං පාඩුවේ හිටියා.ඉතිං මම ඉස්කෝලේ ගිහිං දවල්ට කෑම එහෙම කළා ටිකක් වෙලා ඉන්නකොට හදුනා කක්කා බරක්. මම ඉතිං ඕක ඉවසං හිටියා. ඉස්කෝලේ මැඩම්ට හරි මිස්ලාට හරි මේක මම කිව්වේ නැත්තේ ලැජ්ජාවට. මොකද සාඩම්බර ලාංකිකයන් වන අපි කාටහරි කියලා වැසිකිලි යාමට මැලිවෙනවානේ. ඒක ලැජ්ජාවට දෙයක් කියලනේ අපි දන්නේ.
ඒත් ඒත් ඉතිං ඔරලෝසුවේ කටු විනාඩියෙන් විනාඩිය යද්දී මට කක්කා බර ඉවසන්නම බැරි උනා. මට හිතුනා තනියම ගිහිං බොක දාලා එන්න. ඒත් වැඩේ උනේ බොක දැම්මට පුක හෝදන්න මම දන්නේ නැති එක.අනික රජයේ පාසල් වලටනේ අපි ගියේ. ඒවගේ වතුරත් නෑ. ඉතිං බැරිම තැන මම කලේ මේකයි.
හිමිං සීරුවේ මගේ කෑම පෙට්ටියත් අරං ඉස්කෝලේ පැත්තකට ගියා. එතකොට ඉන්ටවල් ඉවර නිසා එකේ කෑම තිබුනේ නෑ. ඉතිං මම කලේ කෑම පෙට්ටියට කක්කා කරලා, ජෝකාගෙන් මගේ සිඟිති පුක පැත්ත පිහදලා ඒකත් දැම්මා කෑම පෙට්ටියට.
ඉතිං ඊට පස්සේ මම පන්තියට ගිහිං ජෝකත් නැතිව සිවිල් පිට බොහොම සතුටෙන් හිටියා.
ඒත් මිත්රවරුනි කර්මයක් පලදෙන්න තියෙනවා නං මහා මුහුද මැද සිටියත්,පර්වත වලින් වටවුන මහා ගල්ගුහාවක හිටියත් ඒක පළදෙනවා කියලා බුදුබනේ සදහන් වෙනවා. මටත් ඒක උනා.
මම පන්තියට ගිහිං ටික වෙලාවකින් පන්තිය ඇතුලේ කසුකුසුවක් නැගුනා. දුමින්ද කියන ළමයා කලබල වෙලා පන්තියේ හැම තැනම ඇවිද ඇවිද මොකක්දෝ හොය හොයා ඉදලා එක පාරටම මිස්ට ගිහිං කිව්වා ‘මිස් මගේ වෝටර් කලර්ස් පෙට්ටිය නැති වෙලා’ කියලා. බලද්දී දුමින්දයාගේ වෝටර්කලර්ස් පෙට්ටිය නැති වෙලා. ඌ එක එකාට චෝදනා කරනවා ඔයා තමයි මගේ මෙව්වා එක ගත්තේ කියකියා.
බැරිම තැන මිස් කරේ හැමෝගෙම බෑග් බලපු එක. ඉතිං ඔහොම එකෙකාගේ බෑග් බලාගෙන අවා. මගේ වාරෙත් ආවා. මගේ බෑග් එකේ බැලුවා මොකුත් නෑ. ඊට පස්සේ මිස් කරේ මගේ කෑම පෙට්ටිය ඇරලා බැලුවා ඔක්කොම ඉස්සරහා. ගූ හතයි, වැලි දෙකයි.
කෑම පෙට්ටියේ තඩි ගූ බෙට්ටකුයි, ගූ ගෑවිච්ච ජංගියකුයි තියෙනවා. මගේ වැඩේ මාට්ටු. පස්සේ පස්සේ ඔය කතාව හැමෝම දැන ගත්තා. ඒත් මම ඕකට සැලුන්නෑ. ඊට පස්සේ මාව දන්නේ සමන් කිව්වම නෙමෙයි ඉස්කෝලේ දන්නේ බොක පෙට්ටියා කිව්වම.
මුලදී මුලදී මට ඔය නම ඇල්ලුවේ නෑ. ඒත් අර හැමදාම දකින කුකුලගේ කරමලත් සුදුයි කියනවා වගේ මාත් ඔය නමට පුරුදු උනා. දැන් නං මම රැකියාවකුත් කරනවා රටේ පිළිගත්තු.
ඉතිං මම මේ එලකිරියට ආපු ගමන් ඔය කතාව කිව්වේ මොකද,උබලත් කියපල්ලකෝ උබලට වැටිලා තියෙන නම් එහෙම මොනාද කියලා.