බොම්බිලි කිව්වට දැකල තියනවද?🐠

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    බොම්බිලි කරවල කිව්වට ඇත්තටම දැකල තිබුනේ නැහැ නේද???

    අම්මෝ බොම්බිලි කරවල ගඳයි.විශේෂයෙන් අපිරිසිදු,තෙත සපත්තු,මේස් දුර්ගන්ධය දැනුනම ඔබත් එහෙම කියලා ඇති.නමුත් ඇත්තටම බොම්බිලි කරවල කියන්නේ මොනවටද කියලා දැනගෙන හිටියද? දැනගෙන හිටියේ නැත්නම් ඔන්න අහගන්න බොම්බිලි කරවල කියන්නේ මොනවද කියලා.

    ඇත්තටම මොනවද මේ බොම්බිලි ? ලංකාවේ අපි බොම්බිලි කිව්වට ඉන්දියාවේ කියන්නේ Bummalo කියලා. ඉංගිරිසියෙන් කියන්නේ Bombil කියලා. Duck Fish නැත්නම් lizard fish කියන්නෙත් මෙයාටම තමයි. Bombay Duck කියන්නෙත් බොම්බිලිවලටම තමා. ඩක් කිව්වට තාරාවෙක් නොවන මේ මාළු වර්ගය අපි පරිභෝජනයට ගන්නේ කරවල විදිහට.

    බොම්බායේ,ගුජරාටයේ සහ ගෝවා හි මුහුදේ රංචු ලෙස ජීවත් වෙන මෙම මාළු වර්ගය ඉස්සන්,කුඩා මසුන් අහාරයට ගනී. ශරීරයට වඩා විශාල හකු ඇති අප්‍රසන්න පෙනුමින් යුක්ත මෙම මසුගේ මස ජෙලි ස්වභාවයක් ගනී. අඳුරේදී ශරීරයෙන් දීප්තිමත් එළියක් විහිදේ. මෙම මත්ස්‍ය වර්ගය ධීවරයන් මුහුදු පතුලේ රාක්ෂයා ලෙස හඳුන්වන්නේ මොවුන්ගේ අප්‍රසන්න පෙනුම නිසාම විය හැක.

    මෙම මසුගේ අප්‍රසන්න පෙනුමත්,දුර්ගන්ධයත් නිසා එය දුප්පතාගේ ආහාරය ලෙස ප්‍රසිද්ධ නමුත් ඉන්දියාවේ සමහර මුහුදු බඩ ප්‍රදේශවල මෙම බොම්බිල් ප්‍රනීත ආහාරයක් ලෙස දුප්පත් පොහොසත් කාගේත් අතර ජන ජනප්‍රියයි. පැකට් කල සහ ටින් කල බදින ලද බොම්බිලි සුපිරි වෙළඳ සැල්වලද විකිණීමට තිබීමෙන්ම එය සනාථ වේ.

    අපේ රටේත් ඉස්සර සමූපකාරවල සහ සතොසේ සලාකවලටද බොම්බිලි නිකුත් කරනු ලැබීය.

    මේ මොනවා කිවුවත් බොම්බිලි වල රස වගේම කෑවට පස්සේ විදින්න වන දුක් ගැහැට ගැන කාලා තියෙන කොයි කවුරුත් දන්නවා ඇති.

    ඒ ගැන මම කියනවාට වඩා කාපු කෙනෙකුගෙන්ම දැන ගන්නට තිබුනානම් ඒක හැමදෙනාටම වැදගත් වේවි.

    උපුටා ගැනීම #හතර #වටින්
    AdminDK
     

    Attachments

    • 9CEA4CD5-9AB4-48D0-8D8B-87DD70BDCD3C.jpeg
      9CEA4CD5-9AB4-48D0-8D8B-87DD70BDCD3C.jpeg
      122 KB · Views: 383
    • A5A09E9F-2552-4AAD-92E9-AEE5912096C6.jpeg
      A5A09E9F-2552-4AAD-92E9-AEE5912096C6.jpeg
      84.5 KB · Views: 393
    • 3C34F5AD-8FFD-4312-9A00-94BF0FFEA546.jpeg
      3C34F5AD-8FFD-4312-9A00-94BF0FFEA546.jpeg
      28.5 KB · Views: 381
    • 6E0B98A7-B90F-420E-AACE-B283B6F12B28.jpeg
      6E0B98A7-B90F-420E-AACE-B283B6F12B28.jpeg
      38.4 KB · Views: 352
    • 20F20686-2E89-4F7E-A508-8FCFF99A263C.jpeg
      20F20686-2E89-4F7E-A508-8FCFF99A263C.jpeg
      13.5 KB · Views: 382

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බොම්බිලි තෙල් දාල පොල්සම්බෝල පරිප්පු එක්ක කීරි සම්බා උනුවෙන් කන්න පුලුවන් බඩ පැලෙනකම්.මට නම් ගදක් නෑ .

    ඉස්සර ඉතින් අමුවෙන්ම කාපු එකනෙ 😂😂