බොමුද තේ එකක් ?

කවුරුත් බොන තේ ගැන පොඩි විස්තරයක්.
කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික පැළෑටියක් ලෙස සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.
ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකා‍වට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා 2ම පර්යේෂන අරමුනු සදහා මිසක වගා කිරීම අරමුනු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බ‍ව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)

ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te)යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ. ශ්‍රී ලංකාවද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ.

තේ වත්තේ සිට තේ කෝප්පය දක්වා ගමන


  • පියවර 01- වගා කිරීම
නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල කඳුකර ප්‍රදේශවල වැවෙන බෝගයක් හෙයින් තේ වගාවට යෝග්‍ය වන්නේ මාධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6- සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්‍රදේශයන්ය. තේ ගසට අවුරුද්ද මුළුලලේ පැතිරුණු වර්ශාපතනයක් අවශ්‍ය වේ. තේ පැළයේ මුල ජලය රඳා පැවතීම අයෝග්‍ය වන නිසා මඳ බෑවුම් සහිත බිම් වඩාත් සුදුසුය. pH අගය 4.5-5.5 අතර වූ රතු දුඔුරු පසක් ඉතා සුදුසුය. මුහුදු මට්ටමින් පටන්ගත් විට ඉතා විශාල පරාසයක උන්නතාංශ වල වගා කළ හැක.
තේ සිටුවීම සඳහා බීජ මඟින් පැල ලබා ගැනීම පැරණි යල්පැනගිය දෙයකි. නව ආකාරය රිකිලි පැළ කිරීමෙන් තේ පැළ ලබාගැනීමය. මෙය VP (Vegetatively Propergate)ලෙස හදුන්වයි.

  • පියවර 02- කප්පාදු කිරීම
කප්පාදු කිරීම තේ වගාවේදි සිදු කෙරෙන පැරණිතම ක්‍රියා මාර්ගයකි. තේ ගස නැවත නැවත තරුණ කිරීම (rejuvenalization) මෙහි පලමු අරමුණ වෙයිග තවද තේ ගසට ස්වාභාවිකවම මීටර් 10ක් පමණ උසට වැඩෙන්නට හැකියාව ඇති නමුත් වාණිජ බෝගයක් ලෙස වගා කිරීමේදි තේ ගස මීටර් 1ක උසට වඩා වැඩීමට දලු නෙලීමට බාධාවකි. මෙසේ තේ ගස් කප්පාදු කිරීමෙන් පදුර දිගටම දලු අස්වැන්න ලබා දෙන අතරම මල් ඇතිවීම වැළැක්වීම සහ වංගි දලු ඇතිවීම වලකියි. උස පාලනය කිරීමද තවත් අරමුනකි.

  • පියවර 03- තේ දළු නෙළීම
තේ දළු නෙළීම එක්තරා කලාවකි. ඒ සඳහා පුහුණු කළ ශ්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තේ දළු නෙළීමේදී විවෘත නොවු දල්ල සහ ඊට පහළින් ඇති දළු දෙක පමණක් නෙළා ගත යුතුය. තේ දළු නෙළීම සඳහා යාන්ත්‍රික ක්‍රමද භාවිතා කරන නමුත් එසේ නෙළා ගන්නා දළුවලින් උසස් රසයකින් යුක්ත තේ නිපදවා ගැනීමට නොහැකි විය හැක.මන්ද යන්ත්‍රානුසාරයෙන් තේ දළු නෙළීමේදී නෙළා ගත යුතු දළු කොටසට වඩා දෘඩ/කාශ්ඨ කොටස්ද මිශ්‍ර විය හැකි හෙයිනි.

  • පියවර 04- තේ නිපදවීම
නෙළන ලද දළු සකස් කිරීම සඳහා තේ වතුවල සිට ඒවා කර්මාන්තශාලාවලට යවනු ලැබේ. එසේ ගෙන යනු ලබන 'තේ' කර්මාන්තශාලා තුළදී පංති 04කින් යුක්තව සකස් කරනු ලැබේ. එනම්;
(i) කොළ තේ(Green Tea)

තේ සකස් කරන අයුරු



(ii) නොපසවන පස තේ(Unfermented Tea)


(iii) කළු තේ (Black tea)


(iv) අර්ධ වශයෙන් පසවන ලද තේ (Semi Unfermented te)

යනුවෙනි. වර්තමානය වන විට 'ක්ෂණික තේ' යනුවෙන් පස්වන පංතියක්ද ඇති අතර ඒවා පහසුවෙන් ජලයේ දියකර ගත හැකිවීම විශේෂත්වයකි. මෙසේ සකස් කරනු ලබන තේ දැව පෙට්ටිවල හෝ හණ මළුවල අසුරා විද්ශීය වෙළඳපොළ කරා නිකුත් කෙරේ.
මේ කොටස විකිපීඩියාවෙනි
 
තේ පානයේ ගුණ

මෑත කාලයේ කරන ලද බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇති කරුණක් වන්නේ අපගේ ජීවන රටාව නිසා වැළඳෙන රෝග බොහෝමයකට හේතු වී ඇත්තේ පරිවෘත්තිය ක්‍රියාවල අතුරු ඵලයන් ලෙස ශරිරයේ අතිරේකව "විමුක්ත රැඩිකල (free radicles)" (විමුක්ත රැඩිකල යනුවෙන් හැඳින්වෙන්නේ ඉතා සක්රීය ඉලෙක්ට්‍රෝන හෝ පෝටෝන වර්ගයක් වන අතර ඒවා ඉතා ක්ෂනයකින් දේහ පටක ඔක්සිකරනය කරයි.) ඇතිවීමයි. තේ වල ඇති ප්‍රතිඔත්සිකාරකයන් විමුක්ත රැඩිකලවල සමග ක්රියා කර ඒවායේ ක්‍රියාකාරීත්වය පසුබස්වයි, මෙසේ සෛල සහ පටක හානි වීම අවම කරයි. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ 'තේ' යනු ප්‍රතිඔක්සිකාරකයන් බහුලවම අඩංගු ස්වාභාවික මූලාශ්‍රයක් බවයි. (තේවලට සිනි හෝ කිරි මිශ්‍ර කිරීමෙන් එම ගුණය නොනැසේ.???)
  • රුසියාවේ ' ඩෝරා ලියසෝරු' විසින් සිදු කරනු ලැබු අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කළු තේ (Black tea) පානයේ බොහෝ වාසි ඇති බවයි. ගුද මාර්ගයේ පිළිකා ඇති රෝගීන් 663ක් අළලා ඇය කළ
අධ්‍යයනයකින් හෙළි වූයේ ගුදයේ පිළිකා නිවාරණය සඳහා තේවලට අපුරු හැකියාවක් ඇති බවයි.

  • රොටර්ඩෑම් සහ බොස්ටන්හි කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ නිතර තේ පානය කරන්නන් හෘදයාබාධවලට ගොදුරුවීමේ හා ඒවායින් මරණයට පත්වීමේ අවදානම බොහෝදුරට අඩුබවයි.

  • ඔසප් ක්‍රියාවලිය නැවතුණු කාන්තාවන් 35,369 ක් අළලා වර්ෂ 1996දී ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේදී කළ අධ්‍යයනයකින් හෙළිවුයේ ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා ඇතිවීම මෙන්ම මුත්‍රාශයේගල් ඇතිවීමටද එරෙහිව තේ පානය කරන්නන් තුළ ස්වාභාවික ආරක්ෂාවක් ඇතිවන බවයි.

  • පැරණි චීන ජාතිකයන්ද තේ පානයේ ඇති ගුණාංග ගණනාවක්ම හඳුනාගෙන තිබේ. තේ පානය කිරීමෙන් හුදෙකලා බව, තෙහෙට්ටුව, සහ වේදනාවන් සමනය වන බැව් ඔවුන් සඳහන් කොට ඇත.

  • එමෙන්ම තේ පානය නිසා ආහාර ජීර්ණයට පහසුවක් ඇතිවන අතර ස්නායු පද්ධතිය සැහැල්ලු කරයි. අපගේ ආමාශය, ෂුශුම්නාව, සහ බඩවැල් ප්‍රබෝධමත් තත්වයේ තබන්නටත් තේ පානය හේතුවන බව හෙළි වී ඇත.

  • මතකය ඉහළ නැංවිමට, මානසික සමබරතාවය ඇති කිරීමට, රුධිර නාල සහ රුධිර වාහිනි ශක්තිමත් කිරීමට, තයිරොයිඩ් ග්‍රන්ථියේ මනා ක්‍රියාකාරිත්වයට, දත් දිරායාම වැළැක්වීම සඳහා ෆ්ලෝරයිඩ් ලබා දීමට මෙන්ම සිරුරට විටමින් බී සහ ඊ ලබා දීමට තේ පානය වඩාත් ගුණදායක බැව්‍ ලොව පුරා සිදුකොට ඇති බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත.
 




මේ ගැනත් හිතන්න.
රසවත්ම තේ කෝප්පයක් සාදා ගැනීමට නම් අඩු තරමේ හොඳ තේ කුඩු හැඳි දෙකක් විනාඩි හතරක්වත් හොඳින් රත් වූ ජලයේ දමා වසා තම්බා ගත යුතුයි.එමෙන්ම ඉතාම උණුසුම්ව තේ පානය කිරීම උගුරෙහි පිළිකා හට ගැනීමට හේතුවිය හැකි බව සොයාගැනේ. තරමක් උණුසුම් හෝ ඇල්මැරුණු තේ (65°Cට අඩු) පානය කරන්නන්ට සාපේක්ෂව, අධික ලෙස උණුසුම් තේ (70°C) පානය කරන්නන් 8 ගුණයකින්ද, උණුසුම් තේ (65-69°C) පානය කරන්නන් 2 ගුණයකින්ද අන්නස්‍රෝතයේ පිළිකා අවදානම ඉහළ දැමේ. නමුත් බොහොවිට පානය කරනු ලබන තේ තරමක් උණුසුම් බැවින් එතරම් අවදානමක් නොමැත.
 

මේ තවත් විස්තරයක්,:D
දැනට කරන ලද පර්යේෂණ අනුව වඩාත් ගුනදායක කොළ පැහැති තේ පානයයි.
අප බොහෝවිට පානය කරන්නේ Black Tea ලෙස හඳුන්වන කළු පැහැති තේ. නවීන විද්‍යානුකූලව කලක් තිස්සේ කරන ලද පර්යේෂණ මඟින් තේ සැකසීමේ කි‍්‍රයාවලියේදී විශේෂ පියවර කීපයක් අනුගමනය කරමින් නිපදවනු ලබන හරිත තේ (Green Tea) විශේෂ ඖෂධීය ගුණයෙන් අනූන ස්වභාවික පානයක් බව සොයාගෙන තිබෙනවා.

”සමාජය තුළ වැඩිහිටි පුද්ගලයින්ගේ සංඛ්‍යාව ප‍්‍රතිශතයක් ලෙස අද වැඩිවන්නට පටන්ගෙන තිබෙනවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව ඒ සඳහා බොහෝ
ඉවහල් වී තිබෙනවා. මෙහිදී වැඩිහිටි පුද්ගලයින් ලෙස හඳුන්වනු ලබන්නේ, වයස අවුරුදු 60ට වැඩි අයයි.
ඉදිරියේදී මෙම ප‍්‍රමාණය තවත් වැඩිවෙනවා. ලෝකය පිළිබඳව සැලකීමේදී ලංකාවේ වැඩිහිටි ජනගහනය ඉතා ඉහළ ප‍්‍රතිශතයක් පෙන්වනවා.
”වැඩිහිටි පුද්ගලයන් සමාජය තුළ වැඩි වනවිට රෝගාබාධයන්ගෙන් පිරුණු පිරිසක් සහිත සමාජයක් බිහිවීමේ ප‍්‍රවණතාවය ද වැඩියි.
වැඩිහිටි වියට පත්වූවන් තුළ විශේෂයෙන් ඇතිවිය හැකි රෝගාබාධ ලෙස හෘද රෝග, අංශභාගය, ස්නායු පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන රෝග ආදිය හඳුනාගෙන තිබෙනවා.

ලොව පුරා වසරක් තුළ අංශභාගය රෝගයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව මිලියන 20 ක්. මෙවැනි රෝගීන් වෙනුවෙන් ලොව පුරා රටවල් වසරකට විශාල මුදලක් වැය කරනවා. මෙවැනි රෝගාබාධ රැසකින් වැළකී සිටීමට හරිත තේ පානයෙන් හැකි බව ඔප්පු වී තිබෙනවා.
”පසුගිය වසර 50ක කාලයක් තුළ ග‍්‍රීන් තේ පිළිබඳව සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේදී කළ පර්යේෂණ මඟින් හරිත තේ අගනා ඖෂධීය පානයක් බවට පැහැදිලි සාධක ලැබී තිබෙනවා.
එහිදී සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චීන ජාතික Y.Z. Zhu මහතාගේ උදව් උපකාර ලැබුණා. මෙම පර්යේෂණය කළේ මිනිස් මොළය ආශ‍්‍රිතව ඇතිවන ආබාධ පිළිබඳව.
සාමාන්‍යයෙන් විවිධ හේතු මත අපගේ මොළයේ ඇති සෛල මැරෙනවා. මොළයට නිසි පරිදි ඔක්සිජන් නොලැබීම මොළයේ සෛල මැරීමට ප‍්‍රධාන හේතුවක්.”
”මා කළ පර්යේෂණයේ දී ඔක්සිජන් නොලැබෙන මොළයක කොටස්වලට ශ‍්‍රී ලංකාවේ හරිත තේ යුෂ එක් කළා. මෙහිදී පෙනී ගියේ ඔක්සිජන් නොමැතිවීම නිසා මොළයේ විනාශවන සෛල සංඛ්‍යාව බෙහෙවින් අඩුවූ බවයි.
එසේම මොළයේ සෛලවලට ඔක්සිජන් අඩුවූ විට විවිධ විෂ ද්‍රව්‍ය මොළයේ සෛලවලින් පිටවෙනවා. පර්යේෂණයට භාජනය කළ මොළයේ කොටසට හරිත තේ යුෂ යෙදූ විට එවැනි විෂ ද්‍රව්‍ය මොළයේ සෛලවලින් පිටවීම අඩුවුණා.
අපගේ ශරීරයේ ප‍්‍රතිඔක්සිකාරක ද්‍රව්‍ය (anti-oxident) තිබෙනවා. ඒවා මඟින් ශරීරයේ විනාශවන සෛල ආරක්ෂා වීමක් සිදුවෙනවා.
විටමින් E, anti oxident විශේෂයක්. විටමින් E මඟින් මිනිස් සෛල විනාශවීමේ, ක්ෂයවීමේ වේගය ඉතා වේගයෙන් අඩුවෙනවා. එසේම anti oxident මඟින් අපගේ ශරීරයේ ප‍්‍රතිශක්තිකරණ හැකියාව වැඩි දියුණු වෙනවා.
රෝගාබාධයන්ට ශරීරය ඔරොත්තු දීමේ හැකියාව වැඩිවෙනබවත් මෙවැනි ප‍්‍රතිලාභ රැසක් “හරිත තේ ” පානය නිසා අපට හිමිවන බවත්, විශේෂයෙන්ම අංශභාග රෝගයට හේතුවන මොළයේ සිදුවන රුධිර කැටි ගැසීම් වැළැක්වීමේ හැකියාවක් “හරිත තේ” සතු බවත් අප දැන සිටීම වැදගත්.
හරිත තේවල ප‍්‍රයෝජන

* පිළිකා පැතිරීම අවම කිරීම

* මොළය ආශ‍්‍රිතව අර්බුද (ගෙඩි) ඇතිවීම අවම කිරීම

* ජාන විකෘතිවීම අවම කිරීම

* ඔක්සිකරණ කි‍්‍රයාවලිය අඩුකිරීම

* රුධිරයේ කොලෙස්ටරෝල් මේදය අවම කිරීම

* රුධිර පීඩනය වැඩිවීම වැළැක්වීම.

* බැක්ටීරියා විනාශ කිරීම

* දත් දිරායාම වැළැක්වීම

* මුඛයේ දුඟද වැළැක්වීම

* විඩාව සහ නිදිබර ස්වභාවය නැතිකිරීම

* මුත‍්‍රාකාරකයක් ලෙස කි‍්‍රයා කිරීම

* මානසික ආතතිය අඩු කිරීම

* ශරීරයේ කාබෝහයිඩ්‍රේට් බිඳීමට උපකාරී වීම

* රුධිර වාහිනී බිත්ති ශක්තිමත් කිරීම

”හරිත තේ දැනට වසර 4000 ක් තිස්සේ චීන ජාතිකයින් පානය කළ ඖෂධීය පානයක්. ජපානයේත් හරිත තේ ඉතාම ජනප‍්‍රියයි.
ශ‍්‍රී ලංකාවේත් මේ වනවිට හරිත තේ තරමක් ජනප‍්‍රිය වුවත් ග‍්‍රීන් ටීවල ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නෑ.
ලෝකයේ අනෙක් රටවල නිපදවන හරිත තේ වලට සාපේක්ෂව අපේ රටේ නිපදවනහරිත තේවල ඖෂධීය ගුණය ඉතා ඉහළ බව ඔප්පු වී තිබෙනවා.
හරිත තේ නිපදවීම සඳහා යොදා ගන්නේ සාමාන්‍ය තේ කොළයි.
එහෙත් ශ‍්‍රී ලංකාවේ පහතරට තේ කොළ මේ සඳහා යොදා ගන්නේ නෑ. ඒ පහතරට තේ කොළවල ‘පොලිෆිනෝල්’ රසායනිකය වැඩි නිසා.
හරිත තේ නිපදවන කි‍්‍රයාවලිය සාමාන්‍ය කළු තේ නිපදවන ආකාරයට වඩා වෙනස්. මෙහිදී නෙළා ගන්නා තේ දළු පැසවීමකට ලක්කරන්නේ නෑ. මෙහිදී භාවිතා කරන උපකරණත් වෙනස්.
හරිත තේවලින් නියම රසයක් ගුණයක් ලබා ගන්න නම් සුදුසු තේ දළු නිවැරැදි ආකාරයට නිෂ්පාදනය කළ යුතුයි.
වෙළෙඳ පොළේ සාමාන්‍ය තේ කොළවලට වඩා හරිත තෙ ්වල මිලෙහි විශාල වෙනසක් නෑ. ඇමයිනෝ ඇසිඩ් වැඩි පොලිෆිනෝල් අඩු තේ දළු හරිත තේ නිපදවීමට ඉතාම සුදුසුයි.”
”සාමාන්‍යයෙන් අප තේ පානය කිරීමේදී තේවලට කිරි, සීනි මිශ‍්‍ර කරගන්නවා.හරිත තේ පානය කිරීමේදීත් එවැනි ද්‍රව්‍ය එක් කරගත හැකිවුවත්, වඩාත්ම සුදුසු වන්නේ හරිත තේ පමණක් පානය කිරීමයි.
හරිත තේකෝප්ප තුනක් දිනකට පානය කළ හැකිනම්, ඉතා හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට එය ඉතා ප‍්‍රයෝජනවත්.”
(සිළුමිණ ලිපියකින් උපුටා ගැනින.)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තොරතුරු ටිකට ස්තූතියි අක්කෙ... සෑහෙන්න මහන්සි වෙලා තියෙන පාටයි කරුණු ටික හොයා ගන්න...

    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඔයා ඔච්චර විස්තර කිව්වට ඔයාට පුළුවන්ද රහට තේ එකක් හදාගන්න... මම කියන්නෙ ඔයාට විතරක් නෙවෙයි බොන එක්කෙනාටත් රහයි කියලා හිතෙන. මම මෙහෙම අහන්නෙ මොකද මම දන්න ගැහැණු ළමයි හුඟ දෙනෙකුට බැහැ. ඒකයි !
     
    තොරතුරු ටිකට ස්තූතියි අක්කෙ... සෑහෙන්න මහන්සි වෙලා තියෙන පාටයි කරුණු ටික හොයා ගන්න...

    හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඔයා ඔච්චර විස්තර කිව්වට ඔයාට පුළුවන්ද රහට තේ එකක් හදාගන්න... මම කියන්නෙ ඔයාට විතරක් නෙවෙයි බොන එක්කෙනාටත් රහයි කියලා හිතෙන. මම මෙහෙම අහන්නෙ මොකද මම දන්න ගැහැණු ළමයි හුඟ දෙනෙකුට බැහැ. ඒකයි !
    අනිවාර්යෙන්ම !:) මට තේ හදන්න විතරක් නෙවෙයි,හොඳට උයන්න පුළුවන්.කවුරු හිටියත් මගේ කෑම හදාගන්නෙ මමමයි.:D
    ඒක ගැහැනියකට ආභරණයක්.දැන් නම් පිරිම් අයටත් හොඳට උයන්න පුළුවන්.
     
    • Like
    Reactions: Mindada hee sara..

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අනේ නෑ.මම ඉන්නෙත් ගෙන්දගං පොළොවෙ තමයි.ඔයා ඒ පැත්තෙද?:D

    අම්මෝ නෑ :lol: මමත් සතියෙ වැඩි දවසක් ඉන්නෙ ගෙන්දගං පොළොවෙ තමයි..:rofl::D
    තේ ගැන දැම්ම නිසා මම හිතුව..තේ පැට්ඨේරියක් වත් ඇති කියලා :cool:
    අපිට ලැබෙන්නෙ ග්‍රේඩ් 2 ලු නේද...:oo:
    ග්‍රේඩ් 1 ලංකාවෙ කොහෙවත් විකුණන්න නෑලු :sorry:
    ඇත්තද ඒ කතාව...? :eek:
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අනිවාර්යෙන්ම !:) මට තේ හදන්න විතරක් නෙවෙයි,හොඳට උයන්න පුළුවන්.කවුරු හිටියත් මගේ කෑම හදාගන්නෙ මමමයි.:D
    ඒක ගැහැනියකට ආභරණයක්.දැන් නම් පිරිම් අයටත් හොඳට උයන්න පුළුවන්.

    එහෙනම් වෙලාවක එන්නම්කො බත් කටක් කාලා තේ ටිකක් බීලා යන්න... :lol::lol::lol:
     
    ඇයි අපි තේ බො‍න්න පෙළඹෙන්නේ?
    තේ උත්තේජක පානයක්.සමහරුන්ට කන්න නැතත් තේ අවශ්‍යයි.
    වෙහෙස මහන්සියක්‌ දැනුණ විටකදී මෙන්ම කුස ගින්න දැනුණ විටකදීද "මේ වෙලාවේ තේ එකක්‌ හරි උණු උණු කෝපි එකක්‌ බොන්න තිබුණා නම් කොච්චර හොදද" කියලා කවරකු හෝ කියනවා ඔබත් අසා ඇතිවාට සැක නැහැ. සමහර විටක කිසියම් වැඩක නිරතව සිටින ඔබට කම්මැලිකමක්‌ දැනුණවිටදී තේ කෝප්පයක්‌ හෝ කෝපි කෝප්පයක්‌ බීමෙන් ලැබුණු උත්තේජනය අත්විඳ ඇතිවාට සැක නැත.

    තේ කෝප්පයක්‌ බීමෙන් හෝ කෝපි කෝප්පයක්‌ බීමෙන් මෙසේ නව උත්තේජනයක්‌ සිරුරට ලැබෙන්නේ ඇයිදැයි යන්න පිළිබඳව ඔබ මොහොතකට හෝ සිතා ඇද්ද?

    ඇත්තටම එවන් උත්තේජනයක්‌ සිරුරට ලැබෙන්නේ තේ/කෝපිවල ඇති පෝෂණ ගුණාත්මක ඖෂධීය තත්ත්වය නිසයි.

    තේවල හා කෝපිවල CAFFAIN (කැෆේයින්) සහ (ෆොලේවනොයිඩ්ස්‌) නැමති රසායනික සංයෝගය අන්තර්ගතව ඇත. ෆෙලේවනොයිඩ්ස්‌ ගත් කළ එහිරසායනික සංයෝග අඩංගුව ඇත. මෙම රසායනික සංයෝග මගින් ස්‌නායු පද්ධතිය උත්තේජනයට ලක්‌කිරීමක්‌a සිදුවෙනවා.

    තේ හෝ කෝපී බීමෙන් අපේ සිරුරට උත්තේජනයක්‌ ලැබෙන්නේ මේ හේතුව නිසා බව ඔබට දැන් වැටහෙනවා ඇත.

    තේ බීම ශරීර සෞඛ්‍යයට අහිතකර නොවුවත් එයට ඇබ්බැහි වීම සුදුසු නැහැ. ඕනෑම කෙනෙකු තේ හෝ කෝපි සඳහා ඇබ්බැහි වීමක්‌ සිදුවීමට පුළුවන්. ඒ ගැන ඔබ තරමක්‌ සැලකිළිමත් විය යුතුයි. ඕනෑම දෙයක්‌ ඕනෑවට වඩා වඩා සුදුසු නොවේ යෑයි අප අතර කියමනක්‌ තිබෙනවා. ඒ ගැන ඔබ අවධානය යොමු කිරීම වැදගත්.

    තේ, කෝපිවල අඩංගුව ඇති (ෆෙලේවනොයිඩ්ස්‌) රසායනිකය මගින් අප ශරීරයේ ඇති රුධිරයේ (කොලෙස්‌ටරෝල්) නැති කිරීමද සිදු කරනවා.

    එමෙන්ම තේ හා කෝපිවල ඇති කෙදිමය ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් අවශෝෂණය අඩු කිරීමද එහි ප්‍රතිඔක්‌සිකාරක ස්‌වභාවය නිසා කොලෙස්‌ටරෝල් විනාශ කිරීමද සිදුවේ. මේ නිසා තේ පානය හෘද රෝගීන්ට වඩාත් හිතකරවේ. සමහර අය
    තේ එක රසකර ගැනීමට විවිධ උපක්‍රම හා රසකාරක භාවිත කරන්නට නිතතින්ම පෙළඹේ. ඔබේ තේ බදුනට දෙහි ඇඹුල් ස්‌වල්පයක්‌ මිශ්‍ර කිරීමෙන් ඊට රසයක්‌ එක්‌කර ගත හැකිය. ෆෙලේවනොයිඩ්ස්‌ නිසා රුධිරයට Fe 3 + (අයන් ) වැඩිපුර අවශෝෂණය කිරීමද සිදුවේ. එමෙන්ම ශරීරයට විෂ සහිත රසායනික කාණ්‌ඩ වලින් අපේ සිරුර ආරක්‌ෂා කර ගැනීමේ හැකියාවක්‌ද තිබේ. එමෙන්ම මෙය බැක්‌ටීරියා වයිරස්‌වලට ප්‍රතිශක්‌තියක්‌ ලෙසද ක්‍රියා කරයි. ඒනිසා වයිරස්‌ හා බැක්‌ටීරියාවලට එසේ ක්‍රියා කිරීමට අප සිරුරේ ප්‍රතිශක්‌තියක්‌ද වඩවයි.

    තේ හෝ කෝපි බීමෙන් මානසික උද්දීපනයක්‌ මෙන්ම අප ඉහත සඳහන් කළ ආකාරයට ශාරිරික උත්තේජනයක්‌ද ලැබේ. ඒ නිසා වැඩ කරන කෙනෙකුගේ කාර්යක්‌ෂමතාවය වැඩි දියුණු කරයි.

    තේ සහ කෝපි බදුන මගින් ශරීරයට පෝෂණයක්‌ ලැබේ. තේ හා කෝපි පානය කිරීමේදී සීනි ද භාවිත කරන නිසා ශක්‌ති ප්‍රමාණයක්‌ද සිරුරට ලැබේ. එම නිසා බඩගිනි වෙලාවට තේ හෝ කෝපි කෙටි ආහාර වේලක්‌ ලෙසද පානය කළ හැකිය.

    වැඩිහිටියන්ට පමණක්‌ නොව මාස හය පමණ සිට කුඩා දරුවන්ටද තේ කහටවලට සීනි ස්‌වල්පයක්‌ මිශ්‍ර කර දීමද සුදුසුයි.

    පාසල් දරුවන්ට පැණි බීම බීමට දෙනවාට වඩා තේ පානය කිරීමට දීමද අහිතකර නොවේ. පාඩම් කටයුතුවල යෙදීසිටින දරුවන්ට මෙන්ම නිදිමරාගෙන වැඩ පලෙහි යෙදන අයටද තේ හා කෝපි බීමෙන් මානසික උත්තේජනයක්‌ ශාරීරික උත්තේජනයක්‌ ලබා ගත හැකියි.
     
    අම්මෝ නෑ :lol: මමත් සතියෙ වැඩි දවසක් ඉන්නෙ ගෙන්දගං පොළොවෙ තමයි..:rofl::D
    තේ ගැන දැම්ම නිසා මම හිතුව..තේ පැට්ඨේරියක් වත් ඇති කියලා :cool:
    අපිට ලැබෙන්නෙ ග්‍රේඩ් 2 ලු නේද...:oo:
    ග්‍රේඩ් 1 ලංකාවෙ කොහෙවත් විකුණන්න නෑලු :sorry:
    ඇත්තද ඒ කතාව...? :eek:
    :lol:තේ ෆැක්ටරියක් නං නෑ.ඒත් ‍පුංචි තේ ඉඩමක් වවන්න හිතේ තියෙනවා:).පළමු පංතියේ තේ ගන්න නං තියනවා.ඒත් කිලෝ එකක් 4000ක් විතර වෙනවා.දෙවැනි පංතියේ තේ වුවත් රසයේ මිස ගුනයේ ලොකු වෙනසක් නෑ.
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    :lol:තේ ෆැක්ටරියක් නං නෑ.ඒත් ‍පුංචි තේ ඉඩමක් වවන්න හිතේ තියෙනවා:).පළමු පංතියේ තේ ගන්න නං තියනවා.ඒත් කිලෝ එකක් 4000ක් විතර වෙනවා.දෙවැනි පංතියේ තේ වුවත් රසයේ මිස ගුනයේ ලොකු වෙනසක් නෑ.

    තේ පාත්තියක් දාන්නද කල්පනාව :rofl:
    හොදා හොදා....:lol:
    කිලෝඑකක් තේ අරගෙන බිත්ති බදින්නද යාලූ :lol:
    මට තේ හැන්දක් විතර තිබ්බොත් ඇති...එක කෝප්පයක් බොන්න :rofl::cool:
    තේ ගුණයි ද..............:shocked: